• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

අවුරුද්දකුත් ගියා: ලෝකෙටම කොරෝනා දුන් වූහාන් අද සුරපුරයක්

November 17, 2020
in News, Politics
Reading Time: 2 mins read
A A
අවුරුද්දකුත් ගියා: ලෝකෙටම කොරෝනා දුන් වූහාන් අද සුරපුරයක්
Share on WhatsAppShare on Facebook

දහඅට සන්නිය, සන්නි යකුම හෝ දහඅට පාලිය යන සෑම වදනකින්ම කියැවෙන්නේ එක්තරා අපූරු කතාන්දරයකි. එනම් අපගේ සිරිලක ජනශ්‍රැතියේ සඳහන් එම අපූරු වගතුග සැබැවින්ම රසවත්ය. එසේම බියකරුය. බියකරු වන්නේ මෙය යක්‍ෂයන්ගේ වගතුගක් හෙයිනි. මහසෝන් සන්නිය, කළුකුමාර සන්නිය, මරු සන්නිය, ගුල්ම සන්නිය, අමුක්කු සන්නිය, ගිනිජල සන්නිය ආදී නොයෙකුත් නම්, ගම්වලින් මෙම සන්නි යකුන් හඳුන්වයි. මෙලෙස සන්නි යකුන් 18ක් වෙති. අපේ ජනශ්‍රැතියේ කියැවෙන ආකාරයට සන්නියක් යනු රෝගාබාධයකි. එනම් ඉහත යක්‍ෂයන් 18 දෙනා විසින් මිනිසුන් වෙත ඇති කරනු ලබන විවිධ රෝගාබාධයන්ය. මෙම රෝගාබාධයන් දුරුකිරීම සඳහා ඉහත යක්‍ෂයෝ උදෙසා විවිධ නැටුම් වෙති. ඒවා බලි – තොවිල් හා ශාන්තිකර්ම ලෙස නම් කරති. අවුරුදු සිය දහස් ගණනක් දිවයන මෙම වතගොතෙහි එකී යක්‍ෂයන් උපත ලැබූ කාලවකවානුවක් ගැන නම් තොරතුරක් දන්නේ නැත.
අද ලොව මිනිසුන්ට අතිශය බියකරු රෝගාබාධයක් දායාද කළ අලුත්ම ජාත්‍යන්තර සන්නිය වන්නේ ‘කොරෝනා සන්නියයි.’ දහඅට සන්නියේ යකුන් මෙල්ල කිරීම සඳහා නටන්නට නැටුම් තිබුණත්, කොරෝනා සන්නිය සඳහා නටන්නට කිසිම නැටුමක් නැත. මේ සන්නිය මෙල්ල කිරීමට ලොව කිසිදු යකැදුරකුට හෝ කට්ටඩියකුට හෝ නොහැකිය. එය එතරම්ම බියකරුය. කෙසේ හෝ අපගේ ජනශ්‍රැතියේ සන්නි යකුන්ට මෙන් නොව, කොරෝනා යක්‍ෂයාට නම් උපන් දිනයක් ඇත. එනම් මේ වන විට ලොව කණපිට හරවා ඇති මේ යක්‍ෂයා තවම කුඩා දරුවෙකි. ඒ අනුව කොරෝනා සන්නිය හෙට, අනිද්දාම සමරන්නට යන්නේ ඔහුගේ පළමු වසරේ උපන් දිනයයි. ලොව බොහෝ දෙනකු නොදත් මෙම වගතුග අපේ රටේ උදවියද බොහෝ දෙනකු නොදත් මෙම වගතුග අපේ රටේ උදවියද දන්නේ අල්ප වශයෙනි.
