• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මිනිස්සු වෙනුවෙන් දහදුක් විඳින ඇලයාපත්තුවේ දොස්තර මහත්තයා

January 27, 2021
in Exclusive
Reading Time: 3 mins read
A A
මිනිස්සු වෙනුවෙන් දහදුක් විඳින ඇලයාපත්තුවේ දොස්තර මහත්තයා
Share on WhatsAppShare on Facebook

අපි මේ ඔබට කියන්න යන්නේ ප්‍රියශාන්ත දොස්තර මහත්තයගේ කතාව. ප්‍රියශාන්ත කියලා කියන්නේ ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය උපාධිය හදාරලා එතනින් පස්සේ වෛද්‍ය වෘත්තීයට එකතු වුණු වෛද්‍යවරයෙක්. හැබැයි ප්‍රියශාන්ත දොස්තර මහත්තයගේ කතාව සාමාන්‍යයෙන් වෛද්‍ය වෘත්තීකයෙක්ගේ කතාවට වඩා වෙනස් නිසයි අපි ඒ වෙනුවෙන් මේ ඉඩ වෙන් කරන්න සූදානම් වෙන්නේ. සාමාන්‍යයෙන් අපි වෛද්‍යවරයෙක් ගැන කතාවක් ලියනකොට ලියන්නේ ඔහු ඉතාම දක්ෂ වෛද්‍යවරයෙක් බව නැත්නම් ඔහුට ඉතාම හොඳට බෙහෙත් කරන්න පුළුවන් බව. ඔහු නිසා රෝගීන් දහස් ගණනක් සුවපත් වෙන බව. හැබැයි අපිට ඉතාම කලාතුරකින් තමයි වෛද්‍යවරයෙක් මිනිස්සු වෙනුවෙන් කැපවීම් කරන හැටි ගැන ලියන්න ලැබෙන්නේ. මෙහෙම කිව්වම අනිත් වෛද්‍යවරු අපිත් එක්ක අමනාප වෙන්න එපා.

සාමාන්‍යයෙන් අපේ හිත්වල ඇඳිලා තියෙන රූපේ අනුව බොහෝ වෛද්‍යවරු මිලට මුදලට යට වෙච්ච අය කියලා තමයි ගොඩක් අය හිතාගෙන ඉන්නේ. ඒ අය අතර බෝසත් ගතිගුණ තියෙන වෛදවරු ඉන්නවා. නැතුව නෙමෙයි. සල්ලි ඉස්සර නොකර මිනිස්සුන්ව සුවපත් කරන වෛද්‍යවරු අනන්තවත් ඉන්නවා. ඒක තමයි ඇත්ත. හැබැයි ඒ අය අපිට නිතරම මුණගැහෙන්නේ නෑ. සමහර වෙලාවට මේ රෝගීන් වෙලා වෛද්‍යවරු ගාවට ගියපු වෙලාවට දොස්තර මහත්තුරු දෙවිවරු කියලා කියන අය ආපහු සතියක් දෙකක් ගියාට පස්සේ දොස්තර මහත්තුරුන්ට බනිනවා. ඒකට වැරදි දොස්තර මහත්තුරුද ඒකට වැරදි රෝගීන්ද කියන එක අපි දන්නේ නෑ. දොස්තර මහත්තුරු කියලා කිව්වම දොස්තර නෝනලා අමනාප වෙන්න එපා. මේක අපි පුරුද්දට කියන කතාවක්. කොහොම නමුත් වෛද්‍ය වෘත්තිකයෝ කියලා කියන්නේ මිනිස්සු සුවපත් කරන අය. පහුගිය කොරෝනා වසංගත කාලේ ඔවුන් තමන්ගේ ජීවිතය ගැනවත් නොහිතා වැඩ රාජකාරි කළා. ලංකාවේ විතරක් නෙමෙයි ලෝකෙම ඉන්න වෛද්‍යවරු ඒ වෙනුවෙන් විශාල කැපකිරීමක් සිද්ධ කළා. මේ නිසා අපි කවුරු කොහොම කිව්වත් ලිපිය පටන් ගන්න තැනදිම වෛද්‍යවරුන්ට හිස නමා ආචාර කරනවා. ඒකට තවත් හේතුවක් තියෙනවා.

