• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Gurudawa

ඩොලර් තියෙන්නේ බංගලි දේසේ… හිඟමන් යන්නේ සිංහල දේසේ… (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

September 11, 2021
in Exclusive, Gurudawa, Uncategorized
Reading Time: 3 mins read
A A
ඩොලර් තියෙන්නේ බංගලි දේසේ… හිඟමන් යන්නේ සිංහල දේසේ… (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

1991 දෙසැම්බර් 21 බංග්ලාදේශයේ පැවැත්වුණු දකුණු ආසියාවේ සාක් සම්මේලනයට සහභාගි වීමට ගිය එවක ජනාධිපති රණසිංහ ප්‍රේමදාස, ධකා අගනුවරට ගොඩබසින විට බංග්ලාදේශය දුප්පත් රටකි. එකල බංග්ලාදේශය ලංකාව දුටුවේ දකුණු ආසියාවේ බලවත් රටක් ලෙසය. එවකට බංග්ලාදේශ අගමැතිනි බෙගම් ඛලීඩා ෂියා, ප්‍රේමදාස සමග පැවැති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී වැඩි අවධානයක් යොමු කළේ ප්‍රේමදාසගේ ඇඟලුම් කර්මාන්ත 200ක් පිහිටුවීමේ ව්‍යාපෘතිය ගැනය. ප්‍රේමදාසගේ ඇඟලුම් කර්මාන්ත 200 ව්‍යාපෘතියේ එකම ඉලක්කය වූයේ යුරෝපයට ඇඟලුම් අපනයනය කරන රටවල් අතර ලංකාව නොම්මර එකේ රටක් බවට පත් කිරීමය. ජේ.ආර්. පටන්ගත් නිදහස් වෙළෙඳ කලාප සංකල්පයේ සාර්ථකම ව්‍යාපෘතිය ඇඟලුම් කර්මාන්තය බව ප්‍රේමදාස හඳුනා ගත්තේ ජේ.ආර්.ගේ ආණ්ඩුවේ අගමැති ලෙස සිටියදීය. ජේ.ආර්.ගේ නිදහස් වෙළෙඳ කලාප සංකල්පය නිර්මාණය වූයේ නගරය කේන්ද්‍ර කරගෙනය. නිදහස් වෙළෙඳ කලාප බිහි වූයේ බස්නාහිර පළාත තුළය. නිදහස් වෙළෙඳ කලාපවලට ගම්වලින් එන තරුණ තරුණියන් විඳින දහ දුක තේරුම් ගෙන ප්‍රේමදාසට මේ කලාප ගමට ගෙන යන්න අවශ්‍ය විය. එවිට එම කර්මාන්ත ශාලාවල සේවය කරන තරුණ තරුණියන්ට බෝඩිං ගාස්තු, කෑම වියදම් ප්‍රශ්න පැනනොනඟින බව ඔහු තේරුම් ගත්තේය. ඈත ගමකට කර්මාන්ත ශාලාවක් ආ විට ගමක් දියුණු වෙන බව ඔහු දැන සිටියේය.

ඔහු ඇඟලුම් කර්මාන්ත ශාලාවක් හදන හැම ගමකම ඔරලෝසු කණුවක් ඉදිකළේ කණුව වටා පුංචි නගරයක් නිර්මාණය කරන්නටය. එවිට කඩ සාප්පු, බස් නැවතුම් ඉබේ ඇතිවේ. ප්‍රේමදාස කඩියෙක් මෙන් ගම් දනව් සොයා ගොස් ඇඟලුම් කම්හල් විවෘත කළේ මේ ඉලක්ක සපුරාගන්නටය. ඇතැම් ඇඟලුම් ව්‍යාපාරිකයන් ගමේ කර්මාන්ත ශාලා සෑදීම දුෂ්කර බව කියද්දී ප්‍රේමදාස ඔවුන්ට ආයෝජන මණ්ඩලය හරහා පහසුකම් ලබාදුන්නේය.

මේ ඇඟලුම් කර්මාන්ත වැඩපිළිවෙළ ඉවර කරන්න ප්‍රේමදාස ජීවත්ව සිටියා නම්, අද යුරෝපයට ඇමෙරිකාවට ඇඟලුම් අපනයනය කරන පළමු රට වන්නේ ලංකාවය. එසේ වූවා නම් ලංකාව අද දකුණු ආසියාවේ පොහොසත්ම රටය. මේ බව එවක විපක්ෂය වූ ශ්‍රීලනිපය තේරුම් ගෙන සිටියේය. ඔවුහු ප්‍රේමදාසගේ ඇඟලුම් කම්හල් 200 වැඩපිළිවෙළට හිනාවූහ. එවක විපක්ෂ නායිකා බණ්ඩාරනායක මැතිනිය ප්‍රේමදාසගේ ඇඟලුම් කම්හල් වැඩපිළිවෙළ සමච්චලයට ලක් කළේ ප්‍රේමදාස ලංකාවෙ කෙල්ලො කොල්ලො දමලා සුද්දන්ට ජංගි මහනවා කියලාය. ඔවුන් චෝදනා කළේ ප්‍රේමදාස ලංකාවේ අනාගත පරපුර නූගත් ගාමන්ට් පරපුරක් කරන්න යනවා කියාය. විපක්ෂය ප්‍රේමදාසට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ආවේ ප්‍රේමදාසව ඉවර කරන්නටය. එල්.ටී.ටී.ඊ.ය ප්‍රේමදාසව ඝාතනය කළේය. ප්‍රේමදාසගේ ඇඟලුම් ව්‍යාපෘතිය එතැනින්ම නතර විය.

