• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සෙල්ලම ලෙල්ලම කරගත්ත ධනුෂ්ක සහ පිට්ටනියෙන් පිට තවත් කතා…

November 16, 2022
in Exclusive, Sports
Reading Time: 2 mins read
A A
සෙල්ලම ලෙල්ලම කරගත්ත ධනුෂ්ක සහ පිට්ටනියෙන් පිට තවත් කතා…
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම මෙවර ලෝක කුසලාන සංචාරය නිමා කරන්නේ ජයග්‍රාහකයන් විදියට නෙවෙයි. හැබැයි හිතුව තරම් නරක නැති සංචාරයක් විදියට මේ සංචාරය නිමා කරන්න අපේ ක්‍රීඩකයන්ට පුළුවන් වෙනවා. එතකොට මේ සංචාරය නිමා වුණාට පස්සේ අපට මොනවද හම්බවුණේ? ඒ ගැන අපි සමාලෝචනයක් කළ යුතුයි. සාමාන්‍යයෙන් අපි ඒක අපේ වගකීමක් විදියට හිතන දෙයක්. ක්‍රිකට් තරගාවලියකින් පස්සේ ඕනෑම කණ්ඩායමක් ඒ තරගාවලියේ ලබාගත් ජයග්‍රහණ සහ ඒ තරගාවලියට අදාළව සිදුවූ සිදුවීම් ගැන යම් සමාලෝචනයක යෙදෙනවා. දැන් අපි සූදානම් වෙන්නෙත් ඒ විදියේ සමාලෝචනයක යෙදෙන්නයි. ඒත් මේ සමාලෝචනය ඒ තරම්ම ලස්සන එකක් නොවේවි කියලයි අපිට නම් හිතෙන්නේ.

