කොරෝනා සිරුරු භූමදානය සම්බන්ධයෙන් සොයාබැලීම සදහා පත්කළ දෙවන විද්වත් කමිටුවේ සාමාජිකයන් 11 දෙනාම භූමදානය සදහා අවසර දී ඇති බව වාර්තා වේ.
මෙම කමිටුවට වයිරස පිළිබද විශේෂඥයන්, ක්ෂුද්‍ර විද්‍යාඥයන් සහ ප්‍රතිදේහ පිළිබද විශේෂඥයන් ඇතුළත්ව සිටියහ.
කොරෝනා සිරුරු භූමදානය හරහා කිසිදු විසක් පසට හෝ ජලයට මුසු නොවන බවද ඔවුන් සිය වාර්තාව මගින් දැනුම් දී ඇති බව පැවසේ.
අගමැතිවරයාගේ උපදෙස් මත පත් කළ මෙම කමිටුව පසුගිය දෙසැම්බර් 30 වැනිදා සිය වාර්තාව බාරදී ඇති බවද දැනගන්නට ඇත.










