• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

ටොයිලට් යන්න විදිහක් නෑ: කෑමත් වර්ජනය කරලා: නිදාගන්නත් නෑ: පඩිත් නවත්වලා: රන්ජන් හිරම කරයි

March 16, 2021
in Uncategorized
Reading Time: 2 mins read
A A
ටොයිලට් යන්න විදිහක් නෑ: කෑමත් වර්ජනය කරලා: නිදාගන්නත් නෑ: පඩිත් නවත්වලා: රන්ජන් හිරම කරයි
Share on WhatsAppShare on Facebook

අධිකරණයට අපහස කිරීම සම්බන්ධයෙන් බන්ධනාගාරගතව සිටින රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාගේ සුවදුක් විමසීමට දැන් විපක්ෂයේ මන්ත්‍රීවරු අගුණුකොලපැලැස්ස බන්ධනාගාරයට යන්නේ පෝලිමටය. එසේ රන්ජන්ගේ සුවදුක් විමසීමට ගිය ඇතැම් මන්ත්‍රීවරු මතක සටහන් ලෙස හොර රහසේ රන්ජන් සමග එකට සිට සෙල්ෆි ජායාරූපයක් ගැනීමටද අමතක නොකරති. එසේ රන්ජන් සමග සෙල්ෆියක් ගත් විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් වන හර්ෂණ රාජකරුණා එම ඡායාරූපය ඔහුගේ මුහුණු පොතට එක්කර තිබුණේය. ඔහු එම ඡායාරූපය සිය මුහුණු පොතට එක් කළේ ඇයිදැයි පැහැදිලි නැතත් ඒ ක්‍රියාව හේතුවෙන් මේ වන විටත් බන්ධනාගාර නිලධාරියෙකුගේ වැඩ තහනම්ද වී හමාරය. ඒ එම සෙල්ෆිය ගැනීමට ඉඩදීම සම්බන්ධයෙනි. එයින් නොනැවතුනු බන්ධනාගාර පාලනාධිකාරිය ඒ සම්බන්ධයෙන් විමර්ශනයක්ද ආරම්භ කර ඇත්තේ තවදුරටත් එවන් ක්‍රියා සිදු නොවන අයුරින් වැට බැඳීමට අවශ්‍ය පියවර ගැනීමට මුල් පියවර තබමිනි.

රන්ජන් රාමනායක මන්ත්‍රීවරයාව බන්ධනාගාර ගත කිරීමෙන් පසු ඔහුගේ ඡායාරූපයක් මාධ්‍යයේ පළවූ පළමු අවස්ථාව වන්නේ එය නොවේ. අධිකරණයේ සිට වැලිකඩ බන්ධනාගාරයට රැගෙන ගොස් ජම්පරය අන්දවා නිරෝධායනය සදහා වැලිකඩ සිට පල්ලන්සේන වෙත රැගෙන යන අවස්ථාවේදී මාධ්‍යවේදීන් ඔහුගේ රුව සිය කැමරා කාචයට හසුකර ගත්තේය. නිරෝධායනයෙන් පසු පල්ලන්සේනේ සිට අගුණුකොලපැලැස්සට රැගෙන යමින් සිටියදී පවා ඔහුගේ ඡායාරූප ගත්තේය. ඒවාද මාධ්‍යයේ ප්‍රසිද්ධ කළේය. එසේම රන්ජන්ව ඉකුත්දා පුවත්පත් මණ්ඩලය හමුවට කැඳවූ අවස්ථාවේදීද මාධ්‍යවේදීන් ඔහුව වටකරගෙන ඡායාරූප ගත්තේය. කොළඹ කාසල් වීදියේ කාන්තා රෝහල ඉදිරිපිට ගොඩනැගිල්ලක පිහිටා ඇති පුවත්පත් මණ්ඩලය හමුවට රන්ජන් රාමනායකව රැගෙන එන්නේ ද අගුණුකොළපැලැස්සේ සිටය. ඒ දැඩි ආරක්ෂාවක් සහිතවය. එදා ඔහු නඩු කටයුත්තට පෙනී සිට පුවත්පත් මණ්ඩලයෙන් පිටතට එන්නේ මහා හයියෙන් කෑ ගසමිනි. ඒ තමා මිනී මරා මංකොල්ලකා බන්ධනාගාර ගත වූවෙක් නොවන බව කියමිනි. එදා ඔහු සිටියේ කළහාකාරී වෙමිනි. පුවත්පත් මණ්ඩලය ඉදිරිපිට මහා පාරේ පවා ඔහු වාඩි ගත්තේය. අගුණුකොළපැලැස්සට රැගෙන යාමට ඔහුව බන්ධනාගාර බස් රථයට ගොඩකරගන්නට සිදුවන්නේද දැඩි පරීශ්‍රමයකින් අනතුරුවය. මේ සියල්ලක්ම එදා කැමරා කාචවල සටහන් වන්නේ මාධ්‍යට රස කර වාර්තා කරන්නට පුවතක් ලබාදෙමිනි.