සංචාරය නිමා කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම ලංකාවට පිටත් වෙන්න විනාඩි කිහිපයකට කලින් ජාතික කණ්ඩායම නියෝජනය කරපු ධනුෂ්ක ගුණතිලකව ඔස්ටේ්‍රලියා පොලීසිය විසින් ඔවුන් ලැගුම් ගෙන හිටිය හෝටලයට ඇවිල්ලා අත්අඩංගුවට ගන්නවා. ඔහුව අත්අඩංගුවට ගන්නේ ඔහු විසින් දූෂණය කළ බවට එක්තරා කාන්තාවක් කරන ලද පැමිණිල්ලකට අනුව. මේ පැමිණිල්ලෙදී ඇය කියලා තිබුණේ ඩේටින් ඇප් එකක් හරහා ඔවුන් හඳුනාගත් බව. මේ හඳුනාගැනීමෙන් පසුව තමාගේ එපාර්ට්මන්ට් එකට ධනුෂ්ක පැමිණි බව. එසේ පැමිණ තමන්ව බරලහත්කාරයෙන් ලිංගික චර්යාවකට යොමු කළ බව. මේ ගැන විවිධ තර්ක විතර්ක කියැවෙනවා. මේ තරුණිය සැලසුම්සහගතව ධනුෂ්කව මේ සඳහා යොමු කළ බව, ධනුෂ්කව බලහත්කාරයෙන් මේකට අල්ලා ගත්ත බව බොහෝ දෙනෙක් කියනවා. හැබැයි ධනුෂ්ක කියලා කියන්නේ මීට කලිනුත් මේ විදියේ ප්‍රශ්න රාශියකට පැටලුණු කෙනෙක්. ඒක නිසා ධනුෂ්කව මේ වතාවේ මෙහෙම දේකට පටලා ගත්තා කිව්වට ඔහුගේ කැරැට්ටුවේ ප්‍රශ්නයක් ගැන මීට කලිනුත් අපි දැකලා තිබුණා. ධනුෂ්ක ලංකාවෙදී මේ වගේ තරුණියකට අතවර කරන්න යෑම, තවත් වරක ධනුෂ්ක සමාජ ශාලාවකදී සිදුකළ පහරදීම, ඒ වගේම කුසල් මෙන්ඩිස් සහ නිරෝෂන් දික්වැල්ල සමග හෝටල් කාමරයෙන් පිටතට ගොස් අවිනීත ලෙස හැසිරීම කියන මේ කාරණා සියල්ලේදීම ධනුෂ්ක වැරැදිකරුවකු බව පෙනෙන්නට තිබුණු දෙයක්. මෙවර ධනුෂ්කර වැරැදිකරුද, නිවැරැදිකරුද කියන එක තවම නිශ්චය කරගන්න බැරි වුණාට, අපට අනුව නම් ධනුෂ්ක වැරැදිකරු තමයි. ඒකට හේතුව ධනුෂ්ක අදාළ කාන්තාව දූෂණය කළාද, බලහත්කාරකම් කළාද කියන එක නෙවෙයි. කාන්තාවක් සමග ලිංගිකව එකතු වෙද්දී, පිරිමියකුට ඒ කාන්තාව බරපතළ ලෙස විරෝධය පළ කරනවා නම්, ඔහු කොච්චර ශක්තිමත් වුණත් ඈ අකැමැති නම් ඒ කටයුත්ත සිද්ධ කරන්න බැරි බව අපි විශ්වාස කරනවා. එහෙම නම් ඇයි ධනුෂ්ක වැරැදි? කොහොමද ධනුෂ්ක ඔස්ටේ්‍රලියාවේදී ඩේටින් ඇප් එකකින් කාන්තාවක් ඇසුරු කරන්න ගත්තේ? ක්‍රිකට් ගහන්න ගිය ධනුෂ්ක ඇයි ඩේටින් ඇප්වලින් ඒ රටේ ඉන්න ගෑනු හොයන්න පටන් අරගත්තේ? ඒ වගේම ධනුෂ්ක මේක පුරුද්දක් විදියට යන යන රටවලදී කාන්තාවන්ව ඩේටින් ඇප් හරහා ඇසුරු කරන්න පුරුදු වෙලා ඉන්න කෙනෙක්ද? මේ වගේ දේවල් ගැන හොයන්න අවශ්‍යයි. මොකද ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම කියන්නේ රටක් නියෝජනය කරමින් ලෝකයට යන කණ්ඩායමක්. ඔවුන් ලෝක කුසලානයට ගියේ ශ්‍රී ලංකාවේ ජාතික කොඩිය පපුවේ ගහගෙන. ඒ නිසා මාවත් ඔහු නියෝජනය කරනවා. කියවන ඔබවත් ඔහු නියෝජනය කරනවා. මේ රට එදා සිට මේ දක්වා ඉපදුණු, මියැදුණු සියලු දෙනා ඔවුන් නියෝජනය කරනවා. එහෙම නියෝජනය කරමින් ගියපු ක්‍රීඩකයෙක් හැසිරෙන්න අවශ්‍ය නීතිරීති පද්ධතියක් තියෙනවා නම් ඔහුට පුද්ගලිකව ඕනෑ එපාකම් පිරිමහගන්න යන්න එන්න බෑ කියලයි අපේ විශ්වාසය. ඔවුන් ජාතික කණ්ඩායමක් විදියට රටෙන් පෝෂණය වෙන කණ්ඩායමක්. ඔවුන්ට ජාතික කණ්ඩායමක් විදියට වැටුප් ගෙවනවා. එය විශාල වැටුපක්. ඒ නිසා ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙක්ට විනයක් අවශ්‍යයි. ඒ විනයට පිටස්තරව ලෝක කුසලාන තරගාවලියකදී මේ විදියට හැසිරෙනවා නම් ඔවුන්ට ක්‍රිකට් ගැන අවබෝධයක් හෝ අවධානයක් තියාගන්න බැරි බව ඉතා පහසුවෙන් තේරුම් ගන්න පුළුවන් කාරණයක්.

ඒත් ධනුෂ්ක විතරද මෙහෙම කළේ? නෑ. මේ කතන්දරේ නිසා ධනුෂ්කගේ කතන්දරේ එළියට ආවට පහුගිය දවස්වල විවිධ තැන්වලදී විවිධ කතන්දර එළියට එන්න පටන් ගත්තා. ඉන් එකක් තමයි චාමික කරුණාරත්න සමාජ ශාලාවකදී ඇතිකරගත් බව කියන ගැටුම. මේ ගැටුමෙන් පස්සේ දසුන් ශානකට සහ භානුක රාජපක්ෂට ගිහිල්ලා මේ ගැටුම සමථයකට පත්කරන්න හෝ වෙනත් කටයුත්තකට මැදිහත් වෙලා ඔහුව බේරාගන්න සිදුවූ බව සමහර වෙබ් අඩවි වාර්තා කරලා තිබුණා. සිද්ධියේ ඇත්ත නැත්ත කොහොම වුණත් එහෙම දෙයක් සිද්ධ වෙලා නම් චාමිකත්, ඇත්තමට වැරැදියි. ඔහු කොච්චර දක්ෂ ක්‍රීඩකයෙක්ද කියන එක නෙවෙයි වැදගත් වෙන්නේ. ක්‍රීඩකයෙකුගේ දක්ෂතාව හා සමානවම 50ට 50ක් විනය අවශ්‍යයි. විනය රහිත නම් ඔවුන්ට ක්‍රිකට් විතරක් නෙවෙයි අහිමි වෙන්නේ. තමන්වත් අහිමි වෙනවා.