කොරෝනා සන්නි යක්‍ෂයාගේ පළමුවැනි උපන් දිනය යෙදෙන්නේ මෙම නොවැම්බර් 17 වැනිදාටය. එනම් තව දෙදිනකින්ය. මෙම මාරයාට උපන් දිනයක් නිර්මාණය කර ඇත්තේ කෙසේද? කොරෝනා නොහොත් අතිශය බියකරු ‘කොවිඞ්-19’ යැයි පසුව නම්කෙරුණු වසංගතයේ ප්‍රථම රෝගියා මුලින්ම සොයා ගත්තේ 2019 වසරේ නොවැම්බර් 17 වැනිදා චීනයෙන්ය. චීනයේ හුබෙයි ප්‍රාන්තයේ, වූහාන් නගරයෙන් මෙම ප්‍රථම රෝගියා වාර්තා වූයේය. එනම් 2020 නොවැම්බර් 17 වැනිදාට එම සිදුවීමට හරියටම වසරක් සම්පූර්ණ වෙයි. කෙසේ හෝ මෙලෙස වසරක් සම්පූර්ණ වීම තක්සේරු වන්නේ ප්‍රථම කොරෝනා රෝගියාගේ වාර්තා වීමට අදාළවය. එනම් රෝගියාගේ වගතුග කුමක් දැයි මුලින් කිසිවකුත් තොරතුරු දැන සිටියේ නැත. එනම් චීන රජය එම තොරතුරු හෙළි කිරීමට එරෙහිව බාධා කළේය. එය දීර්ඝ වතගොතකි.
කෙසේ හෝ කොරෝනා ප්‍රථම රෝගියා යනු එය චීනයෙන් පමණක් නොව මුළුමහත් ලෝකයෙන්ම හමුවන ප්‍රථම රෝගියාද වෙයි. 2019 නොවැම්බර් 17දා මෙලෙස කොරෝනා ප්‍රථම රෝගියා සොයා ගත්තද, මුලින් මෙම රෝගියාට තිබෙන්නේ කොරෝනා රෝගය දැයි කිසිදු වෛද්‍යවරයකු අවබෝධ කරග්තතේ නැත. මෙලෙස සඳහන් වන ප්‍රථම රෝගියා අවුරුදු 55ක පිරිමි පුද්ගලයකු වන අතර, ඔහු වූහාන් නගරයේ මාංශ වෙළෙඳ සංකීර්ණයේ ගබඩාකරුවකු ලෙස සේවය කළ අයෙකි. ඔහු වූහාන් රජයේ ප්‍රධාන රෝහල වෙත යන්නේ තමන්ගේ අක්‍ෂි රෝගයක් සඳහා ප්‍රතිකාර ලබා ගැනීමටය. ඔහුට තිබෙන්නේ අක්‍ෂි රෝග තත්ත්වයක් හෙයින් වූහාන් රජයේ රෝහලේ සේවය කරන අක්‍ෂි විශේෂඥ වෛද්‍යවරයකු වෙත රෝගියා යොමු කරයි. මෙම වෛද්‍යවරයා රෝගියා පරීක්‍ෂා කළ විට පෙනී යන්නේ, මොහු ‘ග්ලුකෝමා’ රෝගී තත්ත්වයෙන් පෙළෙන බැව්ය. එහෙත් එයට අමතරව වෙනත් තදබල රෝගී තත්ත්වයක් මෙම රෝගියාට තිබෙන බැව් වෛද්‍යවරයා අවබෝධ කරගනියි. රෝගියා දැඩි උණ තත්ත්වයෙන් සහ ශ්වසන අපහසු තත්ත්වයකින්ද පෙළෙන බැව් නිරීක්‍ෂණය විය. රෝගියාගේ මෙම අසාමාන්‍ය රෝගී තත්ත්වය දැඩි ලෙස අවබෝධයට ගත් අක්‍ෂි වෛද්‍යවරයා රෝගියා තවත් වෛද්‍යවරයකුටද යොමුකර තත්ත්වය පැහැදිලිකර සිටියේය.

