ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා අවශ්‍ය බව පවසමින් ‘We want Gota’ පාගමන් සහ පෙළපාලි සංවිධානය කළ බව කියූ පුද්ගලයෙකු රාජපක්ෂ පාලනය පන්නන ලෙස පවත්වන ගෝල්ෆේස් විරෝධතාවයට සහභාගී වී සිටි බව වාර්තා වෙනවා.
අදාළ පුද්ගලයා විරෝධතාකරුවන් වෙත වඩේ විකුණමින් සිටියදී විරෝධතාකරුවන් විසින් හඳුනාගෙන තිබුණා.
පසුව විරෝධතාකරුවන් විසින් ඔහුව හඳුනාගෙන ඒ අවට රාජකාරියේ නියුතුව සිටි පොලිස් කණ්ඩායමක් වෙත නිරුපද්‍රිතව බාර දී තිබෙනවා.
ඉන් පසුව අදාළ පුද්ගලයාගෙන් ප්‍රශ්න කළ පොලිසිය දැඩිව අවවාද කිරීමෙන් පසුව ඔහුව එම ස්ථානයෙන් ඉවතට යවා තිබූ බවයි කියන්නේ.
a man who attended the Iraj's protest to support Gota was caught distributing food to the #OccupyGalleFace protest. He was removed from the protest ground unharmed.#lka #SriLankaCrisis #SriLankaProtests #GoHomeGota #GotaGoHome pic.twitter.com/YvABByB8aB
— Prasad Welikumbura (@Welikumbura) April 14, 2022










