• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එදා ජේ.ආර්.ගේ ආණ්ඩුව රන්ජන්ගේ මාමා විජය ඇතුළට ගත් හැටි

January 19, 2021
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
එදා ජේ.ආර්.ගේ ආණ්ඩුව රන්ජන්ගේ මාමා විජය ඇතුළට ගත් හැටි
Share on WhatsAppShare on Facebook

මේ වන විට රන්ජන් සිටින්නේ අවුරුදු හතරක සිරදඬුවමකට යටත්වය. ඒ අධිකරණයට අපහාස කළ බවට වූ චෝදනාවට වරදකරු වෙමිනි. රන්ජන් යනු පැත්ත ගියත් ඇත්ත කියන දේශපාලකයකු වුවත් ඔහුගේ වෘත්තීය නළුකමය. රටේ ජනප්‍රිය නළුවා ඔහුය. දේශපාලනයට ඒමට නළුකමින් ලත් ප්‍රසිද්ධියද රන්ජන්ට ඉවහල් විය.
විජය කුමාරතුංග යනු රන්ජන්ගේ මාමාය. විජයද රන්ජන් මෙන්ම රටේ ජනප්‍රියතම නළුවාය. සිනමා ලෝලීන්ගේ සිහින කුමාරයාය. විජයද පැත්ත ගියත් ඇත්ත කියන ජාතියේ කෙනෙකි. නළුකමින් ලත් ප්‍රසිද්ධිය නිසාත්, බිරිය චන්ද්‍රිකා නිසාත් බණ්ඩාරනායක පවුල සමඟ තිබූ සබඳතාව නිසාත් විජය පසුව දේශපාලනයට එක්විය. ජේ. ආර්.ගේ පාලනයට එරෙහිව ජනතාව සංවිධාන කරන්නට විය. ජේ. ආර්. මෙය ඉවසුවේ නැත. ඒ නිසා අවසානයේ විජයටද සිදුවන්නේ හිරේ විලංගුවේ වැටෙන්නටය. ඒ ‘නැක්සලයිට්’ චෝදනා යටතේය. විජය හිරේ වැටීම සම්බන්ධයෙන් එදා අමර සිසිල් සම්පත් ‘විජය සිනමාවේදියා සහ දේශපාලනඥයා’ නමින් පොතක් පළකළේය. මේ සඳහන් වන්නේ එදා විජයගේ අත්අඩංගුවට ගැනීම එම පොතේ සටහන්ව තිබූ ආකාරයය.

ජනාධිපතිවරණ පරාජයත් සමඟම කොබ්බෑකඩුවට පක්‍ෂය එපා විය. පක්‍ෂ නායකත්වය විසින් ඔහුව ඓතිහාසික පාවාදීමකට ගොදුරු කළ බව ප්‍රත්‍යක්‍ෂ විය.

පරාජයත් සමඟ නැවැතත් පක්‍ෂ නායකත්වය විසින්ම පක්‍ෂ කාර්යාලය වසා දමන ලදී. වසරකට අධික කාලයක් අහිමි වී තිබූ පක්‍ෂ කාර්යාලය නැවැත ලැබී මසක් ඉක්මෙන්නට මත්තෙන් මෙසේ වසා දැමීම නොඉවසූ විජය ඇතුළු පිරිස පක්‍ෂ කාර්යාලයේ දොරකඩා විවෘත කර නැවැත පක්‍ෂ පුවත්පත ‘දිනකර’ මුද්‍රණය ආරම්භ කරන ලදී. ඒ 1988 ඔක්තෝබර් 23දාය. එහි ප්‍රධාන ලිපිය ලීවේ ඔසී අබේගුණසේකර විසිනි. එය ‘පෙරමුණටම යම්’ නම් වූ අතර, ඊට උඩින් විශේෂ දැන්වීමක් පළකරමින් ශ්‍රී ලංකා නිදස් පක්‍ෂයේ තරුණ සම්මේලනයේ උප සභාපති ඔසී අබේගුණසේකර ඔක්තෝබර් 30 දාට තරුණ සම්මේලනය කැඳවා ඇති බව සඳහන් කරන ලදී. එය එසේ වෙද්දී ඔසී අබේගුණසේකර ඇතුළු කිහිප දෙනෙක්ම 1982 ඔක්තෝබර් 27 දින හාල් පොත් අච්චු ගැසීම සම්බන්ධව අත්අඩංගුවට ගත් අතර, තරුණ සම්මේලනය ඇනහිටිණි. මේ අවස්ථාවේදී සියල්ල සොයා බැලුවේ විජය කුමාරතුංගයි.මෙහිදී නැවැත වතාවක් ක්‍රියාත්මක වූ විජය ඇතුළු පිරිස නොවැම්බර් 20 වැනි දින ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මධ්‍යම කාරක සභාව කැඳවන බව පාක්‍ෂිකයන්ට දන්වා යැවූහ. මේ වන විට පාක්‍ෂිකයන් තුළද තම අපේක්‍ෂකයා පරාජය කළේ පක්‍ෂ නායකත්වය බවත්, ඒ නිසා පක්‍ෂ නායකත්වය විරෝධී විශාල රැල්ලක් පැනනැඟෙමින් පැවැතිණි. මේ වන විට මධ්‍යම කාරක සභාවෙන් 80%ක් පමණම විජය, කොබ්බෑකඩුව, ඉලංගරත්න වටා එක්රොක් වී සිටියහ.

