• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

කෝටි 2340ක් එක්ස්ප්‍රස් එකේ ගිලින්න හදන එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ කතාව…!

April 9, 2023
in Exclusive, News
Reading Time: 7 mins read
A A
කෝටි 2340ක් එක්ස්ප්‍රස් එකේ ගිලින්න හදන එක්ස්ප්‍රෙස් පර්ල් නැවේ කතාව…!
Share on WhatsAppShare on Facebook

රුපියල් කෝටි දෙසීයකටත් වැඩි ගණනක් හෙවත් ඩොලර් මිලියන හයයි දශම පහක් රාජපක්‍ෂ පවුලේ එකකුගේ ද සම්බන්ධයෙන් “අශූචි පොහොර” නැවෙන් කෙළියා සේම, මේවන විට ඒ අන්දමින්ම තවත් රුපියල් දෙදහස් තුන්සිය හතළිස් කෝටියක් තරම් ප්‍රමාණයකට හෝ ඊට වැඩි ප්‍රමාණයකට හෝ “කෙළවන්න” (යටිමඩිගසා ගැනීමට) කර ඇතැයි කියන කුමන්ත්‍රණයක් මහජන අධිකරණයට මෙසේ ඉදිරිපත් කිරීමට “මව්රට”ට හැකිවී තිබේ.

වර්තමාන විගණකාධිපති චූලා වික්‍රමරත්න මහතා විසින් සමුද්‍ර පරිසර අධිකාරියේ 2021 ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද විගණන වාර්තාවේ කොළඹට තදාසන්න මුහුදු තීරයේදී 2021.05.21 වැනිදින දැවී විනාශ වූ “එම්.වී. එක්ස්ප්‍රස් පර්ල්” MV Xpress Pearl නෞකාව සම්බන්ධයෙන් පැවැත්වූ විගණන පරීක්‍ෂණයේදී මේ තොරතුරු අනාවරණය වී ඇත.

කරුණු මෙසේ වෙතත් හානි ඇගයීමේ විද්වත් කමිටු වාර්තාව 2023.01.09 දින පරිසර අමාත්‍යාංශයට භාරදීමෙන් පසුව කාලාවරෝධය පිළිබඳ එතරම් සැලකිල්ලක් නොදක්වා මේ දක්වාම අනුගමනය කෙරුණු කල්මරණ ස්වභාවයෙන් ගම්‍යවන්නේ නීත්‍යනුකූලව ලබාගත හැකි වන්දිය එසේ නොගෙන (හිතාමතාම වළක්වාගෙන) අත යටින් මාටියා ගැසීමේ කුමන්ත්‍රණයක් බව පරිසර අමාත්‍යාංශයේම ඇතැම් නිලධාරීන්ගේ කුකුසට හේතුවී ඇතැයි දැනගන්නට ඇත.
විගණන වාර්තාවේ සඳහන් අන්දමට සිද්ධිය මෙසේය.

“එක්ස්ප්‍රස් පර්ල්” නෞකාව 2021.05.21 දින විනාශ වීමෙන් පසුව එමගින් අපේ පරිසරයට සිදුවූ හානිය පිළිබඳ සමුද්‍ර දූෂණය වැළැක්වීමේ පනත ප්‍රකාර පත්කරන ලද හානි ඇගයීමේ විද්වත් කමිටුවෙන් ඉදිරිපත් කෙරුණු අන්තර්කාලීන වාර්තාවේ සඳහන් කර ඇති තක්සේරු හානිය ඇ.ඩො. හයසිය හතළිස්අට කෝටි තිස්හතර ලක්‍ෂ දාසයදහස් හාරසිය තිහක් හෙවත් (ආසන්න වශයෙන්) රුපියල් දෙලක්‍ෂ තිස්තුන් දහස් හාරසිය දෙකෝටි අනූනව ලක්‍ෂ විසිහතර දහස් අටසියයකි.

සිවිල් වගකීම යටතේ නඩු පවරා වන්දිය අපට (ශ්‍රීලංකා රජයට) ලබා ගැනීමට නම් 2021.05.21 දින සිදුවූ අනතුර වෙනුවෙන් වසර දෙකක් ඇතුළත හෙවත් 2023.05.21 දිනට පෙර නඩු පැවරිය යුතුය.

එපරිද්දෙන් නඩු කටයුත්ත ක්‍රියාත්මක කළහොත් පමණක් නෞකා අනතුරෙන් දූෂණයටපත් පරිසරය යථාවත් කිරීමට මෙන්ම පරිසර දූෂණය පිළිබඳ පසු විපරම උදෙසා දරන වියදම ශ්‍රී ලංකා රජයට නෞකාකාව හිමිකරුගෙන් හෝ රක්‍ෂණ සමාගමෙන් හෝ අයකර ගැනීමට පිළිවන.

