• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

මුල්ලේරියාව රෝහලේ ඔක්සිජන් හිඟයක්! ඇඳන් 110ම කොරෝනා රෝගීන්ගෙන් පිරිලා!! ගැබිණියන් 26කටත් කොරෝනා!!!

April 27, 2021
in Uncategorized
Reading Time: 2 mins read
A A
මුල්ලේරියාව රෝහලේ ඔක්සිජන් හිඟයක්! ඇඳන් 110ම කොරෝනා රෝගීන්ගෙන් පිරිලා!! ගැබිණියන් 26කටත් කොරෝනා!!!
Share on WhatsAppShare on Facebook

මුල්ලේරියාව රෝහලේ ප්‍රතිකාර ලබන කොවිඩ් රෝගීන්ට අවශ්‍ය ඔක්සිජන් සපයාදීමට පවතින සිලින්ඩර් සංඛ්‍යාව ප්‍රමාණවත් නොවීම හේතුවෙන් රෝගීන්ගේ ජීවිත දැඩි අනතුරකට පත්ව ඇති බවත්, රෝහල සතුව පවතිනුයේ ඔක්සිජන් සිලින්ඩර් 80ක් පමණක් වුවද දෛනික අවශ්‍යතාව සිලින්ඩර් 150ක් බවත් රෝහල් ආරංචිමාර්ග වැඩිදුරටක් අනාවරණය කරයි.

රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය මුදිතා පෙරේරා සඳහන් කළේ දැඩිසත්කාර ඒකකයේ පවතින ඇඳන් 8ම මේ වන විට කොවිඩ් රෝගීන්ගෙන් පිරී ඇති බවත් ඔවුන්‌ගෙන් රෝගීන් හයදෙනකුටම ඊයේ (26 වැනිදා) දිනය තුළ ඔක්සිජන් ලබා දිය යුතු වූ බවත් ය. මේ අනුව දිනකට රෝහලේ ඔක්සිජන් අවශ්‍යතාව සිලින්ඩර් 150ක් යැයි ඇය කියා සිටී.

කෙසේ නමුත් සෞඛ්‍ය අමාත්‍යාංශයට මේ බව දැනුම් දුන් අතර මැයි 15 වන දින විට රෝහලේ සිලින්ඩර් අවශ්‍යතාව සපුරා දීමට එකග වී ඇතැයිද ඇය පැවසුවාය.

මේ වන විට කොරෝනා රෝගීන් සියලුම දෙනා රෝහල වෙත ඇතුළත් කරනුයේ හුස්ම ගැනීමේ දැඩි අපහසුවෙන් වීම හේතුවෙන් වෙනදාට වඩා ඔවුන්ට ඔක්සිජන් ලබා දීමේ අවශ්‍යතාව පැන නැගී ඇත.

කොවිඩ් රෝගීන් සඳහා රෝහලේ වෙන් කර තිබෙන ඇඳන් 110ම මේ වන විට පිරී ගොස් ඇතැයිද කොරෝනා ආසාදිත ගර්භණී මව්වරුන්ට ප්‍රතිකාර ලබා දෙන දැඩිසත්කාර ඒකකයේ “එක්මෝ “ යන්ත්‍රයක අවශ්‍යතාවක් තිබෙන බැවින් එවැනි යන්ත්‍රයක් රෝහල වෙත ලබා දිය හැකි පරිත්‍යාගශීලී කෙනෙක් හෝ සිටින්නේ නම් කොරෝනා හේතුවෙන් අසාධ්‍ය තත්ත්වයට පත්වෙන ජීවිත සුවපත් කිරීමට පහසුවක් වන බවද විශේෂඥ වෛද්‍ය මුදිතා මහත්මිය පවසයි.

මේ වන විටත් දැඩිසත්කාර ඒකකයේ “එක්මෝ” යන්ත්‍රයක අවශ්‍යතාව පවතින ගර්භණී මවක් සිටින අතර කොරෝනා ආසාදනය වී ඇතැයිද පැවැසේ. “එක්මෝ” පහසුකම් පවතිනුයේ ගාල්ල කරාපිටිය රෝහලේ සහ රිජ්වේ ආර්යා ළමා රෝහලෙ පමණක් බවද හෙළි වේ.

කොරෝනා ආසාදිත ගර්භනී මව්වරුන් 26 දෙනකු ප්‍රතිකාර ලබන අතර මේ සියලුම ආසාදිත රෝගීන්ට ප්‍රතිකාර කිරීමට සිදුව ඇත්තේ රෝගියා අසලට ගොස් බැවින් රෝහල් කාර්ය මණ්ඩලයේද ජීවිත දැඩි අනතුරකට පත්ව ඇති බව පැවැසේ.

(මෙම පුවතේ මීට පෙර සදහන්ව තිබුණේ කළුබෝවිල රෝහලේ ලෙසය. නමුත් එය මුල්ලේරියාව රෝහල ලෙස නිවැරදි විය යුතුය.)

SendShareShare
Previous Post

කොල්ලුපිටිය සුපර් මාකට් එක මහින්ද UDA එකට පවරා ගනී

Next Post

සජිත් තානාපතිවරුන් හමුවෙයි: ආණ්ඩුවේ මර්දනය ගැන පෙන්වා දෙයි (PHOTOS & VIDEO)

MORE NEWS

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

තවත් ජංජාලයක්! ආණ්ඩුව ඩිජිටල් ID ටෙන්ඩරය බ්ලැක්ලිස්ට් වෙච්ච ඉන්දීය සමාගමකට දෙන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Uncategorized

O/L කරලත් ඉවරයි! A/L කරලත් ඉවරයි! අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් තවම සිසුන්ට ID එක ඇවිත් නෑ! දෙපාර්තමේන්තුවත් සද්ද නෑ! I Sri Lanka Latest News

ලැබී ඇති අවස්ථාව කිසිසේත් මගහැර ගන්නේ නෑ! රට දිනවීමේ ගමනට අකුල් හෙලූ පිරිසක් ලෙස ඉතිහාසයට එක් නොවී එහි පංගුකරුවන් වන්න! අනුර පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ සියලු දෙනාට ආරාධනා කරයි! I Sri Lanka Latest News
Uncategorized

වචනයක්වත් කතා නොකර අනුර දවස් 3ක් පාර්ලිමේන්තුවේ මොනවද කළේ? I Sri Lanka Latest News

කොළඹ ගෙදරින් දොට්ට දැමූ මහින්දව පිළිගන්න ගමේ මහසෙනගක් රැස්වෙයි! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

ප්‍රශ්නයක් නෑ! මහින්ද එළියට ආවා! VIDEO I Sri Lanka Latest News

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News
Exclusive

ඊළඟට යන්නේ කව්ද? උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය! I Sri Lanka Latest News

මේ පාර කතානායක ධූරය වෛද්‍යවරයෙක්ට!  I Sri Lanka Latest News
Uncategorized

බාර දීලා මාස 4ක්! තාම කිසිම දෙයක් කරලා නෑ! පාර්ලිමේන්තුවේ ලිංගික හිංසන සිද්ධියේ වාර්තාව තවම කතානායක ළඟ! I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.