• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජිනීවා පෙන්වපු GOTA’S WAR (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

April 3, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
ජිනීවා පෙන්වපු GOTA’S WAR (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට හෝ වෙනත් එවැනි ජාත්‍යන්තර සංවිධානයකට ඇමෙරිකා එක්සත් ජනපදය විසින් මොනයම් රටකට හෝ විරුද්ධව යෝජනාවක් ගෙන එන්නේ නම් ඒ රට බියට පත්වීම ස්වාභාවිකය. මොකද ඇමෙරිකාව යනු ලෝකයේ ලොකුම බලවතාය. එම නිසා ඇමෙරිකාව ප්‍රධානව යම් රටකට එරෙහිව යෝජනාවක් ගෙන එන්නේ නම් හැම වෙලාවෙම ඒ රට බලන්නේ ලෝකයේ ලොකුම බලවතාට අභියෝග කොට සටන් වැදීමට නොව සාකච්ඡා මාර්ගයෙන් එම යෝජනාව තුළ ඇති කරුණුවලට එකඟතාව පළ කිරීමය. එසේත් නැතිනම් ඒ ගෙනන යෝජනාවේම පාර්ශ්වකරුවකු බවට පත්වීමය. එහෙම කරන්නේ වෙන මොකවත් නිසා නොව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය හෝ වෙනයම් සංවිධානයක් තුළ ඇමෙරිකාව එක්ක තරග කරන්න ගියහොත් ඒ රටට භයානක ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදුවන බවට අත්දැකීමෙන්ම දන්නා නිසාය.

මේ වගේම 2009 යුද ජයග්‍රහණයෙන් පසු පළමුවරට ලංකාවට එරෙහිවත්, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලයට ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් යෝජනාවක් අරගෙන ආවේය. ඇමෙරිකාව ප්‍රධානව මෙම යෝජනාව අරගෙන එද්දී අනෙක් රටවල් ලංකාව දුන් උපදේශය වුණේ ඇමෙරිකාවත් එක්ක සාකච්ඡා කරල ෂේප් එකේ වැඩේ ගොඩදාගන්න කියාය. ඒ වෙලාවෙ මේ රටේ තිබ්බෙ මහින්දගේ ආණ්ඩුවකි. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ලංකාවට එරෙහිව මේ යෝජනාව ගේන්නේ කෙළින්ම රණවිරුවන් ඉලක්ක කරගෙන බව මහින්දගේ ආණ්ඩුව ඒ වෙලාවේ දැන සිටියේය. ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ලංකාවේ යුද ජයග්‍රහණය අවතක්සේරු කොට යුද්ධය ජයග්‍රහණය කිරීමට නායකත්වය දුන් ආණ්ඩුව ලවාම රණවිරුවන්ට දඬුවම් දීම මෙහි යටි අරමුණ බවබව මහින්දගේ ආණ්ඩුව දැන සිටියේය. ඒ අනුව ඇමෙරිකාව මේ යෝජනාව ලංකාවට එරෙහිව මානව හිමිකම් කොමිසමට අරගෙන එද්දී මහින්දගේ ආණ්ඩුවට තිබුණේ එක තේරීමකි. ඒ ඇමෙරිකාව ප්‍රමුඛ බටහිර රටවලට යටවෙනවාද, එසේත් නැතිනම් රණවිරුවන් ආරක්ෂා කරගන්නවාද කියන එකය.

“ඇමෙරිකාව එක්ක හැප්පෙන්න ගියොත් වෙන්නෙ කළුගලේ ඔළුව ගහගන්නවා වගේ වැඩක්. ලංකාවට ඔළුව උස්සන්න හම්බුවෙන්නෙ නෑ. ඇමෙරිකාව අපිව හප කරල දායි. ඒක හින්දා ඒක ෂේප් කරගන්න.”

ඒ කාලයේ සමහරු මහින්දට උපදෙස් දුන්නේ එහෙමය.