එසේ නොවුණහොත් සිද්ධිය සිවිල් නීතිය ප්‍රකාරව “කාලාවරෝධයට” (නඩු පැවරිය හැකි කාලසීමාව) යටත් වීමෙන් කිසිදු වන්දියක් අයකරගත නොහැකි වේ. එසේ වුවහොත් රටට අහිමිවන මුදල රුපියල් දෙලක්‍ෂ තිස්තුන්දහස් හාරසිය දෙකෝටි අනූනව ලක්‍ෂ විසිහතර දහස් අටසියයක් හෙවත් ඇමෙරිකන් ඩොලර් බිලියන හයයි දශම පහක් (6.5) බව විගණකාධිපති කියයි.

එහෙත් නඩු කටයුත්ත තවමත් ආරම්භකර නැති බවද නඩු පැවරීමට වලංගු කාලසීමාව අප්ප්‍රේල් දෙ වැනි දින (2023.04.02) සිට ඉදිරියට ඉතුරුව ඇති කාලය මාසයයි දින විස්සක් (2023.05.20 දක්වා) පමණක් බවද නඩුව ශ්‍රී ලංකාවේ නීතිපතිවරයා විසින් සිංගප්පූරු අධිකරණයක පවරනු ලැබිය යුතු බවද විගණන ආරංචිවලින් පැවසේ.

නඩුව හැකි ඉක්මනින් වාසිසහගතව අවසන් කර ගැනීම සඳහා අවශ්‍ය මෙහෙයවීම් සහ සහයවීම් කළ යුතුයැයි විගණකාධිපතිවරයා සිය වාර්තාවේ සඳහන් කර තිබේ.

ගිලුණු නෞකාව තවමත් ගිලුණු තැනම ඇති බැවින් සහ පරිසර දූෂණය තවමත් සිදුවෙමින් පවත්නා බැවින් මේ සම්බන්ධව අවසන් වාර්තාවක් සකස් කළ නොහැකි බවද හානි ඇගයීමේ විද්වත් කමිටුවෙන් 2023.01.09 ඉදිරිපත් කෙරුණු අන්තර්කාලීන වාර්තාවේ දැක්වේ.

මුදල් අමාත්‍යාංශය පවසන අන්දමට ශ්‍රී ලංකාවේ විදේශ ණය ප්‍රමාණය ඇ.ඩො. බිලියන හතක්. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අපට ලැබෙන ප්‍රමාණය ඇමෙරිකන් ඩොලර් බිලියන දෙකයි දශම නවයක් (2.9) හෙවත් කෝටි දෙසිය අනූවකි. එහෙත් “එම්.වී. එක්ස් ප්‍රෙස් පර්ල්” MV Xpress Pearl නෞකාව දැවීයාම සිදුවූ හානියෙන් අපට ලැබිය යුතු වන්දිය ඇමෙරිකන් ඩොලර් බිලියන හයයි දශම පහක් (6.5) හෙවත් කෝටි හයදහස් පන්සියයකි.

එසේ නම් එක්ස්ප්‍රස් පර්ල් MV Xpress Pearl නෞකා හානි වන්දිය ලබාගැනීමට මහන්සි නොවී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් සුළු ණයක් ඉල්ලා ගැනීමට මෙතරම් මහන්සිවීම පිස්සන්ගේ වැඩක් බවද මතයකි.

අනතුර සිදුවූ සමයේ පරිසර ඇමැතිවරයා වූ මහින්ද අමරවීර මහතා පැවැසුවේ අපේ රටට සිදුවූ හානිය මුදලින් තක්සේරු කළ නොහැකි බවයි. ජාත්‍යන්තර මතය අනුව අපට අත්විඳින්නට සිදුව ඇත්තේ ලෝකයේ දරුණුතම සමුද්‍රීය අනතුරු අතර ප්‍රමුඛ එකකි. විනාශය සංකීර්ණය. ව්‍යසනය අද්විතීයය.

ජලය, වාතය, සමුද්‍රය, මෝය, ගොඩබිම සහ ආහාර ජාලයට සිදුවූ සහ සිදුවෙන හානිය ඉතා විශාලය.

සිංගප්පූරු ධජය යටතේ නෞකාව 2021.05.20 දින කොළඹ වරායට නාවික සැතපුම් නවයයි දශම පහක (9.5) හෙවත් කිලෝමීටර් දහඅටක් දුර ගැඹුරු මුහුදේදී ගිනිගෙන තිබේ. එමගින් අපේ මුහුදු කලාපයට සිදුවන හානිය ගැන තැතිගත් බලධාරීන් ගින්න නිවා දැමීමට ජාත්‍යන්තර සහාය ද පැතුවේය.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා යොදා රසායනික කුඩු ඉස ගින්න නිවා දැමීමට යත්න දැරූහ.

