කුඹුරු ලියැද්දකට වැටි ජලය පෙවි හුස්ම හිරවීම නිසා පහළොස් හැවිරිදි පාසල් සිසුවෙකු අද පෙරවරුවේ මරණයට පත්ව ඇතැයි ඇහැටුවැව පොලිසිය කියයි .
ADVERTISEMENT
ඇහැටුවැව බණ්ඩාරනායක නවෝද්‍යා මහා විද්‍යාලයේ එකළොස් වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි ඩබ්ලිව් එම් . අශාන් මනෝජ් වන්නිනායක නමැති ශිෂ්‍යයා මෙසේ මරණයට පත්ව ඇතැයි පොලිසිය කියයි .ඔහු ඇහැටුවැව , අත්තනපොළ ප්‍රදේශයේ පදිංචිව සිටි අයෙකි .
මේ ශිෂ්‍යයා පාසල් යාමට පෙර කුඹුරේ සිටි පියාට ය පැළ වී උරයක් කුඹුුරට දී ආපසු නිවෙසට යන අතරතු ලියැද්දකට ඇද වැටි ඇති බවත් පරීක්ෂණවලදි අනාවරණය වු බව පොලිසිය පවසයි