එළඹෙන උත්සව සමයේදී ශී‍්‍ර ලංකාවේ සංචාරය කිරීමේදී සැලකිලිමත් වන ලෙස මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය සිය රට වැසියන්ට දැනුම්දීමක් සිදු කර තිබේ.
ඒ අනුව සංචාරක ස්ථාන, ප‍්‍රවාහන මධ්‍යස්ථාන, වෙළද පොළ සාප්පු සංකීර්ණ, හෝටල් සහ සමාජශාලා ආශි‍්‍රතව ගැවසීමේදී අවධානයෙන් පසුවන ලෙස එමගින් දක්වා ඇත.
මීට අමතරව පූජනීය ස්ථාන, ප‍්‍රධාන කී‍්‍රි‍්‍රඩා හා සංස්කෘතික උත්සව මෙන්ම අධ්‍යාපනික ආයතනද මෙරට අමෙරිකානු තානාපති කාර්යාලය නිකුත් කළ නිවේදනයට ඇතුළත් කර ඇති අතර එය අමෙරිකානු පුරවැසියන්ට නිකුත් කරන දෙවන මට්ටමේ සංචාරක උපදේශන සිහිකැඳවීමක් බවද වාර්තා වේ.