ඉන්දියාවෙන් ICG “වජ්‍රා” සහ ICG හොට් යන නෞකා දෙක සමග ඩෝනියර් යානාවක්ද සහායට ලැබුණේය. ඉන්දියාවේ නෞකා දෙක සමග අපේ කාවුක හමුදාවේ “සිඳුරළ” නෞකාවද ගින්න නිවීමට උදව් වූවේය.

අනතුර සිදුවන එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ සිටි කාර්ය මණ්ඩලයේ විසිපස් දෙනාම වැල්ලවත්ත ප්‍රදේශයේ හෝටලයක නිරෝධානයට රඳවා නැව් කප්පිත්තාගෙන් පැය 14ක් ද, ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 13ක්ද, උප ප්‍රධාන ඉංජිනේරුවරයාගෙන් පැය 12ක්ද මැයි 31 දින අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 10 දෙනකු විසින් ප්‍රකාශ සටහන් කරගනු ලැබ තිබේ.

සිංගප්පූරු ධජය යටතේ යාත්‍රා කළ නෞකාව 2021.01.28 නිමවූ විශාල බහාලුම් ප්‍රවාහනය කළ වෙළෙඳ නෞකාවකි. දිගින් මීටර් 186කින් සහ පළලින් මීටර් 34කි. මංගල වෙළෙඳ ගමන 2021.04.03 ආරම්භ කර තිබේ. තෙවැනි වෙළෙඳ ගමනේදී අනතුර සිදු වූ බව කියයි.

බහාලුම් 1670ක් රැගෙන 2021 මැයි 15 දා ඉන්දියාවේ “හසීරා” වරායෙන් පිටත්ව එන අවස්ථාවේදී රසායනික කාන්දුවකින් ගින්න ඇතිවූ බවත් නැව ආපසු හරවා “හසීරා” වරායටම ඇතුළු කිරීමට අවසර ඉල්ලුවත් ඊට ඉඩ නොලද බවත් පැවසේ.

ඊළඟට ආසන්නම වරාය වූ කටාර් රාජ්‍යයේ “හමාද්” වරායට ඇතුළුවීමට පැතූ අවසරයද ලැබී නැත. ඒ නිසා ඊළඟට ඉතා ආසන්න කොළඹ වරාය සමීපයට පැමිණ මැයි 19 වැනි දින නැංගුරම් දමා තිබියදී 20 ගින්න තීව්‍ර වී ඇත.

නයිටි්‍රක් ඇසිඩ් ටොන් 25, බැර ඉන්ධන ටොන් 297ක් Dangerous Good (උපද්‍රවකාරී ද්‍රව්‍ය (ප්ලාස්ටික් සහ ප්ලාස්ටික් ආශ්‍රිත අමුද්‍රව්‍ය) බහාලුම් 87ක් නැවෙහි තිබී ඇත. මේ තොගය සමග නැවෙහි තිබූ සමස්ත බහාලුම් 1670ම ගිනිගෙන දැවී හෝ නොදැවී හෝ මුහුදට වැටී තිබේ.

රසායනික ද්‍රව්‍ය අඩංගු බහාලුම් නිසි අන්දමින් අසුරා නොතිබීම ගින්නට හේතු වන්නට ඇති බව විධායක අධ්‍යක්‍ෂ ටී.ඇම්. හාර්ට්නෝල් මහතා පවසා තිබේ.

ලොව ප්‍රමුඛතම නැව් රක්‍ෂණ සමාගමක් වන London P and 1 club පවසන්නේ සෑම දෙසතියකටම වරක් ලෝකයේ කොතැනක හෝ නෞකාවක් ගිනිගන්නා බවකි. ඊට ප්‍රධාන හේතුකාරක තුනකි.

පළමු වැන්න ගල්අඟුරු ප්‍රවාහනයේදී ඇතිවන අධික උෂ්ණත්වයයි.

දෙවැන්න රසායනික ද්‍රව්‍ය බහාලුම් නිසි අන්දමින් අසුරා නොතිබීයි.

තුන්වැන්න බැටරි ප්‍රවාහනයේදී අධික ලෙස උණුසුම් වීමයි.



චන්ද්‍රසේන මාරසිංහ

SendShareShare
Previous Post

රනිල් ‘මහබැංකු හොරා’ කියලා දැන් අගමැති දිනේෂ් පාර්ලිමේන්තුවේදී කිව්වා! මේ රනිල් වික්‍රමසිංහ පාර්ලිමේන්තුවේදී මහින්ද හොර කිව්වා! එහෙම කියපු දෙගොල්ල එකතුවෙලා ආසියාවේ බලවත්ම දූෂණ විරෝධී පනතක් ගේනවාලු! පලක් තියෙයිද? අනුරට ලොකු ප්‍රශ්නයක්! VIDEO

Next Post

ඡන්දය ගැන අන්තිම තීන්දුව අඟහරුවාදා!

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.