• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ඉන්දියාවයි-ලංකාවයි වෙන් කරපු දනුෂ්කොඩි සුළි සුළඟ අයෙත් එයිද? I Sri Lanka Latest News

October 22, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මට මේ අතීතය හොඳින්ම මතකය. මෙම වකවානුව මෙයට හරියටම වසර 44ක් වැනි දීර්ඝ කාලයක් ගෙවුණු තැන උදාවුණු 1979 වසරේ මැදභාගයේ වැනි කාලයක් විය. එකල මම මාධ්‍යවේදියකු වශයෙන් සේවය කරමින් සිටියේ ‘දවස’ පුවත්පත් ආයතනයේය. ජීවිතයේ තාරුණ්‍යය ගතකළ අප එවිට යම් අවස්ථාවන්හිදී විවිධ ගමන් යෑම උදෙසා දුම්රියෙන්ද ගමන් කළ වාර බොහෝය.(Sri Lanka Latest News)

එවැනි අවස්ථාවලදී කොටුව දුම්රිය ස්ථානයට පැමිණි මට කිහිප වතාවක් නෙත ගැටුණු අපූරු දසුනක් විය. කොටුව දුම්රිය ස්ථානයෙන් නොයෙකුත් ගමනාන්තයන් සඳහා දුම්රියෙන් ගමන් කරතත්, මෙම අපූරු දුම්රිය ගමන් කරන්නේ බොහෝ විට පුදුමය දනවන ගමනාන්තයක් වෙතය. මෙම දුම්රිය එකල බොහෝ විට නවතා තිබුණේ කොටුව දුම්රිය ස්ථානයේ දෙවැනි වේදිකාවේය. මට මතක ආකාරයට රාත්‍රි 7 ආසන්න වන වේලාවකදී තම ගමන අරඹන මෙම දුම්රියෙහි යම් මගී පෙට්ටියක පිටතට පෙනෙන සේ සවිකර තිබූ නාමපුවරුව මට තවද හොඳින් මතකය. එහි සඳහන් වූයේ ‘කොළඹ කොටුව – තලෙයිමන්නාරම් තොට – රාමේෂ්වරම’ යන වදනය. මේ කතාව කුමක්ද?

මෙම වචන තුනෙන් පළමු වැනි වචන දෙක අපේ රටට අදාළ නිතර අසනු ලබන එකක් වුවත්, තෙවැනි වචනය වන ‘රාමේෂ්වරම’ යන්න කුමක්ද? රාමේෂ්වරම යනු දකුණු ඉන්දියාවේ ඇති නගරයකි. දැන් එසේ නම් මෙම කතාන්දරයේ ඉතිරි වගතුග සොයා බලමු. ඉන්දියාවේ රාමේෂ්වරමට අප රටේ සිට දුම්රියෙන් ගමන් කරන්නේ කෙසේද? කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරමට දුම්රියෙන් ගියත් එතැන් සිට මහා සාගරය හරහා ඉන්දියාවට යන්නේ කෙසේද? දුම්රියෙහි නාමපුවරුවෙහි ඇති ආකාරයට අදහස් වන්නේ කොළඹ කොටුව සිට ඍජුවම රාමේෂ්වරම වෙත දුම්රිය ගමන් කරන ආකාරයයි.

තවත් පැහැදිලිව කියනවා නම් තලෙයිමන්නාරම් තොටේ සිට දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම දක්වාම මහ මුහුද මැදින් සාදා තිබෙන දීර්ඝ දුම්රිය පාලමක් මතින් දුම්රිය ගමන් කරනු ලබන ආකාරයක් මෙහින් අර්ථවත් වෙයි. නැත නැත. එය සිදුවන්නේ එවැනි ආකාරයකට නොවේ. එනම් දුම්රියෙන් මෙරට තලෙයිමන්නාරම් තොටට ගමන් ගන්නා මගීන් එතැනදී මුහුදු යාත්‍රාවක් හරහා රාමේෂ්වරමට යාත්‍රා කිරීම මෙහිදී සිදුකරනු ලබයි. එසේනම් මෙම දුම්රිය ගමන එක් ඍජු ගමනක් ලෙස සඳහන් කර ඇත්තේ ඇයි?

