• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ධනුෂ්කට වුණේ පාණ්ඩ්‍යාට අක්තාර්ට නිටිනිට වෙච්ච දේමද?

November 16, 2022
in Exclusive, Sports
Reading Time: 4 mins read
A A
ධනුෂ්කට වුණේ පාණ්ඩ්‍යාට අක්තාර්ට නිටිනිට වෙච්ච දේමද?
Share on WhatsAppShare on Facebook

‘ඔස්ටේ්‍රලියානු අධිකරණය තුළින් හෙළිවන කරුණුවලට අනුව ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක සම්බන්ධයෙන් ඇතිවුණු සිදුවීම් ඉතා බරපතළ බව දැන් පෙනීයනවා. ඔහු තරුණියක් සමග ලිංගිකව එකතුවීමේ සිදුවීමේදී ඔහු කටයුතු කර ඇති බරපතළ ආකාරය ගැන දැන් අධිකරණයේ නිල වාර්තා මගින් හෙළිවී තිබෙනවා. ඔහු ඇය සමග ලිංගික ක්‍රියාවලිය සිදුකිරීමට කටයුතු කරද්දී, ඔහු විසින් ඇයගේ හුස්ම ගැනීම සිදුකරගෙන එම කාර්යය ඉතා බලහත්කාරයෙන් සිදුකළ බවයි හෙළිවී තිබෙන්නේ. ඔහු එහිදී කිහිප වතාවක්ම නැවත නැවතත් ඇයගේ හුස්ම සිරකරනු ලැබූ බවට චෝදනා එල්ලවී තිබෙනවා. මේ නිසා ඇයගේ මොළයට යම් හානියක් සිදුවී ඇතිදැයි දැනගැනීමට මොළය ආශ්‍රිතව ස්කෑන් වෛද්‍ය පරීක්ෂණයක් සිදුකළ යුතු යැයි අධිකරණය තුළින් ප්‍රකාශ වී තිබෙනවා. මෙහිදී ධනුෂ්ක ගුණතිලකට එරෙහිව ප්‍රධාන වශයෙන් චෝදනා හතරක් ගොනුකර තිබෙනවා. අවසරයකින් තොරව බලහත්කාරයෙන් ලිංගිකව එක්වීම ආශ්‍රිතව එම චෝදනා ගොනුකර තිබෙනවා. මෙම චූදිතයා පැමිණිලිකාරිය සමග ඇයගේ නිවෙසට ගොස් තිබෙනවා. එයට පෙර ඔවුන් දෙදෙනා අවන්හලකට ගොස් විත්තිකරු ප්‍රමිතිගත මත්පැන් දෙකක් සමග පැමිණිලිකාරිය බීම වර්ග පහක්ද පානය කර තිබෙනවා. ඉන් පසුව ඔවුන් පීසා අවන්හලක් වෙත ගොස් ආහාරද ලබාගෙන තිබෙනවා. මෙම කාලයේදී විත්තිකරු ඇය බලෙන්ම සිපගෙන ඇති අතර දෙදෙනා එකට ගමන් කිරීමේදී ඔහු විසින් ඇයගේ තට්ටම්වලට තදින් පහරදී ඇති බවත් පැවසෙනවා. එහිදී ඇය බලවත් ලෙස එයට විරෝධය ප්‍රකාශ කර තිබෙනවා. ඇයගේ නිවෙසට ගොස් ඇත්තේ ඉන් පසුවයි….’

