• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ගෝඨා’ස් WAR II (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

June 13, 2021
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
ගෝඨා’ස් WAR II (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

ගෝඨාභය අමෙරිකාවේ ඉදලා ලංකාවට ආවේ 2005 ජනාධිපතිවරණයේදී මහින්ද දිනවන්න වැඩ කරන්නටය. මහින්ද ගෝඨාභයට 2005 කැම්පේන් එකේදි බාරදුන්නේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හමුදා පවුල්වල සාමාජිකයන්ගේ ජන්ද මහින්දට හරවන මෙහෙයුමය. මොකද කුරුණෑගල කියන්නේ ලංකාවේ වැඩිම රණවිරු පවුල් සිටින දිස්ත්‍රික්කයය. ගෝඨාට හමුදාවත් එක්ක තියෙන ලේ නෑකම නිසා මහින්ද බාර දුන් වැඩේ අකුරටම ඉටු කළ ගෝඨාභය 2005 ජන්දෙන් මහින්දට කුරුණෑගල අත උඩින් දිනවා දුන්නේය.

හැබැයි මහින්ද දින්නාට පසු ගෝඨා කළේ සුපුරුදු පරිදි නැවතත් අමෙරිකාවට යන්නට ටිකට් බුක් කිරීමය. එසේ ටිකට් බුක් කොට මහින්ද හමුවට ගිය ගෝඨාභය තමන් අමෙරිකාවට යන බව පැවසුවත් මහින්ද ඊට ඉඩ දුන්නේ නැත. මහින්ද කීවේ තමන් ආරක්ෂක ලේකම් ධූරය ගෝඨාට දීමට තීන්දු කර ඇති බවත්, ඒ නිසා බුක් කළ ටිකට් කැන්සල් කොට ආරක්ෂක ලේකම් ධූරයේ රාජකාරී බාරගන්නා ලෙසටය.ගෝඨා ආරක්ෂක ලේකම් ධූරය භාරගත්තේ ඒ විදිහටය.

කොහොම හරි ආරක්ෂක ලේකම් ධූරයේ දිව්රුම් දී ගෝඨා පළමු වතාවට ත්‍රිවිධ හමුදාවල ඒ වනවිට සිටි ඉහළ පෙළේ නිලධාරීන් සියල්ල කැදවා සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගත්තේය.

සාකච්ජාවේ මාතෘකාව වූයේ එල්ටීටීඊය යුදමය වශයෙන් පරාජයට පත් කිරීමය.

‘මේ යුද්දේ අපි කොහොමහරි දිනන්න ඕනෙ.’

ගෝඨා තම පළමු සාකච්ජාවේදීම හමුදාවේ උසස් නිලධාරීන්ට කිව්වේ එහෙමය.

‘මෙයා මේ අමෙරිකාවේ ඉදන් ඇවිත් පිස්සු දොඩවනවා. මෙයා ලංකාවේ හිටියට තාම හිත තියෙන්නේ අමෙරිකාවෙද කොහෙද? අමෙරිකාවේ හමුදාව නම් ඉතින් යුද්ධ කළොත් උඩින් දිනයි. ඒත් අපේ හමුදාව කොහේ යුද්ද දිනන්නද?

මේ එම සාකච්ජාව ඉවර වෙලා එළියට ආපු හමුදාවේ හිටපු උසස් නිලධාරීන් හක හක ගගා හිනාවෙවී කියපු කතාවය. එදා හිටපු හමුදාවේ ඉහළ නිලධාරීන්ගේ ඔළුව හැදිලා තිබුණේ එහෙමය. පස්සේ කාලෙක ඒ සාකච්ජාවේ හිටපු එක හමුදා නිලධාරියෙක් මේ කතාව ප්‍රසිද්ධියේම කියා සිටියේය.

ගෝඨාභය හමුදාවේ ප්‍රධාන නිලතලයන් වෙනස් කරන්න තීන්දු කළේ මේ සාකච්ජාවෙන් පසුවය. එහෙම ඉවත් කරලා දක්ෂතා දක්වා ඉදිරියට එන තරුණ හමුදා නායකත්වයන් සමග ‌ප්‍රභාකරන් එක්ක යුද්ධ කරන්න ගෝඨා සැලසුම් සකස් කළේය.

ඒ අනුව පළමුවෙන්ම යුද හමුදාපති විදිහට සරත් ෆොන්සේකා අරන් එන්න ගෝඨාභය කටයුතු කළේය.

නාවික හමුදාපති විදිහට කරන්නාගොඩ අරගෙන ආවේය.

ගුවන් හමුදාපති විදිහට රොෂාන් ගුණතිලක පත් කළේය.

හැබැයි ත්‍රිවිධ හමුදාව උඩු යටිකුරු කොට ප්‍රභාකරන්ට එරෙහිව යුද්ධ කරද්දීත් මේ හමුදාවේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ගෝඨාභයට සමච්චල් කරන එක නතර කළේ නැත. මේ නිලධාරීන් එකතු වෙලා මහින්දට ලියුමක් ලීවේය.

