• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කාටත් බිදින්න බැරි ‌පොල‌ොන්නරුවේ වැලි-‌හෝටල්-හාල් මාෆියාව බිදින්න ‌රොෂාන්ට පුලුවන්ද?

December 30, 2019
in News, Politics
Reading Time: 3 mins read
A A
කාටත් බිදින්න බැරි ‌පොල‌ොන්නරුවේ වැලි-‌හෝටල්-හාල් මාෆියාව බිදින්න ‌රොෂාන්ට පුලුවන්ද?
Share on WhatsAppShare on Facebook

රොෂාන්…. එහෙම කිව්වට වැඩිය කවුරුවත් අඳුනන්නෙ නැහැ. හැබැයි රොෂාන් රණසිංහ කිව්වාම නම් හැමෝම අඳුනනවා. මොකද හිටපු ජනාධිපතිවරයකු නියෝජනය කළ පොළොන්නරු දිස්ත්‍රික්කයෙන් ඒ ජනාධිපතිවරයාටම විරුද්ධව දේශපාලනය කරලා, ඒ ජනාධිපතිවරයාගේ බලයට අභියෝග කරලා උඩට ආපු එකම දේශපාලනඥයා තමයි රොෂාන් රණසිංහ කියන්නේ. විධායක ජනාධිපතිවරයකුට විරුද්ධව ඒ ජනාධිපතිවරණයේ උපන් ගමේම දේශපාලනය කරනවා කියන්නේ තරමක කළුගලේ ඔළුව හප්පාගන්නවා වගේ වැඩක්. හැබැයි ඒ අභියෝගය භාර අරගෙන රොෂාන් පොළොන්නරුව පොදුජන පෙරමුණේ, එහෙමත් නැත්නම් පොහොට්ටුවේ දිස්ත්‍රික් නායකයා විදියට කටයුතු කරනවා. එහෙම කරලා අන්තිමේ පොළොන්නරුව පොදුජන පෙරමුණ දිනවලා දීලා හිටපු ජනාධිපතිවරයා යටතේ තිබුණු මහවැලි රාජ්‍ය අමාත්‍ය ධුරයත් ලබාගන්නවා. එහෙම දුෂ්කර ගමනක් ආපු රොෂාන් අද මෙතුවක් කාලයක් පොළොන්නරුව වෙළාගෙන තිබුණු දැවැන්ත මාෆියා කිහිපයකටම එරෙහිව විශාල සටනක් දියත් කරලා තියෙනවා. හාල් මාෆියාව, වැලි මාෆියාව, හෝටල් මාෆියාව, ගල් මාෆියාව මේ කියන එකී නොකී හැම දෙයක්ම එදා ක්‍රියාත්මක වුණේ එකම තැනකින් කියන එක ප්‍රසිද්ධ රහසක්. ඒ මාෆියාවට එදා රාජ්‍ය මට්ටමේ ඉහළින්ම සහයෝගය තිබුණා කියන එකත් ප්‍රසිද්ධ රහසක්. රොෂාන් දැන් ඒ මාෆියාව කඩන්න වැඩ ආරම්භ කරලයි තියෙන්නේ. අපි බලන් ඉමු රොෂාන්ට ඒ පටන්ගත්ත වැඬේ ඉවරයක් කරන්න පුළුවන් වෙනකම්.