‘නිවෙසට පැමිණි පසු එහිදී ලිංගික සංසර්ගයේ යෙදීමට පෙර ඇය විසින් ඔහුට පවසා ඇත්තේ කොන්ඩමයක් පලඳින ලෙසයි. එහෙත් ඔහු එය ප්‍රතික්ෂේප කර තිබෙනවා. කෙසේ හෝ ඉන් පසුව ඔහු කොන්ඩමය පැලඳීමට කටයුතු කර තිබෙනවා. ඔහු ඇය සමග ලිංගික සංසර්ගය ආරම්භ කරන විටදී ඔහු ඇයගේ ගෙල වටා එක් අතක් තබා සිර කරගෙන තත්පර 20 – 30ක කාලයක් සිටි බව හෙළිවී තිබෙනවා. එහිදී ඇය මරණීය තත්ත්වයට පත්ව ඇති අතර ඇය විසින් ඔහුගේ අත මැණික් කටුව මගින් අල්ලා ඉවත් කිරීමට උත්සාහ කළත් එය සාර්ථක වී නැහැ. කෙසේ හෝ චූදිතයා විනාඩි 10-15ක පමණ කාලයක් එක දිගට ලිංගික සංසර්ගයේ යෙදී අති අතර එම කාලයේදී දෙවතාවක්ම පැමිණිලිකාරියගේ ගෙල සිරකරගෙන සිටි බැව් පැවසෙනවා. මෙම ලිංගික ක්‍රියාවලියේදී සංසර්ගයට පෙර ඔහු විසින් ඇයගේ මුඛයට දැඩි බලහත්කාරයෙන් තමන්ගේ ශිෂ්ණය ඇතුළු කළ බවටද චෝදනා නැගී තිබෙනවා. ලිංගික සංසර්ගය නිමවූ පසු ඇය නිරීක්ෂණය කර ඇත්තේ චූදිතයා විසින් මුලින් පලඳින ලද කොන්ඩමය ඇඳ අසල බිම වැටී තිබුණු බවයි. මෙසේ කැමැත්තකින් තොරව ලිංගිකව එක්වීමේදී මුලින් කොන්ඩමය ඉවත් කර දැමීමද චෝදනාවක් ලෙස එල්ලවී තිබෙනවා…’

කුමක්ද මේ ශෘංගාරය දනවන කතාන්දරය? මෙම වගතුගේ එක්තරා කොටසක් නම් ඔබ පසුගියදා අසන්නට ඇත. එය නම් ශ්‍රී ලාංකික ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලක හට සිදුවූ ඇබැද්දියයි. ඔහු ඔස්ටේ්‍රලියාවේදී තරුණියකට ලිංගික අපයෝජනයක් සිදුකිරීම එම කතාවයි. කෙසේ හෝ එම සිදුවීමෙන් පසුව මේ වන විට ඔහුට අධිකරණයෙන් ඇප ලබා නොදී රිමාන්ඩ් භාරයට පත්කර සිටියි. මෙම ආන්දෝලනාත්මක සිදුවීමේ අලුත්ම වගතුග හෙළිවී ඇති ආකාරය ඔබට ඉහතින් ලියා තැබුවේ විදෙස් මාධ්‍ය ආශ්‍රයෙනි. එනම් ඔස්ටේ්‍රලියාවේ ප්‍රකට පුවත්පතක් වන ‘ද සිඩ්නි මෝනින් හෙරල්ඩ්’ (The Sydney Morning Herald) සඳහා සාරා මැක්පී නමැති මාධ්‍යවේදිනිය ලියන ලද නවතම ලිපියක් ආශ්‍රිතව එම කරුණු ලියා තැබුවෙමි. ඇය මෙම තොරතුර ලියා තබන්නේ නවතම අධිකරණ වාර්තා ඇසුරු කරගනිමිනි.

කෙසේ හෝ ධනුෂ්ක ගුණතිලකගේ මෙම සිදුවීම හේතුවෙන් ශ්‍රී ලංකාවටත්, මුළුමහත් ක්‍රිකට් ක්ෂේත්‍රයටත් කළු පැල්ලමක් එක්කර හමාරය. පසුගිය දා T-20 ලෝක ක්‍රිකට් තරගාවලිය පැවැත්වෙන කාලයේදී මෙම සිදුවීම ඇතිවී තිබේ. එසේම මෙම සිදුවීම දැන් නීති ක්ෂේත්‍රය තුළ දිගහැරී තිබෙන්නේ ස්ත්‍රී දූෂණයක ආකාරයෙනි. එහෙත් කෙසේ හෝ මෙතෙක් අධිකරණය එවැනි නිගමනයකට පැමිණ නැති අතර මෙම නඩුව විනිශ්චය කිරීම ආරම්භ කළා පමණකි. එසේ වුවද යටකී සිදුවීම ඉතා බරපතළ එකක් බැව් පෙනී යයි.