වෛද්‍යවරයෙක් වෙන්න ඉගෙන ගන්නකොට ඉතාම දුෂ්කර විශ්ව විද්‍යාල සමයක් තමයි මේ ශිෂ්‍යයෝ ගත කරන්නේ. ඒක සාමාන්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුට අගෞරවයක් කියලා හිතන්න එපා. සාමාන්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙක්ට වඩා මේ අය ගත කරන්න තියෙන වසර කීපය දුෂ්කරයි. කරන්න තියෙන වැඩ රාජකාරි ප්‍රමාණය අධිකයි. ඒ වගේම සීමාවාසික වෛද්‍යවරයෙක් වුණාට පස්සේ ඔහුට හෝ ඇයට නිවාඩු ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. සාමාන්‍යයෙන් තමන්ගේ පුද්ගලික ජීවිතයේ බොහෝ දේ කැප කරලා තමයි මේ අය වෛද්‍ය වෘත්තිකයන් බවට පත් වෙන්නේ. රොස්පරොස් සහිත බොහෝ විට තරහ පිරිච්ච ගුරුවරු, වාට්ටුවලදී හොඳටම බනින, පරීක්ෂණවලදි පුංචි අත්වැරැද්දක් වුණොත් එහෙම හිත රිදෙනකම් බැනුම් අහන්න වෙන මේ වෘත්තීය නිසා සමහර වෙලාවට වෛද්‍යවරුන්ට රෝගීන් දැක්කත් තරහා යනවා වෙන්නත් පුළුවන්.

සමහර වෙලාවට අපි නොදන්නාකමට ලෙඩක් දුකක් ගැන ඇහුවට පස්සේ ගොඩක් වෛද්‍යවරුන්ගෙන් ඔය ප්‍රශ්නෙට උත්තරය ගන්න අමාරුයි. විශේෂයෙන්ම සීමාවාසික වෛද්‍යවරු නැත්නම් එච් ඕලා මේ උත්තරේ දෙන්නේ ඉතාම කලාතුරකින්. ඒ නිසා වෛද්‍යවරුත් මේ ලිපිය කියවනවනම් චුට්ටක් තේරුම් අරගන්න අපි සාමාන්‍ය මිනිස්සු විදිහට ඔබෙන් ඇවිල්ලා ප්‍රශ්නයක් අහන්නේ අපි නොදන්න නිසා. ඒ නිසා ඒක කියලා දෙනවා වෙනුවට කෑ ගහන එක බනින එක අර අසරණ වෙලා ඉන්න රෝගියෙකුට දැනෙන්නේ මහ මෙර හිස මත කඩන් වැටුණා වගේ. ඒක ඔබට කවදාවත් නොතේරේවි. ඒකට හේතුව තමයි ඔබ වෛද්‍යවරු නිසා. ඔබ වෛද්‍යවරු නිසා ඔබ ඔබේ පවුලේ අය රෝගී වුණාට පස්සේ ඔබට වෛද්‍ය කාර්ය මණ්ඩල, රෝහල් කාර්ය මණ්ඩල දෙවියන්ට වගේ සලකනවා. හැබැයි අපේ අම්මට, අපේ තාත්තට ලෙඩ වුණාට පස්සේ ඒ විදිහට සලකන දවසක් එනකන් අපි බලාගෙන ඉන්නවා.

