• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

උඩින් උඩින් වර බිමින් බිමින් වර පැණිය බොන්න වර පෙත්තප්පු

December 15, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
උඩින් උඩින් වර බිමින් බිමින් වර පැණිය බොන්න වර පෙත්තප්පු
Share on WhatsAppShare on Facebook

සියල්ල උඩු-යටිකුරුව ගිය දේශයක පත්තර රස්සාව පහසු නැත. සමාජයේ බොහෝ දෙනා දුවන්නන්වාලේ දුවමින් සිටිති. ඔබේත්, අපේත් මනාපයෙන් මැතිසබාවල අසුන්ගත් මහත්වරු සහ නෝනලා සිය සාරසොභාෂිත ජීවිතවල විචිත්‍රත්වය විඳිමින් උඩුමහන් තලාවලය. අපේ උන් පාන්දර දෙකේ, තුනේ සිට පැණි පෝලිම්වල ඉඩ අල්ලා ගන්නට පොරකයි. ඒ මිනිසුන්ට බැන්නාය කියා වැඩක් නැත. උන් දුවන්නේ පණ බේරාගන්නටය. ජීවිතය එහි තිබේ යැයි මහ එවුන් නරිනාටක පෙන්නා අවසන්ය. තවමත් මේ රටේ ජනගහනයෙන් වැඩි දෙනෙක් හිතාගෙන ඉන්නේ දේශපාලකයෝ අප කෙරෙහි වූ කරුණාව, දයාව සහ අනුකම්පාව පෙරදැරිව ඔය රස්සාවට පැමිණි බවය. ඒ නිසාම උන්ගේ වන්දිභට්ටකමට සිය ජීවිතයේ මහත්පල මහනිශංසය සහිත පුණ්‍යකර්මයක් යැයි සිතති. නමුත් වැඩිමනක් දේශපාලකයෝ සිය ආත්ම හත, අටකට හම්බ කරගන්නා රස්සාවක් කරන බව අපේ උන්දලා අදහන්නට අකැමැතිය.
මේ කොරෝනා පැණියේ වසක්, දොසක් හෝ වෙන අතුරු ආන්තරාවක් ගැන කියන්නට අපි දන්නේ නැත. ඕකේ හොඳක් ගැන අපිට නම් අංශුමාත්‍ර විශ්වාසයක්ද නැත. අපේ විශ්වාස අවිශ්වාසකම් රටේ මහජනතාවට අදාළද නැත. නමුත් මේ සෙල්ලම තවදුරටත් ඉවසිල්ලේ බලා සිටිනු බැරි තැන ‘මව්රට’ අපි මෙසේ ලියමු. වරදක් වෙතොත් සමා අවසරයි. හොරු නොවන අයට කියමි. ‘හොරුන්ට’ එව්වා මෙව්වා වැඩක් නැති නිසාත්, හොරු සමඟ හෙලුවෙන් ඉන්නා එක ජාතික විනෝදාංශය නිසාත් අපි මේ කියන වචනවල අවදානම ගෙන අවබෝධයක් අප සතුය. එසේම වගකීමද අපි දරමු.
කොවිඞ් ආ වෙලේ සිටම අපි නාඩගම් නැටූ බව ඔබ හට පක්‍ෂ බේද පැත්තක තබා පිළිගත යුතුය. චීනය කොරෝනා රැල්ලෙන් වාසි ගද්දී අපේ පාලකයෝ හිටියේ කකුළුවන් වගේය. කකුළුවන් වගේ යැයි කියූ සැණින් ඔබට සිහියට එන පොදු උදාහරණයේ අන්තර්ගතයක් තිබේ. ඒ ඇදේට යන ගමන් පොඩි එවුන්ට කෙළින් යන්නට උපදෙස් දෙන එකය. ඒකත් මේ කට්ටියට නොගැළපේ යැයි කිවයුතු නැත. නමුත් ඔක්කොටම ගැළපෙන්නේ වෙනමම එකකි. ඒ අතර රත්වෙන තුරු වතුරට බට කකුළුවා ආතල් ගන්නා කතාවය. අපිට මේ වතාවේ වුණේ ඒකය. චීන නෝනාට කොවිඞ් හොඳ වූ පසු හැම පැත්තම ඉඹින්නට ගිය අපිට හොට පැටලුණේය. රට වහන්නට අවශ්‍යම මොහොතේ පස්මහ බැලුම් බලමින් හිඳ අන්තිමේට වුණේ අර මොකක්ද බරක් ඇති එකා වළක් කපන කතාවේ අනිකය. අන්තිමට බර රෙද්දේම අහවර වෙද්දීත් අපි වළේ ගිනිකතුර හොයමින් හිඳිමු. අපි මංගල පස් පිඩැල්ල කපද්දී අමුඩෙත් අදාළ ස්ථානයත් දෙකම ගන්න සංසාරයක් නැත. ඒත් තවම නරිවාදන් අවසන් නැත. ලෝකෙටම වුණ ඒක අපිටත් වෙච්ච බව හැබෑය.
ඒත් බේරෙන්ඩ පුළුවන්, දූපතක් වී හිඳ විපතේ වැටුණු එකට දුකය.

