එල්.ටී.ටී.ඊ නායක වේළුපිල්ලේ ප්‍රභාකරන් ඇතුළු යුද්ධයෙන් මියගිය කොටි සාමාජිකයින් සිහිකරමින් මහවිරු සැමරුම් 50කට අධික සංඛ්‍යාවක් මෙවරද උතුරේ සංවිධානය වී තිබෙන බවත්, ප්‍රධානතම මහවිරු සැමරුම මියගිය කොටි සාමාජිකයින් 7000ක් පමණ මිහිදන් කර ඇති කිලිනොච්චිය කනකපුරම් සුසාන භූමියේදී හෙට (27) සවස සිදුකිරීමට නියමිත බවත් උතුරේ ආරක්ෂක අංශ සදහන් කරයි.
ඉකුත් 21 වනදා සිට ලබන 27 වනදා තෙක් ඇති මහවිරු සතිය පුරා උතුරේ දෙමළ දේශපාලඥයින්ගේ සහ සිවිල් සංවිධාන මූලිකත්වයෙන් මෙම සැමරුම් සංවිධානය කර ඇති අතර යාපනයේ පමණක් සැමරුම් 20කට අධික සංඛ්‍යාවක් සංවිධාන කර තිබෙන බව වාර්තා වේ.
යාපනය විශ්ව විද්‍යාලය, සාටි වෙරළේ පිහිටි එල්.ටී.ටී.ඊ සුසාන භූමිය, කෝපායිහි පිහිටි යුද හමුදා 51වන සේනාංකය ඉදිරිපිට, වේළුපිල්ලේ ප්‍රභාකරන් උපන් වැල්වැටිතුරෙයි නිවස ආදී ස්ථානවල සැමරුම් ද සංවිධානය වී ඇතැයි ද පැවසේ.










