සිය සහෝදරයා වන කුමාරසිංහ සිරිසේන මහතාගේ ටෙලිකොම් සභාපති ධූරය සහ දියණිය වන චතුරිකා සිරිසේන මහත්මියගේ ව්‍යාපාර කටයුතු ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් මෛත්‍රීපාල සිරිසේන මහතා ආණ්ඩුවේ ප්‍රධානීන් සමග සාකච්ජා කොට ඇති බව නිල නොවන ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව සිය සහෝදරයාගෙන් ටෙලිකොම් සභාපති ධූරය ඉවත් නොකරන ලෙසටත්, සිය දියණිය යටතේ පවතින වෙළෙද දැන්වීම් ආයතනය සදහා ඉකුත් සමයේ රජයෙන් ලබා දුන් දැන්වීම් තවදුරටත් ඒ ආකාරයෙන්ම ලබා දෙන ලෙසටත් සිරිසේන මහතා ආණ්ඩුවේ ප්‍රධානීන්ට දැනුම් දී ඇති බව එම නිල නොවන ආරංචි මාර්ග තහවුරු කර සිටී.
කෙසේවෙතත් ආණ්ඩුව මේ වනවිට සියලුම සභාපතිවරුන්ට සහ අධ්‍යක්ෂ මණ්ඩලවලට ඉවත් වන ලෙසට දැනුම් දීමක් කර ඇති අතර ඊට නව සාමාජිකයන් පත්කිරීම මේ දිනවල විශේෂ කමිටුවක් මගින් සිදුකරනු ලබයි.