• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Politics

අරමුදල් පතා තලේබාන්ලා ජාත්‍යන්තරය අන්දවයි

September 22, 2021
in News, Politics
Reading Time: 4 mins read
A A
අරමුදල් පතා තලේබාන්ලා ජාත්‍යන්තරය අන්දවයි
Share on WhatsAppShare on Facebook

ඇෆ්ගනිස්තානයේ “කන්දාර්” පළාතේ පදිංචි “පර්වානා” පවුලේ එකම ජීවනාලියයි. ඕ උපාධියක් සඳහා විශ්වවිද්‍යාල අධ්‍යාපනයේද යෙදෙන්නීය.

සෑම දිනෙකම අලුයමින් පිබිදෙන ඇය සිය කාර්යාලයට ගොස් සේවය නිමවා එතැනනින්ම විශ්වවිද්‍යාලයට ගොස් දේශනවලට සවන් දෙන්නීය.

තලේබාන් සන්නද්ධ කණ්ඩායම තම රටේ පාලනය අල්ලාගත් පසු ඇයගේ සේවා ස්ථානයේ කළමනාකරු “ඇයට යළි සේවයට නොඑන ලෙසට” උපදෙස් දුන්නේය.
ඇය අධ්‍යාපනය ලැබූ විශ්වවිද්‍යාලයීය බලධාරීන් පැවැසුවේ පාලක පක්‍ෂයේ (තලේබාන්) උපදෙස් අනුව ශිෂ්‍යාවන්ට පමණක් දේශන පැවැත්වීම උදෙසා තවමත් දේශන ශාලා පිළියෙළ කර නැති බැවින් ඒවා සකස් කෙරෙන තුරු විශ්වවිද්‍යාලයට නොපැමිණෙන ලෙසටය.

මේ හේතූන් නිසා ගතවූ දෙමාසය තුළ පර්වානා සිය නිවෙසේ එළිපත්ත පැන ඇත්තේ ඇයට මතක හැටියට සිව්වරක් පමණි.

“තලේබාන් සන්නද්ධ කණ්ඩායම් කොයි වෙලාවෙත් වීදිවල මුර සංචාරය කරනවා. මට පාරට බහින්නත් බයයි. මම හිතුවෙ අපේ පවුලේ නඩත්තුව ගෙනියන්න මට මොනවා හරි කරන්න පුළුවන් වෙයි කියල. ඒත් දැන් පවුලේ නඩත්තුව තියා, මගේ නඩත්තුවවත් මට හොයාගන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙන්නෙ. මට විතරක් නෙවෙයි. මේ රටේ සියලුම කාන්තාවන්ගේ තත්ත්වය ඕකයි. ඒ සියලු දෙනාටම මේ අවදානමට මුහුණ දෙන්න වෙලා.

තලේබාන් නායකත්වයට දැන් අවශ්‍ය වෙලා තියෙන්නෙ ජාත්‍යන්තරයේ පිළිගැනීමක් ලබාගන්නයි. ඒ, එම පාලක පක්‍ෂයට අවශ්‍ය අරමුදල් සොයාගැනීම සඳහායි. ඒ නිසා කාන්තාවන්ට තිබූ මූලික තහංචි පවා ඉවත් කළ බවට මුසාබස් කියනවා.

සටන්කාමීන් කාබුල් නගරය අල්ලාගත්තට පස්සේ තලේබාන් කණ්ඩායමේ මාධ්‍ය ප්‍රකාශක “සබිහුල්ලා මෟජීඩ්” ප්‍රසිද්ධියේම ප්‍රකාශ කළේ කාන්තාවන්ට ඉස්ලාමීය නීති රාමුව තුළ අධ්‍යාපනය ලබාගැනීමට සහ තමන්ට කැමැති අන්දමේ රැකියාවක යෙදෙන්නට අවස්ථාව සලසන බවයි.

“එහෙත් ඒ ප්‍රකාශන වචනවලට පමණක් සීමාවෙලා මිසක් ක්‍රියාත්මක කෙරෙන බවක් පෙනෙන්න නෑ…” පර්වානා කීවාය.

තලේබාන් නව පාලනය යටතේ නිමාතුල්ලා හසන්, කාබුල් නගරයේ නව පුරපති වශයෙන් පත්කරනු ලැබිණි.

“මම රාජකාරි භාරගත් වහාම කාන්තාවන් දෙදෙනකු යළි සේවයේ පිහිටෙව්වා. අපේ පාලන නීතිය අනුව ස්ත්‍රී සහ පුරුෂ කාණ්ඩ වෙන් වෙන්ව කටයුතු කළ යුතුයි. ඒ නීතිය අනුව ඉදිරි කාලයේදී තවත් කාන්තා පිරිසකට රාජකාරි පවරනවා. මම කාන්තා ශ්‍රම බළකාය වර්ධනය කිරීමට අපේක්‍ෂා කරනවා, ඒ ඔවුන් වෙනුවෙන් වෙනමම සේවා ස්ථාන පහසුකම් සලසා ඔවුනගේ ආරක්‍ෂාව සුරක්‍ෂිත කීරීමෙන් පසුවයි. අපට අපේ නගරය සංවර්ධනය කරගැනීම උදෙසා ජාත්‍යන්තර ප්‍රජාවගේ ආයෝජන අපේක්‍ෂා කරනවා. නගර සංවර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර ප්‍රජාව අපට අරමුදල් යෙදවිය යුතුයි.” පුරපති නිමාතුල්ලා හසන් වැඩිදුරටද පැවසුවේය.