ඔබ හිටපු ජනාධිතිවරයාගේ දිස්ත්‍රික්කයේ ඉන්නේ. සාමාන්‍යයෙන් ජනාධිපතිවරු තමන්ගේ දිස්ත්‍රික්කවලට වැඩිපුර බෙදාගන්නවානේ. ඒ නිසා දැන් පොළොන්නරුව සුරපුරයක් වගේ ඇති නේද?
මොනවද කරලා තියෙන්නේ. අවුරුදු හතරහමාරක් මහවැලියෙන් කරපු දෙයක් නෑනේ. හම්බන්තොට වරාය චීනයට දීලා වකුගඩු රෝහලක් හැදුවා. ඒක නෙවෙයි කරන්න තිබ්බෙ. වකුගඩු රෝගෙට මුල් වෙච්ච වතුර ප්‍රශ්නය විසඳන එක. ඒක කළේ නෑනේ. අලි – මිනිස් ගැටුමට විසඳුම් දුන්නේ නැහැ. විශ්වවිද්‍යාලයක් හැදුවෙ නැහැ. ජාතික පාසලක් දුන්නෙ නැහැ. පොළොන්නරුවට අධිවේගී මාර්ගයක්, කර්මාන්ත ශාලා ටිකක් දුන්නෙ නැහැ. 2007 මහින්දගෙ කාලෙ මහින්ද මොරගහකන්ද, උමා ඔය, යාන් ඔය පටන් අරන් නැවැත මහවැලියට පණ දුන්නා. මෙයා මහින්දගෙ නම ගලවලා එයා කළා වගේ විවෘත කළා. පසුගිය කාලෙ මේ මහවැලි ව්‍යාපාරය විනාශ කරලයි තිබුණෙ. මහවැලි කලාප දහයෙන් හතරක් තියෙන්නේ පොළොන්නරුවේ. මා ගැන විශ්වාසය තියලා බැසිල් මහත්තයා මහවැලි රාජ්‍ය ඇමැතිකමට මාව යෝජනා කළා. මහින්ද මහත්තයා නිර්දේශ කළා. ගෝඨාභය මහත්තයා වගකීම දුන්නා. ඒකට මම ස්තුතිය පුදකරනවා. එතුමලා කිව්වේ මන්දගාමීවෙලා තියෙන මහවැලිය කඩිනම් මහවැලියක් කරන්න කියලයි. පසුගිය කාලෙ මහවැලිය තනිකරම දේශපාලනීකරණය කරලා. යම් යම් තැන්වල විශාල ප්‍රශ්න තියෙනවා. හරියට අවභාවිත කරලා. සුදුසුකම් නැති අයට තනතුරු දීලා. දැන් ඔක්කොම ලෙහාගෙනයි යන්නෙ. අපි දැන් වැඩ පටන් ගත්තා. ගෝඨාභයගේ සෞභාග්‍යයේ දැක්ම යටතේ ඇළහැර ඉහළ ඇළ, වයඹ ඇළ, මාදුවාව දකුණු ඉවුර ව්‍යාපෘති වහාම නිම කරනවා.


මේ දවස්වල හාල් ගිනි ගණන්නෙ. පාලන මිලක් දැම්මත් ඒක ක්‍රියාත්මක වෙන්නෙත් නැහැ. චෝදනාව එන්නෙ ඔබතුමා නියෝජනය කරන පොළොන්නරු දිස්ත්‍රික්කයේ ප්‍රධාන මෝල් හිමියන් දෙන්නෙකුට. හාල් මාෆියාවක් කියලා තමයි හැමෝම කියන්නේ?
උගුරට හොරා බෙහෙත් කන්න බැහැනේ. පසුගිය කාලෙ මම ඕවා එළිකරද්දී මාව මරන්න හැදුවා. මගේ දේපොළ ගිනිතිබ්බා. මගේ චරිතය ඝාතනය කළා. පොලිසිය බලාගෙන ඉඳිද්දී මඩ පෝස්ටර් ගැහුවා. මේවා පිටිපස්සේ හිටියේ හාල් මාෆියාවෙ මහමොළකාරයො. ප්‍රධාන මෝල් පහක්, හයක් තිබ්බට ඉස්සරහින්ම ඉන්නෙ දෙන්නයි. ඒ ඩඞ්ලි සිරිසේනයි, සිරිපාල ගම්ලතුයි. මේ හාල් ප්‍රශ්නෙ ආවාම ජනාධිපතිතුමා මේ දෙන්නව ගෙන්නලා කිව්වා. වහාම හාල් මිල පහත දාන්න කටයුතු කරන්න කියලා. මේ හාල් මිල ඉහළ දැමීම තනිකරම මාෆියා වැඩක්. දණ්ඩ නීති සංග්‍රහයට අනුව ආහාර සැඟවීම අපරාධ වරදක්. මේකට අපි වැඩපිළිවෙළක් ගේන්න ඕන. ප්‍රධාන හාල් මෝල් වටලන්න ඕන. වී තොග හංගගෙන ඉන්න අය ගැන ක්‍රියාත්මක වෙන්න ඕන. මේ අය කරන්නෙ අස්වාභාවික ලෙස කෘත්‍රිම ලෙස මිල ඉහළ දාලා ආණ්ඩුව අපහසුතාවට පත්කරන එක. යහපාලන ආණ්ඩුවෙන් මේ මාෆියාව නතර කළේ නැහැ. මේ හාල් මාෆියාකාරයන් රකින්න ඕන නිස. ඒ අය කවදාවත් පාලන මිලක් දැම්මෙ නැහැ. දැන් කීරි සම්බා 170යි. හැබැයි ඒ අය ගත්තේ රුපියල් 52ට. මම කිව්වේ කීරි සම්බාවලටත් 125ක පාලන මිලක් දාමු කියලයි. වී කිලෝ 100කින් හාල් කිලෝ 60ක් හදන්න පුළුවන්. කීරි සම්බා වී කිලෝ 100කින් හාල් කිලෝ 50ක් හදන්න පුළුවන්. මේවයේ අමතර නිෂ්පාදනත් විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ හින්දා අපි වහාම මැදිහත්වෙලා මේ හාල් මාෆියාව නවත්තලා ආණ්ඩුවයි, පාරිභෝගිකයයි දෙකම ආරක්‍ෂා කරගන්න වැඩපිළිවෙළකට යන්න සූදානමිනුයි ඉන්නෙ. මේ වී මාෆියාකාරයො කෝටි ප්‍රකෝටිපතියො වුණේ ඇලඩින්ගේ පුදුම පහනින් නෙවෙයි. ගොවියො ටික හූරා කාලා ඒ අයව හිඟන්නො කරලා.

