රනිල් වික්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයෙන් ඉවත් විය යුතු බවට අද (26) දින සිංහල මාධ්‍ය පුවත්පතක් සහ ඉංග්‍රීසි මාධ්‍ය පුවත්පතක් පළ කර ඇති පුවත සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව එජාපයේ හිටපු උපනායක රවි කරුණානායක මහතා නිවේදනයක් නිකුත් කරමින් පෙන්වා දී ඇත.
තමන්ගෙන් කිසිදු විමසීමක් නොකොට එම පුවත ඔවුන් පළ කොට ඇති බවත්, එජාපයත්, පාක්ෂිකයාත් ආරක්ෂා කිරීම තම අරමුණ බවත් සිය නිවේදනය මගින් කරුණානායක මහතා පෙන්වා දී තිබේ.
කෙසේවෙතත් අද දින මෙම පුවත් අදාළ පුවත්පත් දෙකෙහි පළ වීමෙන් පසු ඊට කිසිදු ප්‍රතිචාරයක් දැක්වීමට කරුණානායක මහතා කටයුතු කර නොතිබූ බැවින් අප වෙබ් අඩවියද අදාළ පුවත උපුටා දැක්වීමට පියවර ගත්තෙමු.
නමුත් සවස් වරුවේ කරුණානායක මහතා අදාළ පුවත්පත් දෙක පළ කොට ඇති පුවත අසත්‍යයක් බවට නිවේදනයක් නිකුත් කිරීම හේතුවෙන් අප එම නිවේදනයද මෙසේ පළ කිරීමට කටයුතු කළෙමු.










