• About us
  • Contact us
Thursday, June 4, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කොරෝනාවත් ගරානාවක් කරගෙන මිනියත් විකුණන් කන මිනී කාක්කෝ…!

August 29, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
කොරෝනාවත් ගරානාවක් කරගෙන මිනියත් විකුණන් කන මිනී කාක්කෝ…!
Share on WhatsAppShare on Facebook

මේක මහ පුදුම රටක්. මේ රටේ වෙන්නෙ මහ පුදුම දේවල්. මේ වගේ වාක්‍යල මේ වගේ වචන අපි නිතරම අහල තියෙනවා. හැබැයි ඒ හැම වෙලාවකම වගේ අපිට දැනෙන්නෙ මහා වේදනාවක් හා පසුතැවිල්ලක්. සමහර වෙලාවට සමහරු කියනවා ආයෙ මේ රටේ ඉපදෙන්නවත් ඕනෙ නෑ කියලා. සමහර විට ඔබට මේ ලිපිය කියෙව්වට පස්සෙත් එහෙම හිතෙන්න පුළුවන්. අපිට ඕනෙ ඔබට එහෙම හිතවන්න නෙවෙයි. හැබැයි මේ රටේ තියෙන අඳුරු යථාර්ථය හැමෝම දැනගන්න ඕනෙ. ඒක විශේෂයෙන්ම මේ රටේ පාලකයො, මේ රටේ ආණ්ඩු කරන අය දැනගන්න ඕනෙ. සමහර විට අපි විශ්වාසය කරනවා මේ රටේ ඉන්න සමහර පාලකයො මේ සමහර දේවල් නොදන්නවාය කියලා. හැම දේම දන්නෙ නෑ කියලා ඒගොල්ලන්ව නිදහස් කරන්න අපිට අවශ්‍ය නෑ. හැබැයි යථාර්ථය තමයි ඒක.

මේ රටේ සිද්ධ වෙන සමහර අප්‍රසන්න දේවල් බොහෝ දෙනෙක් එළිපිට කියන්නෙ නෑ. ඒවාට විරුද්ධව හඬ නගන්නෙ නෑ. තමන් මුහුණ දුන්නු අභාග්‍යසම්පන්න අත්දැකීම ඒ වෙලාවෙ මොන විදියකින් හරි සමනය කරගෙන අපේ මිනිස්සු ගෙදර එනවා. එහෙම වුණු නිසා තමයි අද අපේ රට මේ තත්ත්වයට පත්වෙලා තියෙන්නෙ කියලා අපි ඉතා කනගාටුවෙන් මේ මොහොතේ කියා සිටිනවා.

මේ ලියන්න යන්නේ කොවිඩ් සම්බන්ධව තවත් කතාවක්. වසර ගණනක් තිස්සේ කොවිඩ් ගැන කතන්දර ලියපු මමත් මේ වෙනකොට හති වැටිලයි ඉන්නෙ. ඒ කොවිඩ් අපිව වටකරලා අවසාන නිසා. අපේ හතරවටෙන්ම කොවිඩ් හෙවනැලි පෙනෙනකොට මරණය ගැන ආරංචි එනකොට අපි ඒ අතරමැද්දෙ ඉඳගෙන ඔබ වෙනුවෙනු තවදුරටත් ලියන්න සූදානම්. මේ කතාව මට කියන්නේ අපිත් එක්ක එකට වැඩ කරන අපේ පත්තර සගයෙක්. ඔහුගෙ අක්කගෙ මරණෙත් එක්ක ඔහු හදිසියේම එක්තරා රෝහලකට යනවා. ඒ රෝහලේ නම මේ විදියට සඳහන් නොකරන්නේ කොයිම හරි වෙලාවක අපිත් රෝගාතුර වෙලා ඒ වෙදියෙ රෝහලට ගියොත් ඔවුන් අපිට මේ පිළිබඳ චෝදනා කරයි කියලා තියෙන බය නිසා. ඇත්තටම මේ වෙලාවෙ අපි ඒ තරමටම අසරණයි.

