සිංහල හින්දු අළුත් අවුරුදු සමයේ උත්සව සහ සාද පැවැත්වීමේදී, ගමන් බිමන් යෑමේදී පිළිපැදිය යුතු සෞඛ්‍ය නීති රීති ඇතුළත් පොලිස් ආරක්ෂක වැඩපිළිවෙළක් ලබන සතියේ ප්‍රකාශයට පත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.
සෞඛ්‍ය බලධාරීන්ගේද නිර්දේශ මත මෙම ආරක්ෂක වැඩපිළිවෙළ සකස් කරන බව ප්‍රකාශ කළ මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේ කොරෝනා වෛරසය තවමත් රටින් තුරන් වී නැති නිසා පුද්ගලයන් සමාජය අතර ගැවසීමේදී අනුගමනය කළ යුතු නීති රීති උත්සව සමයටද එකසේ වලංගු වන බවය.











