• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දේශපාලනයේ කාන්තා නියෝජනය : සැමියන් – පියවරුන් – සහෝදරයන් මියයාමෙන් පසු ජාතික දේශපාලනයට පිවිසුණු කාන්තාවෝ I Sri Lanka Latest News

February 12, 2024
in Exclusive, News
Reading Time: 10 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ක්‍රියාත්මක වන ඇතැම් රටවල් මුහුණ දී තිබෙන ප්‍රධාන ප්‍රශ්නයක් වන්නේ ජනගහනයට සාපේක්ෂව කාන්තා මහජන නියෝජිතවරියන් දේශපාලනය තුළ නියෝජනය නොවීමය. යුරෝපය සහ එක්සත් ජනපදය වැනි රටවල් මේ සම්බන්ධයෙන් යම් ප්‍රගතියක් අත්කරගෙන තිබෙන නමුත්, අප්‍රිකානු හා ආසියානු රටවල් තවමත් මෙම ගැටලුවට මුහුණ දෙමින් සිටියි.(Sri Lanka Latest News)

ස්වාධීන කාන්තාවකට දේශපාලනයට පැමිණ ජාතික තලය දක්වා පිවිසීමට දැවැන්ත බාධක රැසක් ඇති දකුණු ආසියානු කලාපය යනු කාන්තාවන් රාජ්‍ය නායකයන් ලෙස පත්වූ පළමු රටවල් වීමද විශේෂත්වයකි. එවැනි අවස්ථා තිබියදීත් තවමත් කාන්තාවන් දේශපාලනයට පැමිණීම මෙම රටවල්වල සැලකිය යුතු තරම් අඩු මට්ටමක පවතින්නේ ඇයි? එහිදී නිරීක්ෂණය කළ හැකි එක් කරුණක් වන්නේ ආරම්භයේ පටන් වර්තමානය දක්වා දකුණු ආසියානු රටවල ජාතික තලයේ සාර්ථක වූ හෝ දැවැන්ත චරිත ලෙසින් ඉස්මතුව ඇති බහුතරයක් කාන්තාවන් සිය සැමියා, පියා හෝ පිරිමි සහෝදරයන් මියයාමෙන් පසුව ඔවුන් වෙනුවට ඔවුන්ගේ බලය පවත්වාගෙන යාමට පැමිණි අය වීමයි.

එනම් කාන්තාවකට දේශපාලනයට පැමිණීමට විවිධ සංස්කෘතිකමය හා සමාජයීය බාධක රැසක් පැවැතියද, දකුණු ආසියානු කලාපයේ කාන්තා දේශපාලනයේ දැවැන්ත චරිත බොහොමයකට සිය බලගතු දේශපාලන පවුල් පසුබිම් තම දේශපාලන ගමන තීරණය කිරීමට දැවැන්ත ලෙස උපකාර වී තිබෙන බවය. එවැනි පවුල් පසුබිමක් නොමැති අයට එය ඉතා දුෂ්කර මාර්ගයක් වී තිබෙන බවට එය සාක්ෂි සපයයි.

ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය, මුස්ලිම් රාජ්‍යයක පළමු රාජ්‍ය නායිකාව වැනි වාර්තා දකුණු ආසියාව තුළ පවතින නමුත්, මෙම කාන්තාවන් දේශපාලනයට පැමිණ ඇත්තේ දේශපාලනයේ නිරත වී සිටි සිය පවුලේ ප්‍රධාන පිරිමි සාමාජිකයා මියයාමෙන් පසුවය. ඔවුන්ගේ අධ්‍යාපන මට්ටම, පෞරුෂය, කැපවීම, ශක්තිය, දේශපාලන බුද්ධිය හා අනෙකුත් බොහෝ කාරණා ඔවුන්ගේ දේශපාලන ගමන් මගේ සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය තීරණය කළද දකුණු ආසියාවේ සුලබව දැකිය හැකි මෙම තත්ත්වය මෙතෙක් ශ්‍රී ලංකාව තුළද එසේම පවතින්නකි.

මෙරට පාර්ලිමේන්තු මන්ත්‍රීවරියන් ආසන්න වශයෙන් 23 දෙනකු පමණ බලයට පත්වීමට එම තත්ත්වය අවශේෂ උපකාරයක් සපයා තිබෙන අතර අගමැති ධුර දෙකක් හා ජනාධිපති ධුරයක් ද ඒ අතර වේ.