ලෝක ඉතිහාසයට නොමැකෙන සටහනක් තැබූ මෙම තරුණ චීන වෛද්‍යවරයා වෙන්ලියෑන්ග් නමින් හැඳින්වෙන අතර, ඔහු 33 වැනි වියෙහි පසුවිය. තමන් දන්නා වෛද්‍ය ශාස්ත්‍රයෙන්ද ඔබ්බට යමින් මෙම සුවිශේෂී වෛද්‍යවරයා කටයුතු කරන්නට විය. ඉහත ඔහු නිරීක්‍ෂණයට යොමු කළ රෝගියාගේ රෝගී තත්ත්වය දුටු විටම ඔහුට සිහියට ආවේ 2002 – 2004 වසරවලදී චීනයෙන් මතුවුණු සාර්ස් වසංගත රෝගය ගැනය. එම වසංගතයද චීනයෙන් මතුවී ලෝකයේ රටවල් රැසක ව්‍යාප්ත වූ අතර, දහස් ගණනක් මරණයටද පත්විය. ලී වෙන්ලියෑන්ග් වෛද්‍යවරයා නිරීක්‍ෂණය කළේ සාර්ස් රෝගයටත් වඩා ඔබ්බට ගිය තීව්‍ර රෝගී ලක්‍ෂණ තමන් පරීක්‍ෂා කළ රෝගියාට තිබුණු බැව්ය. කෙසේ හෝ මෙම රෝගියා එහිදී රෝහලෙන් පිටමන් නොකර රෝහලෙහි රඳවා ගත්තේය. දින කිහිපයක් රෝහලෙහි සිටි ඔහු යම් අයුරකින් සුවපත් අතට පත්විය. ඔහු රෝහලෙන් පිටව ගියත් ඊට පසු සිදුවන්නට ගත්තේ අපූරු සිදුවීමකි. ඉහත රෝගියාට සමාන උණ සහ ශ්වසන රෝග තත්ත්වයන් ඇති රෝගීන් විටින් විට පැමිණ වූහාන් මහ රෝහලට ඇතුළු වන්නට විය. ලී වෙන්ලියෑන්ග් වෛද්‍යවරයා සිතූ කරුණු සත්‍යයක් විය. මෙම තත්ත්වය අල්ලා දමා ඔහු නිකම් සිටියේ නැත. ඔහු වහාම මෙම තත්ත්වය තමන්ගේ රෝහලේ ශ්වසන රෝග අංශයේ ප්‍රධානියා වන විශේෂඥ වෛද්‍ය ෂෑන්ග් ජීෂීයෑන්ග් වෙත තදබලය ලෙස අවධාරණය කර සිටියේය. චීනයේ නැවැත වසර 15කට පසු ඉතා බියකරු වෛරසයක් පැතිර යන බවට තමන් සැක කරන බැව් ඔහු නිර්භයව ප්‍රකාශ කර සිටියේය.
එතැනින් නොනැවතුණු ඔහු මෙම රෝගී තත්ත්වය ගැන තමන්ගේ ‘ෆේස්බුක්’ සහ ‘ට්විටර්’ සමාජ මාධ්‍යවල සවිස්තරව ලියා තැබුවේය. මෙම වගතුග දුටු චීනයේ වූහාන් නගරයේ ජනතාව කඩිගුලක් මෙන් ඇවිස්සෙන්නට විය. අනෙකුත් නගරවල ජනතාවද දැඩි කලබලයට පත්විය. කාලයක් පුරා නොයෙකුත් ආකාරයේ අතිශය භයානක වසංගතවලින් බැට කෑ චීන ජනතාව මෙලෙස කලබලයට පත්වීම පුදුමයක් නොවීය. මේ අතරේ වූහාන් රෝහල වෙත යටකී රෝග ලක්‍ෂණ ඇති රෝගීන්ගේ පැමිණීම දිගින් දිගටම සිදුවිය. එම කතාව පටන්ගත්තේ ඉහත අප පැවැසූ ‘පේෂන්ට් සීරෝ’ අංක ‘0’ ඇති