කොරෝනාව ගරානාවක් කරගෙන හෙළ වෙදකමේ විශ්වාසය බිද නොදමන ලෙස හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා අවධාරණය කළේය.
කොළඹදි අද (13) පැවැති සමගි ජන බලවේගයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේය.
යම් කිසි ඖෂධයක් නියම කරන්නේ නම් ඊට අදාළ ආයතනවලින් එය තහවුරු කොට ලබා දිය යුතු බවත්, එසේ නොමැතිව විවිධ මාධ්‍ය මගින් ඒවා ප්‍රචාරණය කිරීමට යාමෙන් දේශීය වෙදකම පිළිබද ඇති විශ්වාසය පළුදු විය හැකි බවත් රණවක මහතා පෙන්වා දුන්නේය.