පැවැති රැල්ලට අනුව සිරිමා බණ්ඩාරනායකත්, අනුර බණ්ඩාරනායකත්, අනිවාර්යයෙන්ම පක්‍ෂයේ මුල් පුටුවලින් පැන්නෙන බව ප්‍රත්‍යක්‍ෂය. පක්‍ෂ නායකත්වය කොබ්බෑකඩුවට හෝ ඉලංගරත්නට යන බවට සක්සුදක්සේ පැහැදිලිය.
මේ අතර ජේ. ආර්. ජයවර්ධන තවත් ඓතිහාසික ප්‍රෝඩාවක යෙදී සිටියේය. ඒ ඡන්දයක් වුවමනා දැයි අසමින් ඡන්දයක් පැවැත්වූ ජනමත විචාරණයයි.

පසුගිය ජනාධිපතිවරණ ප්‍රතිඵල සසඳා බැලූ ජේ. ආර්. ජයවර්ධන මේ ප්‍රතිඵලයම මහා මැතිවරණයකදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ගත්තේ නම් අඩුම වශයෙන් ආසන 78ක් වත් ලැබෙන බව සැකහැර දැනගත්තේය. (ඒ වන විට සමානුපාතික නියෝජන ක්‍රමය කෙටුම්පත් කර තිබුණි.) එසේ වූයේ නම් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයෙන් වැඩිපුරම පාර්ලිමේන්තුවට එන්නේ විජය කුමාරතුංගත් ඔහුගේ හිතවතුනුත් බවට ජේ. ආර්.ට සැකයක් නොවීය. මෙය තමාට ප්‍රබල අභියෝගයක් බව ඔහු දත්තේය. මින් ගැලවීම සඳහා ඔහුට තිබුණු එකම පිහිට ජනමත විචාරණයයි. ප්‍රජා අයිතිය නැති අයකුට රටේ මැතිවරණයක් මෙහෙයවීම නොව, මැතිවරණ ක්‍රියාදාමයට එක්වීම පවා තහනම්ව තිබියදී ජේ. ආර්., සිරිමා බණ්ඩානරයකට ‘ජනමත විචාරණය’ මෙහෙය වීමට අවසරය දුන්නේය. ‘ජනමත විචාරණය’ ප්‍රකාශ කළ විට විජය ඇතුළු පිරිස ඒ සඳහා සූදානම් වූයේ මෙවර හෝ ජේ. ආර්. ජයවර්ධන පන්නා දැමීමේ අටියෙනි.

මේ අතර තුළ තවත් පැත්තකින් තවත් කුමන්ත්‍රණයක් සිදුවෙමින් පැවැතියේය. ඔසී අබේගුණසේකර පවසන අන්දමට එය මෙසේය.

උපාලි විජේවර්ධන හා ලක්මිණි විජේවර්ධන ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාගේ ජයග්‍රහණය ගැන සතුට පළ කරන්නට ජේ. ආර්. හමුවීමට පැමිණ සිටී.