රෝගියා) රෝගියාගෙන් පසුවය. මෙම රෝගීන් පැමිණ රෝහල්ගත ප්‍රතිකාර ලබාගත්තද මරණ කිසිවක් වාර්තා වී නොතිබිණි. කෙසේ හෝ මේ වන විට වෛද්‍ය ලී වෙන්ලියෑන්ග් වෙත යම් පිරිසක් උකුසු ඇස් යොමු කරමින් සිටියේය. මේ වෙනත් කවරෙකුත් නොව චීනයේ රාජ්‍ය පාලක පක්‍ෂය වූ අතර, ප්‍රථමයෙන් වූහාන් නගරයේ බලධාරීන් ඔහුට එරෙහි විය. ප්‍රාදේශීය බලධාරීන් වුවත් ඔවුන්ට මෙම උපදෙස් ලැබුණේ, ඉහළ රාජ්‍ය කොමියුනිස්ට් පක්‍ෂයේ සුපිරි බලවතුන්ගෙන් යැයි ප්‍රකාශ වන්නට විය. වූහාන් නගරයේ ආරක්‍ෂක අංශ වහා ලී වෙන්ලියෑන්ග් වෛද්‍යවරයා සොයා අවුත් ඔහු පොලිස් අත්අඩංගුවට ගත්තේය. බලධාරීන්ගේ ප්‍රබල චෝදනාව වූයේ, වසංගත රෝගයක් ගැන අසත්‍ය ප්‍රකාශ පතුරවමින් ජනතාව කුලප්පු කරන බැව්ය. එවැනි වසංගත රෝගයක් චීනයේ නැති බවත්, වෛද්‍යවරයාට එරෙහිව නීතිමය පියවර ගතයුතු බවත් බලධාරීන් පවසා සිටියේය. වෛද්‍යවරයා වහා අත්අඩංගුවට ගෙන ආරක්‍ෂක අංශ වෙත රැගෙන ගියේය. එහිදී දීර්ඝ ලෙස ඔහුගෙන් ප්‍රශ්න කරන්නට ගත්තේය.
කෙසේ හෝ ආරක්‍ෂක අංශ මගින් වෛද්‍යවරයා ඔවුන්ගේ මූලස්ථානය වෙත රැගෙන ගියත්, ඔහුව සිරගත කිරීමකට ලක්නොකළේය. බලධාරීන් වෛද්‍යවරයාට යහපත් ලෙස සලකා ඇති අතර, එනමුත් ඔහුගෙන් ලිඛිත ප්‍රකාශයක් ලබාගත්තේ නැවැත මෙවැනි ප්‍රකාශයක් සිදුනොකරන ලෙසට පොරොන්දු වෙමිනි. යම් ලෙසකින් එසේ සිදුකළහොත් වෛද්‍යවරයාට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවටද දැඩි ලෙස ප්‍රකාශ කරමින් ආරක්‍ෂක බලධාරීන් ඔහුව නිදහස් කළේය. ආරක්‍ෂක අංශ විසින් සිදුකරන ලද මෙම ක්‍රියාවලිය ජනතාවගේ දැඩි දෝෂදර්ශනයට ලක්විය.
කෙසේ හෝ ලී වෙන්ලියෑන්ග් වෛද්‍යවරයා වූහාන් රජයේ රෝහලේදී තම රැකියා කටයුතු දිගින්, දිගටම සිදුකරගෙන ගියේය. 2019 නොවැම්බර් 17 වැනිදා සිට මාස එකහමාරකට අධික කාලයක් ඔහු රෝහලේදී රෝගීන්ට ප්‍රතිකාර කළ අතර, එහිදී වෛරස් වසංගත යැයි සැක කළ රෝගීන් රැසකටද ප්‍රතිකාර කළේය. මෙලෙස කාලය ගතවී ගොස් 2020 ජනවාරි 08 දාට එළැඹියේය. සිදුවූයේ මහත් අවාසනාවකි. මෙම අතිශය, බියකරු කොරෝනා රෝගය මෙම වෛද්‍යවරයාටද