31 හැවිරිදි ධනුෂ්ක ගුණතිලක විසින් අතවරයට ලක්කළා යැයි පැවසෙන 29 හැවිරිදි ඔස්ටේ්‍රලියානු ජාතික තරුණිය සහ ධනුෂ්ක මින් පෙරද හඳුනාගෙන සිටි දෙදෙනකු නොවේ. ඔවුන්ගේ හඳුනාගැනීම සිදුවන්නේ ධනුෂ්කගේ T-20 සංචාරය අතරතුරදීය. එනම් මෙය නූතන අන්තර්ජාල තාක්ෂණය ඇසුරෙන් සිදුවූ සමාජ මාධ්‍ය ජාල ක්‍රියාවලියකි. මොවුන්ගේ මෙම හඳුනාගැනීම සඳහා භාවිත කර ඇත්තේ නූතන සමාජයේදී භාවිත කෙරෙන ‘ඩේටින් ඇප්’ නමැති සමාජ මාධ්‍යයයි. අද ලොව පුරා බහුතරයක් තරුණ පරපුර අතරෙහි මෙම සමාජ මාධ්‍ය භාවිත වෙයි. ඔවුන් තමන්ගේ ස්මාර්ට් ජංගම දුරකතනය හරහා මෙම ක්‍රියාවලිය සිදුකරයි. Dating යන ඉංග්‍රීසි වදනෙහි නිසි තේරුම වන්නේ කාලය නිර්ණය කිරීම යන්නයි. එහෙත් මෙහිදී එම තේරුම බද්ධ වන්නේ ආලය හෝ ආදරය සමගය. එනම් මාර්ගගත ආලය (Online Dating) කිරීමේ ක්‍රියාවලියක් අර්ථවත් වෙයි. මෙහිදී මෙම නවීන පරිගණක තාක්ෂණය භාවිත කරමින් විවිධ පුද්ගලයන් තමන්ගේ විරුද්ධ ලිංගිකයා සමග සබඳකම් ඇතිකර ගනියි. මේ ආකාරයේ මාර්ගගත ආලය සඳහා නිර්මාණය කෙරුණු ඩේටින් ඇප් විශාල ප්‍රමාණයක් අන්තර්ජාලයෙහි ක්‍රියාත්මක වෙයි. දැන් ඔබට එම වටපිටාව පැහැදිලිය. එසේ නම් දැන් නැවත ඉහත කතාන්දරයට යමු. ධනුෂ්ක ගුණතිලක ඉහත තරුණිය හඳුනාගන්නේ ‘ටින්ඩර්’ (Tinder) නමැති සමාජ මාධ්‍ය යෙදවුම හරහාය. ටින්ඩර් යන ඉංග්‍රීසි වදනෙහි තේරුම ගිනි පුපුර යන්නය. මෙයට වසර 10කට පෙර ඇමෙරිකාවේදී ආරම්භ කෙරුණු මෙම ජාලය සමග මේ වන විට ලෝකයේ තරුණ පිරිස මිලියන 06කට අධිකව දායක වී ඇත. ලොව වටා විවිධ භාෂා 56කින් ක්‍රියාත්මක මෙම සමාජ මාධ්‍යය ශ්‍රී ලංකාව තුළද අතිශය ජනප්‍රියය. යම් මුදලක් ගෙවීම හරහා මෙයට දායක විය හැකිය.