මේ විදියේ තවත් එක සිදුවීමක් වාර්තා වෙනවා. ඒ තමයි අයර්ලන්ත – ශ්‍රී ලංකා තරගයට පෙර ශ්‍රී ලංකා කණ්ඩායම බස් රථයට නගිද්දී විනාඩි 10කට කලින් තමයි භානුක රාජපක්ෂ හෝටලයට ආවේ කියලා කතාවක් කියැවෙනවා. ඒකත් සමහර වෙබ් අඩවි වාර්තා කරලා තිබුණු ප්‍රවෘත්තියක්. භානුක රාජපක්ෂ කියලා කියන්නේ යම් කිසි විනයගරුක ක්‍රීඩකයෙක් කියලා හිතාගෙන හිටපු, ලෝකයක් ආදරය කරපු ක්‍රීඩකයෙක්. ඇත්තටම භානුකගේ හැසිරීමත් ඒ වගේ නම් ඒක විශාල ප්‍රශ්නයක්. වනිඳු හසරංග ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කරන ලෝක මට්ටමේ ක්‍රීඩකයෙක්. ඔහුට ජාත්‍යන්තර ක්‍රීඩා පිටිවල පවා ඉඩ ලැබුණා. ජාත්‍යන්තර තරගවලදී විශේෂයෙන්ම අයි.පී.එල්. තරගවලදී පවා වනිඳු නැතුවම බැරි ක්‍රීඩකයෙක් බවට පත්වෙලා තියෙනවා. ඒත් බීමතින් හැසිරුණු බවට යම් චෝදනාවක් ඔහුටත් එල්ල වෙලා තියෙනවා. ඒ වගේම ක්‍රිකට් කළමනාකරු පවා පාටිවලට යමින් එමින් විනෝද වෙමින් ජොලි කරමින් මේ ලෝක කුසලාන තරග සමය ගත කළ බව තමයි කියැවෙන්නේ. එහෙම නම් ලෝක කුසලාන තරග සමය ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම නියෝජනය කළ ක්‍රීඩකයන්ට ෆුල් සැපක් ගන්න ගිය ටි්‍රප් එකක් වුණාට, ඒක ඇත්තටම එහෙම එකක් නෙවෙයි කියලයි අපි නම් හිතන්නේ. ඒක නිසා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායම යම් විනයගරුක සීමාවක ඉඳලා ක්‍රිකට් ගහනවද නැද්ද කියන එක ගැන දැන් දෙපාරක් තුන් පාරක් හිතන්න වෙනවා. ඒ වගේම ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ උපදේශකවරයෙක් විදියට ඉන්න පළපුරුදු ක්‍රීඩක මහේල ජයවර්ධන යම් කිසි හෝටලයක් විවෘත කරන්න මේ තරග සංචාරය අතරතුරේ ගිය බවත් එක්තරා තැනක දෙකක ප්‍රවෘත්තියක් කියවුණා. ඇත්තටම ක්‍රිකට් හදන්න ඉන්න අය, ක්‍රිකට්වලට අවංකවම ආදරය කරන බවට විශ්වාස කරන අය ක්‍රිකට්වලින් වීරයෝ බවට පත්වුණු අයත් හැසිරෙන්නේ ඒ වගේ නම් අපට කියන්න තියෙන්නේ මෙච්චරයි. වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියලයි. හැබැයි තව එක්ක තියෙනවා කියන්න. ඒ මොකක්ද දන්නවද? අපට තියෙන්නේ ක්‍රිකට් විතරයි. මිනිස්සු සතුටු වෙන්න බලාගෙන ක්‍රිකට්වලින්. අහිංසක මිනිස්සු කොච්චර ක්‍රිකට්වලට ආදරේද කියන එක අපි දන්නවා. ඒ නිසා මේ ආදණීය සැමරුම විනාශ කරලා තම තමන්ගේ ආතල්වලට, අපි ආදරේ කරන ක්‍රිකට් ක්‍රීඩාව කැප කරලා විනාශ කරන්න එපා කියලා අපි බොහොම ආදරයෙන් බොහොම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දරුවන්ට අපලයි අපි කිව්වා! මේ දරුවෙක් ජීවිතයෙන් සමුගත්ත හැටි!

Next Post

මේ තවත් දරුවෙක්ට අද වෙච්ච තවත් අපලයක්! කුඹුරෙන් යද්දි ලියැද්දකට වැටිලා මැරිලා!

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.