බංග්ලාදේශය මේ වන විට ලංකාව දිහා ඇහැ ගහගෙන සිටියේය. ඔවුන් ප්‍රේමදාසගේ ඇඟලුම් කර්මාන්ත ව්‍යාපෘතිය කොපි කළේය. ප්‍රේමදාස ආකර්ෂණය කරගත් යුරෝපයේ ඇඟලුම් ආයෝජකයන් බංග්ලාදේශයට ගෙන්වා ගන්න බංග්ලාදේශය සමත් විය. 2002 යූ.ඇන්.පී. ආණ්ඩුව යළි බලයට ආ විට ප්‍රේමදාසගේ ඇඟලුම් කර්මාන්ත ව්‍යාපෘතියට යළි අත ගසන්න වැඩ පටන් ගත්තේය. ප්‍රේමදාස ඇඟලුම් කර්මාන්ත 200 හදන කාලේ යුරෝපයේ ජී.එස්.පී. ප්ලස් කියා සහනයක් තිබුණේ නැත. 2002 යූ.ඇන්.පී. ආණ්ඩුව මේ ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට ලබාගන්න දත කද්දී එවකට විපක්ෂය වූ චන්ද්‍රිකාගේ එක්සත් ජනතා නිදහස් සන්ධානය කීවේ ලංකාව යුරෝපයට විකුණන්න යනවා කියාය. 2004 යූ.ඇන්.පී. ආණ්ඩුව පරාජය කොට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවක් පිහිටවූ චන්ද්‍රිකා, යූ.ඇන්.පී. ආණ්ඩුව ලංකාවට ලබාදුන් ජී.එස්.පී. සහනය ලබාගත්තේය. 2005 මහින්ද ජනාධිපති විය. ඔහුගේ කාලයේත් ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවේ ක්‍රියාත්මක විය. ඒත් ඔහුගේ ආණ්ඩුව මාධ්‍ය නිදහසට, ප්‍රජාතන්ත්‍රවාදයට ගරු නොකළ නිසා 2010 ජී.එස්.පී. ප්ලස් සහනය ලංකාවට අහිමි කරන්න යුරෝපා සංගමය තීරණය කළේය. සහනය දෙන්න නම් මාධ්‍ය නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය සහතික කරන්න යැයි යුරෝපා සංගමය කියද්දී මහින්දගේ ආණ්ඩුව, ජී.එස්.පී. ප්ලස් සහනය වැඩක් නැහැ, ප්‍රජාතන්ත්‍රවාදය, මාධ්‍ය නිදහස මර්දනය කොට ආණ්ඩුව ආරක්ෂා කරගන්න ඕනෑ යැයි සිතූහ. 2010 ජී.එස්.පී. ප්ලස් ලංකාවට අහිමි වන විට ඒ චාන්ස් එක ගත්තේ බංග්ලාදේශයය. බ්‍රැන්ඩික්ස්, හය්‍රිඩ්‍රාමනී වැනි ලංකාවේ පළමු පෙළේ ඇඟලුම් ව්‍යාපාරිකයෝ බංග්ලාදේශයට හිමි වූ ජී.එස්.පී. ප්ලස් සහනය ලබාගන්න බංග්ලාදේශයේ ඇඟලුම් කර්මාන්ත පටන් ගත්හ. අද බංග්ලාදේශය යුරෝපයට ඇඟලුම් අපනයනය කරන ප්‍රධාන රටවල් තුන අතරට එක්ව තිබේ. මේ, රණසිංහ ප්‍රේමදාස 1990 ගණන්වල දැකපු හීනයය. ලංකාවේ විපක්ෂය සහ ලංකාවේ මාධ්‍ය ඒ හීනය කඩාකප්පල් කරනු ලැබීය. බංග්ලාදේශය ඒ හීනය හොරාගත්තේය. අද බංග්ලාදේශය ඒ හීනය හැබෑකරගෙන ඇත.

‘බංග්ලාදේශය මේ තරම් දියුණු වුණේ ඇඟලුම් කර්මාන්තයයි, යුරෝපයේ ජී.එස්.පී. ප්ලස් නිසයි…’

මේ, ලොව ප්‍රකට මහාචාර්යවරයකු වූ ප්‍රබීර් ඩී, ‘ද ප්‍රින්ට්’ සඟරාවට කී කතාවය.