කාන්තා ශ්‍රමිකයන් පිරිසක් සෞඛ්‍ය සහ අධ්‍යාපනික ක්‍ෂේත්‍රවල කිසියම් පමාණයක රාජකාරි කරති. කවන්දාර් පළාතේ සේවය කරන්නියන්ට “බුර්කාව” පළඳින්නටද නියෝග කර තිබේ. ආරක්‍ෂක හේතූන් මත කාන්තාවන් පිරිසකට නිවෙස්වලටම වී සිටීමටද උපදෙස් දී ඇත.

පෞද්ගලික විශ්වවිද්‍යාල කීපයක්ම මේ වන විට යළි විවෘත කර තිබේ. එහෙත් ආයතන කටයුතු ක්‍රියාත්මක කළ යුතුව ඇත්තේ ශිෂ්‍ය සහ ශිෂ්‍යා යන දෙකොටස අත්‍යන්තයෙන්ම දුරස්ථව තැබීමේ ශික්‍ෂාපදය අකුරටම පිළිපැදීමේ නීතිය යටතේය.

කන්දාර් ප්‍රදේශයේ පදිංචි “සයිනාබ්” සරසවියක විද්‍යා උපාධි අපේක්‍ෂිකාවකි. නව පාලන නීතිය අනුව මිශ්‍ර අධ්‍යාපනය තහනම් හෙයින් ශිෂ්‍යාවන් වෙනුවෙන් වෙනම අංශයක් පිහිටුවීමට ආයතනය අපොහොසත්ය. එහෙයින් ඇගේ අධ්‍යාපනය ඇණහිටින තත්ත්වයක් උද්ගතව ඇතැයි ඇය කීවාය.

හිරාත් සරසවියේ මහාචාර්යවරයෙක් මෙසේ කීවේය.

“අපේ ආයතනය ඇෆ්ගනිස්තානයේ ඇති විශාලම අධ්‍යාපනික ආයතනයක්. වැඩිපුරම අධ්‍යාපනය ලබන්නේ ශිෂ්‍යාවන්. ඔවුන් සඳහා වෙනම අංශයක් ස්ථාපනය කරන්න පාලක පක්‍ෂය නීති දැම්මත් අපට එහෙම කරන්න හැකියාවක් නෑ. මේ උපකරණ ආදිය ඉතා මිල අධික ඒවා. ඒ සා වියදමක් දැරීම දුෂ්කර දෙයක්. දැන් ශිෂ්‍යාවන් බොහොම දෙනකු අධයාපනය අත්හිටවලා…”

“අපි ජාත්‍යන්තර ප්‍රජාව සමග එකට එක්ව කට යුතු කරන්න ඉතා කැමතියි” යනුවෙන් පන්ජාවි දිස්ත්‍රික් අණදෙන නිලධාරි ෆයිසානි මෞලවි සහාබ් කීවේය.

ඔහු තලේබාන් සන්නද්ධ කණ්ඩායට බැඳී ඉස්ලාමීය නීිති ක්‍රියාත්මක කිරීමේ අපේක්‍ෂාවෙන් විසි වසරකට වඩා මෙහෙයුම්වල යෙදුණු සටන්කාමියෙකි.

“අපි කාන්තා අධ්‍යාපනයත්, කාන්තා ශ්‍රම බළකායත් ප්‍රවර්ධනය කරන මතයේ සිටිනවා” ඔහු වැඩිදුරටත් පැවැසීය.

චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

අමෙරිකාවත් එක්ක හොර ගිවිසුම් ගහලා මේ අය ඒගොල්ලන්ගේ රටට යාවි! ජනතාව කොහේටද යන්නේ!

Next Post

රෑ 12.05ට රෝහලට ඇතුල් කළ සිසුවිය රෑ 1.05ට කොරෝනාවෙන් මරුට!

MORE NEWS

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News
Exclusive

දිට්වා කුණාටුවට දුන්නු ආධාර සත පහක් වියදම් කරලා නෑ! Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

අහුවෙන්න එපා…! රට පුරා මහා ගස් පැල වංචාවක්! Sri Lanka Latest News

බලය තියෙනකොට පිස්සු කෙළින ජනාධිපතිලට මේවා හොඳ පාඩම්! බලය තියෙනකොට කරපු දේවල්වලට රනිල්ට නඩු පිට නඩු! Sri Lanka Latest News
Exclusive

රනිල් පාර්ලිමේන්තු එන්නේ නෑ! Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

නවීන් සජබ එක්ක ඉල්ලන්න තීන්දු කරයි! Sri Lanka Latest News

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News
Exclusive

තිස්සකුට්ටි පොහොට්ටුවෙන් දොට්ට! Sri Lanka Latest News

Exclusive

ජනාධිපතිවරණයට අවුරුදු 3ක් තියෙද්දි පොදු අපේක්ෂකයෝ රොත්තක්! Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.