මේ ආකාරයට ධනුෂ්ක සහ ඉහත තරුණිය තම සබඳතාව ගොඩනඟාගෙන ඇත්තේ ටින්ඩර් සමාජ මාධ්‍ය හරහාය. කෙසේ හෝ ඔවුන් T-20 තරගාවලිය සඳහා සහභාගි වීමට ගිය කෙටි කාලය තුළදී මෙම ආදර සබඳතාව ගොඩනගාගෙන ඇත. ඒ අනුව දින 3-4ක කාලයක් ගතවූ පසු මෙම දෙදෙනා මුල් වරට ශාරීරික වශයෙන් හමුවීම සිදුකර ඇත්තේ 2022 නොවැම්බර් 02 වැනිදාය. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නවාතැන් ගෙන ඇත්තේ ඔස්ටේ්‍රලියාවේ විශාලතම සහ අතිශය කාර්යබහුල ස්ථානයක් වන සිඩ්නි නගරයේ පිහිටා තිබෙන ‘හයිට් රිජන්සි’ හෝටලයේය. අතවරයට ලක්වූවා යැයි කියන තරුණිය ජීවත්ව සිටින්නේ එම සිඩ්නි නගරයට ආසන්න ‘රෝස් බේ’ නමැති ප්‍රදේශයේය. කෙසේ හෝ දෙදෙනා කතිකා කරගත් පරිදි ඔවුන් මුල් වරට නොවැම්බර් 02 දා සිඩ්නි නගරයේදී සවස් යාමයේදී හමුවෙති. ඉන් පසුව ඔවුන් දෙදෙනා සුහද කතිකාවක් සඳහා එම නගරයේ ඇති සුඛෝපභෝගී මත්පැන්හලක් වන ‘ඔපෙරා බාර්’ වෙත යයි. ඉතා මිල අධික සේවාවක් සහිත මෙම මත්පැන්හල පිහිටා තිබෙන්නේ ලෝකයේ සුප්‍රකට සිඩ්නි ඔපෙරා හවුස් පරිශ්‍රයේය. මෙම මත්පැන්හලේදී ධනුෂ්ක විසින් මිල අධික ප්‍රමිතිගත මත්පැන් වීදුරු දෙකක් පානය කර ඇති අතර, තරුණිය විසින්ද මද්‍යසාර සහිත බීම වර්ග 05ක් පානය කළ බව පැවසෙයි. මේ අතරවාරයේදී ධනුෂ්ක බලහත්කාරයෙන් තරුණියගේ දෙතොල් කිහිප වතාවක්ම සිපගත්තේ යැයි මාධ්‍ය වාර්තා කියා සිටියි. කෙසේ හෝ ඉන් පසුව මෙම තරුණ යුවල රාත්‍රී ආහාරය සඳහා ‘ෆ්‍රැන්කීස් පීට්සා’ නමැති අවන්හල වෙත ගොස් ඇත. එහිදී ආහාර ලබාගත් ඔවුන් රෝස් බේ පිහිටා තිබෙන තරුණියගේ නිවෙසට ගොස් ඇත්තේ ‘ෆෙරි’ යාත්‍රාවක් මගිනි. එම ප්‍රදේශයට යා යුත්තේ ජලාශ ප්‍රදේශයක් හරහා වීම එයට හේතුවයි. මේ වන විට රාත්‍රිය ගතවෙමින් තිබිණි.

කෙසේ හෝ ධනුෂ්ක අදාළ තරුණිය සමග නිවෙසට පැමිණෙන ගමනේදී ස්ථාන කිහිපයකදීම ඔහු විසින් ඇයගේ දෙතොල් බලහත්කාරයෙන් සිපගෙන ඇති අතර ඔහු ඇයගේ තට්ටම්වලට වැරෙන් පහරදී ඇතැයි පැවසෙයි. එහිදී ඇය තරහෙන් යුතුව ඔහුට බැණවැදී ඇතැයිද කරුණු ප්‍රකාශ වෙයි. කෙසේ හෝ ඔවුන් නිවෙසට පැමිණීමෙන් පසුව බලහත්කාර ලෙස ලිංගික අපයෝජනය සිදුවී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. එනම් එහිදී සිදුවී ඇති ලිංගික ක්‍රියාවලිය ගැන බොහෝ පැහැදිලි කරුණු රැසක් ඔබට මෙම ලිපිය ආරම්භයේදී ලියා තැබුවෙමි. අධිකරණ නිල වාර්තා ඇසුරු කරගනිමින් විවිධ විදෙස් මාධ්‍ය විසින් එම තොරතුරු අනාවරණ කර තිබිණි. කෙසේ හෝ එම තොරතුරු නැවත මෙහි ලියන්නේ නැත. ධනුෂ්ක ගුණතිලක එම ලිංගික ක්‍රියාවලියෙන් පසුව කුලී රථයක් ගෙන්වාගෙන ඇයගේ නිවෙසින් බැහැරව ගොස් ඇත. එසේම ඔහු නැවත ‘ෆෙරී’ යාත්‍රාවක් මගින් සිඩ්නි නුවර තම හෝටලයට පැමිණ ඇත. කෙසේ හෝ පසු දින අතවරයට පත්වූවා යැයි පැවසෙන තරුණිය උදය වරුවේ නින්දෙන් නැගිටගත් පසුව දැක ඇත්තේ තමන්ගේ ශරීරයේ බොහෝ ස්ථාන තදබල ලෙස තැළී රත්පැහැ ගැන්වී ඇති ආකාරයයි. එසේම ඇයගේ ශරීරය මහත් වේදනාවකින් පිරී තිබෙන බවත්, කිසිදු දෙයක් කරගැනීමට නොහැකි තත්ත්වයකට පත්ව ඇත. පසුව ඇය මහත් සේ ශෝකයට පත්ව හඬන්නට පටන්ගෙන ඇති අතර මෙම සිදුවීම ගැන තොරතුරු තම මිතුරියන් දෙදෙනකුට දුරකතනයෙන් කතාකර පවසා ඇත. එහිදී මිතුරියන් පැමිණ ඇති අතර සිද්ධිය අවබෝධ කරගෙන එදිනම පොලීසිය වෙත ගොස් පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. එසේම ඇය ප්‍රධාන පෙළේ රෝහලක් වෙත ගොස් වෛද්‍ය පරීක්ෂණයකට සහභාගි වූවාය. එය ලිංගික අතවරයක් වෙනුවෙන් සිදුකෙරෙන විශේෂ වෛද්‍ය පරීක්ෂණයක් විය. මේ අතර වහා ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් තරුණියගේ නිවෙස වෙත ගොස් ස්ථානීය පරීක්ෂණයක්ද සිදුකළේය.