කොහොම නමුත් වෙන්ඩ ඕනෑ හරිය වී අවසන්ය. දැන් මේ ලියන මොහොත වන විට සෑම දිනකම මරණ කිහිපයක් වෙන තරමට රට පත්ව තිබේ. ලෙඩ වූ ගණන තිස් දහස පැනලාය. අපි මේ නාඩගම් නටන්නේ ඒ විපත ඇස් මානයේ තියාගෙනය. ලෝකයේ ප්‍රධාන රටවල් සිය ශක්තිය උපරිමයෙන් යොදවන්නේ කොවිඞ් පරදවන බෙහෙතක් හදාගන්නටය. ඒ වෙනුවෙන් සුබවාදී බලාපොරොත්තුවක් ලැබෙමින් තිබේ. ඒ වෙනුවෙන් ලෝකයම සූදානම්ය. ඇමෙරිකාවේ ජනාධිපතිවරයාව උන් පිරිස පවා මේ වන විට විශ්වාසවන්ත යැයි සැලකෙන එන්නත් සඳහා සිය ශරීරය ලබා දෙන්නට සූදානම්ය. ඒ සිය දේශපාලන න්‍යාය පත්‍ර ගොඩදා ගැනීමට නොවේ යැයි අපි සිතමු. නමුත් අවාසනාවකට මේ එන්නත ලංකාවට ඒ යැයි තවදුරටත් ඇත්තේ හීනයක් පමණි. අපිට සිදුව ඇත්තේ එදා දවස උදාවේදෙන් කියා හිතමින් තැන් තැන්වල පැණි බොන්නටය. රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා ගැනීම සඳහා කුමන මට්ටමේ වැඩපිළිවෙළක් දියත් කර ඇත්දැයි අපි නොදනිමු. එවැන්නක් සඳහා නිවැරැදි වැඩපිළිවෙළකට වඩා රාජ්‍ය ප්‍රධානීන්ද අවිද්‍යාත්මක සෙල්ලං පස්සේ දුවන ආකාරයක් පෙනෙන්නට තිබේ. ලංකාව වගේ පුංචි රටකට මේ වගේ දැවැන්ත ව්‍යසනයක් සමඟ සටන් කළ නොහැකිය. ඒක ඇත්තය. ලංකාවේ දේශපාලකයන්ට පුද්ගලයන් ලෙස ගෙන චෝදනා කළාය කියලා වැඩක් නැත. මේ රජය ගෝඨාභය රාජපක්‍ෂගේ නෙවේ සජිත්ගේ වුණත් ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න බැරිය. මේ අපි රටක් විදියට ඉන්න තැන ගැන තක්සේරු කරගන්නට මරු අවස්ථාවකි. ලෝකයේ බොහෝ රටවල්, ‘වැක්සින්’ එක විදගැනීමේ පෝලිමට එක්ව අවසන්ය. අපිට ඒ පෝලිමේ අහුවෙන්නේ දුරම තැනක් නම්, ඒ අපේ රටේ තරමය. ඒ තැනට අපි වැටෙන්නේ ගම්නියම් ගම්වල අහිංසක මිනිසුන්ගේ වරදකින් නොවේ. හැත්තෑ දෙවසරක් තට්ටු මාරු ක්‍රමයට රට පාලනය කළ එවුන්ගේ දක්‍ෂතාවටය. රට වැටී තියෙන තැන ගැන දැන්වත් අවබෝධයක් ගන්නේ නම්, මේ ඒ සඳහා කාලයයි.
කොරෝනා පැණිය ගැන රටට කිව් එකේ වගකීම සම්පූර්ණයෙන්ම මාධ්‍ය භාරගත යුතුය. කවුරු කොහොම කිව්වත් වගකීම් විරහිත මාධ්‍ය භාවිතය අතිශය භයානකය. කලක සිට අපේ රටට පුරුදුව ඇත්තේ එයයි. කලින් කිහිප වතාවක පෙන්වූ මේ අවභාවිතයේ අප්‍රසන්න බව යළි යළිත් පෙනේ. නැති ප්‍රශ්න ඇති කර විශාල ගැටුම් දක්වා රට ගෙන යෑමට සේම අනවශ්‍ය මෝඩ භාවිතාවන් සමාජගත කරන්නටත්, ලංකාවේ මාධ්‍ය නිර්ලජ්ජිත ලෙස කටයුතු කරමින් සිටී. දේශපාලන න්‍යාය පත්‍රයක් මාධ්‍ය ආයතනයකට තිබුණාය කියා ඒකේ වරදක් නැත. සර්ව ස්වාධීනව වරදක් නැත. සර්ව ස්වාධීන මාධ්‍ය ආයතන බිහි නොවන අතර, ඒවායේ ප්‍රාග්ධන යෙදවුම් අනුව යම් යම් මට්ටම්වලින් පක්‍ෂග්‍රාහී වීම් ලෝකයේ දැවැන්ත මාධ්‍ය ආයතනවල පවා තිබේ. නමුත් මෙහෙ තියෙන්නේ රෙදි නැතිව කඬේ යන න්‍යාය පත්‍රයකි. එක පැත්තකින් දේශපාලකයන්ගේ න්‍යාය පත්‍රයන්ය. තවත් පැත්තකින් අයිතිකාරයන්ගේ න්‍යාය පත්‍රයන්ය. මේ දෙකටම අදාළව ජනතාවට එන ප්‍රවෘත්ති සහ කසිකබල් පණිවුඩ තරයේ වැලඳ ගැනීම ඇර, මිනිසුන්ට වෙන විකල්පයක් නැත.

