• About us
  • Contact us
Thursday, June 11, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහ බැංකුවට බෝම්බ ගහපු සෙල්ලයියායි-ශම්මුගරාජායි ඇයි එළියට දැම්මේ I Sri Lanka Latest News

August 1, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මෙහෙම ජනාධිපති සමාව දෙන්න පුළුවන්ද?

කාටද මේ ජනාධිපති සමාව දෙන්නේ?

‘මේකේ රසවත් ඉතිහාසයක් තියෙනවා. ඉස්සෙල්ලාම තිබුණේ ජනාධිපතිගේ සමාවක් නෙවෙයි. අතීතයේදී තිබුණේ රැජිනගේ සමාව. ඊට පස්සේ ආණ්ඩුකාරයාගේ සමාව. දැන් තමයි මේ ජනාධිපතිගේ සමාව ඇවිල්ලා තියෙන්නේ. ඉස්සර ඩොනමෝර් හෝ සෝල්බරි ව්‍යවස්ථාව යටතේ ආණ්ඩුකාරයාගේ සමාව තිබුණට නිසි පරිදි නඩු අහලා දඬුවම් ලබපු අයව නිදහස් කළේ නැහැ.(Sri Lanka Latest News)

බණ්ඩාරනායක ඝාතනයට හසුවූ සෝමාරාම නිදහස් කරන්න කියලා ඒ කාලේ ඉල්ලීමක් ඉදිරිපත් වුණා. ඒත් නිදහස් කළේ නැහැ. රාජාණ්ඩු සමයේ පමණක් නොව යටත්විජිත සමයේ පවා බි්‍රතාන්‍ය මහ රැජිනගේ නිර්දේශය මත සිරකරුවන් නිදහස් කිරීම සිදුකළා. ඒත් එම ක්‍රියාවන් සිදුකළේ යම් ක්‍රම රටාවක් අනුගමනය කරමින්. අතීත ලංකාවේ සිට රාජ්‍ය පාලන ඉතිහාසය තුළ සිරකරුවන්ට සමාව දීම සම්බන්ධයෙන් ඇතැම් සීමා තිබුණත්, අද මෙය අධිකරණයට කරන බලපෑමක් ලෙසටයි දැකිය හැක්කේ. 78 වසරේදී ජනාධිපතිවරයාට මේ බලය දාලා ලියාගත්තා. ඒක අධිකරණයට කරපු බලපෑමක්…’

කුමක්ද මේ අපූරු කතාන්දරය? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙම සුවිශේෂ වගතුග කියා සිටින්නේ ශ්‍රී ලංකාවේ සිටින ප්‍රවීණ නීති විශාරදයකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා විසිනි. පසුගිය කාලයේ බී.බී.සී. ලෝක සේවය සමග සිදුකරන ලද සාකච්ඡාවකදී ඔහු මෙම අදහස් පළකර තිබිණි. කලින් කලට මෙරට සිටින ජනාධිපතිවරුන් විසින් සිරකරුවන් වෙත ලබාදෙන ජනාධිපති නිදහස යන තේමාව ආශ්‍රිත කරගනිමින් ඔහු එම අදහස් ප්‍රකාශ කර තිබුණේය.

සිරකරුවන්ට සමාව ලබාදීමට ජනාධිපතිවරයාට බලය හිමිවන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වැනි වගන්තියෙනි. 34 වගන්තියේ (1) අනු වගන්තිය යටතේ ශ්‍රී ලංකාවේ කවර හෝ අධිකරණයක තීන්දුවක් යටතේ වරදකරු කරන ලද පුද්ගලයකුට සමාවක් ලබාදීමට ජනාධිපතිවරයාට බලය පැවරේ. එමෙන්ම වරදකරුට ලබාදෙන්නේ සම්පූර්ණ සමාවක්ද, එසේත් නැතිනම් නීත්‍යනුකූල කොන්දේසි සහිත සමාවක්ද යන්න ජනාධිපතිවරයාට තීරණය කළ හැකියි. කෙසේ හෝ ජනාධිපති සමාව ලබාදිය යුත්තේ කිනම් වරදකට සිරගත වූ පුද්ගලයන්ට දැයි ශ්‍රී ලංකා නීතියේ සඳහන්ව නොමැත.

