• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම්…

February 16, 2021
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
ඉස්සර වාගේ තාමත් මතකයි හෝඩි පොතේ පාඩම්…
Share on WhatsAppShare on Facebook

ජිවිතයේ බොහෝ දෙනෙකු ඉගෙන ගන්නේ කිසියම් බලාපොරොත්තුවක් ඉලක්කයක් හිතේ තබාගෙනයි. එහෙම ඉලක්ක නොමැතිව ඉගෙන ගන්නා පුද්ගලයින් ඉන්නේ බොහොම අතලොස්සක්. ඒ අතලොස්සෙන් කෙනෙක් පිළිබදව පසුගිය සතියේ අපට අසන්නට ලැබුණා. ඒ ලිලාවති ඇස්ලින් ධර්මරත්න මාතාවයි. ඇය අනුපස්වන වියෙහි පසුවන්නියක්. ඒ වුණත් ඇය ජිවිතයේ තවත් කඩඉමකට සුදානම් වූවා. ඒ, පසුගිය පෙබරවාරි 06 වැනිදා පැවති ත්‍රිපිටක ධර්ම සහ පාලි භාෂා උපාධි පරික්ෂණයට පෙනී සිටීමෙන්.

අපේ රටේ බොහෝ දෙනෙකු ඉගෙනගන්නේ තරුණ කාලයේදියි. වයසට යනකොට ඉගෙන ගන්නා පිරිස අඩුයි. මුණුපුර මිනිබිරියන් ලැබුණු පසු ඔවුන් මත්තේ ජීවත්වන පිරිසක් තමයි අපේ රටේ අද ඉන්නේ. මුණුපුරු මිනිබිරියන් දැක්ක පසු මොන විභාගද අපිට කියලා බොහෝ දෙනකු සිතනවා.

මේ පරික්ෂණය පැවතුණේ මහනුවර ඩී.එස්. සේනානායක විද්‍යාලයේ විභාග මධ්‍යස්ථානයේදියි. ඇයව විභාග මධ්‍යස්ථානය වෙත කැඳවාගෙන ආවේ ඇගේ ගුරු දියණිය සහ මී මුණුපුරාය. විභාග ශාලාව තිබුණේ උඩු මහලෙයි. විභාග ශාලාව භාරව සිටිය ලසිත් මාවිල්මඩ මහතා ලිලාවති මහත්මියට පඩි නැඟීමට අපහසු නිසාවෙන් පහත මහලේ අසුනක් සුදානම් කරදිමට කාරුණික වී තිබුණා. ලීලාවති මහත්මිය මිට මාස කිහිපයකට පෙර ඇගේ උකුල් ඇටය බිඳීමෙන් රෝගි වූවා. එහෙත් ඇගේ චිත්ත ශක්තිය ඇයව ධෛර්යමත් කළා. මේ විභාගය විද්‍යෝදය විශ්ව විද්‍යාලයට අනුබද්ධව පවත්වන විභාගයක්. ඇගේ බලාපොරොත්තුව මේ පාලි ත්‍රිපිටක විභාගය සමත්ව ශාස්ත්‍රපති උපාධිය ලබාගැනිමයි. ලීලාවති මාතාවට සිංහල ඉංග්‍රිසි දෙමළ පාලි සංස්කෘත භාෂා මනාව හැසිරවිය හැකි වීම විශේෂත්වයක්.
ඇය පවසා සිටින්නේ මේ විභාගය කරන්නේ කිසියම් රාජකාරියක් ලබාගැනිමට නොවන බවත් මේ හිත පිරිසිදුව තබාගැනිමට බවත් ඇගේ එකම බලාපොරොත්තුව විශ්ව විද්‍යාලයක් මගින් උපාධියක් ලබාගැනිම බව ඇය කියනවා. ඇගේ ජීවිතය පිළිබදව ඇය කියා සිටින්නේ මෙසේයි.