කතාව පටන් ගනිමු. මේ ඇලයාපත්තුව රෝහල ගැන කතාව. වෛද්‍යවරයාගේ කතාව ඇලයාපත්තුව රෝහල වෙත මාරු වෙන්නේ එක්තරා සුවිශේෂී විදිහකට. මේ වෛද්‍යවරයා ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් තමන්ගේ උපාධිය අරගෙන ඈත පිටිසර ගම්මානයක පුංචි රෝහලක් වෙත යන්නේ වෛද්‍යවරයා ලෙස කටයුතු කරන්නට. ඒ තමයි ඇලයාපත්තුව රෝහල. ඇලයාපත්තුව තියෙන්නේ අනුරාධපුරයෙන් ඈත. අනුරාධපුරයෙන් ඈත ඉතාම දුෂ්කර පැත්තක. සාමාන්‍යයෙන් වෛද්‍යවරයෙක් ලෙස පත්වීම ලබා ගත්තට පස්සේ බොහෝ අය බලාපොරොත්තු වෙන්නේ කොළඹ හෝ ඊට තදාසන්න තැනක තමන්ගේ පත්වීම හදාගන්න. ඒකට හේතු කීපයක් තියෙනවා. විශේෂයෙන්ම අද වෙනකොට නම් පුද්ගලික රෝහල්වල රාජකාරි කරන්නත් මේ අයට අවස්ථාව හම්බවෙන නිසා ඒ වගේම ප්‍රධාන නගරෙක ප්‍රයිවට් ප්‍රැක්ටිස් එක කළාම විශාල මුදලක් හම්බවෙන නිසා, අවශ්‍ය නම් චැනලින් සෙන්ටර් එකකුත් පටන් ගන්න පුළුවන් නිසා බොහෝ අය තමන්ගේ ජීවිතේ ඉදිරි අනාගත බලාපොරොත්තු ටික සර්වප්‍රකාරයෙන් සාර්ථක කරගන්න, සුඛිතමුදිත ජීවිතයක් ගත කරන්න තමන්ගේ වෘත්තීය කැප කිරීම යොදාගන්නවා. ඒකේ වරදක් නෑ. හැබැයි මේ වෛද්‍යවරයාට එහෙම උවමනාවක් ඇති වෙන්නේ නෑ. ඔහු යනවා ඇලයාපත්තුවට. ඇලයාපත්තුවේ දුෂ්කර මිනිස්සුන්ගේ ජීවිත ඔහු දකිනවා. අහිංසක මිනිස්සුන්ගේ ජීවිත ඔහු දකිනවා. ගෙවල් දොරවල් නැතුව පුංචි පැල්පත්වල ජීවත් වෙන මිනිස්සු හේන් කොටන මිනිස්සු අලියා ආවට පස්සේ හැමදේම පැත්තකට දාලා ජීවිතේ හොයාගෙන දුවන්න වෙන මිනිස්සු වගාබිම් , හේන්බිම් අහසට පොළවට පිං දෙමින් රැකගන්න මිනිස්සු මහ වැහි එනකම් අහස දිහා බලාගෙන හූල්ලන මිනිස්සු , කැලේ කොලේ ජීවිතය හොයාගෙන ඇවිදින මිනිස්සු මේ මනුස්සයට හම්බවෙනවා. ඒ අයත් එක්ක ජීවිතය බෙදාගන්නකොට දොස්තර මහත්තයට හිතෙනවා මේ මිනිස්සු වෙනුවෙන් කැපකිරීමක් කරන්න ඕනේ කියලා. අන්න ඒ කැපකිරීම අද වෙනකොට ඒ ගම්මානවල මිනිස්සුන්ට දැනෙන්නේ මහා මෙරක් විදිහට. රෝහලේ නොතිබුණු පහසුකම් රාශියක් මේ වෛද්‍යවරයා විසින් තමන්ගේ මැදිහත් වීමෙන් ඇති කරනවා.

ඒ සියලු පහසුකම් අද වෙනකොට භුක්ති විදින්නේ සාමාන්‍ය මිනිස්සු. අර ගමේ ඉන්න ගොවියෝ, ගමේ ඉන්න දුප්පත් මිනිස්සු. ඒ මිනිස්සුන්ට මේ පහසුකම් දෙන්න මේ වෛද්‍යවරයා රජයෙන් පහසුකම් හම්බවෙනකම් නැත්නම් ආයතනවල ලියුම් කියුම් එනකම් බලාගෙන ඉන්නේ නෑ. සමහර වෙලාවට තමන්ම සිමෙන්ති අනලා තමන්ම වැලි ටික ගෙනැල්ලා දාලා ගමේ මිනිස්සුත් එක්ක එකතු වෙලා ගොඩනැගිලි හදනවා. අද වෙනකොට මේ ඇලයාපත්තුවේ රෝගීන්ට ලේ ටික බලාගන්න, මුත්‍රා ටික බලාගන්න, සියලු පහසුකම් සහිත රසායනාගාර හැදිලා තියෙන්නේ රජයෙන් නැත්නම් අමාත්‍යාංශවලින් ආණ්ඩුවලින් හම්බවුණු උදව්පදව්වලින් නෙමෙයි. මේ සියල්ලම ඇලයාපත්තුවේ දොස්තර මහත්තයගේ කැපකිරීම් මත ලැබුණු දේවල් කියලයි ගමේ මිනිස්සු කියන්නේ. දැන් මේ වෙනකොට මේ ඇලයාපත්තුව රෝහලේ පහසුකම් යම් ප්‍රමාණයකට තියෙනවා. මිනිස්සුන්ට ජීවත් වෙන්න යම් තරමකට මේ රෝහලෙන් දැන් උදව්පදව් හම්බවෙනවා.