ඒ අනුව බලන කල පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මන්ත්‍රීවරයා රන්ජන් සමග සෙල්ෆියක් ගැනීම එතරම් ලොකු දෙයක් නොවනු ඇතැයි යමෙකුට සිතිය හැකිය. එහෙත් ගැටලුව එය නොව, සෙල්ෆිය රැගෙන ඇත්තේ බන්ධනගාරය තුළදී වන බැවිනි. මේ සෙල්ෆිය ඔහු ගන්නේද මන්ත්‍රී වරප්‍රසාද යටතේ රන්ජන්ගේ සුවදුක් විමසීමට බන්ධනාගාරයට ගොස් සිටියදීය. බන්ධනාගාර රෙගුලාසිවලට අනුව සිරදඩුවම් ලබන සිරකරුවෙක්ගේ සුවදුක් විමසීමට ඔහුගේ ළගම ඥාතියෙකුට පවා අවස්ථාවක් ලැබෙන්නේ මසකට වරක් පමණි. එම රෙගුලාසි පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට අදාළ වන්නේ නැත. ගලගොඩඅත්තේ ඥානසාර හිමිත් එස්.බී. දිසානායක, සරත් ෆොන්සේකා , වැන්නවුනුත් සිරදඬුවම් ලබමින් සිටියදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් නිතර දෙවේලේ බන්ධනාගාරය තුළ සුලබ දසුනක් වූයේ එබැවිනි. දුමින්ද සිල්වා සම්බන්ධයෙනුත් ඇත්තේ එවන් තත්වයකි. ඒ කිසිවෙකුත් සමග කිසිදු දේශපාලනඥයෙක් සෙල්ෆි ගත් බවක් නම් මේතාක් දැනගන්නට නැති තරම්ය. එහෙත් සරත් ෆොන්සේකා බන්ධනාගාරගතව ජම්පරය පිටින් සිටි ජායාරූපයක් වරක් මාධ්‍යවල මුල් පිටුවේ පලවී තිබුණේය. ඒ අලුත් අවුරුදු දිනක බන්ධනාගාරයේ පැවැති උත්සවයක් ආවරණය කිරීමට ගොස් සිටි මාධ්‍යවේදීන් පිරිසකට සරත් ෆොන්සේකා නිරීක්ෂණය වීමේ ප්‍රතිඵලයක් ලෙසිනි. එසේම එස්.බී. දිසානායකද ජම්පරයෙන් සැරසී සිටින ඡායාරූපයක් මාධ්‍යයේ පළවිය. රෝගී තත්වයකට ප්‍රතිකාර ගැනීමට එස්.බී. දිසානායකව ශ්‍රී ජයවර්ධනපුර රෝහලට රැගෙන ගොස් සිටියදී ඒ බව කල්තියා දැන ගත් ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී නෝමන් පලිහවඩන රෝගියෙක් ලෙස රෝහලේ රැඳී සිටිමින් එම ඡායාරූපය ගත්තේය. ඒ සියල්ලක්ම සිදුවන්නේ අනපේක්ෂිත ආකාරයෙනි. එහෙත් රන්ජන්ගේ සුවදුක් විමසීමට ගොස් හර්ෂණ රාජකරුණා ලබාගත් සෙල්ෆිය මේ වන විට දුරදිග ගොස් ඇත්තේ බන්ධනාගාරයට ඇතුළුවන සියලුම මන්ත්‍රීවරුන් පරීක්ෂා කිරීමට කථානායකගෙන් අවසරය පවා ඉල්ලමිනි.