ලොව පළමු අගමැතිනිය

‘මැතිනි’ යන අන්වර්ථ නාමයෙන් ශ්‍රී ලාංකිකයන් අමතන සිරිමා බණ්ඩාරනායක, එසේත් නැතිනම් සිරිමාවෝ රත්වත්තේ ඩයස් බණ්ඩාරනායක 1960 දී ශ්‍රී ලංකාවේ අගමැති ධුරයට පත්වන්නේ ලොව පළමු අගමැතිනිය ලෙසයි. හිටපු අගමැති එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායකගේ බිරිය වන ඇය දේශපාලනයට පිවිසෙන්නේ 1959 දී සිය සැමියාගේ ඝාතනයෙන් පසුවයි. මියයන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති වූ බණ්ඩාරනායකගේ හිඩැස පිරවීමට සිරිමා බණ්ඩාරනායක දේශපාලනයට පිවිසියාය.

දකුණු ආසියාවේ කැපීපෙනෙන චරිත

1960 දශකයේ දී ලෝකයේ පළමු අග්‍රාමාත්‍යවරිය ශ්‍රී ලංකාවෙන් තේරී පත්වූ කාල වකවානුවේම ඉන්දියාවේ පළමු සහ එකම අග්‍රාමාත්‍යවරිය ලෙස පත්වූයේ ජවහර්ලාල් නේරුතුමන්ගේ දියණිය වූ ඉන්දිරා ගන්ධියි. නිදහස් ඉන්දියාවේ පළමු අග්‍රාමාත්‍යවරයා වූ ජවහර්ලාල් නේරු 1964 දී ඝාතනයට ලක් වූ අතර, පියාගේ කාර්යමණ්ඩලවල සේවය කරමින් සිටි ඉන්දිරා ගාන්ධි 1966 දී නිදහස් ඉන්දියාවේ තෙවන අග්‍රාමාත්‍ය ධුරයට පත්වූ අතර ඇය ඉන්දියාවේ මෙතෙක් පත්වූ පළමු හා එකම අග්‍රාමාත්‍යවරියයි. වරින් වර වසර පහළොවක් පමණ සිය ධුරයේ කටයුතු කළ ඇය 1984 දී ඝාතනය වන විටත් අග්‍රාමාත්‍යවරිය ලෙස කටයුතු කරමින් සිටියාය.

පාකිස්තානයේ පළමු කාන්තා අගමැතිවරිය ලෙස 1988 දී පත්වූ බෙනාසීර් භූතෝ මුස්ලිම් පාලනයක් සහිත රටක පත්වූ පළමු රාජ්‍ය නායිකාවයි. 1996 දී ජයග්‍රාහී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක අර්ජුන රණතුංග හට ලෝක කුසලානය පිරිනමන්නේ බෙනාසීර් භූතෝ විසින්ය. ඇය පාකිස්තාන මහජන පක්ෂයේ ආරම්භක සාමාජික හා හමුදා කුමන්ත්‍රණය නිසා 1979 දී ඝාතනයට ලක්වූ සුල්ෆිකාර් අලි භූතෝ අගමැතිවරයාගේ දියණියයි. බෙනාසීර් විවාහ වූයේද එම පක්ෂයේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සමග වන අතර, 2007 දී ඇගේ ඝාතනයෙන් පසුව ඔහු ජනාධිපති ධුරයටද පත්විය.

වර්තමාන බංග්ලාදේශ අගමැතිනිය වන ෂෙයික් හසීනා ද එලෙස සිය පියාගේ අභාවයෙන් පසුව දේශපාලනයට පැමිණි කාන්තාවකි. ඇය බංග්ලාදේශයේ පළමු ජනාධිපතිවරයා වූ සහ බංග්ලාදේශයේ පියා ලෙස සැලකෙන ෂෙයික් මුජිබර් රහුමාන්ගේ දියණියයි. 1975 දී සිදුවූ සිය පියාගේ ඝාතනයෙන් පසුව දේශපාලනයට එක්වූ ෂෙයික් හසීනා ලෝකයේ රාජ්‍ය නායිකාවක් ලෙස වැඩිම කලක් කටයුතු කරන කාන්තාවයි.

පළමු වරට ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන තරගකාරියන් දෙදෙනා

1994 ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන තරගකාරියක් වූයේ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයි. 1994 දී පාර්ලිමේන්තු මැතිවරණයේ වාර්තාගත ජයක් ලබා අගමැති ධුරයට පත්ව සිටි ඇය, මීට පෙර සිය සැමියා වූ විජය කුමාරතුංගගේ දේශපාලන කටයුතුවලට සහාය දක්වමින් සිටි අතර 1988 දී ඔහු ඝාතනය වීමෙන් පසුව ජාතික තලයේ දේශපාලනයට පිවිසියාය. ඇය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක හා සිරිමාවෝ බණ්ඩාරනායක අගමැතිවරුන්ගේ දියණිය වූවාය.