‘ මේ යුද්ධය දිනන්න බෑ. ෆොන්සේකා හමුදාපති විදිහට කොල්ලන්ට ඉස්සරහට යන්න කියනවා. කොටි අපේ කොල්ලන්ව මරනවා. ඒ කොල්ලො ගමට එන්නෙ පෙට්ටිවල. ඒ නිසා ජනාධිපති විදිහට ඔබතුමා ඉක්මනින්ම මැදිහත් වෙන්න. එහෙම නොවුණොත් ආණ්ඩුවත් ඉවර වේවි…!’

මේ හමුදා නිලධාරීන් මහින්දට ලිව්වේ එහෙමය.

හැබැයි මහින්ද ගෝඨාභයගේ අයියා නිසා මේ ලියුම වැඩිය ඔළුවට ගත්තේ නැත. ගෝඨාභයටත්, ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් සැලැස්මට අනුව යුද්ධය ඉදිරියට කරගෙන යන්න මහින්ද ඉඩ ප්‍රස්ථාව හදා දුන්නේය. කාගෙ කගේත් ඇස් ඇරුණේ ගෝඨා ඒ විදිහට ගිහින් යුද්ධය දින්නාට පසුවය.

අද ඒ ගෝඨාභය මේ රටේ ජනාධිපතිය. එදා වගේම අමාරු යුද්ධයකට නැවත වතාවක් ගෝඨාභය අත ගසා තිබේ. ඒ රසායනික පොහොර භාවිතයෙන් රට මුදාගෙන කාබනික පොහොර වගාවට මේ රට හුරු කිරීමය.

එදා යුද්ධය දිනන්න ඕනෙ කියලා ගෝඨාභය කියද්දී හමුදාවේ හිටපු උසස් නිලධාරීන් හිනාවුණා වගේ අදත් ගෝඨාභය රසායනික පොහොර නතර කරන්න නියෝග කරද්දී මේ රටේ ඉන්න කෘෂි ක්ෂේත්‍රයේ සමහර බකපණ්ඩිතයන් වගේම විපක්ෂයේ ඉන්න සමහරු ගෝඨාභයට හිනාවෙන්නේ මේක කරන්න බැරි වැඩක් කියලාය.

හැබැයි අදත් ගෝඨා මේ අලුත් යුද්ධයට නියෝග දෙන්නේ එදා යුද්ධ කරන්න කියලා නියෝග දුන් විදිහටමය.

‘“ඉදිරි පරම්පරාව වෙනුවෙන් අපි යා යුතු තැන මෙතෙන. මේක දුෂ්කර වුණත් බැනුම් අහගෙන හරි ජනතාවට මේක කියලා දෙන්න ඕනේ. මේක මගේ හදිසි තීරණයක් නෙමෙයි. මේක අපේ සෞභාග්‍යයේ දැක්මේ පැහැදිලිව ම කියලා තියෙනවා. අයවැයේ දී පැහැදිලිව කිව්වා අපි මෙතැනට යන්නේ කියලා. මම මේක තීරණයක් අරගෙන තියෙනවා. මේක රටට නෙමෙයි ලෝකයට ම හොඳ දෙයක්. නරක දෙයක් නම් මට ඕන නෑ. මේක හොඳ දෙයක්. ගහලා එලෙව්වත් ගුටි කාලා හරි වැඩේ කරන්න ඕනේ.“

මේ ගෝඨා ඒ ගැන තිබ්බ රැස්වීමේදී කෘෂි නිලධාරීන්ට දුන් උපදෙසය.

ගෝඨා ගත් මේ තීන්දුවට අද විපක්ෂය මොනවා කිව්වත් රටට ආදරය කරන මිනිස්සුත්, ජාත්‍යන්තරයත් ගෝඨාගේ මේ රසායනික පොහොර තහනමට විශේෂ ප්‍රශංසාවක් දැනටමත් සිදු කොට හමාරය.

එක්සත් ජාතීන්ගේ සංවිධානය මගින් මේ පිළිබදව ප්‍රශංසා කොට ගෝඨාට පරිසර සමුළුවක දේශනයක් පවත්වන ලෙස ආරාධනා කළේය.

ඉන්දියාවේ මහාචාර්යවරියක් ගෝඨාගේ මේ ක්‍රියාව ඉතා ඉහළින් අගය කරමින් කතා කරන ආකාරය මාධ්‍යවල පළවිය.

ඉතින් ගෝඨා තමන්ගේ පළමු යුද්ධය නොයෙක් බාධක මැද ජයගත්තා සේ මේ දෙවන යුද්ධයත් ජයගත්තොත් ‌ඊළග නොබෙල් තෑග්ග හිමිවන්නේ වෙන කාටවත් නොව ගෝඨාටය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

මරණ 63ක්!

Next Post

‘තෙල් මිල වැඩි කරන්න අනුමැතිය දුන්නේ මහින්ද! තනියම වැඩි කරන්න මට පිස්සු නෑ!’ ගම්මන්පිල පොහොට්ටුවට උත්තර දෙයි!!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.