“මම ඉපදුනේ හොරණ මිල්ලෑවේ, 1927 අවුරුද්දෙදියි. ඉස්කෝලේ ගියේ මිල්ලෑව බාලිකා විදුහලටයි. මුලදි ඉංග්‍රිසි ගුරුවරියක් ලෙස සේවය කළා. මගේ ලොකු ආසාවක් තිබුණා නීතිඥ වරියක් වෙන්න. 1948 නිදහස ලබනවාත් එක්කම ඒ ආසාව දෙගුණ තෙගුණ වුණා. මම නොතාරිස් විභාගයට පෙනී ඉඳලා ලංකාවෙන්ම පළමුවෙනියා විදිහට සමත් වුණා. 1962 නොතාරිස්වරුන්ගේ සම්මේලනයට සහභාගි වුණා ඒ වෙලාවේ තමයි මගේ මහත්තයා හම්බ වුණේ. ඒ සම්මේලනයේ හිටිය එකම කාන්තාව මමයි. 1963දි අපි විවාහ වුණා. විවාහයෙන් පසුව අපිට දුලාම හතර දෙනෙක් ලැබුණා. ඊට පසු මම නිතිඥවරියක් වෙන්න අවශ්‍ය විභාග කළා. නිතිඥ අවසන් විභාගය කරද්දි මහත්තයා හදිස්සියේම මියගියා. ඒ 1970 අවුරුද්දෙයි. ඒ කියන්නේ අපි විවාහ වෙලා හරියටම වසර 7කට පසුවයි. ඒ සිද්ධිය මට දරාගන්න අමාරු වුණා. සියලුම පවුලේ බර මම කරට ගත්තා. ඒ කාලේ නාවලපිටියට පදිංචියට ආවා. ඒ ආවේ ප්‍රසිද්ධ නොතාරිස්වරියක් ලෙස ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ සේවය කරන්නයි. මම රැකියාව කරන ගමන්ම දරුවන්ටත් ඉගැන්නුවා .

“මම ත්‍රිපිටක පොත් ඉංග්‍රිසි පොත් අදටත් කියවනවා. මම දරුවන්ට හැම තිස්සේම ඒත්තු ගැන්නුවා සියලුම දේ හොරු අරන් ගියත් උගත්කම විතරයි ඉතුරුවන්නේ කියලා. මම දුවලා හතරදෙනාම උපාධිධාරින් බවට පත්කළා. තවත් දරුවෙක් දරුකමට හදාගත්තා. එයාලා දැන් රටේ හොඳ තැන්වල ඉන්නවා මට හරි සතුටුයි. වැඩිමහල් දියණිය ධම්මිකා ජයලත් ඇය බස්නාහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරියයි. දෙවැන්නා සමුද්‍රා ජයලත් ඇය ඉංජිනේරුවරියක්. දැනට ඕස්ටේ්‍රලියාවේ විශ්ව විද්‍යාලයක මහාචාර්යවරියක් වශයෙන් කටයුතු කරනවා. තෙවැන්නා ඉන්දුනිලායි. ඇය ශාන්ත ඇන්ඩෘ විදුහලේ ගුරුවරියක් වශයෙන් සේවය කරනවා. මාව විභාගයට අරගෙන ගියෙත් ඇයයි. සිව්වැන්නා මනෝහාරි ජයලත් නිතිඥවරියක් වගේම වැඩබලන මහේස්ත්‍රාත්වරියක් වශයෙන් සේවය කරනවා. මම දරුවන්ගේ දරුවනුත් විවාහ වෙනවා දැකබලා ගත්තා. මම මාස පහකට හයකට පෙර වැටිලා උකුල් ඇටේ කැඩුනා. ඒ වෙලාවේ මම හිතුවා අනුන්ගේ දේවල් හොයලා හිත කිලිටි කරගන්නවාට වඩා මේ ජිවිතේ ඵලක් ඇති දෙයක් කරලා මැරිලා යන්න ඕනේ කියලා. හොද මනුෂ්‍ය ජීවිතයක් මට ලැබිලා තියෙන්නේ. කාන්තාවන්ට ආදර්ශයක් සමාජයට පණිවිඩයක් දීලා මැරිලා යන්න ඕනෙ කියලා හිතුනා. කවදාවත් කාන්තාවක් වයසට ගියාම පසුතැවෙන්න හොඳ නැහැ. දරුවන් මට සලකන්නේ නැහැ අනේ අපොයි කියලා ගොඩාක් දෙමව්පියෝ හිතනවා. එහෙම වෙන්න හොඳ නැහැ. මම හිතුවා යහපත් සිතුවිලි ඇතුව ජිවත් වෙන්න ඕනේ කියලා. දුක්ගැනවිලි කිය කියා පසුතැවෙන්න හොඳ නැහැ. මම බෞද්ධ ධර්මයට හරිම ලැදියි. ඒකයි මම පාලි භාෂාව තෝරාගත්තේ. මනුසසයෙක් කියන්නේ හොඳ මනසක් තියෙන පුද්ගලයෙක් ඒකායන අධිෂ්ඨානයක් තියෙනවා නම් ජීවිතය ජයගන්න පුලුවන්. කිසිම දවසක මනුෂ්‍යත්වය පහළට දාන්න හොඳ නැහැ. දෙවියන්ට කරන්න බැරි දෙයක් මනුෂ්‍යයන්ට කරන්න පුළුවන් දෙවියෝ ඒකයි මනුෂ්‍යයන්ට ගරුකරන්නේ ජිවිතය ගැන මට හරි සතුටුයි”.