හාල් මාෆියාවට කොහොමද ඔබතුමාලා මුහුණ දෙන්න හිතාගෙන ඉන්නේ?
අපි ගිය සතියෙත් මේ සම්බන්ධයෙන් ආණ්ඩුව ඇතුළෙ කතා කළා. නැවැත වී අලෙවි මණ්ඩලය ශක්තිමත් කරලා සහතික මිලට සියලු වී රජයෙන් ගන්න අපි සැලසුම කරමිනුයි ඉන්නෙ. ඒ මුදල ගොවි ජනතාව වෙනුවෙන් බැංකුවල තැන්පත් කරලා අවශ්‍ය වෙලාවට ගොවීන්ට නිකුත් කරන්න යෝජනාවක් ඇවිත් තියෙනවා. මේකට ‘සයිලෝ’ ක්‍රමය කියලයි කියන්නේ. ජනාධිපතිතුමාත් මේ ගැන අදහස් දැක්වීමක් කළා. ඒක නම් වී මෝල්කාරයන්ට කොටන්න විතරක් දීලා කෙටුම් කුලියක් දෙනවා. එතකොට වී මාෆියාවක් නැහැ. මේ රටේ සෑම පවුල් 8කටම එක ගොවි පවුලක් ඉන්නවා. ලක්‍ෂ 30ක් ගොවි පවුල්. ඉතින් අපිට වී මෝල්කාරයන් දෙන්නෙක්, තුන්දෙනෙක්ව රකින්න ඕන නැහැ.


එතකොට මේ වැලි මාෆියාව. හාල් මාෆියාව වගේම වැලි මාෆියාව ගැනත් ඔබතුමාට ඉස්සර විශාල වශයෙන් චෝදනා කළා?
ලංකාවේ වැඩිම වැලි ගෙනියන්නෙ පොළොන්නරුවෙන්. වනජීවී කලාපවල වැලි කළමනාකරණය කරන්න පුළුවන් රජයට සම්බන්ධ ආයතනය ජී. එස්. එම්. බී. ටෙක්නිකල් ආයතනය. පහුගිය කාලේ මේකේ හිටපු සභාපතිවරයා සම්පූර්ණයෙන්ම කළේ මේ වැලි මාෆියාවට අත දුන්න එක. මෙතැන හිටියා තව තැරැව්කාරයො කණ්ඩායමක්. හිටපු ජනාධිපතිගෙ සම්බන්ධීකරණ ලේකම්වරුත් හිටියා. දවසකට මෙහෙට එනව. වැලි ලොරි 600ක්. මේ අය ඒ ලොරිවලට ප්‍රමුඛතා ටෝකන් 250ක් දුන්නා. එක ලොරියකින් අල්ලස 10,000ක්. එතකොට මුළු කප්පම් මුදල ලක්‍ෂ 25ක්. ඊට අමතරව ටෙක්නිකල් සමාගමේ නිලධාරීන්ට බලපෑම් කරලා කියුබ් තුනේ ලොරියට කියුබ් 4ක් පටවනවා. එතකොට දවසට ලොරි 400ක් ගියොත් දිනකට වැලි ලොරි 130ක වංචාවක්. ආණ්ඩුවට සත පහක්වත් මේකෙන් ලැබෙන්නේ නැහැ. ඊළඟට මේ ලොරි ඔක්කොම දේශපාලන හිතවතුන්ගෙ. අඩුතරමේ පාක්‍ෂිකයොවත් නෙවෙයි. මේවා ඔක්කොම එළිවෙයි කියන බයට පසුගිය ජනාධිපතිවරණයේදී ගෝඨාභය රාජපක්‍ෂ මහත්තයා දිනපු ගමන් මේ අය සැලසුම් සහගතව එදාම මේ කාර්යාලයට ගිනි තිබ්බා. දැන් පොලිසිය විමර්ශන පටන් අරන් තියෙන්නේ. හොරු ටික ඉස්සරහට අහුවෙයි. ඒ වගේම දැන් අපි මේ වැලි මාෆියාව කඩලයි තියෙන්නේ. දැන් එක්කෙනෙකුට එක ලොරියයි දාන්න පුළුවන්. 10,000 ටෝකන් දෙන්නෙත් නැහැ. විධිමත් ලියාපදිංචි ටිපර් රථ සමාගමකට මේ වැඬේ භාර දෙනවා. ඒ වගේම වැලි කියුබ් 3ට වඩා පටවන්නත් බැහැ. ඉස්සර රුපියල් 13,100ට පටවන කියුබ් තුනේ වැලි ලොරිය මම ගත්තෙත් රුපියල් 32,000ට. දැන් නගර සීමාවේදී වැලි ලොරියක් රුපියල් 19,000ට ගන්න පුළුවන්.


