ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිව ලබන මාසයේ සිට දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගවලට එළැඹීමට සැලසුම් කර ඇති බව ශ්‍රී ලංකා සියලු විදුලි සංදේශ සේවක සංගමය පවසයි.Sri Lanka Latest News
එහි සභාපති ජගත් ගුරුසිංහ මහතා ප්‍රකාශ කළේ, මේ දිනවල විදේශීය සමාගමක් විසින් ටෙලිකොම් ආයතනයේ වත්කම් සම්බන්ධයෙන් නිර්ණය කිරීම් සිදුකරන බවය.
“ටෙලිකොම් ආයතනයේ වටිනාකම නීර්ණය කිරීම සඳහා එවලා තියෙන්නේ international finance corporation කියන ආයතනය. මොකක්ද මේ ආයතනය. ලෝක බැංකුවට සම්බන්ධ ආයතනයක්. මේ ආයතනයේ මොනවද වගකීම්. මේ ආයතනයේ වගකීම් තමයි පුද්ගලික අංශයට ණයදීම. එතකොට පුද්ගලික ආයෝජනවලට ණය දෙන ආයතනයක් ගෙනල්ලා ටෙලිකොම් ආයතනයේ වත්කම් ගණනය කිරීමක් කරනවා. අපිට ඉතා පැහැදිලිව පේනවා මේ කරන්න යන්නේ අතිවිශාල වංචාවක්.”