1994 ජනාධිපතිවරණය යනු මැතිවරණ ඉතිහාසයට කළු පැල්ලම් එක් කළ ජනාධිපතිවරණයකි. එහි විවිධ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සිදුවූවා මෙන්ම ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට මරාගෙන මැරෙන ප්‍රහාර ද එල්ල විය.

එක්සත් ජාතික පක්ෂ අපේක්ෂයා වූ, එවකට විපක්ෂ නායක ගාමිණී දිසානායක එම ප්‍රහාරයකින් මියගිය අතර, හිස්වූ ජනාධිපතිවරණ අපේක්ෂකත්වයට තරග කළේ ඔහුගේ බිරිය වූ ශ්‍රීමා දිසානායකයි. මෙම ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ප්‍රධාන තරගකාරිනියන් දෙදෙනාම සිය සැමියාගේ අභාවයෙන් පසුව ජාතික තලයේ දේශපාලනයට පිවිසි වැන්දඹුවන් වීම විශේෂත්වයකි.

1994 දී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මුළු ඡන්ද ප්‍රමාණයෙන් 62%ක් ලබාගනිමින් අතිවිශාල ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාවේ පළමු සහ මෙරට ඉතිහාසයේ මෙතෙක් පත්ව ඇති එකම ජනාධිපතිවරිය බවට පත්වූවාය. එසේම ඇය මේ දක්වා පත්ව ඇති රටේ දෙවැනි අගමැතිනිය ද වේ.

ශ්‍රී ලංකාවේ පළමු මහජන නියෝජිතවරිය

1931 දී ශ්‍රී ලංකාවට සර්වජන ඡන්ද බලය හඳුන්වා දීමෙන් අනතුරුව දිවයින පුරා පැවැති මැතිවරණයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාව සඳහා මහජන නියෝජිතයන් තෝරාගන්නා ලදී. පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කතානායකවරයා වූ ෆ්‍රැන්සිස් මොලමුරේගේ බිරිය වූ ඇඩ්ලින් මොලමුරේ රාජ්‍ය මන්ත්‍රණ සභාවට පත්වෙන්නේ රුවන්වැල්ල ආසනයෙන් රාජ්‍ය මන්ත්‍රණ සභාවට තේරීපත්වූ ඇගේ පියා වන මීදෙණිය අදිකාරම්ගේ මරණයෙන් පසුවයි.

1931 දී පැවති අතුරු මැතිවරණයෙන් ජයග්‍රහණය කළ ඇය ව්‍යවස්ථාදායකය නියෝජනය කළ ප්‍රථම ශ්‍රී ලාංකික කාන්තාව වන අතර, මහජන ඡන්දයෙන් පත්වූ පළමු මහජන නියෝජිතවරිය ද වූවාය.

පාර්ලිමේන්තු මන්ත්‍රී සැමියා, පියා හෝ සහෝදරයාගේ හිඩැස පුරවන්න ආ තවත් මන්ත්‍රීවරියන්

★ 1977 දී ඩබ්.එම. විමලරත්න බණ්ඩාරගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිය අමරා පියසීලි රත්නායක

★ 1977 දී එස්. ද සිල්වා රණසිංහගේ අභාවයෙන් පසුව ඔහුගේ දියණිය සුනේත්‍රා රණසිංහ

★ 1982 දී බන්දුලහේවා සේනාධීරගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිය දයා සේපාලි සේනාධීර

★ 1987 දී පාර්ලිමේන්තුවට එල්ල වූ බෝම්බ ප්‍රහාරයෙන් කීර්තිසේන අබේවික්‍රම ඝාතනය වූ පසු ඔහුගේ සහෝදරිය කීර්තිලතා අබේවික්‍රම

★ 1983 දී කේ.ටී. පුලෙන්ද්‍රන්ගේ අභාවයෙන් පසු ඔහුගේ බිරිය රාසමනෝහරි පුලේන්ද්‍රන්

★ 1993 දී ලලිත් ඇතුලත්මුදලි ඝාතනයෙන් පසුව ඔහුගේ බිරිය ශ්‍රීමනී ඇතුලත්මුදලි

★ 2000 දී එම්. එච්.එම්. අෂ්රොෆ්ගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිය ෆෙරියල් අෂ්රොෆ්