නිවෙසේ සිදුකළ පරීක්ෂණයේදී පොලීසියට වැදගත් සාක්ෂි කිහිපයක් සොයාගැනීමට හැකිවී ඇත. එහිදී භාවිත කළ කොන්ඩමයක්, ටිෂූ කඩදාසි, ඇඳඇතිරිලි, ඇඳුම් සහ තවත් භාණ්ඩ කිහිපයක් සොයාගෙන ඇති අතර එම භාණ්ඩ අධිකරණ වෛද්‍ය පරීක්ෂණය සඳහා ඉදිරිපත් කර ඇත. කෙසේ හෝ ඊට පසු දිනම විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් ‘හයිට් රිජන්සි’ හෝටලයේදී ධනුෂ්ක ගුණතිලක අත්අඩංගුවට ගනු ලැබුවේ ඔහු තම ක්‍රිකට් කණ්ඩායම සමග ශ්‍රී ලංකාවට පියාසර කිරීමට ගුවන් තොටුපළට යෑමට සූදානම් වෙමින් සිටියදීය. අත්අඩංගුවට ගැනීමෙන් පසුව ඔහු පසු දිනම අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවේය. කෙසේ හෝ නඩුව විමසූ මුල් දිනයේදීම ධනුෂ්ක වෙත ඇප ලබාදීම ප්‍රතික්ෂේප කෙරුණු අතර වහා රිමාන්ඩ් භාරයට පත්කිරීමට විනිසුරුවරයා නියෝග කළේය. ඒ අනුව ඔහු සිඩ්නි නුවරින් කිලෝමීටර් 35ක් දුරින් පිහිටි ‘පාර්ක්ලියා’ බන්ධනාගාරය වෙත රැගෙන යන ලදී. මෙම බන්ධනාගාරය ඔස්ටේ්‍රලියාවේ තිබෙන ප්‍රධානතම සහ උපරිම ආරක්ෂාව සහිත බන්ධනාගාරයක් වන අතර එය වෙන්ව ඇත්තේ පිරිමි සිරකරුවන් සඳහා පමණක් වීම විශේෂත්වයකි. දැනට මෙම බන්ධනාගාරයේ සිරකරුවන් 1,350ක් පමණ සිටින බව පැවසෙයි. මෙයට වසර 40කට පෙර 1983දී විවෘත කරන ලද මෙම සිරගෙය තුළ ඉතා දරුණු ගණයේ පිරිමි සිරකරුවන්ද සිටින බව පැවසෙයි. කෙසේ හෝ ධනුෂ්ක ගුණතිලක මෙම සිරගෙදර වෙත යැවුවද ඔහුට තවමත් අධිකරණය විසින් ස්ථිර දඬුවම් නියම කර නැත. දැනට පවතින නඩු විභාගය අවසානයේදී එම ස්ථිර දඬුවම නියම කිරීම හෝ නිදහස් කිරීම හෝ සිදුවනු ඇත. කෙසේ හෝ එම අවසාන නිගමනයන් සඳහා තවත් මාස කිහිපයක කාලයක් ගතවනු ඇතැයිද පැවසෙයි. මෙම නඩුව නැවත කැඳවීමට දින නියම කර ඇත්තේ ලබන 2023 ජනවාරි 12 වැනිදාටය. එනම් තවත් මාස 02ක කාලයකින් පසුවය.

