• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

තරුණයකුගේ සිරුරකින් මැල්සිරිපුර පිස්සු වැටෙයි

January 22, 2021
in Exclusive, Uncategorized
Reading Time: 2 mins read
A A
තරුණයකුගේ සිරුරකින්  මැල්සිරිපුර පිස්සු වැටෙයි
Share on WhatsAppShare on Facebook

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගිය තරුණයකුගේ දේහය ඔහුගේ නිවසට රැගෙන ගොස් දිනකට පසු කොවිඩ් යැයි කියා සෞඛ්‍ය අංශ එම දේහය රැගෙන යෑමට උත්සාහ දැරීමත් සමග මැල්සිරිපුර නීරම්මුල්ල ප්‍රදේශය ඊයේ (21 වැනිදා) අතිශයින් උණුසුම්කාරී විය.

මැල්සිරිපුර නීරම්මුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 36 හැවිරිදි අවිවාහක තරුණයකු හදිසියේ රෝගාතුරව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කොට ඇත්තේ මීට දින දහයකට පෙරය.

අදාළ තරුණයා අක්මාවේ ආබාධයකින් පෙළෙන බව වෛද්‍යවරුන් පවසා ඇති අතර දිනෙන් දින රෝගය උත්සන්න වී ඔහු ඉකුත් 20 දා මියගොස් ඇත. පසුව කුරුණෑගල ශික්ෂණ රෝහල ඔහුගේ දේහය ඥාතීන්ට භාර දී තිබේ.

ඒ අනුව මියගිය තරුණයාගේ දේහය මැල්සිරිපුර නීරම්මුල්ල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට එදින සවස ගෙනා ආ අතර 21 වැනිදා එම නිවසට පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පිරිසක් එය කොවිඩ් ආසාදිත දේහයක් බව පවසමින් ආපසු රැගෙන යෑමට සූදානම් වී තිබේ.

එම අවස්ථාවේ මියගිය තරුණයාගේ ඥාතීන් හා හිතවතුන් එයට දැඩි ලෙස විරෝධය පා ඇති අතර සිද්ධිය සැලවීමත් සමග ප්‍රදේශයේ ජනතාව අතර දැඩි කැළඹීමක් ඇති විය. ප්‍රදේශවාසීන් දේහය සෞඛ්‍ය අංශ වෙත භාරදිය යුතු බව පවසා සිටි අතර ඥාතීන් එම තීරණය එක හෙළා විරුද්ධ වූහ.

ඒ වන විට ජනතාව විශාල සංඛ්‍යාවක් එම අවමංගල්‍ය උත්සවයට සහභාගි වී සිට ඇති අතර මෙම සිද්ධිය සැලවීමත් සමග ප්‍රදේශවාසීහු තම නිවෙස්වලින් පිටට නොගොස් නිවෙස් තුළට වී දොර ජනෙල් වසා සිටියහ. මේ හේතුවෙන් ඊයේ දින නීරම්මුල්ල ගම්මානය හුදකලා කළ ගම්මානයක් ලෙස දිස් වූ අතර පොලිස් ආරක්ෂාවද යොදවා තිබුණි.

අවසානයේ ගොකරැල්ල පොලිසියේ මැදිහත්වීමෙන් ප්‍රදේශයේ භික්ෂුන් වහන්සේ නමක් ගෙන්වා දේහයට පාංශුකූලය ලබා දීමෙන් පසු එම දේහය සෞඛ්‍ය අංශ වෙත නැවත භාරදීමට ඥාතීහු පියවර ගත්හ.

SendShareShare
Previous Post

ලංකාවේ කොරෝනා වාර්තාව අලුත් වෙයි

Next Post

ධම්මික කපුවාගෙන් ගුටි කෑ දොස්තර කට අරී: මට ගැහුවා: ෆෝන් එක පොළොවේ ගැහුවා: කෝටියක් ඉල්ලුවා (VIDEO)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.