අද රටේ ගොඩාක් කාන්තාවන් තරුණ වියේදි සැමියා මියගියොත් වෙනත් කසාදයක් ගැන හිතනවා. මේ නිසා මුල් කසාදේ දරුවන් අසරණ තත්වයට පත්වෙනවා. ඇගේ ගුරු දියණිය වන ඉන්දුනිලා පැවසුවේ මෙහෙම කතාවක්.

“අපේ අම්මා අපි වෙනුවෙන් ජිවිතය කැපකළා. අපේ තාත්තා නැතිවුණේ අපි පොඩි කාලේදියි. අපි පොඩිකාලේ රෑ දෙක තුන වෙනකම් අපි හතරදෙනාම පාඩම් කරනවා. අම්මා පාන්දර දෙකට නැගිටලා පොත් කියවනවා. අපිට අම්මා හොඳට ඉගැන්නුවා. ගිය අවුරුද්දේ අම්මා වැටිලා උකුල් ඇටේ කැඩුනා. ශෛල්‍යකර්මයක් කරන්න වයස වැඩි බව වෛද්‍යවරු පැවසුවා. ඒත් අපේ අක්කා වෛද්‍යවරියක් නිසා අම්මාට ශෛල්‍යකර්මය කළොත් දරාගන්න ශක්තියක් තියනවා කියලා ඇය තේරුම් ගත්තා. ඒක නිසා අපි සියලුදෙනාම කැමතිවෙලා ශෛල්‍යකර්මය කළා. අම්මා ව්‍යායාම කරලා නැගිට්ටා. අම්මාගේ හිත හයියයි. අම්මා තව දුවෙක්ට අම්මා කෙනෙක් වුණා. අපිට නංගි කෙනෙක් ඉන්නවා. එයත් උපාධිධාරිණියක්. ඇය වාරිමාර්ග දෙපාර්තමේන්තුවේ සේවය කරනවා. අම්මා අපි හැමෝටම උපාධි ලෝගුව දැම්මා. අපෙත් හීනයක් තියනවා අම්මාට උපාධි ලෝගුව දාලා කළු තොප්පිය දාන්න”

ලිලාවති මාතාවගේ මිනිබිරිය වන වින්ද්‍යා රශ්මි මහත්මියත් කතා කළා.

“අපේ ආච්චි අම්මා 2019 දී ඉපදුන මගේ පුතාටත්, 2020 දී ඉපදුන මගේ දුවටත් ඉස්සෙල්ලාම අන්දන්න ඇඳුම් ලස්සනට ගොතලා මහලා දුන්නා. මගේ ආච්චි අම්මා මට විතරක් නෙමෙයි මගේ අනිත් අක්කලාගේ බබාලටත් ආච්චි අම්මා තමයි ඇඳුම් මහලා ගොතලා දුන්නේ. ඊට අමතරව පුවත්පත්වලට ලිපි කවි ලියමින් ලියනවා. ඔප්පු 50000කට අධික ප්‍රමාණයක් ලියා තිබෙනවා. මගේ ආච්චි අම්මා මෙරට වැඩිමහල්ම විභාග අපේක්ෂිකාව ලෙස වාර්තාවක් පිහිටුවලා තියෙනවා. ආච්චි අම්මා ඇත්තටම වීරවරියක් අපි හැමෝටම ආදර්ශයක්”.

මිනිසුන්ගේ ජීවිතය අපි නොහිතන මොහොතක කඩා වැටෙනවා. සිත් තැවුල් ජීවිත අවුල්විම් බිඳවැටිම් මේ සියලුම දේවල්වලට මානසිකව කඩා නොවැටි හිතට ශක්තිය අරගෙන ප්‍රශ්නවලට පිළිතුරු සොයන අකාරය ලීලාවති මාතාව සමාජයට කියා දුන්නා. ඇය කියන්නේ “ජීවිතයේ හැම වැටීමක්ම නැගිටිමට ශක්තියක් කරගන්න. ප්‍රශ්නවලින් පැනලා යන්න හොඳ නැහැ. ඒවාට මුහුණ දෙන්න ඕනේ.”