එතකොට ඔබ කරපු ඉතුරු මාෆියා චෝදනා ටික?
කළුගල් මාෆියාවක් තිබ්බා. හෝටල් මාෆියාවක් තිබ්බා. මේවා ඔක්කොම කළේ සහෝදර සමාගමයි. ගජ මිතුරොයි එකතු වෙලා. මේ අය මෙහේ ඔක්කොම වැවි ටික අල්ලගත්තා. ඒවයේ අයිනේ හෝටල් ගැහුවා. රෙස්ටුරන්ට් දැම්මා. වැවට ඕන කරන වතුර ටික පිරෙන්න දුන්නෙ නැහැ. ඒ අයගෙ හෝටල් යටවෙයි කියලා. වැව් අයිනෙ ඉඩම් ටික අල්ල ගත්තා. ගෙවල් ගැහුවා. දැන් අපි ඒ අවශ්‍ය ජල ධාරිතාව බලලා වැව් පුරවන්න කටයුතු කරනවා. මොකද මේ වැව් වතුරෙන් යැපෙන පවුල් 1,30,000ක් ඉන්නවා. මේ දෙතුන් දෙනෙක්ගෙ වාසියටයි, වුවමනා එපාකම්වලටයි පවුල් 1,30,000ක් බිල්ලට දෙන්න බැහැ.