මෙය අපගේ ඉතිහාස කතාවට එක්වනු ලබන එක්තරා සුවිශේෂ වගතුගකි. අපේ ආදි ලංකාව සහ ඉන්දියාව අතර විවිධ සබඳකම් පවත්වන්නේ වසර දහස් ගණනක අතීතයක සිටය. එතැනින් මෙපිටට ගත් විට වසර සිය ගණනක අතීතය පවා අප දන්නේ නැති වුණත් දශක ගණනාවක අතීතය ගැන අපට පුද්ගලික අත්දැකීම් පවා ඇත්තේය. අද අප කතා කරනු ලබන සුවිශේෂ වගතුගට ඇත්තේ සත්‍ය ලෙසම වූ වසර 100කට ආසන්න වූ අතීතයකි. එසේත් නැතිනම් ඉතිහාසයකි.

එසේ නම් මෙවැනි වටපිටාවකදී අප දන්නා අයුරින් දශක ගණනාවක සිට ඉහත පැවැසූ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර සිදුකෙරෙන ගොඩබිම් සහ මුහුදු ගමන සිදුකරන්නේ කෙසේද? මෙහිදී කොළඹ කොටුවෙන් පිටත්වනු ලබන දුම්රිය ගමන සඳහා එකල මුදල් අයකරනු ලැබුවේ එක්තරා අපූරු ආකාරයකටය. එනම් කොළඹ කොටුවේ සිට කෙළින්ම දකුණු ඉන්දියාවේ රාමේෂ්වරම දක්වා යන මගීන්ගෙන් එක් ඍජු ගමනක ටිකට්පතක් වෙනුවෙන් මුදල් අයකරනු ලබයි. එනම් එම ටිකට්පතට තලෙයිමන්නාරම් තොටේ සිට රාමේෂ්වරම දක්වා වන මුහුදු යාත්‍රා ගමන සඳහාද මුදල් අයකෙරෙයි.

මෙම ප්‍රවාහන ක්‍රමවේදය සිදුකරනු ලබන්නේ දෙරටෙහිම රාජ්‍ය අංශ එකට එක්වීම මගිනි. එනම් ඉන්දියානු දුම්රිය සේවය, ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සහ ඉන්දියානු නැව් සංස්ථාව එකට එක්ව එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළේය. සමහර විට ඉන්දියාවට ගිය පසු එතැන් සිට රට තුළට යන සමහර දුම්රිය වාර සඳහාද එකම ප්‍රවේශපතක් මිලදී ගැනීමට හැකිවිය. කොළඹ කොටුවේ සිටම රාමේෂ්වරම දක්වා ඍජු ගමනක් යන බව අපගේ දුම්රියෙහි සඳහන් වූයේ එහෙයිනි.

කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම් තොට ඇති දුර ප්‍රමාණය කි.මී. 335ක් වන අතර, ඒ සඳහා දුම්රියෙන් යෑමට ගතවන කාලය පැය 8කුත් විනාඩි 20කි. එසේ තලෙයිමන්නාරම් තොටේ සිට රාමේෂ්වරමට බෝට්ටුවේ (යාත්‍රාවේ) යෑමට කිලෝමීටර් 24ක දුරක් ඇත. ඉතිහාසයේ දැක්වෙන කරුණුවලට අනුව දෙරට අතර සහයෝගිතාවෙන් මෙම ප්‍රවාහන ව්‍යාපෘතිය මුලින්ම ආරම්භ කර ඇත්තේ 1914 වසරේදීය.

එකල යම් ප්‍රාථමික තත්ත්වයෙන් තිබුණු ව්‍යාපෘතිය පසු කාලයකදී බොහෝ දියුණු තත්ත්වයකට පත්ව ඇත. මෙලෙස සිදුකෙරෙන දුම්රිය සහ මුහුදු චාරිකාව කොළඹ කොටුවේ සිට ආරම්භ කෙරෙන අතර, දුම්රියෙන් තලෙයිමන්නාරම් තොටට ගොස් එතැනින් මුහුදු යාත්‍රාවක් හරහා ඉන්දියාවේ රාමේෂ්වරමට පැමිණ එතැනින් නැවතත් ඉන්දියාවේ ඇති ධනුෂ්කොඩි නමැති නගරය වෙත දුම්රියෙන් පැමිණෙයි. එනම් මෙලෙස එකල මගීන් ප්‍රවාහනය කළේ ඉන්දියාව හා ශ්‍රී ලංකාව සම්බන්ධ කරන ලද ඒකාබද්ධ දුම්රිය සේවයේ කොටසක් ලෙසිනි.

