• About us
  • Contact us
Tuesday, July 28, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

ලෝකෙටම තර්ජනයක් වූ ත්‍රස්ත නායකයන් දැන් තලේබාන් ආණ්ඩුවේ!

October 27, 2021
in News, Politics
Reading Time: 3 mins read
A A
අරමුදල් පතා තලේබාන්ලා ජාත්‍යන්තරය අන්දවයි
Share on WhatsAppShare on Facebook

ඇමරිකාවේ වෙළෙඳ මධ්‍යස්ථානයට ප්‍රහාරය එල්ල වී මේ වන විට හරියට ම වසර විස්සකි (20).

ඇෆ්ගනිස්තානයේ සංක්‍රන්තික තලෛබාන් පාලනය අල්කයිඩා සංවිධානය සමග ගනුදුනු කිරීමේ කුමන්ත්‍රණකාරී කාර්යයක් මේවන විට රහසි ගතව ආරම්භ කර තිබේ.
එහි ප්‍රධනියා වශයෙන් නම්කෙරී ඇත්තේ සිරාජුදීන් හකානි:ය. හෙතෙම සාමාන්‍ය පුරවැසියන් සිය දහස් ගණනක් ඝාතනය කරමින් ආබාධිත තත්වයට පත්කළ බිහිසුණු ඝාතකයෙකි. අල් කයිඩා හර පද්ධති නායකත්වය නොවන නායකයා ඝාතනය හෝ ආබාධිත තත්ත්වයට පත්කළ තැනැත්තා වශයෙන් ද හකානි හැඳින්වේ. මේ වන විට ඔහු ඇෆ්ගනිස්ථානයේ පාලන අධිකාරියේ ත්‍රස්තවාදී ක්‍රියා මර්ධනය කරන්නා වූද ජාතික ප්‍රතිපත්ති අධීක්‍ෂණය කරන්නා වූ ද බුද්ධි සේවා සහ වෙනත් අභ්‍යන්තර කටයුතුභාර ආරක්‍ෂක ඇමතිවරයායි.

“මේ කරුණ සැලකිල්ලට ගැනීම බොහෝම වැදගත්” බව ඇමරිකාවේ ආරක්‍ෂක උපදේශන ආයතනයක ප්‍රතිපත්ති සහ පර්යේෂණ අධ්‍යක්‍ෂ කොලින් ක්ලාව් කියයි.

කෙසේවෙතත් මේ බිහිසුණු පුද්ගලයාගේ නැගීම ජෝ බයිඩන් ගේ පාලනයට සේම බටහිර වෙනත් රාජ්‍යවලටද එතරම් හිතකර එකක් නොවක බව පවසන විමර්ශකයෝ ත්‍රස්ත තර්ජන එල්ලවීමේ හැකියාව වේගවත් විය හැකි බව ද පෙන්වා දෙති. එතකුදු වුව මේ වන විට ඇමති හකානි ද ඇතුළු අල්කයිඩා සහ තලෛබාන් යන කණ්ඩායම් සිය පසුගිය ඝාතන ප්‍රතිරූපය වෙනුවට මිත්‍රශීලී ප්‍රතිරූපයක් ජාත්‍යන්තරයට මවා පෑමක යෙදෙන බව ද පෙනේ. එ සේ රංගනයක යෙදීමට හේතුව තමන්ට අවශ්‍ය අරමුදල් උපයා ගැණිමේ අරමුණින් බව ද පැහැදිලිව ඇත.

ඇමති හකානි සහ අල්කෛඩා සංවිධානය අතර පවත්නේ යැයි කියන සම්බන්ධතාව ගැන ඇමති හකානි ගෙන් විමසීමට තමන් ඉක්මන් වී නැති බව තලෛබාන් මාධ්‍ය ප්‍රකාශක පසුගිය දා කීවේය. සිරාජුදීන් හකානි ඇමරිකාවේ FBI ලැයිස්තු ගතයෙකි.අත්අඩංගුවට ගැනීමට නිවැරදි තොරතුරකට ත්‍යාගය ඩොලර් පනස් ලක්‍ෂයකි(50,00,000) එහෙත් ඇමරිකනු රාජ්‍ය දෙපාර්තමේන්තුව පිරිනමන ත්‍යාගය ඩොලර් මිලියන දහයක් හෙවත් කෝටියකි (1,00,00,000).

ඔහු ලෝකයටම පිළිලයක් තරම් වන ත්‍රස්තවාදියකු බව රාජ්‍ය දෙපාර්තමේන්තුව නිවේදනය කර ඇත. සිරාජුදීන් හකානි 2008 කාබුල් නගරයේ හෝටල් සංකීර්ණයට ප්‍රහාරයක් එල්ල කර ඇමරිකානුවන් හය(6)දෙනකු ඝාතනය කිරීම සම්බන්ධව ප්‍රශ්ණ කිරීමට සහ ඇමරිකන් හමුදා ඉලක්ක කර එල්ල කළ ප්‍රහාර ගණනාවක් සම්බන්ධයෙන් අවශ්‍ය වී ඇත්තෙකි.