රන්ජන් රාමනායකගේ සුවදුක් විමසීමට බන්ධනාගාරයට යන පළමු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා වන්නේ දිලිප් වෙදආරච්චිය. මිනිස් ඝාතන කිහිපයක් සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියමව සිටින දකුණේ ප්‍රබල අපරාධකරුවෙක් වන ජුලම්පිටියේ අමරේ රඳවා සිටින සිරමැදරි සංකීර්ණයේ අනාරක්ෂිතව රන්ජන්ව රඳවා ඇතැයි හෙළිකරන්නේ ද ඔහුය. පසුව රන්ජන්ගේ සුවදුක් විමසීමට සිරගෙදරට ගිය විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසද රන්ජන්ගේ ජීවිතය අවදානම් බව කීවේය. ඒ අනුව එතෙක් සෙසු සිරකරුවන් සමග විනෝදයෙන් සිටි රන්ජන්ට සිදුවන්නේ තනි සිර මැදිරියක හුදෙකලා වන්නටය. එසේ හුදෙකලා වූ රන්ජන්ගේ සුවදුක් විමසන්නට අනතුරුව තවත් විපක්ෂයේ මන්ත්‍රීවරු රැසක්ම කාල සටහනකට අනුව මෙන් අගුණුකොළපැලැස්සට ගියහ. ඒ අය අඩුම තරමින් පැයක් හමාරක්වත් රන්ජන් සමග ගත කරන්නට අමතක කරන්නේ නැත. ඒ රන්ජන්ට හයියක් වෙමිනි. හර්ෂණ රාජකරුණාද ඉකුත් 08 වෙනිදා අගුණූකොළපැලැස්සට යන්නේ ද ඒ අනුවය. රන්ජන් සමග ඔහු සෙල්ෆියක් ගන්නේ ඒ හමුවේදීය. වැඩ තහනමට ලක්වන්නේ එම සෙල්ෆිය ගන්නා අවස්ථාවේ එම ස්ථානයේ රාජකාරියේ නිරතව සිටි ජේලර්වරයාගේය. ඒ අමුත්තෙක් සමග සිරකරුවෙකුට ඡායාරූපයක් ගන්නා තුරු බලා සිටීමේ වරදටය. එය එතැනින් හමාර වූයේ නැත. මන්ත්‍රීවරයෙක් වූවත් දැන් රන්ජන් රාමනායක සිරකරුවෙකි. පොදුවේ සිරකරුවන්ට පනවා ඇති නීති රෙගුලාසිවලට ඔහුද යටත්ය. අමුත්තෙක් සමග ඡායාරූපයකට පෙනී සිට ඔහු කර ඇත්තේ බන්ධනාගාර ආඥාපනතට අනුව වරදකි. එබැවින් ඒ සම්බන්ධයෙන් රන්ජන්ට එරෙහිව ඉකුත් 11 වෙනිදා විනය පරීක්ෂණයක් සිදුවන්නේ බන්ධනාගාරයේ විනය ශාලාව තුළදීය. විශේෂත්වයක් වන්නේ එම විනය පරීක්ෂණය සිදුවන්නේ හරියටම රන්ජන්ගේ 58 වැනි උපන් දිනය දා වීමය. එම පරීක්ෂණයේදී රන්ජන් තමා කළේ වරදක් බව පිළිගත්තේය. ඒ අනුව රන්ජන්ට විනය මණ්ඩලය විසින් දඬුවම්ද නියම කළේය. ඒ සති දෙකකට අමුත්තන් හමුවීමට තහනමක් පනවමිනි.

