පළමු කොවිඩ් එන්නත් තොගය බදාදා (27 වනදා) මෙරටට ඉන්දියාවෙන් ලැබෙන බව කළුතර වලල්ලාවිට පැවැත්වෙන “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්වෙමින් මීට සුළු මොහොතකට පෙර ජනාධිපති ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.
එලෙස ලැබීමට නියමිතව ඇත්තේ ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රා සෙනෙකා කොවිඩ් මර්දන එන්නත ය.
ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ පළමු තොගය ලෙස එන්නත් ලක්ෂ 6ක් (600,000) රැගෙන එන බවය.