හැබැයි මහින්ද ඇමෙරිකාවට යටවුණේ නැත. ඇමෙරිකාව එක්ක හැප්පෙන්න ගිහින් මුහුණදෙන්න වෙන ප්‍රතිවිපාක ගැන දැන දැනම මහින්දගේ ආණ්ඩුව එදා තීරණය කළේ යුද ජයග්‍රහණය වෙනුවෙන් සිය ජීවිත, ඇස්, ඉස්, මස්, ලේ, අතපය පූජා කරමින් කැපවූ රණවිරුවන්ගේ ආත්ම අභිමානය ආරක්ෂා කරගන්නටය. මහින්ද ඒ වෙලාවේ ගත්තේ අති බැරෑරුම් සහ අවදානම් සහගත රාජ්‍යතාන්ත්‍රික තීන්දුවකි. හැබැයි මහින්දගේ ආණ්ඩුව ඒ තීන්දුව බය නැතුව ගත්තේය.
එහෙම ගත්තා විතරක් නොව ඇමෙරිකාවට විරුද්ධව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මණ්ඩලය තුළ රටවල් එකතු කරන වැඩේද මහින්ද කළේය. මේක කිසිසේත්ම ඇමෙරිකාව බලාපොරොත්තු වූ තත්ත්වයක් නොවේ. මොකද ලෝක සිතියමේ තිතක් වගේ තියෙන පුංචි රටක් ලෝකයේ බලවත්ම රටට එරෙහිව අභියෝග කරයි කියල ඇමෙරිකාව හීනෙන්වත් හිතන්න නැතුව ඇත. හැබැයි මහින්දගේ ආණ්ඩුව බය නැතුව ඒ දේ කළේය. වරක් නොව තෙවරක්ම ලංකාව ඇමෙරිකාවට එරෙහිව මානව හිමිකම් කොමිසමේදී අභියෝග කළේය. ඇමෙරිකාවට විරුද්ධ රටවල් සියල්ලම මානව හිමිකම් කොමිසමේදී එකට එකතු කර පෙන්නුවේය. වරක් ඇමෙරිකාව ගෙනා යෝජනාව පරද්දලා පෙන්නුවේය.

ඇමෙරිකාව රාජපක්ෂලාත් එක්ක වෛර බැඳගත්තේ මේ නිසාය. මොකද ඇමෙරිකාවට එරෙහිව රුසියාවේ පුටින් හා චීනයේ ෂී ජින් පින් කොතරම් පාරම්බෑවත් එක තැනකදී මේ රටවල් දෙකම ඇමෙරිකාවට බයය. නමුත් එහෙව් රටවල් පවා ඇමෙරිකාවට බය වෙද්දී ලංකාව වගේ පුංචි රටක සිට ඇමෙරිකාවට අභියෝග කරන මේ රාජපක්ෂලා පසුපස ඇමෙරිකාව පන්නන්න පටන් ගත්තේ මේ සිදුවීමෙන් පසුවය. ඒකෙ අවසන් ප්‍රතිඵලය වූයේ 2015 මහින්ද ජනාධිපතිවරණය පරාජයට පත්වී ගෙදර යන්න සිදුවීමය.

මහින්ද පරාජයට පත්වූ වහාම ඇමෙරිකාව කළේ මෛත්‍රි – රනිල් ආණ්ඩුව තමන්ගේ යෝජනාවට යටත් කරගෙන මානව හිමිකම් කොමිසමට අලුත් යෝජනාවක් ගෙන ඒමය. එතැනදී ඇමෙරිකාව බලාපොරොත්තු වූ විදිහටම මෛත්‍රි – රනිල් ආණ්ඩුව ඇමෙරිකාව ලංකාවට එරෙහිව ගෙනා යෝජනාවේ සම පාර්ශ්වකරුවකු විය. එසේ කොට යුද සමයේදී රණවිරුවන් යුද අපරාධ කළ බව ලංකාව පිළිගත්තේය. එසේ යුද අපරාධ කළ රණවිරුවන්ට දඬුවම් දීම සඳහා හයිබි්‍රඩ් අධිකරණයක් පිහිටුවාලීමට එකඟ වූයේය. ඇමෙරිකාව රාජපක්ෂලා පරද්දලා තමන්ගේ යෝජනාවට ලංකාවට පාර්ශ්වකරුවකු කරගෙන සටන ජයග්‍රහණය කරලා පෙන්නුවේ ඒ විදිහටය.

හැබැයි රාජපක්ෂලාද පැරදිලා ගෙදර ගියත් නිකන් සිටියේ නැත. බලය නැතිව සිටි අවුරුදු පහේ යළිත් සංවිධාන වී අලුත් පක්ෂයක් පිහිටුවා කෙසේ හෝ ජනාධිපති ධුරය යළි රාජපක්ෂවරුන් අතට ලබාගැනීමට කටයුතු කළේය.