හැබැයි කතාව වෙන අතකට මාරු වෙන්නේ එක තැනකදී . ඒ තමයි ඇලයාපත්තුවේ දොස්තර මහත්තයට තර්ජන තියෙනවා කියනකොට. මේ තරම් හොඳ දොස්තර මහත්තයෙකුට මොන එකකට තර්ජන තියෙනවද කියන එක ගැන අපිට තේරෙන්නේ නෑ. හැබැයි ගමේ මිනිස්සුත් එක්ක දොස්තර මහත්තයා උදැල්ල අරගෙන වත්ත පිටිය සුද්ධ කරලා ඒක මිනිස්සුන්ට ජීවත් වෙන්න උදව් කරන රෝහලක් බවට පත් කරපු එක ගැන ස්තූති කරන විදිහද කියන්න අපි දන්නේ නෑ. ඇලයාපත්තුව ගම්මානය අවට ගම්මාන හැටපහක විතර ජනතාව මේ වෙනකොට මේ රෝහලෙන් බෙහෙත් හේත් ගන්නවා කියලයි අපිට දැනගන්න තියෙන්නේ. හැබැයි දැන් මේ වෙනකොට ගමේ හිටපු එක්තරා ගණන්කාරයින් පිරිසක් විසින් දොස්තර මහත්තයත් එක්ක හැප්පෙන්න පටන් අරගෙන තියෙනවා කියලා අපිට දැනගන්න ලැබුණා.

ඒකට හේතුව විදිහට මේ ගමේ මේ අය කියන්නේ මේ රෝහල් ඉඩම පවා මේ අය තමන්ට අවශ්‍ය විදිහට පාවිච්චි කරමින් හිටියාය කියන එක. ගිය අවුරුද්දේ ඉදලා ගමේ ඉන්න ගණන්කාරයෝ විසින් මේ රෝහල ළග අනවසර වී ගබඩාවක් හදන්න එහෙම කටයුතු කරලා තියෙනවා කියලත් කියනවා. ඒ වගේම දොස්තර මහත්තයට එරෙහිව පෙත්සමක් එහෙමත් මේ වෙනකොට ගහලා තියෙනවා කියලයි කියන්නේ. ඒකට ගොවිජන සමිතියේ ඉන්න එක්තරා නිලධාරියෙකුට යම් විදිහක චෝදනාවක් ගමේ අය විසින් එල්ල කරනවා. මේවායේ ඇත්ත නැත්ත අපි හරියටම දන්නේ නෑ. කොහොම නමුත් මේ වෙනකොට මේ යම්කිසි දේශපාලකයෙක්ගේ කිට්ටුවන්තකම් තියෙන එක්තරා කණ්ඩායමක් විසින් මේ වෛද්‍යවරයා ගමෙන් එළවන්න ඕනේ කියලා කටයුතු කරමින් යනවා කියලයි ගමේ අය කියන්නේ. මේ විදිහට ගමේ චණ්ඩි විසින් මේ රෝහලට එරෙහිව කටයුතු කරද්දී දොස්තර මහත්තයට සිද්ධ වෙලා තියෙන්නේ රෝහල ඉස්සරහ ටෙන්ට් එකක් හදාගෙන රෝහලත් රෝහලේ රෝගීනුත් ආරක්ෂා කරන්න ගමේ ඉන්න සාමාන්‍ය මිනිස්සුත් එක්ක රෝහල මුර කරන්න. හැබැයි දොස්තර මහත්තයා ඒ ගැන මැසිවිලි නොකියා ඒ කටයුත්තත් සිද්ධ කරනවා කියලයි අපිට මේ අය , ගමේ අය කිව්වේ.