කොවිඩ් සම්බන්ධ කතන්දරය පටන් අරගන්නෙ කෙළින්ම මරණයෙන්. කොවිඩ් හැදුණු හැටිල කොවිඩ් හැදිලා ඇයව රෝහල් ගතකළ හැටි ඒ කිසිවක් මෙතැන ලියන්න වෙලාවක් නෙවෙයි. ඇත්තටම ඈව රෝහල්ගත කිරීම අපි විශේෂයෙන්ම ජාතික රෝහලේ කාර්යමණ්ඩලයට හිස නමා ආචාර කරනවා. ජාතික රෝහලේ කාර්යමණ්ඩලය කොහේ හෝ තැනක අයි.සී.යූ. ඇඳක් තියෙනවද කියලා හොයලා හොයලා ඇයව ඉතා අසාධ්‍ය තත්ත්වයේදී කොහොම හරි අයි.සී.යූ. ඇඳක් තියෙන තැනකට පිටත් කර හරිනවා. එහෙම පිටත් කර හැරියට පස්සේ ඒ අදාළ රෝහල හැකි උපරිමයෙන්ම මේ රෝගියාට ප්‍රතිකාර කරනවා. ඔවුන් මේ රෝගියාගෙ ජීවිතය බේරගන්න හැකි පමණ සටන් කරනවා. ඒ සටනේ කිසිම තැනක ඇඟිල්ල දික් කරන්න හිඩසක් නෑ. ඔවුන් වැරැදියි කියන්න‍ ඔවුන් සේවය පැහැර හැරියා කියන්න කිසිම තැනක පුළුවන්කමක් නෑ.

හැබැයි ඈ ඒ රෝහලේදීම මියයනවා. රෝහලේ වරදකින්වත් කාර්යමණ්ඩලයේ වරදකින්වත් ඖෂධ හිඟකමකින්වත් නෙවෙයි. කොවිඩ් රෝගය උත්සන්න වීම නිසයි ඈ මිය යන්නේ. ඈ මියගියායින් පස්සේ ඇගේ මරණය පිළිබඳ ආරංචිය නිවෙසේ හිටපු සහෝදරයන්ට සහ ඇගේ ස්වාමිපුරුෂයාට දැනුම් දෙනවා. ඔවුන් කඩිනමින් රෝහලට යනවා. ඒ රෝහලට ගිය අවස්ථාවේදි රෝහලේදී දැනගන්න ලැබෙනවා මෘත ශරීරය ආදාහන කටයුතු අදාළ නගරයේ තියෙන ආදාහනාගාරයේදි සිදුකරලා ඔවුන්ට නැවත යන්න වෙනවා කියලා.

හැබැයි ඔබ දන්නවද මේ ආදාහනාගාර රාජකාරිය ඔවුන්ට කොච්චර අසීරු වෙනවද කියලා. ඔවුන්ට එදා ඒ ආදාහනාගාර රාජකාරිය කරගන්න උතුර දකුණ නැගෙනහිර බටහිර කියලා නම්කරලා තියෙන ආදාහනාගාර හොයාගෙන පැය ගානක් තිස්සේ එහාටයි මෙහාටයි යන්න සිද්ධ වෙනවා. එහෙම ගියාට පස්සේ අදාළ ප්‍රාදේශීය සභා කාර්යාලයේදී ඔවුන්ට අදාළ ආදාහනාගාරයේ මෘත ශරීර පිළිබඳ රාජකාරිය සඳහා අවශ්‍ය කරන ලියකියවිලි සහිත අවසර දීමේ බලය සහිත සහ මුදල් ලබාගැනීමේ බලය සහිත නිලධාරියාව මුණගැහෙනවා. හැබැයි මේ නිලධාරියා ඔවුන්ට කියන්නේ හරිම අපූරු කතාවක්. ඒ කතාව තමයි පොත් ටික තියෙන්නෙ ගෙදර, ඒ නිසා පොත් ටික ගේන්න එක්කො ගෙදර යන්න ඕනෙ. එහෙම නැත්නම් පොත් ටික තියෙන්නෙ ගෙදර නිසා අපි ගෙදරට යමු කියන එක.

කොහොම හරි අවසානයේදි තමන්ගෙ අක්කා නැතිවෙච්ච සහෝදරයා, ඒ වගේම තමන්ගෙ ආදරණීය බිරිය නැතිවෙච්ච ස්වාමිපුරුෂයා එහෙට මෙහෙට ඇවිද්දවලා ඔහුගෙ ගෙදරට එක්කගෙන යනවා. මේ වගේ රාජකාරියකට ගෙදරට යන්න ඕනෙ ඇයි කියන එක ගැන අපිට තවම හිතාගන්න බැරි අපභ්‍රංශයක්. එදා ඒ විදියට ගෙදරට ගිහිල්ලා රුපියල් 6,500ක මුදලක් රිසිට් එකක්වත් නැතිව ලබාගන්න මේ නිලධාරියා ආදාහනාගාරය වෙන් කරන්නේ කීප වතාවක්ම ඔවුන්ව අපහසුතාවට පත් කරලා. ඒ කියන්නේ ඔහු කියනවා අද බෑ… හෙට එන්න.. වෙලාව වෙන් කරගන්න අමාරුයි…’ වගේ කතන්දර ගොඩක් ඔහු කියනවා. එතකොට මේ අපේ මිත්‍රයට කියන්න සිද්ධ වෙනවා, අපි ආවෙ කොළඹ ඉඳලාල අපට හෙටත් එන්න බෑ. අපි සන්තෝෂදායක පණිවුඩයක් ගෙදර අරගෙන යනවා නෙවෙයි. ඒ නිසා අපට මේ කටයුතු ඉවර කරලා යන්න දෙන්න’ කියලා. මේ දැඩි ඉල්ලීම මත රු. 6.500-ක මුදලක් අරගෙන ඔහු ආදාහනාගාරය වෙන් කරලා දෙනවා. ආදාහනාගාරය වෙන්කරලා දෙන තැනදිම ඔවුන්ව යොමු කරනවා මිනී පෙට්ටි කඩේකට.