මෙහිදී හෙළිවන අනෙක් අපූරු කරුණ නම් මෙම ගමන් වාරයන් සඳහා මගීන්ට එකම දුම්රිය ප්‍රවේශ පත්‍රයක් කොළඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ලබාගත හැකි අතර, ඉන්දියාවේ සිට ශ්‍රී ලංකාවට පැමිණෙන මගීන්ට ඉන්දියාවේ ධනුෂ්කොඩි දුම්රිය ස්ථානයෙන් එකම ප්‍රවේශ පත්‍රයක් මිලදී ගත හැකිය. එකල 70 දශකයේදී ධනුෂ්කොඩි නගරය සහ දුම්රිය ස්ථානය ඉතා දරුණු සුළි සුළඟක් හේතුවෙන් විනාශ වී ඇති අතර, ඒ හේතුවෙන් මෙම චාරිකාව රාමේෂ්වරම දක්වා පමණක් සීමාවී ඇත. එකල එම සුළි සුළඟ හැඳින්වූයේ ‘ධනුෂ්කොඩි සයික්ලෝන්’ යන නමිනි.

මෙම චාරිකා ඉතිහාසයේදී වසර 44කට පමණ පෙරදී මෙම ලියුම්කරුද එයට දායක වී තිබීම මා හට අද යම් සතුටකි. එනම් එකලදී මෙම දුම්රිය චාරිකාවේ යම් දසුන් මාගේ මතකයේ තවද රැඳී තිබීම මා අමන්දානන්දයට පත්කරයි. එකල මෙලෙස එම දුම්රියෙන් ගමන්ගත් බහුතරයක් දෙනා දෙමළ ජාතිකයන් විය. ඔවුන් බොහෝ කදමලු බැඳගෙන මෙම දුම්රියට ගොඩවන ආකාරය මම කිහිප දිනක් දැක ඇත්තෙමි.

1914 වසරේදී ආරම්භ කරන ලද මෙම ඉන්දු-ලංකා ප්‍රවාහන සේවය එකල නම්කර ඇත්තේ ‘ඉන්ඩෝ-සිලෝන් එක්ස්ප්‍රස්’ (Indo Ceylon Express) යන නාමයෙනි. එම නාමයට අමතරව ‘බෝට් මේල්’ (Boat Mail) යන නාමයෙන්ද එය හඳුන්වා ඇත. එයට හේතුව වී ඇත්තේ එම දුම්රිය තැපැල් දුම්රියක් ලෙසද හඳුන්වා තිබීමය. එම නාමය භාවිත කර ඇත්තේ මුල් කාලයේදී වන අතර, පසුව Indo Ceylon Express යන වදන භාවිත කර ඇත.

1914 වසරේදී මෙම ප්‍රවාහන සේවය ආරම්භ කරන විටදී හෙළිවන තවත් සුවිශේෂ කරුණක්ද වෙයි. එනම් එකල ඉන්දියාව සහ ලංකාව පැවැති අත්තේ බි්‍රතාන්‍ය අධිරාජ්‍යවාදී පාලනයට යටත්වය. ඒ අනුව මෙම ප්‍රවාහන සේවය මුළුමනින්ම ආරම්භ කිරීමට කටයුතු කර ඇත්තේ බි්‍රතාන්‍ය (එංගලන්ත) පාලකයන් විසිනි. ඔවුන් එකල ලංකාවේ සහ ඉන්දියාවේද දුම්රිය මාර්ග පද්ධති ගොඩනැගීමට මුල් වූ ජාතිකයන් විය.

තවද ඔවුන්ට එකල මෙම ප්‍රවාහන පද්ධතියේ ප්‍රධානතම අවශ්‍යතාව වූයේ දෙරට තුළ තමන්ගේ විවිධ වැවිලි ව්‍යාපාරයන් පවත්වා ගෙන යෑම සඳහා කම්කරුවන් ප්‍රවාහනයටත්, වැවිලි ව්‍යාපාරවලින් ලබාගන්නා අස්වැන්න හෙවත් නිෂ්පාදන වෙනත් රටවලට ප්‍රවාහනය කිරීමත් උදෙසාය. යටත්විජිත යුගයේදී එසේ සිදුකරනු ලැබුවත් පසුව 1947 සහ 1948දී ඉන්දියාව සහ ලංකාව බි්‍රතාන්‍ය පාලකයන්ගෙන් නිදහස ලැබූ පසුව එම ප්‍රවාහන සේවය බොහෝ විට මගීන්ගේ අවශ්‍යතාවන් සඳහාම වෙන්විය. බි්‍රතාන්‍ය යටත්විජිත බැඳීම නිමාවිය.

