• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

අපේ මැණිකේ අගේ හින්දා… මැණික වෙනුවෙන් කුලුන බැන්දා…

January 26, 2021
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
අපේ මැණිකේ අගේ හින්දා… මැණික වෙනුවෙන් කුලුන බැන්දා…
Share on WhatsAppShare on Facebook

මුල් ගල තැබූ දිනයේ පටන්ම රත්නපුරයේ යෝජිත මැණික් කුලුන රටේ දැඩි ආන්දෝලනයකට ලක් විය. විශේෂයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ ඊට එරෙහිව දැඩි විවේචන පළ වන්නට විය. එය තවත් එක්තරා කුලුනක් පමණක් වනු ඇතැයි යන්න එම විවේචනවලට හේතු විය. ඒ සඳහා ප්‍රධාන වශයෙන් හේතු වූයේ එය මැණික් කුලුන ලෙස හැඳින්වීමය.
මේ සම්බන්ධයෙන් විවේචන එල්ල කළ බොහෝ දෙනකුගේ අදහස වී තිබුණේ එය තවත් එක් නෙළුම් කුලුනක් වනු ඇති බවය. නෙළුම් කුලුනෙන් ඇති ප්‍රයෝජන පිළිබඳවද ඒ හරහා නැවත කතිකාවතක් ඇති වන ආකාරයද දක්නට ලැබිණි. කෙසේ නමුත් තොරතුරු සොයා බැලීමේදී පෙනී යන්නේ රත්නපුරයේ ඉදිකිරීමට මුල් ගල තැබූ කුලුන නිකම්ම නිකං කුලුනක් පමණක් නොවන බවය.

මැණික් කුලුන ලෙස හැඳින්වුවද, ඉදිකිරීමට යෝජිතව ඇත්තේ ජාත්‍යන්තර මැණික් සහ ස්වර්ණාභරණ වෙළෙඳ මධ්‍යස්ථානයකි. එවැනි මධ්‍යස්ථාන සඳහා ජාත්‍යන්තරයේ ඨැප ඔදඇරි යන නාමය යොදා ගැනෙන බැවින් රත්නපුරයේ ඉදිකිරීමට යෝජිත මධ්‍යස්ථානය සඳහා මැණික් කුලුන යන නාමය භාවිතා කිරීමට තීරණය කර ඇත. මෙම මැණික් කුලුනු සංකල්පය ජාත්‍යන්තරව තායිලන්තය සහ හොංකොං වැනි රටවල ඉතා සාර්ථකව ක්‍රියාත්මක වෙමින් ඇත. මෙය අලෙවිකරුවන්ට සහ ගැනුම්කරුවන්ට එකම වහලක් යටට සම්බන්ධ වීමට හැකිවන පරිදි ඉදිකරන මධ්‍යස්ථානයකි. මෙම ව්‍යාපෘතිය සඳහා භාවිතා කෙරෙන්නේ ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට අයත් අරමුදල් බවද දැනගන්නට ඇත.

ව්‍යාපෘතියේ පළමු අදියරේදී වර්ග අඩි 1,500ක භූමි ප්‍රමාණයකින් යුතුව මහල් පහකින් යුත් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට නියමිතය. ඒ සඳහා රත්නපුර ප්‍රදේශයේ පර්චස් 22ක භූමි භාගයක් තෝරා ගෙන ඇත. ව්‍යාපෘතියේ දෙවැනි අදියර ලෙස, ඉහත සඳහන් ඉඩමට යාබද ඉඩම අත්පත් කර ගැනීමටත්, මහල් 14 කින් යුත් නවීන ගොඩනැගිල්ලක් ඉදිකිරීමටත් යෝජනා කර ඇත.

