කතානායක කරු ජයසූරිය මහතා මෙම සතියේදී මහත් ආන්දෝලනාත්මක දේශපාලන තීන්දුවක් ගැනීමට සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
කරු ජයසූරිය මහතා සාමාන්‍යයෙන් ප්‍රසිද්ධව ඇත්තේ ප්රජාතන්ත්රවාදී රාමුවක් තුළ හිදිමින් සිය දේශපාලන තීන්දු තීරණ ගන්නා චරිතයක් ලෙසටය.
2018 වසරේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් නීත්‍යානුකූල නොවන සහ සදාචාර විරෝධී ආකාරයට අගමැතිවරයා ඉවත් කරමින් පාර්ලිමේන්තුව විසුරුවා හැරි අවස්ථාවේ කතානායක කරු ජයසූරිය මහතා ඊට එරෙහිව ප්රජාතන්ත්රවාදී ආකාරයට පාර්ලිමේන්තුව ඇතුළේ සටනක් දියත් කරමින් එම තත්ත්වය නැවත හරවාලීමට කටයුතු කළේය.
එමෙන්ම හිටපු අමාත්‍ය චම්පික රණවක මහතා සම්ප්රදාය උල්ලංඝනය කරමින් අත්අඩංගුවට ගනු ලැබූ අවස්ථාවේ කතානායකවරයා ඔහු වෙනුවෙන් ඍජුව පෙනී සිටීමට කටයුතු කිරීමද මහත් ආන්දෝලනයකට තුඩු දුන්නේය.
ඒ අනුව මෙවර කතානායකවරයා ගනු ලැබීමට නියමිත තීන්දුව හරහා දේශපාලන ක්ෂේත්රය උඩු යටිකූරු වනු ඇති බව බොහෝ දෙනාගේ මතය වී තිබේ.