ඔස්ටේ්‍රලියානු අපරාධ නීතියට අනුව ස්ත්‍රී දූෂණයකට වැරැදිකරු වන පුද්ගලයකුට වසර 04 සිට වසර 19 දක්වා සිර දඬුවම් නියම වෙයි. අපරාධයේ ස්වභාවය සහ චෝදනා ප්‍රමාණයට අනුව එම සිර දඬුවම් කාලය නිර්ණය කෙරෙයි. කෙසේ හෝ ධනුෂ්ක වෙනුවෙන් එවැනි දඬුවමක් පනවා නැතත් ඔහුට ඊළඟ නඩු දිනය තෙක් (ජනවාරි 12) විශෝධන සිරකරුවකු ලෙස ඉහත බන්ධනාගාරයේ සිරගතව සිටිය යුතුය. එසේම තවත් පුවතක් ලෙසින් වාර්තා වන්නේ මෙවැනි ලිංගික අපරාධ නඩු විනිශ්චය කර තීන්දුවක් ලබාදීම සඳහා ඇතැම් විට මාස 10ක පමණ කාලයක්ද ගතවන බවය. එය ඔස්ටේ්‍රලියානු අධිකරණ ක්‍රමවේදයක් යැයිද එරටින් ලැබෙන පුවත්වලින් හෙළිවෙයි. කෙසේ හෝ එවැනි වටපිටාවකදී ධනුෂ්ක ගුණතිලකට ලෙහෙසියෙන් ගැළවීමක් නැති බවද පෙනීයයි. තත්ත්වය කුමක් වුවත් ඔහුට ඉහත බන්ධනාගාරයේ නඩු දිනය එන තෙක් මාස 02ක් සිර දඬුවම් විඳිය යුතුය. එසේම මේ අතර ශ්‍රී ලංකාවේ ක්‍රිකට් කවුන්සිලයද ධනුෂ්ක ගුණතිලකට එරෙහිව විනය කඩකිරීම මත නීතිමය පියවර ගණනාවක් ගෙන ඇත. කෙසේ හෝ මෙයට පෙර අවස්ථා ගණනාවකදීම විවිධාකාරයෙන් විනය කඩකිරීම් ගැන ඔහුට එරෙහිව පියවර ගෙන ඇති අතර දඬුවම්ද ලබාදී ඇත. කෙසේ හෝ මෙම ලිංගික අතවර සිද්ධිය එම සිදුවීම්වලට වඩා අතිශය බරපතළ එකක් විය.

මේ වන විට ලෝකයේ ප්‍රකට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩකයන් 09 දෙනකු ස්ත්‍රී දූෂණ චෝදනා යටතේ දඬුවම් ලබා ඇත. ඔවුන් නම් ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක හර්ඩික් පන්ද්යා (Hardik Pandya), ඉන්දියානු ක්‍රිකට් ක්‍රීඩක මුනාෆ් පටෙල් (Munaf Patel), පාකිස්තානු ක්‍රිකට් ක්‍රීඩක ෂෝයිබ් අක්තාර් (Shoaib Akhtar), දකුණු අප්‍රිකානු ක්‍රිකට් ක්‍රීඩක මක්හයා එන්ටිනි (Makhaya Ntini) බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ක්‍රීඩක රයන් හින්ඩ්ස් (Ryan Hinds), ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක උදේ ජෝෂි (Uday Joshi) ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩක ඉයන් කින්ග් (Ian King), බංග්ලාදේශ ක්‍රිකට් ක්‍රීඩක රුබෙල් හසන් (Rubel Hossain) සහ ඔස්ටේ්‍රලියානු ක්‍රිකට් ක්‍රීඩක ලුක් පොමර්බක් (Luke Pomersbach) ඔවුහු වෙති.



ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

බංකොලොත් වෙලා තියෙන රටේ ඇයි පාරවල් හදන්න මෙච්චර පෙරේත? තවත් ඇමැතිලා 10ක් පත්කරලා ඇමැතිවරු 70ක් නඩත්තු කරන්නේ කොහොමද? අරගලය කරපු තරුණයන් ඉල්ලුවේ හොරුන්ට දඬුවම් දෙන්න! ඇයි ජනාධිපතිතුමා හොරුන්ව රකින්නේ? ජනතාවට සහනයක් දෙන්න කිසිම යෝජනාවක් නැත්තේ ඇයි? රනිල්ගේ අයවැය කුඩුපට්ටම් කරමින් හර්ෂ ද සිල්වා පාර්ලිමේන්තුවේ කළ කතාව මෙන්න! මේක අහන්න ඇත්තටම වටිනවා! (VIDEO)

Next Post

මාලදිවයිනේ නෂීඩ් ලෝකෙ වටේ යන්නේ ලංකාවේ සල්ලිවලින්ද? එහෙම ගිහින් අපිට මොකක්ද වුණේ?

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.