පල්ලන්සේනේ සති දෙකක නිරෝධායනයෙන් අනතුරුව අගුණූකොලපැලැස්ස බන්ධනාගාරයට රැගෙන යාමෙන් පසුවද රන්ජන්ට නිරෝධායනය වන්නට සිදුවිය. සෙසු සිරකරුවන් අතරට යන්නට ඔහුට අවස්ථාව ලැබෙන්නේ අනතුරුවය. එහිදී ඔහු සිය ශාරීරයේ හැඩය තබා ගැනීමට ශාරිරික ව්‍යායාම්වල නිරතවන්නටද අමතක නොකළේය. ඒ සදහා සෙසු සිරකරුවන්ගෙන් ඔහුට ලැබුණේ අනුපමේය සහයකි. ලීටර් පහේ හේ වතුර බෝතල් දෙකකට කොසු පොල්ලක් බැඳ බර ඉසිලීමේ ව්‍යාපාම් කට්ටලය සකස්කරගෙන තිබුණේය. එහෙත් දැන් ඔහුට ඒ අවස්ථාව අහිමිව ඇත්තේ ජීවිත තර්ජන ඇතැයි විපක්ෂයේ මන්ත්‍රීවරු හඩ නැගීම හේතුවෙන් සෙසු සිරකරුවන්ගෙන් වෙන්කොට ඔහුව වෙනම සිර මැදිරියක රදවා සිටින බැවිනි. මෙසේ හුදෙකලා වීම හේතුකොටගෙන රන්ජන් රාමනායක මේ වන විට සිටින්නේ මානසිකව පීඩනයකට ලක්වෙමිනි. පුවත්පත් මණ්ඩලය හමුවට පැමිණි අවස්ථාවේදී ඔහුගෙන් පිටවූයේ එම පීඩනය විය හැකිය.

එක තැන කොටුවී සිටීම හේතුවෙන් රන්ජන්ගේ දණහිසේ ආබාධයක්ද මේ වන විට හටගෙන ඇත. මේ තත්වය මත ඔහුට වැසිකිළි යාමේදී පවා ඇතිව තිබෙන්නේ දැඩි පීඩාවකි. ඒ සිරකරුවන්ගේ පරිහරණයට ඇත්තේ කොමඩ් වර්ගයේ වැසිකිලි පෝච්චි නොවන බැවිනි. ඒ සම්බන්ධයෙන් රන්ජන් සානුකම්පිත ඉල්ලීමක් කළද ඊට යහපත් ප්‍රතිචාරයක් බන්ධනාගාරය පැත්තෙන් නොවීය. ඒ ඉහළ නිලධාරීන්ගේ උදහසට ලක්වෙතැයි බියට පත්වෙමිනි. මේ තත්වය මත රන්ජන් බන්ධනාගාරය තුළ උපවාසයක්ද ආරම්භ කළේය. ඒ ආහාර වර්ජනය කරමිනි. රාත්‍රි ආහාර වේල සහ උදෑසන ආහාර වේල ගැනීමෙන් රන්ජන් වැලකීමත් සමඟ වැසිකිලිය තුළ තබා පරිහරණය කිරීමට රන්ජන්ට පුටුවක් ලබාදීමටද බන්ධනාගර බලධාරීන් කාරුණික වන්නේ ඒත් එක්කමය. එහෙත් එම පුටුව ඔහුට දින කිහිපයකට වඩා පරිහරණය කරන්නට ඉඩ නොවීය. ඒ යම් බලපෑමකට ලක්වීමෙන් බන්ධනාගාර බලධාරීන්ට එය ඉවත්කිරීමට සිදුවන බැවිනි. ඒ යැයි කියා රන්ජන් නැවතත් උපවාසයක් ආරම්භකර ඇති බවක් නම් දැන ගන්නට නැත. ඒ වෙනුවට ඔහුගේ දණහිස වැසෙන්නට වෙළුම්පටියක් නම් බැඳ ඇති බව සඳහන්ය.

අගුණුකොලපැලැස්සට ඇතුළු වූ දින සිටම රන්ජන් රාත්‍රියට නිදා ගන්නේ පැදුරේය. මෙට්ටයක් ලබා ගැනීමට ඔහුට අවස්ථාවක් තිබුණද ඔහු ඒ අවස්ථාව ලබාගත්තේ නැත. දැන් ඔහු මෙට්ටයක් ඉල්ලා සිටියත් මෙට්ටයක් දෙන්නේද නැත. ඒ යම් සිරකරුවෙකුට මෙට්ටයක් නිකුත් කරන්නේ වෛද්‍ය නිර්දේශ මත වන බැවින් මෙට්ටයක් භාවිතා කරන්නට තරම් අසනීප තත්වයක් ඇතැයි බන්ධනාගාර වෛද්‍යවරුන් රන්ජන්ට නිර්දේශකර නොමැති බැවිනි.