වැළැඳුණේය. ඔහු වහා රෝහල් ගතකළ අතර, ඔහුගේ රෝගී තත්ත්වය යම් ආකාරයකට උත්සන්න වූ හෙයින් ජනවාරි 12දා වන විට වහාම ඔහු දැඩිසත්කාර ඒකකයට ඇතුළත් කළේය. මුලින් ඔහුට කොරෝනා රෝගය තිබෙන්නේ දැයි පරීක්‍ෂණවලින් පෙන්වූයේ නැති අතර, දිගටම රෝහල්ගතව ප්‍රතිකාර කළේය. එහෙත් ජනවාරි 30 වැනිදා ඔහුට කොරෝනා රෝගය තිබෙන බවට තහවුරු විය. කෙසේ හෝ පෙබරවාරි 06 වැනිදා වන විට වෛද්‍යවරයාගේ රෝගය උත්සන්න විය. ඔහුගේ ශරීරයේ ඔක්සිජන් මට්ටම ඉතා තදින් පහළ බසින්නට විය. පෙබරවාරි 07දා උදෑසන 2.58ට ලී වෙන්ලියෑන්ග් වෛද්‍යවරයා තම ජීවිතයෙන් සදහටම සමුගත්තේය. මෙම කාලයේදීම තවත් චීන වෛද්‍යවරුන් 06 දෙනකුටද රෝගය වැලඳුණු අතර, ඔවුන්ගෙන් තිදෙනෙක්ද මියගියේය.
මෙලෙස මාරක කොරෝනා වසංගතයට තවත් දින 02කින් වසරක් සම්පූර්ණ වන්නේ දැයි සිතා ගැනීම විටෙක අපහසු වනු ඇතිය. බොහෝ විට අපට එම වගතුග ගැන ගතවුණු කාලය මාස හත, අටක වැනි කෙටි කාලයක් යැයි සිතෙන්නටද ඉඩ ඇතිය. එහෙත් එය එසේ නොවනු ඇතිය. කොරෝනා මාරයාගේ උපන් දිනය අද සත්‍යයක් වී ඇත්තේ ඒ හෙයිනි. චීනයේදීම මෙසේ උප්පැන්න සහතිකය ලියැවුණු ලොව ප්‍රථම කොරෝනා රෝගියාගේ වගතුග බොහෝ විට රහසක් ලෙස සැඟව තිබුණේය. පළමු රෝගියා වාර්තා වූයේ තවත් එකිනෙකට වෙනස් කාලවකවානුවලදී යැයිද කරුණු ප්‍රකාශ විය. එහෙත් පසුව විවිධ මාධ්‍යවලින් සහ චීන රජය විසින් සිදුකළ සොයා බැලීම්වලදී ඉහත කාලවකවානුව ගැන කරුණු ස්ථාවර විය. කොරෝනා පළමු රෝගියාගේ ආගමනය ගැන කරුණු සොයා ගැනීම තවත් දුෂ්කර කරුණක් වූයේ, චීන කොමියුනිස්ට රජය මෙම වසංගතයේ තොරතුරු මාස එකහමාරකට (දින 45ක් පමණ) අධික කාලයක් ලෝක සෞඛ්‍ය සංවිධානයට පවා වසන්කරගෙන සිටීමයි. එය අතිශයින්ම නීති විරෝධී කරුණක් වූ අතර, මෙම භයානක රෝගය ලෝකය පුරා ව්‍යාප්ත වන්නටද ගත්තේ ඒ හෙයිනි. අද මුළු ලොවටම මෙම ව්‍යසනයෙන් වන්දි ගෙවීමට සිදුවී ඇත්තේ චීනය විසින් සිදුකළ මෙම කෲර ක්‍රියාකලාපය හේතුවෙනි.