1991 දෙසැම්බරයේ රණසිංහ ප්‍රේමදාස බංග්ලාදේශයට ගොඩබැස්සේ දකුණු ආසියාවේ සුපිරි බලවතෙක් ලෙසය. පසුගියදා මහින්ද රාජපක්ෂ බංග්ලාදේශයට ගියේ හිඟන්නෙක් සේ හිඟන්නාගේ පාත්තරය අතැතිව ණයක් ඉල්ලන්නටය. බංග්ලාදේශය ලංකාවට ණය දීම ලොව මාධ්‍ය වාර්තා කළේ, බංග්ලාදේශය දකුණු ආසියාවේ සුපිරි බලවතකු ලෙස, දකුණු ආසියාවේ හිඟන තත්ත්වයට වැටී ඩොලර් නැතිව පණ අදින ලංකාවට ඔක්සිජන් දීමක් ලෙසය. ලොව මාධ්‍ය බංග්ලාදේශය, ලංකාවට ණය දීම හැඳින්වූයේ දකුණු ආසියාවේ බංගලියේ රාජකීය කොටියාගේ නැඟිටීම ලෙසය. මුළු ලෝකයම කතා කළේ 1977 ආර්ථිකය ලොවට විවෘත කොට පළමු ආසියානු රට බවට පත්වී ලංකාව, දකුණු ආසියාවේ පොහොසත්ම රට බවට පත්වෙන්න ඔන්න මෙන්න කියා තිබියදී විනාශ වූ හැටිය. ලංකාව විනාශ වෙද්දී බංග්ලාදේශය නැඟිට්ට හැටිය. එකල ලංකාව පාරාදීසයක් ලෙස හඳුන්වද්දී බංග්ලාදේශය හැඳින්වූයේ මුඩුක්කු රටක් නොහොත් ‘සැන්ටි දේශයක්’ ලෙසය. අද පාරාදීසයේ උරුමකරුවන් හිඟන පාත්තරයක් අරන් මුඩුක්කු රටෙන් හිඟමන් යදිද්දී ආණ්ඩුව කියන්නේ ඒක ණයක් නොව මුදල් හුවමාරුවක් කියාය.

මේකට සමාජ මාධ්‍ය අපූරු වීඩියෝවක් ෂෙයා කර තිබිණි. ඒ වීඩියෝවේ දැක්වෙන්නේ කොරෝනා ආ මුල් කාලයේ පොලිස්කාරයෙක් කසිප්පුකාරයෙක් අල්ලන සිද්ධියක්ය.

‘මම වික්කෙ නැහැ’ කසිප්පුකාරයා කියයි.
‘උඹ බෝතල් හදල කාටහරි දුන්නද?’ පොලිස්කාරයා අසයි.
‘ඔව්.’ කසිප්පුකාරයා කියයි.
‘සල්ලිත් ගත්තද?’ පොලිස්කාරයා අසයි.
‘ඔව්…’ කසිප්පුකාරයා උත්තර දෙයි.
‘ඉතිං ඒකට තමයි යකෝ විකුණනවා කියන්නේ…’
පොලිස්කාරයා කසිප්පුකාරයාට පහර දෙමින් කියයි.

‘පස්සෙ දෙන්න සල්ලි අතමාරුවක් කරනවා නම් ඒකට තමයි යකෝ ණයක් කියන්නේ’ යැයි වීඩියෝව යටින් සටහන් වෙයි. රසම කතාව ඒක නොවේ. මුස්ලිම් කොත්තු, පාන් කඩ එපා කී සිංහල ආණ්ඩුව, මුස්ලිම් බංගලියෙන් ණය ඉල්ලා හිඟමනේ යෑමය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

අලි පැටව් බලහත්කාරයෙන් ගෙනියන විදිහ මට බලන් ඉන්න බැරි වුණා! ඉල්ලා අස්වූ ඉෂිනි කතා කරයි!

Next Post

කබ්රාල් වැඩ බාරගන්න කලින් ඉරාන් මහා හෙළිදරව්වක් කරයි! (VIDEO)

MORE NEWS

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

Load More
අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගානකට පස්සේ මෛත්‍රී ලොකු රහසක් හෙළිකරයි! අර්ජුන මහේන්ද්‍රන් මහබැංකු අධිපති ලෙස පත් කරන්න මං එපා කිව්වා! අගමැති දැඩි බලපෑමක් කලා! පත් කරන්න සිද්ධ වුණා….! VIDEO I Sri Lanka Latest News

මහබැංකු අධිපතිවරයා ලෙස අර්ජුන මහේන්ද්‍රන් පත්කිරීමට තමා ජනාධිපති ලෙස කටයුතු කරද්දී දැඩි විරෝධය පළකළ බවත්, එවක අගමැති ලෙස කටයුතු කළ...

Read more
දැන් රනිල්ට හොදයි! දැඩි සත්කාර ඒකකයෙන් සාමාන්‍ය වාට්ටුවකට දාලා! ඩොක්ටර් හර්ෂ ද සිල්වා! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිතුමා ඉතා බුද්ධිමත් කෙනෙක්! ආචාර්ය හර්ෂ ද සිල්වාගෙන් ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.