‘ජනාධිපති සමාව’ නමැති මෙම සංකීර්ණ විෂයේ තවත් බොහෝ කතන්දර ඇත. ඒවා යමක් ලියා තබන්නට පෙර මෙම ජනාධිපති සමාව ගැන ආරම්භ කරමින් මෙම ලිපිය ලියා තැබුවේ ඇයි? එයට හේතු වූයේ මෙයට දින කිහිපයකට පෙරදී මෙරට සිදුවූ එක්තරා සුවිශේෂ සිදුවීමකි. එය නම් මෙයට වසර 27කට ඉහතදී එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් විසින් සිදුකළ ශ්‍රී ලංකා මහබැංකු බෝම්බ ප්‍රහාරයට අදාළව සිරගත කරන ලද සිරකරුවන් දෙදෙනෙක් ජනාධිපති සමාව ලබා නිදහස් වීමය. එනම් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම කොටි ත්‍රස්තවාදී සිරකරුවන් දෙදෙනාට ජනාධිපති සමාව ලබාදීමය.

මේ අනුව වසර 200ක කාලයකට සිර දඬුවම් නියමව තිබුණු එල්.ටී.ටී.ඊ. කොටි සාමාජිකයකු වන සෙල්ලයියා නවරත්නම් සහ ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියමව සිටි එස්. ශම්මුගරාජා මෙලෙස ජනාධිපති සමාව ලබා නිදහස් වූහ. වසර 200ක් සිර දඬුවම් හිමිව සිරගතව සිටි සෙල්ලයියා නවරත්නම් හට එම දඬුවම නියම කර තිබුණේ මහාධිකරණය විසිනි. ඔහුගේ එම දඬුවම පසුව අභියාචනාධිකරණය විසින්ද අනුමත කර තිබිණි. දැනට 69 වැනි වියෙහි පසුවන මෙම කොටි ත්‍රස්තවාදී සාමාජිකයා පසුගිය කාලයේ සිරගතව සිටින විටදී යහපත් කල්ක්‍රියාවෙන් ගතකළ අයකු බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කර ඇත.

එසේම ජීවිතාන්තය දක්වා සිර දඬුවම් විඳිමින් සිටි දැනට 56 වැනි වියෙහි පසුවන එස්. ශම්මුගරාජා නම් කොටි ත්‍රස්තවාදියාද යහපත් කල්ක්‍රියාවෙන් සිරගෙය තුළ ගතකළ බව බන්ධනාගාර ආරංචි මාර්ග ප්‍රකාශ කර සිටියි. ඔහු මහබැංකු ප්‍රහාරයේදී බෝම්බ ප්‍රවාහනය කිරීමට කටයුතු කළේ යැයි චෝදනා ලබා තිබිණි. මෙම සිරකරුවන් දෙදෙනාම පසුගිය 2023 ජූලි 18 වැනිදා ජනාධිපති සමාව යටතේ නිදහස ලැබීය.

පුද්ගලයන් 91 දෙනකුට මරු කැඳවමින් 1996 ජනවාරි 31 වැනිදා ශ්‍රී ලංකා මහබැංකුවට කොටි සංවිධානය විසින් එල්ල කරන ලද ප්‍රහාරය මෙරට සිදුවූ විශාලතම අපරාධයකි. එකල ශ්‍රී ලංකා මහ බැංකුවේ සේවය කරමින් සිටි නිලධාරීන් 41ක් ඇතුළු 91 දෙනකු මෙහිදී මරණයට පත්වූහ. එසේම මහබැංකුවේ නිලධාරීන් 08 දෙනකු පූර්ණ අන්ධභාවයට පත්කළ අතර, තවත් නිලධාරීන් 11 දෙනකු අංශභාග රෝගී තත්ත්වයට පත්කළේය.

මියගිය සහ තවත් සිය ගණනක් තුවාල ලැබූ පුද්ගලයන් අතර මහබැංකු යාබද කාර්යාල ගොඩනැගිලිවල සේවය කරමින් සිටි පිරිසක්ද අයත් වූහ. එම පිරිසට බොහෝ තරුණ තරුණියන්ද අයත් වූහ. මෙම ම්ලේච්ඡ ප්‍රහාරය නිසා අහිංසක පවුල් සිය දහස් ගණනක් මහා අනාථභාවයකට පත්විය. එය මහා ශෝකාන්තයක් විය.

එකල කොටි ත්‍රස්තවාදීන් මෙම ප්‍රහාරය එල්ල කළේ අධිබලැති පුපුරණ ද්‍රව්‍ය රාත්තල් 440ක විශාල ප්‍රමාණයක් අඩංගු කළ ලොරියක් මහබැංකුවේ ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළු කර ගොඩනැගිල්ල වෙත හප්පවා මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් මගිනි. ඒ ප්‍රහාරය සිදුවනවාත් සමගින් තවත් කොටි ත්‍රස්තවාදී පිරිසක් විසින් වෙඩි ප්‍රහාරයක්ද එල්ල කරන ලදී. එම ත්‍රස්තවාදීන් විසින් ඒ.කේ. 47 ස්වයංක්‍රීය ගිනි අවි සහ රොකට් විදිනයන්ද භාවිත කරමින් ප්‍රහාර එල්ල කළේය.