චීන කොමියුනිස්ට් පරිපාලනය විසින් කොරෝනා වසංගතය කෙතරම් අමානුෂික අයුරින් හොර රහසේ සඟවා ගත්තේද යත්, මෙම මාරක වසංගතය ගැන ලෝක සෞඛ්‍ය සංවිධානයට කරුණු වාර්තා කළේ 2019 දෙසැම්බර් 31 වැනිදාය. ඒ වන විට වූහාන් නගරයේ සහ චීනයේ තවත් නගර කිහිපයකටද රෝගය ව්‍යාප්තව තිබිණි. චීනයෙන් පිට ප්‍රථම වතාවට කොරෝනා රෝගියකු වාර්තා වූයේ 2020 ජනවාරි 13 වැනිදා තායිලන්තයෙනි. ඉන්පසු ලෝකයේ රටවල් කිහිපයකින්ම රෝගීන් වාර්තා වන්නට ගත්තේය. එම තත්ත්වය අවසානයේදී ගඟක් ගලන්නාක් මෙන් රෝගීන් වාර්තා වීමක් විය. කොරෝනා රෝගය නිසා සිදුවූ ප්‍රථම මරණය චීනයෙන් වාර්තා වූයේ 2020 ජනවාරි 11 වැනිදාය. වූහාන් මාංශ වෙළෙඳපොළට නිරන්තරයෙන් පැමිණ මස් මාංශ මිලදී ගන්නා වයස අවුරුදු 61ක් වූ පිරිමි පුද්ගලයකු මෙසේ මරණයට පත්වූ බැව් චීන රජය නිවේදනය කළේය. එහෙත් එකල සමහර මාධ්‍ය වාර්තා ප්‍රකාශකර තිබුණේ, එම පුද්ගලයාට ප්‍රථමවද මරණ සිදුවන්නට ඇතත්, එම තොරතුරු චීන රජය වසන් කරන්නට ඇති බැව්ය. වර්තමාන චීන ජනාධිපති ෂී ජින්පින් සහ ඔහුගේ කොමියුනිස්ට් පරිපාලනය බොහෝ විට ලෝක දෝෂදර්ශනයට ලක්විය.
මුළු මහත් ලෝකයටම මාරක කොරෝනා වසංගතය තෑගි කළ චීනයේ වූහාන් නගරය දැන් තිබෙන්නේ කුමන තත්ත්වයකද? මෙම නගරයෙහි මිලියන 12 කට ආසන්න ජනතාවක් ජීවත්වන අතර, ඉතාමත් නවීන පහසුකම්වලින්ද හෙබි නගරයකි. කොරෝනා රෝගය ආරම්භ වූ සමයේ සිටම කොරෝනා රෝගීන් අති විශාල ප්‍රමාණයක් සහ මරණ විශාල සංඛ්‍යාවක්ද සිදුවූයේ වූහාන් නගරයේය. 2020 වසරේ මුල් කාලයේ ඉතාමත් අල්ප සංඛ්‍යාවකින් වාර්තා වූ මරණ පසුව සිය ගණන්වලට ගොස්, අවසානයේදී එය දහස් ගණන්වලටද පත්විය. වූහාන් නගරය එකල හැඳින්වූයේ ‘අන්ධකාරයේ නගරය’ නොහොත් ‘භූතයන්ගේ නගරය’ ලෙසිනි. එතරම්ම බියකරු ආකාරයට මෙම නගරය කොරෝනා මාරයාගෙන් වසාගත්තේය. චීනයේ මෙතෙක් සිදුවී ඇති කොරෝනා මරණ 4,700ක පමණ ප්‍රමාණයෙන් මරණ 1,600ක පමණ ප්‍රමාණයක්ම වාර්තා වූයේ වූහාන් නගරයෙන්ය. මෙවැනි තත්ත්වයක් යටතේ එකල වූහාන් නගරය දින 76ක් නොකඩවා එක දිගට වසා තැබුවේය. කෙසේ හෝ චීන පරිපාලනය වූහාන් නගරය කොරෝනා මාරයාගෙන් බේරා ගැනීමට දැඩි කැපකිරීමක් සිදුකළේය.