පහුගිය ජනාධිපතිවරණයට පෙර මිනිස්සු පෝලිමේ කැලණි ගියේ එහෙම ලණුවක් කෑ පසුව බව රහසක් නොවේ. මේ පැණිය ගැන රටට කී මාධ්‍යම ඒ ප්‍රවෘත්තිය බ්‍රේකින් නිවුස් එකක් කර පළකළේය. එහෙව් රටක කොරෝනා පැණිය මාර්කට් වීම අරුමයක් නොවේ.
නමුත් රටපුරාම විවිධ තැන්වල කොරෝනා දරුණු ලෙස පැතිරෙමින් තිබේ. බේත් පෝලිම අතර කිරිකැටියෙක් මියැදුණේය. රටේ මේසා දැවැන්ත බෙහෙතක් තියෙද්දීත් ඒ දරු පැටියා මරණයට පත්වීම රටක් ලෙස අප ලැබූ අප්‍රසන්න අත්දැකීමකි. මේ බෙහෙත සාර්ථක නම් කරන්නට තියෙන්නේ පෝලිමේ බෙහෙත් බෙදන එක නොවේ. ඒ සඳහා නිශ්චිත වැඩසටහනක් සකස් කරගත යුතුය. කෝවිඞ් බරපතළ ලෙස පැතිරෙන කොළඹට බෙහෙත ලබා දිය යුතුය. රෝහල්වල රෝගීන්ටද වහාම බෙහෙත ලබා දිය යුතුය. නිවැරැදිව නම් වගකීමකින් තොරව කිසිදු මෙහෙව් බෙහෙත් දෙන එකේ සිරිතක් නැත. නමුත් මේ බෙහෙත වගකීම් විරහිත යැයි කිසිදාක නොහිතෙන්නේ හේතුවක් නිසාය. ඒ අපේ රටේ සෞඛ්‍ය ඇමැතිතුමිය ප්‍රසිද්ධියේ මේ බෙහෙත් බීලා පෙන්නූ නිසාය. සෞඛ්‍ය ඇමැතිවරියට වඩා කෙනෙක් අපට සෞඛ්‍ය පැත්තට නැත. එයා කියනවා නම් අපි එළකිරිය. අපට මේ බෙහෙත විශ්වාස නම්, තවත් කල්මැරිල්ලෙන් වැඩක් නැත. දවසක් දවසක් ගානේ මිය යන අයට වෙන්නේ අසාධාරණයකි. රටේ එක පැත්තක මිනිස්සු පෝලිමේ යද්දී, ඒ පෝලිමට එක් වෙන්නට අවසර නොදී රෝහල්වලත් නිරෝධායනය මධ්‍යස්ථානවලත් ඉන්නා අයට වෙන්නේ අසාධාරණයකි. ඒ නිසා හොඳ නම් හොඳය. නැත්නම් නරකය. වා නම් වා ය. පෝ නම් පෝ ය. වා, පෝ දෙකක් බැරිය. එක්කෝ මේ බෙහෙත් සෙල්ලම නවතා, ඔහුව නිරෝධායනය නීති කඩකිරීමට වරදකරු කොට දඬුවම් දිය යුතුය. නැත්නම් බෙහෙත රාජ්‍ය මට්ටමින් සකසා රටටම බෙදිය යුතුය. නැතුව ගමේ වල්ඌරෙක් මස් කළා වගේ හඳපානේ පෝලිම්වල යන අයට හොරෙන් බෙදිල්ලෙන් වෙන්නේ වැඬේ වරදින එකය.
