ශ්‍රී ලංකාවේ 72වන නිදහස් උළෙල ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉතා අභිමානවත් අන්දමින් මේ වනවිට කොළඹ නිදහස් චතුරශ්‍රයේදී පැවැත්වෙමින් තිබේ.
ජනාධිපතිවරයාට අමතරව අගමැති මහින්ද රාජපක්ෂ මහතා, කතානායක කරු ජයසූරිය, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, අගවිනිසුරු ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ඇතුලු දෙස් විදෙස් සම්භාවනීය අමුත්තන් රැසක් මෙම උත්සවයට සහභාගී වී සිටිති.
කෙසේවෙතත් මෙහිදී දැකගන්නට ඇති විශේෂම සිදුවීම වී ඇත්තේ හිටපු ජනාධිපතිනිය වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය ඊට සහභාගීව සිටීමත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊට සහභාගී නොවී සිටීමත්ය.
මීට අමතරව පසුගිය කාල වකවානුවේ පැවැති සෑම නිදහස් උළෙලකටම සහභාගී වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙවර ඊට සහභාගීව සිටියේ නැත.
එමෙන්ම පසුගිය කාලයේදී ගෝල්ෆේස් පිටියේ පැවැති මෙම උත්සවය මෙවර නිදහස් චතුරශ්‍රයට ගැනීමට පියවර ගෙන තිබීමද විශේෂ සිදුවීමකි.