එහෙමනම් අපි ඉතාම ආදරයෙන් සිහිපත් කරන්නේ මේ වගේ වෛද්‍යවරු මහපොළොවට බරක් නොවී මිනිස්සුන්ගේ හිත සුව වෙනුවෙන් වැඩ කරනකොට අපේ රටේ දේශපාලකයෝ තමන්ගේ හෙන්චයියන්ට ඉතාම කරුණාවෙන් පැහැදිලි කරලා දෙනවනම් හොඳයි මේ මිනිස්සුන්ට ඉන්න දෙන්න කියලා. එහෙම නොවුණොත් අපේ රටේ ජනතාවට වගකීමක් තියෙනවා ඔය හෙන්චයියන්ට උඩින් ඉන්න දේශපාලකයින්ව මැතිවරණය දවසට පුටුවලින් පන්නලා දාන එක. එහෙම වුණොත් දොස්තර මහත්තුරුන්ට ඉස්පිරිතාලවල වැඩ කරගෙන සැනසිල්ලේ ඉන්න ලැබේවි. නැත්නම් සිද්ධ වෙන්නේ මහ එවුන්ට ඕන විදිහට නටන අපේ ගම්වල ඉන්න කසිප්පු මුදලාලිලා ගස් කපන එවුන් එක එක ජාවාරම්කාරයෝ තමන්ට ඕන විදිහට නටවන රූකඩ බවට අපිටත් පත්වෙන්න. ඒ නිසා ඇලයාපත්තුවේ දොස්තර මහත්තයා පරිස්සම් කරගන්න ගමේ මිනිස්සු ගමේ මිනිස්සුන්ගේ රාජකාරිය කරනවා. ගමේ මිනිස්සු ටික පරිස්සම් කරගන්න ඇලයාපත්තුවේ දොස්තර මහත්තය රාජකාරිය කරනවා. එහෙමනම් මේ දෙගොල්ලොම පරිස්සම් කරන එකේ වගකීම තියෙන්නේ රජයට. මහත්වරුනි, බුරන අය බැඳලා තියාගන්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

අපේ මැණිකේ අගේ හින්දා… මැණික වෙනුවෙන් කුලුන බැන්දා…

Next Post

අදානිලාට එරෙහිව වරාය වෘත්තීය සමිති වැඩ අරඹයි

MORE NEWS

ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News
Exclusive

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

දේශපාලන ඩීල් නොකර ජනාධිපති, අගමැති ඉල්ලා අස්වෙන්න! විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ඉදිරියට එයි! (VIDEO)
Exclusive

මාලිමාවේ බලය නැතිවේගෙන යනවා..! ජවිපෙ ශක්තිමත් වෙමින් යනවා! අපිටත් ආණ්ඩුව විවේචනය කරන තැනකට යන්න වෙනවා! මාලිමා න්‍යායාචාර්ය මහාචාර්ය නිර්මාල් රංජිත්ට ආණ්ඩුවේ ගමන ගැන ප්‍රශ්නයක්! VIDEO I Sri Lanka Latest News

Load More
ඩොලරය 330ට යයි!
Exclusive

අපනයනවලින් එන මාසික ඩොලර් ආදායම රුපියල් කරන්න ආණ්ඩුව භාණ්ඩ අපනයනකරුවන්ට දින දෙයි! I Sri Lanka Latest News

භාණ්ඩ අපනයනකරුවන්, ඔවුන්ට අවසර ඇති ගෙවීම් සිදු කිරීම සදහා පමණක් භාවිතා කිරීමෙන් පසුව, ඔවුන්ගේ අපනයන ආදායම, ඊළඟ මාසයේ දහවන දා...

Read more
අනුර නවදිල්ලි සමුළුව අමතයි! I Sri Lanka Latest News

බැරි නම් යනවා කිව්වනේ..! දැන් ඔයාට බෑ කියලා ඔප්පු වෙලා ඉවරයි! අනුරත් ෆේල්..! අනේ ප්ලීස් දැන් යන්න..! VIDEO I Sri Lanka Latest News

මෙන්න මාලිමාවේ වසන්ත සමරසිංහලාගේ හොරු ඇල්ලිල්ල! චෝදනා තියෙන සභාපති කෙනෙක් අල්ලලා ආපහු ලංගමට ගෙනත් දාලා! බොරු මාධ්‍ය සංදර්ශන එපා! කරනවා නම් වැඩේ හරියට කරන්න! ජවිපෙත් එක්ක ඉඳලා එළියට බැහැපු වරුණ රාජපක්ෂ වසන්ත සමරසිංහට කියයි! VIDEO I Sri Lanka Latest News

සරණ හිරේ දැමීමේ ක්‍රෙඩිට් එක ආණ්ඩුවට දාගන්න ප්‍රශ්න අහපු මාධ්‍යවේදියාට සජබෙ වරුණ කටඋත්තර නැතිවෙන්නම දෙයි! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවේ ‘රෙද්ද’ පුළුවන්ද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි..? VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

ගාලු සිරිය වැඩි කරන හැටි ගැන අනුර කතාකරයි! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.