මෙම සුවිශේෂ ඉන්දු-ලංකා ප්‍රවාහන සේවය 1914 සිට 1948 දක්වා වසර 35ක් පුරා බි්‍රතාන්‍ය පාලනය යටතේ තිබී 1948 සිට ලංකාණ්ඩුවේ පාලනය යටතට පත්විය. එතැන් සිට 1948 සිට 1983 දක්වා තවත් වසර 35ක කාලයක් පුරාම මෙම ප්‍රවාහන සේවය කිසිදු බාධාවකින් තොරව සාර්ථකව සිදුකරගෙන ගියේය. එහෙත් 1983 වසරේදී ශ්‍රී ලංකාවේදී ඇතිවූ කළු ජූලියේ කලබල සමයේදී (සිංහල – දෙමළ වාර්ගික අර්බුදයේදී) මෙම සේවයට කණකොකා හඬන්නට විය.

දෙමළ කොටි සංවිධානයේ ප්‍රබල ක්‍රියාකාරීත්වයත් සමග එයට එරෙහිව ශ්‍රී ලංකා හමුදාවන්ද ගනු ලැබූ ප්‍රතිප්‍රහාර මධ්‍යයේ මෙරට තිබූ ජන රටාවන් කණපිට හැරෙන්නට විය. 1983 කළු ජූලියට ප්‍රථමව 1981 වසරේ සිටම ශ්‍රී ලංකාව තුළ වාර්ගික අරගල යම් අයුරකින් ඇතිවී තිබුණද එම සමය තුළදීද මෙම ප්‍රවාහන සේවය අඩාළ නොවූයේය. එහෙත් කළු ජූලියෙන් පසුව වාර්ගික අරගල තත්ත්වය අතිශය උත්සන්න වූ හෙයින් මෙම ඉන්දු-ලංකා ප්‍රවාහන සේවයට අනතුරුදායක තත්ත්වයක් උද්ගත වන්නට විය. ඒ අනුව 1983 වසරේදී එය නවතා දැමුණු අතර, අද 2023 වසර වන විට හරියටම වසර 40ක් ගතව ඇත.

එදා කොළඹ කොටුවේ සිට තලෙයිමන්නාරම් තොට හරහා මෙසේ ඉන්දියාවට ගිය ගමන ගැන වූ පුරාවෘත්තය ඔබට මුලින්ම ලියා තැබුවේ ඇයි? එයට හේතු වූයේ මෙයට දින කිහිපයකට පෙරදී අපට අසන්නට ලැබුණු අලුත්ම වගතුගක් හේතුවෙනි. මෙම කතාවේ හැරවුම් ලක්ෂ්‍යය උද්ගත වන්නේ මෙතැනදීය. එනම් මෙම කතාව වන්නේ වසර 40ක දීර්ඝ කාලයකට පසුව නැවත ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර මුහුදු මගී යාත්‍රා සේවය ආරම්භ කිරීමේ වගතුගයි. මෙවර මෙම ප්‍රවාහන සේවය ආරම්භ වන්නේ සම්පූර්ණයෙන්ම වෙනස් වූ ආකාරයකටය. එනම් එය සිදුවන්නේ තලෙයිමන්නාරම් තොට හරහා නොවේ.

තලෙයිමන්නාරම් තොට යනු උතුරුකරයේ එහෙත් යාපනයට බොහෝ දුරකින් ඇති මන්නාරම නගරයෙන් ඔබ්බට වූ ප්‍රදේශයකි. එහෙත් මෙවර මෙම සමුද්‍ර ප්‍රවාහන සේවය ආරම්භ වන්නේ යාපනය ප්‍රදේශයේ පිහිටා තිබෙන කන්කසන්තුරෙයි වරායේ සිටය. එනම් එහි සිට ඉන්දියාවේ පිහිටා ඇති නාගපට්ටිනම් නමැති වරාය වෙත මෙම මුහුදු යාත්‍රා සේවය ආරම්භ කරනු ලැබුවේය. ඒ අනුව එහි පළමු යාත්‍රාව පසුගියදා මගීන් 50ක් සහ කාර්ය මණ්ඩලය 14ක් සමග ඉන්දියාවේ නාගපට්ටිනම් වරායේ සිට කන්කසන්තුරෙයි වරායට පැමිණියේය. මෙම නව ව්‍යාපෘතියේ පූර්ණ අධීක්ෂණය සහ මෙහෙයුම සිදුකරන්නේ ඉන්දීය රජය විසින් වන අතර ශ්‍රී ලංකා රජය අමතර සහයෝගය ලබාදෙයි.