පසුගිය කොරෝනා මුල් සමයේදී ‘ටවුන් ඔෆ් ඩාර්ක්නස්’ හෝ ‘ෆේස්ටවුන්’ ලෙසින් හැඳින්වූ වූහාන් නගරය අද හඳුන්වන්නේ ‘ස්ටාර් ඔෆ් ටවුන්ස්’ නගරයන්ගේ තාරුකාව) ලෙසිනි. එනම් චීනයේ අනෙකුත් නගර අතරින් මෙම නගරය තාරුකාවක් මෙන් දීප්තියෙන් බබළන බැව් අර්ථවත් වෙයි. මුළු මහත් ලෝකයටම කොරෝනා මාරයා තෑගි කළ මෙම වූහාන් නගරය අද කොරෝනා මාරයාගේ තෝතැන්නක් නොවේ. අද එහි වෙසෙන ජනතාව ඉතාමත්ම සතුටින් එදිනෙදා ජීවිත ගතකරමින් සිටිති. ‘වූහාන් වෛරසය’ යැයි බටහිර රටවල් නම් කළ කොරෝනා වසංගතය අද වූහාන් නගරයේදී දක්නට නැත. මෙම වූහාන් නගරය අයත් වන හුබෙයි ප්‍රාන්තය තුළින්ම පසුගිය 2020 ඔක්තෝබර් 25 සිට නොවැම්බර් 07 දක්වා වන සති 2ක කාලය තුළදී සොයාගෙන ඇත්තේ කොරෝනා රෝගීන් 08 දෙනෙකු පමණි. එසේම එම කාලය තුළ වූහාන් නගරය තුළින් කිසිදු රෝගියකු වාර්තා වී නොමැත. මෙලෙස මුළුමහත් හුබෙයි ප්‍රාන්තය තුළින්ම සති 2කට වාර්තා වූ රෝගීන් 8 දෙනාගෙන් 6 දෙනකු විදෙස් රටවල සිට පැමිණි අය වූ අතර, ඉතිරි 2 නිරෝධායනය වූ අය වෙති.
මෙය දෙනෙත් අදහාගත නොහැකි මහා ආශ්චර්යයකි. වූහාන් යනු වර්ග කිලෝමීටර් 8,494කින් යුත් ඉතා විශාල නගරයක්ද වන අතර, ජනගහනය මිලියන 12ක් වෙයි. එසේම හුබෙයි ප්‍රාන්තය යනු වර්ග කිලෝමීටර් 1,85,900කින් හෙබි ජනගහනය මිලියන 58.5ක් වෙසෙන අති සුවිශාල ප්‍රදේශයකි. දැන් ඔබ මේ ගැන සිතන්න. ශ්‍රී ලංකාව යනු සමස්ත වර්ග කිලෝමීටර් 65,610ක ප්‍රමාණයක් ඇති ජනගහනය මිලියන 22ක් වාසය කරන රටකි. එනම් හුබෙයි යනු ශ්‍රී ලංකාව මෙන් තුන්ගුණයක් විශාල ප්‍රාන්තයක් වන අතර, ජනගහනයද ශ්‍රී ලංකාව මෙන් තුන් ගුණයකි. මෙවන් සුවිශාල ප්‍රදේශයකින් පසුගියදා සති 2කට සොයා ගත්තේ කොරෝනා රෝගීන් 08 දෙනකු පමණි. මෙම දත්ත අපගේ සවනට වැටෙන විට අපගේ හදවත් පැළී යන තරමට දුකක් ඇති වන්නේ, අද ශ්‍රී ලංකාව තුළින් දිනකට කොරෝනා රෝගීන් 400 – 500ක් අතර ප්‍රමාණයක් සොයා ගැනීමේ තොරතුරු ඇසෙන විටදීය. අද කොරෝනා වසංගතයෙන් අප රට ශ්‍රී ලංකාව ඉන්නේ කෙතරම් අගාධයකද? මෙය අපේ රටේ පාලකයන් අවධානයට ගන්නේ නැතිද?