එම වෙඩි ප්‍රහාර නිසාද සිවිල් වැසියෝ විශාල ප්‍රමාණයක් එම ස්ථානයේදීම අවාසනාවන්ත ලෙස මරණයට පත්වූහ. මෙම භයානක ප්‍රහාරය නිසා මහ බැංකු ගොඩනැගිල්ලට සහ ඒ අසල පිහිටි තවත් කාර්යාල ගොඩනැගිලි 08කටද බරපතළ ලෙස හානි සිදුවිය. මෙම ප්‍රහාරයේදී ශ්‍රී ලාංකිකයන්ට අමතරව තුවාල ලැබූ පිරිස අතර විදේශිකයන්ද 08 දෙනකු වූහ. එකල මෙම මහා විනාශය සිදුකළ ත්‍රස්තවාදීන් කිහිප දෙනෙක් එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර, තවත් 11 දෙනකු අත්අඩංගුවට පත්වූහ. මොවුන්ගෙන් 10 දෙනකුම ගොනුකරන ලද චෝදනා 712කට චූදිතයෝ වූහ.

ගොනුකරන ලද චෝදනා අතර ඝාතන සිදුකිරීමේ අරමුණු සහිත වීම, ඝාතන සිදුකිරීම, රජයේ සහ පුද්ගලික දේපළ විනාශ කිරීම සහ ගැටුම් උත්සන්න කිරීම යන අධි චෝදනා විය. මෙම ම්ලේච්ඡ කොටි ත්‍රස්තයන් පසුගිය කාලයේ එනම් වසර 25කට අධික කාලයක් සිර දඬුවම් විඳිමින් සිටියේය. මෙයට දින කිහිපයකට පෙරදී නිදහස් කෙරුණේ මෙවැනි ත්‍රස්තවාදී සිරකරුවන් දෙදෙනෙකි. එසේම මෙයට පෙර දෙවතාවකදීද මෙලෙස ජනාධිපති සමාව යටතේ එල්.ටී.ටී.ඊ. සිරකරුවන් නිදහස් කරන ලදී. ඒ, 2021 සහ 2022 වසරවලදී බව බන්ධනාගාර වාර්තා පෙන්වා දෙයි. එහෙත් එම සිරකරුවන් අතර මහබැංකු ප්‍රහාරයේ චූදිතයන් සිටියේ දැයි එතරම් පැහැදිලි විස්තරයක් නැත.

ජනාධිපති සමාව ලබාදීම තවත් විවිධාකාරයෙන් අර්ථකථනය කර තිබේ. වරදකරුට ලබාදෙන්නේ සම්පූර්ණ සමාවක්ද එසේත් නැතිනම් නීත්‍යනුකූල කොන්දේසි සහිත සමාවක්ද යන්න ජනාධිපතිවරයාට තීරණය කළ හැකිය. අදාළ වරදකරුට නියම කර ඇති දඬුවම වෙනුවට ලිහිල් දඬුවමක් නියම කිරීමට හෝ නියම කරන ලද දඬුවම මුළුමනින්ම නිශ්ප්‍රභ කිරීමට හෝ ජනාධිපතිවරයකුට ව්‍යවස්ථාවෙන් බලය හිමිව තිබේ.

කෙසේ වෙතත් අධිකරණයකින් මරණ දඬුවම නියම වූ පුද්ගලයකුට සමාව ලබාදීමේදී 34 (ඈ) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට යම් සීමා පනවා තිබේ. එවැනි පුද්ගලයකු නිදහස් කිරීමට පෙර අදාළ නඩුව විභාග කළ විනිසුරුගෙන් වාර්තාවක් ලබාගත යුතුය. එම වාර්තාව ජනාධිපතිවරයා අතට ලැබුණු පසු ඒ ගැන නීතිපතිවරයාගෙන් උපදෙස් ලබාගත යුතුය. එම වාර්තාව නීතිපතිවරයාට යැවිය යුත්තේ අදාළ උපදෙස් ලබාදීමෙන් පසු අධිකරණ විෂය භාර අමාත්‍යවරයාට යවන ලෙස උපදෙස් ලබාදෙමිනි. ඉන් පසු අදාළ අමාත්‍යවරයා සිය නිර්දේශයද සඳහන් කරමින් වාර්තාව නැවත ජනාධිපතිවරයා වෙත යොමු කරනු ලබයි.