මේ හරහා රත්නපුර අවට මැණික් කර්මාන්තකරුවන්ට අත්වන ලාභ ප්‍රයෝජන බොහෝය. එකම වහලක් යටදී ජාත්‍යන්තර අලෙවිකරුවන් සමඟ කරට කර මුසු වෙමින් තම කර්මාන්තයෙන් වැඩි ලාභ ඉපයීමේ අවස්ථාව ඔවුනට උදාවනු ඇත. එය මෙරට මැණික් කර්මාන්තයේ අනාගතයට ඉතා ඵලදායී වනු ඇති බව විශේෂඥයන්ගේ අදහස වී ඇත.
අලෙවි පහසුකම් පමණක් නොව මෙම මධ්‍යස්ථානය හරහා ස්වාධීන තත්ත්ව පරීක්ෂණ සේවා, රසායනාගාර සේවා සහ බැංකු සහ අපනයන සේවා පහසුකම්ද සැපයීමට යෝජිතව ඇත. මැණික් සහ ස්වර්ණාභරණ අධිකාරියේ අදහස වී ඇත්තේ ආසියාවේ මැණික් හා ස්වර්ණාභරණ අලෙවිය සඳහා ප්‍රමුඛතම විකුණුම් මධ්‍යස්ථාන වන බැංකොක් සහ හොංකොං තත්ත්වයටම රත්නපුරද ගෙන ඒමය. ඒ හරහා සෘජු සහ වක්‍ර රැකියා රාශියක්ද ශ්‍රී ලාංකිකයන්ට හිමි වනු ඇත.
රත්නපුරයේ මැණික් කුලුන දේශීය ඉදිකිරීම් ශිල්පීන් යොදා ගනිමින් නිම කිරීමට තීරණය කර තිබීමද විශේෂත්වයකි. ව්‍යාපෘතියේ පළමු අදියරේදී යෝජිත ගොඩනැගිල්ල සැලසුම් කිරීමේ හා ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව මධ්‍යම ඉංජිනේරු උපදේශන කාර්යාංශයට ප්‍රදානය කිරීමට දැනටමත් කැබිනට් අනුමැතිය හිමි වී තිබේ. ජාත්‍යන්තරව ඉදිකෙරෙන මධ්‍යස්ථානයක් සඳහා දේශීය කොන්ත්‍රාත්කරුවෙකු යොදා ගැනීමද අගය කළ යුතුය.

සමාජ මාධ්‍ය ඔස්සේ මැණික් කුලුනට විවේචන එල්ල කළ බොහෝ දෙනකු පවසා තිබුණේ රත්නපුරයේ කුලුනක් ඉදි කිරීමට පෙර එහි ජනතාව නිරන්තරයෙන් මුහුණ දෙන ගංවතුර ගැටලුවට පිළියම් යෙදිය යුතු බවය. කළු ගඟ ඉහත්තාවේ පිහිටි රත්නපුර නගරය සෑම වසරකදීම වරක් හෝ දෙවරක් ගංවතුරෙන් යට වීම සාමාන්‍ය තත්ත්වයකි. එහි ජනතාව නිරන්තරයෙන් පීඩා විඳින ගං වතුර ගැටලුව සඳහා පිළියම් යෙදිය යුතු බව සැබෑවය. නමුත් රටේ ආර්ථිකයට විශාල දායකත්වයක් ලබා දිය හැකි මෙවැනි ආකාරයේ වෙළෙඳ මධ්‍යස්ථානයක් ඉදිකිරීමෙන් රත්නපුර ජනතාවට අත්වන වාසිය සුළුපටු නොවන බවද පැවසිය යුතුය.

අතීතයේ සිටම ශ්‍රී ලංකා නාමය ලොව පුරා ප්‍රචලිත වීමට හේතු වූ ප්‍රධාන සාධකයක් ලෙස මැණික් හැඳින්විය හැක. අතීතයේ යුරෝපීය ආක්‍රමණිකයන් මෙරට සොයා ඒමටද මැණික් සඳහා වූ ජනප්‍රියතාව හේතු විය. එබැවින් මහ පොළොවෙන් ලැබෙන මේ අමිල වූ සම්පත හරහා අපේ රටට ලබා ගත හැකි ලාබ ප්‍රයෝජන බොහෝය. ඒ වෙනුවෙන් රත්නපුර මැණික් කුලුන අගනා මෙහෙයක් ඉටු කරනු ඇත. අනාගතයේදී මෙම බහුකාර්ය ගොඩනැගිල්ල ලෝකයේ මැණික් ව්‍යාපාරය සඳහා කාර්යබහුලම ස්ථානය වේවා යන්න අපගේ බලාපොරොත්තුවය.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

රනිල් නායකත්වයෙන් යන්න ඕනෑ කියා මා කීවේ නෑ: රවිගෙන් විශේෂ නිවේදනයක්

Next Post

මිනිස්සු වෙනුවෙන් දහදුක් විඳින ඇලයාපත්තුවේ දොස්තර මහත්තයා

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.