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

කොරෝනා සිරුරු භූමදානයට තලෙයිමන්නාරම තෝරාගෙන?

Next Post

දුමින්දට ජනපති සමාවක් ලැබේද? මරණ දඬුවම පළිගැනීමක්: කොමිසමට පැමිණිල්ලක් එයි

MORE NEWS

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව හොල්ලන කැරපොත්තන්ගෙන් ලංකාවෙත් පක්ෂයක්! Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ලංකාව ඇතුළේ චීන පාතාලයක්! මෙහෙයුමක් කරන්න සූදානමක්! Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

ගොවි සටනට සජබය අනුරාධපුරේ දින 2ක්! Sri Lanka Latest News

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News
Exclusive

ප්ලාන්ටේෂන්වලට සල්ලි දාපු අය වහාම ගන්න! මහබැංකුව නීතිය ක්‍රියාත්මක කරන්නයි යන්නේ! Sri Lanka Latest News

රට පනින්න බැරි වෙන විදිහට ආණ්ඩුවේ ප්‍රබල චරිත 4කට හෙට නඩු පවරයි!
Exclusive

විනිසුරු කාලය දීර්ඝ කිරීම අනිවාර්යයෙන් කරනවා! ආණ්ඩුව අවසන් තීන්දුව අරන්! Sri Lanka Latest News

රහස් පොලිසියේ ප්‍රධානියාව මාරු කර යවයි! නුවරඑළියෙ හිටපු ප්‍රසාද් අරන් එයි!
Exclusive

ජනාධිපති පුත්තු – ප්‍රබල නිලධාරීන් – දේශපාලනඥයන්! ෆයිල් තොගයක් අරන් පරීක්ෂණ කණ්ඩායමක් ඔස්ටේ්‍රලියාවේ ලොකු වැඩකට ගිහින්! Sri Lanka Latest News

Load More
මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News
Exclusive

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

බස් රථ හිමිකරුවකු හා පිරිසක් කඩා වැදි ධාවනය වෙමින් තිබු බස් රථයක රියදුරේකු හා කොන්දොස්තරවරයකුට එළියට ඇද දමා මහ මග...

Read more
අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

වැඩේ කැතයි අනුර..! අරගලයකින් පසු බලය ගත්ත අනුර මෙහෙම කරද්දි තවත් කැතයි..! අලුත් ව්‍යවස්ථාවක් ගේනවා.. විධායක බලතල අතාරිනවා කියපු අනුර කරද්දි අතිශය කැතයි! අධිකරණය රැකගන්න ඕනම බලවේගයක් එක්ක එකතු වෙනවා! ගෝඨාව එළවන්න පාරට බැස්ස ජන අරගල සන්ධානය මාධ්‍ය හමුවක! VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

විනිසුරු විශ්‍රාම වයස දීර්ඝ කිරීමට එරෙහිව නීතීඥවරු විශේෂ මාධ්‍ය හමුවක! සජීවීව මෙතනින් බලන්න! LIVE VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

වෙන පැතිවල මිනිස්සු උද්ඝෝෂණ කරන්නෙ තෙල් මිල අඩු කරන්න කියලා! හැබැයි ලුණුගල මිනිස්සු පාරට බැහැලා තෙල් ගැන ඉල්ලන්නේ වෙන දෙයක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.