‘එතැනින් මිනී පෙට්ටිය අරගත්තොත් පහසුයි. මං එතැනට කියන්නම්…’

ඔහු ඔවුන්ට ඒ විදියට කියනවා. මේ ආරංචියත් එක්ක ඒ මිනීපෙට්ටි කඩේට ඔවුන්ට යන්නටම සිද්ධ වෙනවා. මොකද ඔවුන් හිතනවා එහෙම නොයා හිටියොත් එහෙම බැරි වෙලාවත්, ඒ කටයුත්ත කරගන්න බැරි වෙයි කියලා. එහෙම තත්ත්වයක් තමයි ඔය කියන වෙලාවෙදි එතැන නිර්මාණය වෙලා තියෙන්නෙ. මේ අප්‍රසන්න තත්ත්වයත් එක්ක විශාල අපහසුතාවකට මුහුණ දෙමින් අර මිනී පෙට්ටි සාප්පුවට ගොඩවෙච්ච අපේ මිත්‍රයට එතැනදිත් මුහුණ දෙන්න සිද්ධ වෙන්නෙ කනගාටුදායක තත්ත්වයකට. පොලිෂ් නොකරපු, කිසිම හැඩයක් නැති අක්‍රමවත්, බාල පෙට්ටියකට රුපියල් 20,000ක මිලක් නියම වෙනවා. ඒ මුදල රුපියල් 10,500 දක්වා අඩු වුණත් ඉන් රුපියලක්වත් අඩු නොකරන්න ඔවුන් තීරණය කරලා ඉවරයි.

මේ වෙලාවෙ තිබුණු කලබලය සහ වේදනාව මත අතේ තිබුණු සල්ලි ටික ඔක්කොම හරි වියදම් කරලා මේ ආදාහන කටයුතු ඉවර කරන්න ඔවුන් කැමැති වුණා. ඔවුන්ගෙ අතේ තිබුණු මුදලින් මේ කටයුත්ත කරගන්න බැරිව ගියාම, රුපියල් 2,500ක අඩුවකට පෙට්ටිය ලබා නොදෙන්න ඒ ගරුකටයුතු මහත්තරු තීරණය කරනවා. අවසානයේ කොහෙන් හරි හොයාගත්ත රුපියල් 2,500කුත් එක්ක රුපියල් 17,500කට මිනී පෙට්ටිය මිලදී අරගෙන ඇගේ අවසන් කටයුතු කරලා මේ අය ගෙදර එනවා. අවසන් කටයුතු සඳහා දල වශයෙන් ගියපු මුදල රුපියල් 30,000කට ආසන්නයි. එහෙට මෙහෙට හැම තැනකදීම මෘත ශරීරය සඳහා කීයක් කීයක් හරි දෙන්න වෙනවා. එකක් තමයි මෘත ශරීරාගාරයේ ඉන්න නිලධාරීන්ට සල්ලි දෙන්න ඕනෙ. ආදාහනාගාරයේ ඉන්න නිලධාරීන්ට සල්ලි දෙන්න ඕනෙ. ඒ සම්බන්ධ පොලිස් නිලධාරියෙක් හෝ කවුරු හරි කෙනෙක් ආවා නම් රාජකාරි කරන්න, ඔහුටත් කීයක් හරි දෙන්න ඕනෙ. මේ හැමෝටම තේ අරන් දෙන්න ඕනේ. පුළුවන් තැන්වලදි කෑමට දෙයක් අරන් දෙන්න ඕනෙ. මේ සියල්ලම කරලා වෙහෙස කරවන්නේ ගහක් ගලක් වගේ ගෙදර ඉඳලාල හදිසියේ රෝහලට අරගෙන ගිහින්ල හොරු අරගෙන ගියා වාගෙ සමුගෙන ගිය, අවසාන තත්පරේ තමන්ගෙ ආදරණීයයන්ගෙ මුහුණ බලාගන්න බැරිව වේදනාවෙන් ඉන්න, ඇතැම් විට ගෙදර අනෙක් අයටත් කොවිඩ් රෝගය වැලඳිලා අපහසුතාවෙන් ඉන්න අහිංසක මිනිසුන්ව.

