2017 වසරේදී කළුතර එතනමඩලේදී බන්ධනාගාර බස්රථයට වෙඩි තබා කඩුවෙල සමයං ඇතුලු කිහිප දෙනකු මරා දැමූ ‘අතුරුගිරියේ මධුරංග’ නැමැත්තා අද (28) දින ත්‍රස්ත විමර්ශන අංශය මගින් කල්පිටිය මාළු වාඩියක සැගව සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.
මෙම අතුරුගිරියේ මධුරංග නැමැත්තා කඩුවෙල සමයං ඝාතනය කිරීමෙන් පසු එදිනම කල්පිටියෙන් බෝට්ටුවක නැගී ඉන්දියාව බලා පලා ගොස් තිබේ.
ඉන් අනතුරුව අවුරුදු තුනහමාරකට ආසන්න කාලයක් ඉන්දියාවේ රැදී සිටි මෙම පුද්ගලයා මීට සති 2කට ඉහතදී නැවත වතාවක් බෝට්ටුවක නැගී ඉන්දියාවේ සිට කල්පිටිය බලා පැමිණ ඇති බවට ත්‍රස්ත විමර්ශන ඒකකය වෙත තොරතුරු ලැබී ඇතගෙන ඇත.
මෙසේ පැමිණ ඇත්තේ තවත් ඝාතනයක් සිදු කිරීමට බවත්, ඉන්පසු නැවත ඉන්දියාවට පලායාමට සැලසුම් කොට ඇති බවත් අනාවරණය වී තිබේ.
ඒ අනුව ත්‍රස්ත විමර්ශන අංශය මෛ මධුරංග නැමැත්තා අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලදී අතුරුගිරිය නිවෙසේ තිබී මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් සොයාගැනීමට හැකිව තිබේ.
මීට අමතරව මෙම ප්‍රශ්න කිරීම්වලදී මෙතෙක් අනාවරණය නොවූ සමයං ඝාතනයට සම්බන්ධ වූ තවත් වෙඩික්කරුවන් තිදෙනකුගේ නම්ද මධුරංග විසින් හෙළිදරව් කර ඇති බව පැවසේ.