‘ඔබතුමා, ජයග්‍රහණය කිරීම ගැන සතුටු වුණාට මේක පරෙස්සම් විය යුතු කාලයක්. ඔබතුමා විනාශ කිරීමේ විශාල සතුරු බලවේගයක් තියෙන බව අනුර අයියා (අනුර බණ්ඩාරනායක) මට කිව්වා’ යි ලක්මිණි ජේ. ආර්.ට කීවේය.
ජේ. ආර්. මින් සැලුණේය. වහාම අනුර බණ්ඩාරනායකට දුරකතන ඇමැතුමක් දුන් අතර, දුරකතනයෙන් වූ සංවාදයේදී අනුර මේ ගැන කටඋත්තරයක් දිය හැකි බව ප්‍රකාශ කළේය. ඒ අනුව පසුවදා ටිරල් ගුණතිලක යවා අනුර බණ්ඩාරනායකගෙන් කටඋත්තරයක් ගත් අතර, එය පිටු 42කින් සමන්විත බව සැලය.

අනුරගේ කටඋත්තරය පරිදි ජේ. ආර්. ජයවර්ධන ඝාතනය කොට පුච්චා කටු ටික මුට්ටියක දමා මුට්ටිය මුහුද මැද අතහරින්නට සැලසුම් කොට ඇත. ජේ. ආර්. ජයවර්ධන පමණක් නොව විපක්‍ෂයේ සමහර නායකයන්ගේද ඉරණම එයයි. මෙහි නායකත්වය ගන්නේ විජය කුමාරතුංග ඇතුළු සගයන් බවද එහි සඳහන් වුණේලු.

අනුරගේ මේ කටඋත්තරය අනුව ටිරල් ගූණතිලකගේ ප්‍රධානත්වයෙන් පරීක්‍ෂණ කමිටුවක් පිහිටුවන ලදී.
මේ අතර මැකී රත්වත්තේ කියා සිටියේ (මොහු සිරිමා බණ්ඩාරනායකගේ ඥාතියෙකි.) පසුගිය ජනාධිපතිවරණය නිමිත්තෙන් වැලිකඩ පැවැති අවසාන රැලියේදී විජය කළාය කියන කතාවක් ගැන තමා බිය වූ බවත්, ඔහුගේ ඇඟේ මයිල් කෙළින් වූ බවත්ය. ඔහු කියන පරිදි විජය කළා කියන එම ප්‍රකාශය ‘රජ ගෙදරට යන්නට රතු පලසක් ඇත්නම්, ඒ රතු පලස රතුපාට වී තිබෙන්නේ නිකම්ම නොව මිනිස් ලේ ධාරා තුළින් විය.

1983/06/22 ‘දිනමිණ’ සඳහන් කරන්නේ විජය තවදුරටත් මෙසේද ප්‍රකාශ කළ බවයි.

‘…ජනාධිපතිතුමා කියලා තියෙනවා පැරැදුණොත් පරාජය බාර අරගෙන ගිහින් නිදාගන්නවා කියලා. එයාට නිදාගන්න ඉඩ දිය යුතු නැහැ.’
‘…එයාට දෙන්න ඕන ඡන්දේ නෙවෙයි. හොම්බට පාරක්.’
‘…ලබන 20 වැනිදාට තමන් නිදාගන්න පැදුරත් අකුළාගෙන වෝඩ් පෙදෙසෙන් පිට වෙන්න සිද්ධ වේවි කියලා මම ජේ. ආර්.ට කියනවා.’
‘… මම තමයි පක්‍ෂයේ උප ලේකම් විජය කුමාරතුංග… පොලිසිය මේක විසඳුවේ නැත්නම් ලේ වැගිරීමක් සිද්ධ වෙයි. එහෙම නැත්නම් අපි මේක මිනිත්තු පහෙන් විසඳනවා.’

මේ සියලු කරුණු ඉදිරිපත් කරමින් ඔවුන් දක්වා ඇත්තේ විජය කුමාරතුංග ඇතුළු පිරිස ලේ හලාගෙන මිනී මරාගෙන රට අල්ලන්න විප්ලවයකට සූදානම් වන බවය.