ඒ නිසා මේ සම්බන්ධව මොන බයිලා මොන කතන්දර සමාජය ඉදිරියේ බලධාරීන් ඇවිල්ලා කිව්වත්, මේක තමයි යථාර්ථය. කොවිඩ් රෝගියෙක් ලෙස මියගිය අයට, මෘත ශරීරය පිළිස්සීම සඳහා හෝ වළදැමීම සඳහා, මිනී පෙට්ටියක් ලබාගැනීම සඳහා අදත් මිලක් නියම වෙනවා. ඒක තමයි ඇත්ත. මේ වෙනකොට මෘත ශරීර ඉටිකොළවල ඔතලා අවසන් කටයුතු කිරීම සඳහා අරගෙන යනකොට ඒ සම්බන්ධව මුදල් අයකිරීමක් හෝ වෙනත් කාර්යයක් සිද්ධ නොවෙනවා ඇති කියලා අපි හිතනවා. ඒත් නිශ්චිත ක්‍රමවේදයක් යටතේ මෘත ශරීරයක් ආදාහනය සඳහා රැගෙන යන්න නම් අනිවාර්යයෙන්ම මුදලක් අයකරනවාමයි. මේක තමයි ඇත්ත. මේ ඇත්ත හරිම තිත්තයි.
පහුගිය දවසක අයි.ඩී.එච්. රෝහලේ වෛද්‍යවරයෙක් මේ සම්බන්ධව හෙළිදරව්වක් කරලා තිබුණා. ඒ හෙළිදරව්වත් අපි මේ සමග එකතු කරනවා. එහෙම එකතු කරන්න හේතුව, අපේ රටේ මිනිස්සු මේ ධර්මද්වීපය, බණ කියන රටල බණ ඇහෙන රට මළ මිනී විකුනං කන කාලකණ්ණි තැනකට පත්වෙලා තියෙනවා කියන දැඩි වේදනාව සහිතව.

එහෙම නම් නෝනාවරුනි, මහත්වරුනි, මේක තමයි ඇත්ත. මේ ඇත්ත හරි තිත්තයි. හරි අප්‍රසන්නයි. ඒ අප්‍රසන්න ඇත්ත ඇතුළේ ඉන්නේ ඔබ සහ මම. හෙට මේ ඛේදවාචකයට මුහුණ දෙන්නේ ඔබ සහ මම. ඒක නිසා ජීවිතය ගැන බලාපොරොත්තු තියාගන්නෙ බලාගෙන.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

නිහාල් නෙල්සන්ට ‘ලස්සනට පිපුණ වන මල් ගල්’ ගීතය ලියා දුන් ශාන්ත හිමි අපවත් වෙයි!

Next Post

ගෙවල් ඇතුළේ සිදුවන කොරෝනා මරණ ශීඝ්‍රයෙන් ඉහළට! වැඩිහිටි ප්‍රතිශතයත් ඉහළට!

MORE NEWS

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

චන්ද්‍රිකාගෙ කාලෙ ‘වැව් දහසක්’ පටන් ගත්ත ජවිපෙ මේ පාර ‘ගම් දහසක වැඩ දහසක්’ පටන් ගනී! I Sri Lanka Latest News

Load More
කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

ඇහැලියගොඩ ‍පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රත්නපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය විසින් ඊයේ (3)  අත්අඩංගුවට ගෙන තිබේ.Sri Lanka Latest News මැණික් ගලක්...

Read more
වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

සජබ කාන්තා දිනයටත් නෙළුම් පොකුණ පිරිලා ඉතිරිලා යන විදිහට හිතපු නැති සෙනගක් ආවා! සජබ වෘත්තීය සමිති සංවත්සරයටත් හිතපු නැති විදිහේ සෙනගක් සජබ මූලස්ථානයට ඇවිත්! PHOTOS & VIDEO I Sri Lanka Latest News

බෙදී වෙන්වෙන්නේ නැතිව එකට එකතු වී අභියෝග ජයගැනීමට විපක්ෂනායක සජිත්ගෙන් සියලු දෙනාටම ආරාධනාවක්! VIDEO I Sri Lanka Latest News

මොනරාගලින් අනුරාධපුරයට එලවපු.. තුට්ටු දෙකට වැටිච්ච කුට්ටිආරච්චිට පාදුක්ක හොඳටම දෙයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවට ගහනවා වෙනුවට විපක්ෂනායකටයි සජබෙටයි ගහලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවක් කරපු ‘නිල නොලත් ජනාධිපතිගේ’ කට නාමල් වැහුවද? දැන් කියන කතාව කොහොමද? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.