රාජපක්ෂවරයකු ජනාධිපති ධුරයට පත්වී පැවැති පළමු මානව හිමිකම් කොමිෂන් රැස්වීමේදී ඇමෙරිකාව හිතන් හිටියේ පැරදිලා ගෙදර ගිහින් ආ නිසා රාජපක්ෂලා මොකක් හෝ පාඩමක් ඉගෙන ඇතැයි කියාය. 2015 යහපාලන ආණ්ඩුව කළා වගේ ගෝඨාභයත් ඇමෙරිකාව ගෙනා යෝජනාව ඉදිරියට අරන් යනු ඇතැයි කියාය.

හැබැයි රාජපක්ෂලාට පාඩම් ඉගැන්වීම ලේසි නැති බව ඇමෙරිකාවට තේරුණේ පළමු මානව හිමිකම් කොමිසම් රැස්වීමේදීම ඇමෙරිකානු යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට ලංකාව කටයුතු කිරීමත් සමඟය. එපමණක් නොව මෙවර ජිනීවාවලදී ලංකාව ඇමෙරිකාවට නැවත වතාවක් අභියෝග කිරීමටද සමත් විය. ඒ, අවුරුදු පහකට පසු ඇමෙරිකාවට එරෙහිව ජිනීවාවලදී බලගතු රටවල් රැසක් එක පෙළකට ගැනීමට හැකිවීම හරහාය.

මෙතැනදී බොහෝ දෙනා සිතුවේ පහුගිය කාලයේ ලංකාවේ තිබූ මුස්ලිම් ජනතාවගේ ප්‍රශ්නය හේතුකොටගෙන ලොව සියලුම මුස්ලිම් රටවල් ලංකාවට එරෙහිව ඇමෙරිකාවත් සමඟ එකට හිටගනු ඇතැයි කියාය. ඇමෙරිකාව සිතා සිටියේ එහෙමය. හැබැයි මහින්ද ඒකට ඉඩ තිබ්බේ නැත. මහින්ද ඉම්රාන්ව ලංකාවට ගෙනැවිත් පකිස්තානයේ සහාය ලංකාවට ලබාගත්තේය. මහින්ද බංග්ලාදේශයට ගොස් ෂීක් හසීනා මුණගැසී බංග්ලාදේශයේ සහාය ලංකාවට ලබාගත්තේය. ඒ හරහා මුස්ලිම් ලෝකයේ ප්‍රබල රටවල් ලංකාවත් සමඟ තවමත් සිටින බව ඇමෙරිකාවට ඔප්පු කොට පෙන්නුවේය.

නමුත් දැන් යළිත් වතාවක් ආණ්ඩුවට එරෙහිව එළියෙනුත්, ඇතුළේ කුමන්ත්‍රණ පිට කුමන්ත්‍රණ දියත් වන ආකාරයක් දැකගන්නට තිබේ. පසුගිය දවසක පැවැති ගම සමඟ පිළිසඳර වැඩසටහනකදීද ගෝඨා ප්‍රසිද්ධියේම ආණ්ඩුවට එරෙහිව ක්‍රියාත්මක වන මේ බලවේග ගැන සඳහන් කොට සිටියේ ඒ නිසාය.

“මහින්දට වෙච්ච වැඩේ ආයිමත් මේ රටේ වෙන්න ඉඩ තියන්න එපා”

ගෝඨා දේශප්‍රේමී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ඒකය. ඒ නිසා මේ දියත් වෙන කුමන්ත්‍රණ පරාජය කොට ආණ්ඩුව ආරක්ෂා කර ගැනීම දේශප්‍රේමීන්ගේ වගකීමය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

International Business Magazine සම්මාන උළෙලේදී මහජන බැංකුව සම්මානයට

Next Post

පාස්කු ඉරිදා ත්‍රිවිධ හමුදාවම මහපාරට

MORE NEWS

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)
Exclusive

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News
Exclusive

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

Load More
සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

නියමිත කාලය අවසන් වන ලබන සැප්තැම්බරයේ තමන් විශ්‍රාම යන බව ජ්‍යේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සදහන් කළේය.Sri Lanka Latest News

Read more
බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

අරගලකරුවන්ට ගෝඨාගේ කාමරයෙන් එක්කෝටි හැත්තෑඅටලක්ෂයක් හමුවෙයි! පොලිසිය ඉදිරිපිටදීම ගණන් කර පොලිසියටම බාර දීලා! ඉහළ පොලිස් නිධාරියෙක් කතා කර සල්ලි ටික එවන්න කියලා! (VIDEO)

ගිය අවුරුද්දේ ණය ගෙවද්දී බිලියන 48ක් වැඩිපුර ගෙවලා! I Sri Lanka Latest News

ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.