දැන් මහමැතිවරණයට තව මාස කිහිපයයි තියෙන්නේ. ආයෙමත් ඡන්ද ලකුණ ගැන කතාබහක් මතුවෙලා. පිරිසක් පොහොට්ටුවෙන් යන්න ඕන කියද්දි තව පිරිසක් ඡන්දෙට කලින් ගහපු ගිවිසුම්වලට අනුව පුටුවෙන් යන්න ඕන කියනවා. ඔබ ඉන්නෙ පොහොට්ටුවෙද, පුටුවෙද?
මේක අපි පක්‍ෂයට කියන්නම ඕන. 2015 ජනවාරි 8 වැනිදා මහින්ද රාජපක්‍ෂ මහත්තයා ජනාධිපතිවරණයෙන් පරාද වෙද්දි පොළොන්නරුවේ ජ්‍යෙෂ්ඨයන් වෙච්ච සූරියආරච්චි මහත්තයා පැදුරටත් නොකියා මෛත්‍රිපාල සිරිසේන මහත්තයා එක්ක ගියා. සිරිපාල ගම්ලත් මෛත්‍රිපාල එකක තිබ්බ හිතවත්කම් නිසා නිශ්ශබ්ද වුණා. මම විතරයි අන්තිමට පොළොන්නරුවෙ ඉතුරු වුණේ. ඒ වෙලාවෙ මමයි, අමරකීර්ති අතුකෝරලයි, පළාත් සභාවේ ජි. ජී. චන්ද්‍රසේනයි එකතුවෙලා තමයි ඒකාබද්ධ විපක්‍ෂය විදියට වැඩ පටන්ගත්තේ. ඒ යද්දි සිරිසේනලා කිව්වා උඩුගම් බලා යන්න හදනවා කියලා. එක පාරක් අපිව ගෙන්නලා මහින්ද එක්ක අපායෙ යනවද මගෙත් එක්කල ඇවිත් දිව්‍යලෝකෙ යනවද කියලා. ඒ වෙලවෙත් අපි අපායෙ යන්න හරි එළියට බැස්ස. ඊට පස්සේ රාජපක්‍ෂවරුන්ට විතරක් නෙවෙයි මටත් ගහන්න ගත්තා. මට තර්ජන ආවා. බලපෑම් කළා. ව්‍යාපාරවලට ගිනිතිබ්බා. බොරු පැමිණිලි දාලා හිරකරන්න බැලුවා. මාව මරන්න හැදුවා. අපි සිරිසේනලාගෙන් විතරක් නෙවෙයි යූඑන්පීයෙනුත් ගුටි කෑවා. එහෙම අභියෝග මැදයි මම දිස්ත්‍රික් නායකයා විදියට පොළොන්නරුව දිනවන්න වැඩ කළේ. ඒ නිසා පක්‍ෂය යම් යම් තීන්දු ගන්න කලින් අපේ අදහස්වලටත් ඇහුම්කන් දෙන්න ඕනෑ. මම කියන්නෙ අපි ජයග්‍රාහී ලකුණෙන් මහඡන්දෙට යන්න ඕන. අපි මුලින් අතෙන් ගියේ. අත පැරදුණාම පුටුවට ගියා. පුටුව පැරැදුණාම බුලත් කොළේට ගියා. සිරිසේනලා එළියට බැහැලා දිනන්න තිබ්බ මහඡන්දය කකුළෙන් ඇදලා බුලත් කොළ දෙවැනි පාරටත් පැරැද්දුවා. ඊට පස්සෙයි බැසිල් මහත්තය මැදිහත්වෙලා අපිට ඉන්න පොහොට්ටුව හැදුවේ. ජනාධිපතිකම්, අගමැතිකම්, ආණ්ඩු මොනවත් නැතිව ලංකා ඉතිහාසයේ පළමු පාරට අපි මාස තුනක් ඇතුළත ප්‍රාදේශීය සභා ඡන්දය විශිෂ්ට ලෙස දිනුවා. ඊට පස්සේ ජනාධිපතිවරණය ලක්‍ෂ 69ක් අරන් පොහොට්ටුව දිනුවා. මම අහන්නේ මොළේ කළඳක් තියෙන කෙනෙක් කියනවද මෙහෙම දිනන ඡන්ද ලකුණක් අතෑරලා පැරැදිච්ච පුටුවෙන් යමු කියලා. මේ අය පහුගිය ජනාධිපතිවරණයේදීත් සජිත්ව දිනවන්න හොරෙන් හොරෙන් වැඩ කළා. ඒ රෝසි සේනානායකත්, අශෝක් අබේසිංහත් ප්‍රසිද්ධියේම කිව්වා. ඒ කරලත් අපි දිනුවා. අපි මහඡන්දෙදිත් තුනෙන් දෙකක් අරන් පොහොට්ටුවෙන් දිනනවා.

එතකොට දැන් මාධ්‍ය වාර්තා කරලා තියෙනවා මෛත්‍රිපාල සිරිසේන මහත්තයත් පොහොට්ටුවෙන් පොළොන්නරුවට තරග කරන්න හිත හදාගෙන ඉන්නවා කියලා. එහෙම වුණොත් මොකද වෙන්නේ?
එතුමට නාමයෝජනා දෙනවද නැද්ද කියන එක පක්‍ෂයේ තීන්දුවක්. හැබැයි එතුමා එක පාරක් ප්‍රසිද්ධියේ කිව්වා අලුත් පක්‍ෂයක් හැදුවොත් ඒ හදන අයව පාරක් පාරක් ගානේ ඇවිද්දවනවා කියලා. ඉතින් එහෙම කියපු කතාව ඒ අලුත් පක්‍ෂයෙන් ඡන්දෙට එන්න පුළුවන්ද කියන සදාචාරාත්මක ප්‍රශ්නය අපි ඉදිරියේ තියෙනවා. අපි බලමු එතුමගෙ කොන්ද මොන වගේද කියලා.

කපිල පුංචිමාන්නගේ

SendShareShare
Previous Post

දෙයියන්ගෙ මල්ලිත් එක්ක හැප්පෙන්න මහින්දගෙ මල්ලිට පුළුවන්ද?

Next Post

වෙනමම පාලනයක් තියෙන ලංකාවෙම කෑල්ල

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.