මෙම නව ප්‍රවාහන සේවයෙහි ප්‍රධානතම මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබන්නේ ඉන්දීය රාජ්‍ය නැව් සංස්ථාව මගිනි. මෙවර මෙම ප්‍රවාහන සේවය සඳහා දුම්රිය සේවයේ කිසිදු සම්බන්ධයක් නැත. එනම් එය ක්‍රියාත්මක වන්නේ මුහුදු මාර්ගයේ ප්‍රවාහනය මගින් පමණකි. පසුගියදා මෙලෙස ඉන්දීය නැව් සංස්ථාවට අයත් මගීන් 60ක් පමණ ප්‍රවාහනය කළ හැකි ‘චෙරියපානි’ නමැති ‘ෆෙරි යාත්‍රාව’ (කුඩා නැවක් බඳු යාත්‍රාවකි) ඉන්දියාවේ සිට මෙහි පැමිණියේය.

මෙම මංගල ගමන සඳහා දෙරටෙහිම නායකයන් සහ අනෙකුත් බලධාරීන්ද සම්බන්ධ වී සිටියහ. ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ මෙරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් මෙම සේවය ආරම්භ කිරීම වෙනුවෙන් අන්තර්ජාලය හරහා සම්බන්ධ වූහ. ඉදිරි කාලයේදී සතියේ දින හතරක් පුරා උදේ – සවස මෙම ඉන්දු – ලංකා මුහුදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වනු ඇත. ඉන්දියානු සාගරයේ ඉන්දියාවට අයත් දර්ශනීය කොරල් පරයක් වන ‘චෙරියපානි’ සිහිවීම උදෙසා එම නාමය මෙම ෆෙරි යාත්‍රාවට තබා ඇත. සම්පූර්ණයෙන්ම වායුසමීකරණය කර ඇති මෙම කුඩා නෞකාව සුපිරි මට්ටමේ පහසුකම්වලින් යුක්තය.

‘චෙරියපානි’ යාත්‍රාව නිෂ්පාදනය කර ඇත්තේ 2006 වසරේදී වන අතර එයට මුහුදු සැතපුම් නොට් 18.9ක වේගයකින් ගමන් කළ හැකිය. ටොන් 396ක් බරැති මෙය අධිවේගී යාත්‍රාවක් වශයෙන් සැලකෙයි. මෙය දිගින් මීටර් 35ක් සහ පළලින් මීටර් 10ක් පමණ වෙයි. මෙයට ඉන්දියාවේ නාගපට්නම් වරායේ සිට කන්කසන්තුරෙයි වරායට පැමිණීමට පැය 4ක කාලයක් ගතවෙයි. ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආපසු යන ද්වි ගමන් වාරයක් සඳහා රුපියල් 54,000ක මුදලක් අයකෙරෙයි. කෙසේ හෝ ගුවනින් ගියහොත් අයකෙරෙන්නේද රුපියල් 58,000ක පමණ මුදලකි. එහෙත් මෙහිදී අපූරු වගතුගක් වශයෙන් හෙළිවන්නේ මුහුදු සංචාරයක තිබෙන ආකර්ෂණීය බව ලබාගැනීමට සමහර සංචාරක පිරිස් දැඩි උනන්දුවක් දක්වන බවය. එය සමුදුර තරණයකි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

එජාපයේ විශේෂ සම්මේලනයට රනිල් එක්වෙයි! 2048 ස්මාර්ට් රටක්! එජාපයත් ස්මාර්ට් කරන්න ව්‍යවස්ථා සංශෝධනයක්! Sri Lanka Latest News

Next Post

ලෝක බැංකුවේ කණ්ඩායමක් වත්කම් ගණනය කරන්න ඇවිත්! ටෙලිකොම් විකුණන්න සියල්ල ලෑස්තියි! වෘත්තීය සමිති ඇවිස්සෙයි! Sri Lanka Latest News

MORE NEWS

හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

Load More
හරිනිත් කලින් ගිහින් දැනුවත් කළා! විමලුත් ගිහින් ආණ්ඩුව ගේන්න යන අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන මල්වතු මහනාහිමියන් දැනුවත් කරයි! ‘අනාගමික-සමරිසි’ කතා එළියට! මාලිමා ආණ්ඩුව කරන්න යන අධ්‍යාපන ‘සිපයිකරණයට’ එරෙහිව සත්‍යග්‍රහයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

විමලුත් ජනාධිපති සූට් මහයි! VIDEO I Sri Lanka Latest News

හිටපු අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසන්නේ 2029 වසරේදී තමන් වුවද ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්විය හැකි බවයි. තමන් ඒ සඳහා...

Read more
අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

අමෙරිකාව තෑගි දීපු නැව අනුර ඇවිත් බාරගනී! PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.