බෙහෙත හරි නම් හැදුව කෙනා, දොස්තර මහත්තයාද, බාසුන්නෙහෙද, අරවා, මේවා වැඩක් නැත. බළලා මීයෝ අල්ලයි නම් ඒකා මැටිද, පිත්තලද, රිදීද, රත්තරන්ද වැඩක් නැත. ඒ නිසා මේ ගැන රටක්, රාජ්‍යයක් සහ ජාතියක් ලෙස නිවැරැදිව තීරණයක් ගතයුතුය. නැත්නම් වෙන්නේ වඳින්න යන දේවාලය ඉහේ කඩාවැටෙනා එකය. මේ පෝලින්වල දුක් විඳින මිනිස්සු අසරණය. ඒ අය එන්නේ මාධ්‍යවල කී දේවලුත්, ඇමැතිතුමියගේ සහ රාජ්‍ය ඇමැතීන්ගේ ක්‍රියාකලාපයත් නිසාය. මේ එන්නේ තමන්ගේ පවුලේ එකා දෙන්නව කොවිඞ්වලින් ආරක්‍ෂා කරගන්නටය. ඊට වඩා ලොකු හීනයක් නැත. පාන්දර දෙකේ, තුනේ සිට පෝලින්වල වෙහෙසමින් මේ කරනා දුෂ්කර ක්‍රියාවට ඔච්චම් නොකළ යුතුය. අපේ පන්තියේ මිනිසුන්ට වෙන විකල්පයක් නැත. පිදුරු ගහේ හෝ එල්ලෙන්නට තරම් අපි අසරණය. නැත්නම් මේ සා විසල් අවදානමක් ඇති බව දැන දැනත් ඔය හුඟාක් අය කෑගලු එන්නේ නැත.
ඒ නිසා මහත්වරුනි, නෝනාවරුනි මේ කතාවේ ඇත්ත, නැත්ත රටට කියන්න. කළගෙඩි සෙල්ලං, අරවා මේවා මොනවා කළත් කමක් නැත. අපිට මේ වෙලාවේ තියෙන්නේ එකම එක බලාපොරොත්තුවක් පමණි. ගමේ අහිංසක මිනිහගේ දුක සමහරවිට ඔබ දන්නේ නැත. රජයක් ලෙස මේ අමාරු වෙලාවේ ඔබ කන කට්ට අපි දන්නේ නැත. ඒ නිසා රජයටම මේ වෙලාවේ චෝදනා කිරිල්ලෙන් වැඩක්ද නැත. හැමෝම හැමෝගේම වගකීම් ඉටු කරයි නම් මේ වෙලාවේ පණ බේරා ගත හැකිය. ඒ නිසා පැණිය බොන්නටත්, වැක්සින් එන්නටත් පෙර අපි අත හෝදගෙන, මීටරේ තියාගෙන, මාස්ක් දාගෙන ජීවත් වෙමු. ආරක්‍ෂාව හොඳම බේත බව මතක තබාගනිමු.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