ඒ අතර රන්ජන්ගේ මන්ත්‍රී වැටුප මෙන්ම කාර්ය මණ්ඩල දීමනා පවා මේ වන විට ඇත්තේ කප්පාදුවට ලක්වය. ඒ හේතුවෙන් පුද්ගලික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට ඉකුත් පෙබරවාරියේ වැටුප් පවා දැනටමත් අහිමිව ඇත. රන්ජන්ව පාර්ලිමේන්තුවට ගෙන්වා ගන්නට විපක්ෂය දැඩිව උත්සහයක් ගන්නේද මේ නිසාමය. ඊට කථානායකවරයාගෙන් මෙතෙක් ඉඩක් ලැබී නැත. ඒ මන්ත්‍රී අසුන සම්බන්ධයෙන් මේ වන විටත් අධිකරණමය කටයුත්තක් සිදුවන බැවින් ඔහු ඊට මැදිහත් වීමට එතරම් කැමැත්තක් නොදක්වන නිසා විය හැකිය. මේ තත්වය මත රන්ජන්ගේ මන්ත්‍රී අසුන බේරා ගන්නට විපක්ෂය උත්සහ ගන්නේ ඔහුට මාස තුනක නිවාඩුවක් පාර්ලිමේන්තුවෙන් අනුමත කර ගැනීමේ උත්සහයක නිරත වෙමිනි. ඒ අනුව ඊට අදාළ යෝජනාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසය. කථානායක මහින්ද යාපා අබේවර්ධන එම යෝජනාව ප්‍රතික්ෂේප කරන්නේ ශ්‍රේෂ්ඨාධිකරණය විසින් සිර දඩුවම් ලබාදී ඇති මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවට කැඳවීමට තමාට හැකියාවක් නොමැති බව සදහන් කරමිනි. ඒ අනුව නොකඩවා මාස තුනක් පාර්ලිමේන්තුවට නොපැමිණීම මුල්කර ගනිමින් රන්ජන් රාමනායකගේ මන්ත්‍රී ධුරයත් අද හෙටම අහෝසි වීමට ඇති ඉඩකඩද බොහෝය.

රුවන් වෙඩිවර්ධන

SendShareShare
Previous Post

සාලි CID අත්අඩංගුවේ: රදවාගෙන ප්‍රශ්න කරයි

Next Post

සිංහරාජෙ තරුණියට තර්ජන ඇවිත්… සටන් කරන බව හැඩූ කදුලින් කියයි (VIDEO)

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

තවත් ජංජාලයක්! ආණ්ඩුව ඩිජිටල් ID ටෙන්ඩරය බ්ලැක්ලිස්ට් වෙච්ච ඉන්දීය සමාගමකට දෙන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Uncategorized

O/L කරලත් ඉවරයි! A/L කරලත් ඉවරයි! අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් තවම සිසුන්ට ID එක ඇවිත් නෑ! දෙපාර්තමේන්තුවත් සද්ද නෑ! I Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Uncategorized

වචනයක්වත් කතා නොකර අනුර දවස් 3ක් පාර්ලිමේන්තුවේ මොනවද කළේ? I Sri Lanka Latest News

කොළඹ ගෙදරින් දොට්ට දැමූ මහින්දව පිළිගන්න ගමේ මහසෙනගක් රැස්වෙයි! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රශ්නයක් නෑ! මහින්ද එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

මේ පාර කතානායක ධූරය වෛද්‍යවරයෙක්ට!  I Sri Lanka Latest News
Uncategorized

බාර දීලා මාස 4ක්! තාම කිසිම දෙයක් කරලා නෑ! පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධියේ වාර්තාව තවම කතානායක ළඟ! I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.