★ 1994 දී නන්ද එල්ලාවලගේ අභාවයෙන් පසුව ඔහුගේ බිරිය සුරංගනී එල්ලාවල

★ 1991 මුදියන්සේ තෙන්නකෝන්ගේ අභාවයෙන් පසුව ඔහුගේ දියණිය සෝමා කුමාරි තෙන්නකෝන්

★ 2008 දී ටී. මහේෂ්වරන්ගේ ඝාතනයෙන් පසුව ඔහුහේ බිරිය විජයකලා මහේෂ්වරන්

★ 2011 දී භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයෙන් පසුව ඔහුගේ දියණිය හිරුණිකා ප්‍රේමචන්ද්‍ර

වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන්

2020 පැවැති මහ මැතිවරණයෙන් පත් වූ වත්මන් පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරියන් 12 දෙනකු සිටින අතර, එයින් මන්‍ත්‍රීවරියන් හතරදෙනකු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියන්ය. මෙම මන්ත්‍රීවරියන් 12 දෙනාගෙන් පස් දෙනෙකුම සිය පවුලේ සාමාජිකයකු මියයාමෙන් පසුව දේශපාලනයට පිවිසි අයයි. මේ අතරින් පවිත්‍රා වන්නිආරච්චි ඇමැතිවරිය දේශපාලන පසුබිමක් සහිත පවුලකින් පැමිණි කාන්තාවකි. ඒ හැරුණු විට සිය පවුලේ කෙනකු මියයාමෙන් පසු දේශපාලනයට පිවිස වර්තමාන පාර්ලිමේන්තුව නියෝජනය කරන නියෝජිතවරියන් පහත පරිදිය.

★ 2008 ජෙයරාජ් ප්‍රනාන්දුපුල්ලේ ඝාතනයෙන් පසුව දේශපාලනයට පිවිසි වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ

★ 2002 දී ගාමිණී අතුකෝරළගේ මරණයෙන් පසු දේශපාලනයට පිවිසි ඔහුගේ සොයුරිය තලතා අතුකෝරළ

★ 2014 දී සංජීව කවිරත්නගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි රෝහිණී විජේරත්න කවිරත්න (ඇගේ පියා හිටපු කෘෂිකර්ම ඇමැතිවරයකු වූ කේ.වයි.එම්. කවිරත්නයි.)

★ 2019 දී රංජිත් ද සොයිසාගේ අභාවයෙන් පසුව දේශපාලනයට පිවිසි මුදිතා ප්‍රිශාන්ති

★ 2019 දී සාලින්ද දිසානායකගේ අභාවයෙන් පසු ජාතික ලැයිස්තු මන්ත්‍රීවරියක් ලෙස පත් වූ මංජුලා දිසානායක

සැමියා වෙනුවට ආ බිරින්දෑවරු

සැමියාගේ දේශපාලන අයිතිවාසිකම් අහිමි වූ අවස්ථාවල සහ මන්ත්‍රී සැමියන්ට විවිධ හේතු නිසා ඉල්ලා අස්වන්නට, මැතිවරණ පරාජය වන්නට සිදුවූ අවස්ථාවල ඔවුන් වෙනුවට පැමිණි මන්ත්‍රීවරියන් කිහිපදෙනකු ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.
ඒ අතුරින් පිලිප් ගුණවර්ධනගේ බිරිය කුසුමසිරි ගුණවර්ධන, ටී.බී. ඉලංගරත්නගේ බිරිය වූ තමරා ඉලංගරත්න, ක්ලිෆර්ඩ් රත්වත්තේගේ බිරිය වූ මල්ලිකා රත්වත්තේ වැනි චරිත කැපීපෙනෙයි.

විවියන් ගුණවර්ධන, නිරූපමා රාජපක්ෂ වැනි දේශපාලන පසුබිම සහිත පවුල්වලින් පැමිණි කාන්තා නියෝජිතවරියන් ද ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව නියෝජනය කර තිබේ.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

ඇල්පිටිය ආසනයේ සජබ කාන්තා බලමුළුව දේශපාලනයෙන් පමණක් නොව කලාවෙන්ද අලංකාර වෙයි! රෝහිණී කවිරත්න මන්ත්‍රිනිය ගායනයකින් රැස්වීම ලස්සන කරපු හැටි බලන්න! VIDEO I Sri Lanka Latest News

Next Post

අනුර ගැන ඉන්දියාව එළිදක්වපු සමීක්ෂණ වාර්තාව අමු ප්‍රෝඩාවක්ලු! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.