ගොඩාක් දෙමව්පියෝ දරුවන්ට අධ්‍යාපනය ලබාදෙන ඒක විතරයි කරන්නේ. ඔවුන් ඉගෙනගැනීමට උත්සහයක් දරන්නේ නැහැ. ඒයට කදිම පිළිතුරක් ලිලාවති මාතාව දීලා තියෙන්නේ.

වයසට යනකොට වැඩිහිටියන් අපෙන් බලාපොරොත්තු වෙන්නේ ආදරය, කරුණාව, සෙනෙහස, ඇහුන්කම් දීම වැනි ඉතාමත් සුලු දේවල් පමණයි. එවැනි සුලු දේවල්වලින් ඔවුන් ඇත්තටම ලොකු තෘප්තියක් ලබනවා. ඒ දේවල් ලබාදෙන්න ඇගේ දරුවන් බොහෝම අසාවෙන් උනන්දුවෙන් කටයුතු කරනවා. එවැනි පිංවන්ත උගත් දරු පිරිසක් රටට බිහිකළ ලීලාවති මාතාව වයසට ගිහින් ඒ තෘප්තිය අද ලබනවා.

තම ජීවිතය සම්පුර්ණ වන්නේ අධ්‍යාපනය තුළින් බව දරුවන්ට වගේම රටටම කියා දුන්නා. ලීලාවති මාතාව රටට ආදර්ශයක්. “උගත මනා ශිල්පයමයි මතු රැකෙනා” බව ලෝකයටම කියලා දුන්නා. හිතේ ශක්තියක් අධිෂ්ඨානයක් තිබෙනවානම් බොහෝ දේ කරන්නට පුලුළුවන් බව ලෝකයාට කිව්වා.

“මම මේ දේ කරනවා කියලා ඒකායන අධිෂ්ඨානය තියෙනවානම් කරන්න බැරිදෙයක් නැහැ. එහෙම අධිෂ්ඨානයක් තියන කෙනෙකුට වටාපිටාවේ ඕනෑ තරම් උපාය මාර්ග පහළ වෙනවා.” ඇගේ හිතේ වෛරය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය නැති නිසා තමයි තාමත් නිරෝගීව ජීවත්වෙන්න හැකිවෙලා තියෙන්නේ. පරාජයන් ජයග්‍රහණ බවට පත්කරගන්නේ කොහොමද කියලා ඇය රටට කියාදුන්නා. අපේ රටේ දූ දරුවන්ට වගේම වැඩිහිටියන්ටද ආදර්ශයක්. ඇයට නිදුක් නිරෝගි දිර්ඝායු සම්පත්තිය ලැබේවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

මගුලට 50යි: අවමගුලට පැය 24යි: අලුත් කොරෝනා නීති අද එළියට

Next Post

ගම්මන්පිල එන්නත විදගනී: හරීන්-මනූෂ එපා කියයි

MORE NEWS

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News
Exclusive

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News
Exclusive

හරිනි බොරු කිව්වද? නලින්ද ලිස්සලා ගිය හැටි කොහොමද? VIDEO I Sri Lanka Latest News

Load More
අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාවෙන් ලොකු ටීම් එකක් පාර්ලිමේන්තුවට ඇවිත් පාර්ලිමේන්තුවේදී විපක්ෂනායක සජිත් හමුවෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ ඇමෙරිකානු එක්සත් ජනපද House Democracy Partnership (HDP) හි දූත පිරිසක් අතර සුවිශේෂ හමුවක් අද...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේ ගැන බලන්න පංච පුද්ගල විශේෂඥ අධිකරණ මණ්ඩලයක් පත්කරයි! කොටුවේ සත්‍යග්‍රහය තාවකාලිකව නවත්වයි! I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

පොහොර හිඟයට එරෙහිව පන්ජාබ් ප්‍රාන්තයේ ගොවීන් පාරට බැහැලා දැවැන්ත උද්ඝෝෂණ ව්‍යාපාරයක් පටන් ගත්තා! VIDEO I Sri Lanka Latest News

රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

කොටුවේ සත්‍යග්‍රහයට එන විරෝධතා! පැලවත්තේ ඔළුබක්කෝ..! විමල් ගන්න ආතල්! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

ගෝල්ෆේස් අරගලයේ වගේමයි! කොටුවේ සත්‍යග්‍රහයේත් ජාතිකාභිමානී ගීත වාදනය වෙන්න පටන් ගනී! විමල් ගම්මන්පිලලා තාලය අල්ලයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.