මවට එල්ල කළ මාරාන්තික පිහි පහරක් වළක්වා ගැනීමට උත්සාහ කළ ඇයගේ 28 හැවිරිදි පුතාගේ දකුණු අතේ මහපට ඇඟිල්ල කැපී ගොස් ඇතැයි උහන පොලිසිය කියයි.
දකුණු අත ඉදිරියට දමා එම මාරාන්තික පිහි පහර වළක්වා මවගේ ජීවිතය බේරා ගැනීමට පුතා සමත්ව තිබෙන බව උහන පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.
මවගේ ජීවිතය බේරා ගැනීමට ගොස් අතේ ඇඟිල්ලක් අහිමි වූ පුතා අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කියයි.
සිරුරින් කැපී වෙන්වී ගොස් තිබූ ඇඟිලි කොටසද සොයාගත් බව පොලිසිය පවසයි.
බහින්බස්වීමකින් පසු අසල්වැසියකු එම පිහිපහර එල්ල කර තිබෙන බවත් ඔහු කසිප්පු පානයට තදින්ම ඇබ්බැහි වී සිටින්නකු බවත් පොලිසිය කීය.
මවට පිහිපහර එල්ල කළ බව කියන පුද්ගලයා කසිප්පු ජාවාරමේ නිරත වූවකු බවත් ඔහුට එරෙහිව අධිකරණයේ එවැනි නඩු කිහිපයක් විනාශ වෙමින් පවතින බවත් පොලිසිය සඳහන් කරයි.