කෙසේ හෝ වේවා මේ චෝදනා මත හදිසි නීති රෙගුලාසි යටතේ විජය කුමාරතුංග හා ඔහුගේ හිතවතුන් හිරභාරයට ගන්නට රජය තීරණය කළේය. ඔවුහු ‘නැක්සලයිට්’ කුමන්ත්‍රණකරුවන් ලෙස හංවඩු ගැසූහ. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීමට තීරණය කළ දිනට පෙර දින එනම් 1982 නොවැම්බර් 19 දා විජය අත්අඩංගුවට ගත්තේය. මේ දිනය ඉතා වැදගත්ය. විජය අත්අඩංගුවට ගත්තේ අනුර බණ්ඩාරනායකගේ කටඋත්තරය අනුවය. 19දා විජය අත්අඩංගුවට නොගෙන 20දා පක්‍ෂ මධ්‍යමකාරක සභාව රැස්වූයේ නම් සිරිමලාගේ, අනුරලාගේ ලොකු පුටු නැතිවන බව සත්‍යයකි. අත්අඩංගුවට ගැනීම නිසා පක්‍ෂ මධ්‍යම කාරක සභාව රැස්වූයේ නැත. සිරිමාලා, අනුරලා අනූනවයෙන් බේරුණහ. එසේ නම් ‘නැක්සලයිට්’ චෝදනා මත විජය අත්අඩංගුවට ගැනීම ජේ. ආර්., සිරිමා, අනුර අපේක්‍ෂා ඉටුවන පරිදි ගත් පියවරක්ද?

‘සිරිමා හා අනුර මාගේ පිළිරුවක් සෑදිය යුතුයි.’ යැයි පසු කලෙක ජේ. ආර්. ජයවර්ධන කළ ප්‍රකාශය මේ අවස්ථාවේදී සිහිවේ. නමුත් ජේ. ආර්. එම ප්‍රකාශයට අරුත් දෙන්නේ වෙනත් ආකාරයකිනි. ඔහු කියන්නේ තමා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය ‘නැක්සලයිට්’කාරයන්ගෙන් බේරාදුන් බවයි.

නමුත් කිසිම උසාවියකින්වත් කිසිම රහස් පොලිස් නිලධාරී වාර්තාවකින්වත් විජය ඇතුළු පිරිස නැක්සලයිට්කාරයන් යැයි සනාථ කිරීමට කරුණු ඉදිරිපත් කොට නැත. ඔවුන්ට නැඟූ අභූත චෝදනා ඔප්පු කිරීමට සාක්‍ෂි නැත. ආයුධ සන්නද්ධ අරගලයක යෙදෙන්නට අරඇඳි බවට සාක්‍ෂි නැත. සේටරම ඇත්තේ අනුර බණ්ඩාරනායකගේ කටඋත්තරය පමණි.

(ඉන්දියාවේ ‘නැක්සල්බාරි’ නම් ප්‍රදේශයේ බිහිවූ සන්නද්ධ ව්‍යාපාරයකි. නැක්සලයිට් ව්‍යාපාරය, නැක්සලයිට්වාදීන්ගේ මූලික සටන් ක්‍රියාමාර්ගය වූයේ මැතිවරණ කඩාකප්පල් කිරීම හා ඒවා තම ප්‍රචණ්ඩ සටන් මාර්ග පිණිස උපයෝගී කරගැනීමයි. ශ්‍රී ලංකාවේ ඊළඟ මහ මැතිවරණය පැවැත්වූයේ නම් එය තමන්ට සාපරාධී ලෙස බලයට පත්වන්නට උපයෝගී කරගන්නට විජය ඇතුළු පිරිසට හැකියාව තිබුණු බව ජේ. ආර්. ජයවර්ධන ගෙනා තර්කයයි.)

1973 ජේ. ආර්. ජයවර්ධන ‘නැක්සලයිට්’ ගැන කතා කරමින් ප්‍රකාශ කර සිටියේ කුමාර් රූපසිංහ නැක්සලයිට්කාරයකු බවයි. කුමාර් රූපසිංහ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ලොකු බෑනාය. සුනේත්‍රා බණ්ඩාරනායක (චන්ද්‍රිකාගේ අක්කා) ගේ හිටපු ස්වාමිපුරුෂයාය. 1982 වන විට එම ප්‍රකාශය වෙනස් කළ ජේ. ආර්., සිරිමා බණ්ඩාරනායකගේ බාල බෑනා එනම්, විජය කුමාරතුංග නැක්සලයිට්කාරයකු ලෙස හංවඩු ගැසුවේය.