ශ්‍රේෂ්ඨාධිකරණ සංකීර්ණයේ ගින්නක්

Next Post

ශ්‍රේෂ්ඨාධිකරණ ගින්නේ අලුත්ම ෆොටෝ-වීඩියෝව එළියට

MORE NEWS

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

උතුරු නැගෙනහිර වතුකරය එකම පෙරමුණකට! පළාත් සභා ඡන්දය ගන්න ලොකු සටනක් ඇරැඹෙයි! Sri Lanka Latest News

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News
Exclusive

හිටපු පොලිස්පති මැරුවද? මැරුණද? මොකක්ද මේ අබිරහස? Sri Lanka Latest News

Load More
ට්‍රම්ප් ගහපු අත්සනකින් ලංකාවටත් කෙළවෙන්න වගේ යන්නේ! විදෙස් රටවලට දුන් සියලුම ආධාර අත්හිටුවන්න නියෝගයක්! USAID එකෙන් ලංකාවට දීපු ආධාරත් නවතී! 2023දී විතරක් අමෙරිකාව ඩොලර් බිලියන 68ක් ආධාර ලෝකෙට බෙදලා! VIDEO I Sri Lanka Latest News
Exclusive

අනුර ගැසට් එක ගැහුවා! ට්‍රම්ප් තීරු බද්ද අඩු කළා! I Sri Lanka Latest News

අමෙරිකාව විසින් දැනට ක්‍රියාත්මක කර ඇති 10%ක තීරු බදු කාලසීමාව අවසන් වීමත් සමග, ශ්‍රී ලංකාව ඇතුළු වෙළෙඳ හවුල්කාර රටවල් 60ක්...

Read more
රෝහලට ඇතුළත් කළත් සලේ තාම කෑම වර්ජනයේ! සලේගේ පැමිණිල්ල විභාග කරන්න CID නිලධාරීන්ට මානව හිමිකම් කොමිසම එන්න කියයි! I Sri Lanka Latest News

සලේට හෘදය සැත්කමක් කරලා! I Sri Lanka Latest News

මිනීමැරීම් ඇතුළු විවිධ අපරාධ කළ 4ක් අත්අඩංගුවට! Sri Lanka Latest News

චීන පාතාලයත් ලංකාවට බැහැලා! පෝර්ට් සිටියේ යුද්ධයක්! එක කල්ලියක් තවත් කල්ලියක තුන්දෙනකු පැහැරගෙන! එක චීනෙකුගේ මළ සිරුරක් ඇහැළියගොඩදී හමුවෙයි! කට්ටියක් රටින් පනින්න හදද්දී කටුනායකදී අල්ලගනී! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ තුන්වැනි වෙඩිල්ල වත්තලදී! කුඩා දරුවකුගේ උපන්දින සාදයකදී පත්තු වූ වෙඩිල්ලෙන් අයෙක් මරුට! I Sri Lanka Latest News

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.