හකානිට එල්ල වී ඇති තවත් චෝදනාවක් නම් හිටපු ඇෆ්ගනිස්ථානු ජනාධිපති හමීඩ් කරසායි ඝාතනයට තැත් කිරීමය. මේ ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන කරුණුය. කලීල් හකානි ඇෆගනිස්තානයේ සරණාගතයන් පිළිබඳ වැඩ බලන ඇමති ය.ඔහු සිරාජුදීන් හකානි ඇමතිගේ මාමණ්ඩියයි. කලීල් හකානි අත් අඩංගුවට ගැනීමට තොරතුරු සපයන්නකුට ත්‍යාගය ඩොලර් පනස් ලක්‍ෂයකි(50,00,000) අල්කෛඩා සංවිධානය සමග සම්බන්ධතා පැවැත්වීම සහ ප්‍රහාර ගණනාවක් එල්ල කිරීමට ඒ සංවිධානයට සහායවීම චෝදනා බව ඇමරිකන් රාජ්‍ය දෙපාර්තමේන්තුව කියයි.

“තලෛබාන් ආණ්ඩුව සමග අපේ සම්බන්ධතා ජාතික අවශ්‍යතා සඳහා පමණි.අපේ ජතික අවශ්‍යතා යනු අපේ පාක්‍ෂිකයන් ගේ අවශ්‍යතායි”රාජ්‍ය ලේකම් ඇන්තනී බ්ලින්කන් කියයි. ඇමරිකාව විසින් ඇමති සිරාජුදීන් හකානි ඇතුළු ඇෆ්ගනිස්තාන් නව පාලන ආණ්ඩුවේ අසාදු ලේඛන ගත කරනු ලැබ ඇති ඇමතිවරුන් ගේ නම් එම ලැයිස්තුවෙන් ඉවත් කරන ලෙසට තලෛබාන් සංවිධානය ඇමරිකාවෙන් ඉල්ලා ඇත.

එසේම හකානිට එරෙහිව නිකරුණේ අභූත චෝදනා එල්ලකර ඇතැයි තලෛබාන් සංවිධානය ඇමරිකානු රාජ්‍ය නිලධාරීන්ට චෝදනා ද ඉදිරිපත් කර තිබේ.ඒ චෝදනා යටතේ ම ඇමරිකානු රාජ්‍ය නිලධාරීන් දෝහා කටාර් සම්මුතියේ කොන්දේසි උද්ලංඝය කර ඇති බව ද කියයි.

ආරක්‍ෂක ඇමති සිරාජුදීන් හකානිට මේ වන වට ඇති ප්‍රධානම අභියෝගය පසුගිය මාසයේ කාබුල් ගුවන් තොටු පොළට එල්ලවූ අන්දමේ ප්‍රහාර තලෛබාන් විරෝධී සංවිධානවලින් මෙන්ම මුස්ලිම් රාජවලින් ද එල්ල වෙතැයි යන්නය.

කාබුල් ගුවන් තොටට එල්ල වූ ප්‍රහාරයෙන් ඇමරිකන් හමුදා සෙබළුන් දහ තුන්(13) දෙනෙක් ද සාමාන්‍ය වැසියන් එකසිය හැත්තෑ දෙනෙක් ද(170) මියගියහ.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

ඉල්ලුම්පත් ගලා එයි! මහ පක්ෂ කැඩෙන්න ළඟයි!

Next Post

ඇවන්ගාඩ් නඩුවත් ඉවරයි! නීතිපති චෝදනා නොමැති බව කියයි!

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
රටම කතා කරන අල්ලස් කොමිසමේ අලුත් අධ්‍යක්ෂ ජනරාල් විනිසුරු රංග දිසානායක අද රෑ 10ට රතු ඉරට එනවා! ප්‍රශ්න අහන්නේ ක්ලෝඩ්! I Sri Lanka Latest News
Uncategorized

මිනිස්සු මේ විදිහට අත්අඩංගුවට ගන්න අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජෙනරාල් රංග දිසානායකට බලය දුන්නේ කව්ද? VIDEO I Sri Lanka Latest News

තමන් කටයුතු කරන්නේ 2023 අංක 9 දරන පනතට අනුව බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක මහතා පැවසීය.Sri Lanka Latest...

Read more
කෑම-බෙහෙත්-තෙල් ගන්න ඉන්දියාව තවත් ඩොලර් බිලියන 2ක ණයක් දෙයි!

පළමුව අසල්වැසියා..! ඉන්දියාව ලංකාවට ඩොලර් බිලියන 7.5කටත් වඩා ආධාර කරලා! ඩොලර් මිලියන 850ක්ම පිනට දීලා! I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

චමින්ද විජේසිරි බේරාගැනීමේ සටන සජිත් අතහැරලා නෑ! නඩු තීන්දුවෙන් පසු එළියට ආපු විපක්ෂනායක සජිත් කියපු කතාව! VIDEO I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මතුගම බලය සජබය ප්‍රමුඛ විපක්ෂයෙන් අල්ලයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

තේරුමක් නෑ! අධිකරණ ඇමැතිකමෙන් අයින් වෙන්න! සුමන්තිරන් හර්ෂණට දැනුම් දෙයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.