විජය ඇතුළු පිරිසට මෙවැනි අභූත චෝදනා කරමින් සිරිමා හා අනුර තමන්ට පක්‍ෂයේ අහිමි වන්නට යන මුල් පුටු රැක ගත් අතර, ජේ. ආර්. ජයවර්ධන මහමැතිවරණය තවත් වසර හයකට කල්දමමින් තවත් වසර හයකට තම බලය රැකගත්තේය. ස්වභාවයෙන්ම එඩිතර එහෙත් ඉතා අහිංසක පුද්ගලයකු වූ විජය කුමාරතුංග දේශද්‍රෝහී බත්බැලයන්ට පහර පිට පහර එල්ල කළ විජය කුමාරතුංග දේශපාලනය පටන් ගත්දා සිට සිය කාලය, ධනය, ශ්‍රමය තම පක්‍ෂයේ අභිවෘද්ධිය වෙනුවෙන් කැප කළ විජය කුමාරතුංග, කොබ්බෑකඩුවට ජය මාවත ළඟා කරදී නව ලොවකට ජය මාවත එළිපෙහෙළි කරන්නට වෙරදැරූ සෙන්පතියකු වූ විජය කුමාරතුංග, ධනපති පාලකයන්ගේ බලාපොරොත්තු ඉටුකරනු වස් හිරබත් කන්නට විය.

විජය අත්අඩංගුවට ගත්තේද ඉතාමත් අමානුසික ආකාරයකටය. පසුගිය ජනාධිපතිවරණයෙන් හෙම්බත්ව රෝගී වූ ඔහු සිය හෘදයාබාධයට හා වකුගඩු අමාරුවට විශේෂඥ වෛi උපදෙස් ලබාගෙන ගෙදර එමින් සිටියේය. විජය සිය බිරිය චන්ද්‍රිකා හා නිවෙසට එන විට පොලිසියේ හා හමුදාවේ ජීප් රථ 20ක් පමණ නවත්වා නිවෙසම වටකරගෙන හමාරය. ඒ විජයම කිවූ පරිදි තම අතින් කිසිවකුගේ ලේ පිඩක් සෙලවී නැති, තම කටින් කිසිවකු මරන්නට, කිසිවෙකුගේ ලේ සොලවන්නට, කිසිවෙකුට පහර දෙන්නට, මරා දමන්නට කිසිදා අණදී නැති විජය කුමාරතුංගව අත්අඩංගුවට ගැනීම උදෙසාය.

විජය අත්අඩංගුවට ගෙන මුලින් යුද හමුදා කඳවුරේත්, පසුව ‘වැලිකඩ’ හිර ගෙදරත් රැඳවීය. විජයට අමතර නැක්සලයිට් චෝදනා ලැබූ ඔසී අබේගුණසේකර, ෆීලික්ස් පෙරේරා, යසරත්න අමරතුංග, මර්වින් සිල්වා, දේවබණ්ඩාර සේනාරත්න ‘මැගසින්’ හිරගෙදරට යවන ලදී.

කිහිප දෙනෙක්ම ප්‍රශ්න කිරීම සඳහා පොලිස් අත්අඩංගුවේ තබාගත්තේය.

වැලිකඩ රැගෙන ගිය විජය කටුකම්බි වටේට ගසා ඇති ජනේලයක් දොරක් නැති අඳුරු ටකරන් කූඩුවක හිරකර දැම්මේ මිනීමරුවකුටවත් නැති තදබල ආරක්‍ෂාව යටතේය. හිරගෙදර පවා නිදැල්ලේ හැසිරීම සිහිනයක් විය.
විජය රැඳවූ හිරකුටිය පවා විජය වෙනුවෙන්ම පිළියෙල කරන ලද්දක් විය. මෙසේ මිනීමරුවන්ට පවා ඇති අයිතිවාසිකම් විජයට අහෝසි කරන්නට විජය කළ අපරාධය කුමක්ද?

SendShareShare
Previous Post

සජිත් රන්ජන්ව පාර්ලිමේන්තුවට අරන් එයි (VIDEO)

Next Post

රන්ජන්ට කතානායක සති 3ක් දෙයි

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.