ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිසම අහෝසි කිරීමට ආණ්ඩුව කලින් ගෙන තිබූ තීරණය වෙනස් කොට ඇති බව වාර්තා වේ.
ඒ අනුව දැනට ඉල්ලා අස්වී ඇති උපයෝගීතා කොමිසමේ සාමාජිකයන් වෙනුවට නව සාමාජිකයන් පස් දෙනකු නම් කිරීමට ආණ්ඩුව සැලසුම් කර ඇති බව දැනගන්නට ඇත.
පසුගිය සතියේ ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා මුදල් අමාත්‍යංශ ලේකම් එස්.ආර්. ආටිගල මහතා වෙත ලිපියක් යොමූ කරමින් උපයෝගිතා කොමිසම අහෝසි කරන ලෙසත්, එහි කාර්ය මණ්ඩලය වෙනත් ස්ථානයන්ට අනුයුක්ත කරන ලෙසත් දැනුම් දී තිබිණ.
නමුත් ඒ සමගම විපක්ෂය සහ සිවිල් සමාජය ඊට දැඩි විරෝධයක් පළ කරමින් කියා සිටියේ මේ හරහා විදුලි ක්ෂේත්රය තුළ දූෂණයක්, ඒකාධිකාරියක් ඇතී වීම වැළැක්විය නොහැකි බවකි.
එමෙන්ම මේ සම්බන්ධයෙන් පසුගිය සදුදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදීද අමාත්‍යවරුන් බොහෝ දෙනා මෙම තීන්දුව සම්බන්ධයෙන් යළි සලකා බලන ලෙස අදහස් ප්‍රකාශ කර තිබිණ.
කෙසේවෙතත් ක්ෂේත්රයේ ප්‍රවීණයන් පෙන්වා දෙන්නේ මේ අයුරින් නව සාමාජිකයන් පත් කිරීම හරහා ආයතනයේ ස්වාධින බව සම්බන්ධයෙන් බරපතළ ප්‍රශ්න මතුවිය හැකි බවකි.