මරණ දඬුවමට නියම වූ පුද්ගලයකුට සමාව ලබාදීමේදී හැර වෙනත් අවස්ථාවලදී ජනාධිපතිවරයාට විශේෂ ඉල්ලීම් කිරීමට අවශ්‍ය නැති බවද පැවසෙයි. මෙම අර්ථකථනයන් පසුගියදා බී.බී.සී. ලෝක සේවය මගින් මෙරට නීතිවේදීන් කිහිප දෙනකු සමග කරන ලද සාකච්ඡාවලින් හෙළිවූ කරුණු වෙයි. එහිදී ප්‍රවීණ නීතිවේදියකු වන ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා මහතා ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති පොදු සමාව යනු බොහෝ අවස්ථාවලදී දේශපාලන අවියක් ලෙසද භාවිත වන බවයි. ඔහුගේ එම කතාවට අදාළ වන බොහෝ නිදර්ශනයන්ද පසුගිය කාලය පුරා දක්නටද හැකි විය.

මරණ දඬුවම නියම කෙරී තිබුණු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට 2021 ජුනි 24 වැනි දින එවක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජනාධිපති සමාව ලබාදී නිදහස් කරන ලදී. මෙලෙස එකල දුමින්ද සිල්වා නිදහස් කිරීම ගැන එක්සත් ජාතීන්ගේ මහ කොමසාරිස් මිෂෙල් බැෂලේ දැඩි ලෙස අප්‍රසාදය පළකළ අතර, ශ්‍රී ලංකාව මනාප තෝරා සමාව ලබාදීම සඳහා තවත් උදාහරණයක් සපයා ඇතැයි දෝෂාරෝපණය කළේය.

පසුව 2022 මැයි 30 වැනි දින ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ජනාධිපති සමාව දීම අත්හිටුවමින් අතුරු නියෝගයක් නිකුත් කරන ලද අතර, පසුව දුමින්ද සිල්වා නැවත අත්අඩංගුවට ගන්නා ලදී. ඔහු ජයවර්ධනපුර රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබිණි. මෙලෙස හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් දුමින්ද සිල්වාට ලබාදුන් ජනාධිපති සමාව අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් අතුරු නියෝගය ඓතිහාසික සිදුවීමක් විය. ‘ජනාධිපති සමාව’ යන්නට එම සිදුවීම සුවිශේෂ අර්ථකථනයක් සපයනු ඇතිය.

මෙම වටපිටාවේදී අප අවධානයට ගත යුතු තවත් සුවිශේෂ කරුණක්ද ඇත. එනම් පසුගිය කාලයේ මෙම දමිළ කොටි ත්‍රස්තවාදී සිරකරුවන් නිදහස් කරන ලෙසට බොහෝ බලපෑම් සිදුකර තිබුණේ විදෙස් මානව හිමිකම් සංවිධාන විසිනි. එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසම, යුරෝපීය කොමිසම සහ තවත් මානව හිමිකම් සංවිධාන කිහිපයක්ම පසුගිය කාලය පුරා මෙලෙස ශ්‍රී ලංකා රජයට බලපෑම් සිදුකරනු ලැබුවේය.

තත්ත්වය කුමක් වුවත් අද අහිංසක මිනිසුන් 91 දෙනෙකුගේ ජීවිත විනාශ කර තවත් සිය දහස් මිනිසුන් ගණනකගේ ජීවිත අනාථභාවයට පත්කළ මහබැංකු බෝම්බ ප්‍රහාරයේ චූදිතයන්ද අද සමාව ලබා ඇත. අපූරු දසුනක් වන්නේ පසුගියදා නිදහස් කෙරුණු චූදිතයන් දෙදෙනා කැමරා ඉදිරියේ සිනහමුසු මුහුණින් සිටීමය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලංගම බසයක් වටවලදී ප්‍රපාතයකට පෙරළෙයි! 18ක් රෝහලේ! (PHOTOS)Sri Lanka Latest News

Next Post

ඕන දෙයක් කරන්න! අපි චක්‍රලේඛය අහෝසි කරන්නෙ නෑ! වෘත්තීය සමිතිවලට එරෙහිව සෞඛ්‍ය ලේකම් තදින් සිටී! I Sri Lanka Latest News

MORE NEWS

පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

Sri Lanka Latest News
Exclusive

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News
Exclusive

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News
Exclusive

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

එක අවුරුද්දයි…! පච කෝටියයි…!! ආතල් කෝටියයි…!!! බලන්න ආසයි..! VIDEO I Sri Lanka Latest News
Exclusive

විදුලි බල මණ්ඩලය 2024 බිලියන 141ක් ලාබයි..! 2025 බිලියන 30ක් පාඩුයි! ශ්‍රී ලන්කන් බිලියන 48ක් පාඩුයි! වෝටර් බෝඩ් එක මිලියන 14ක් පාඩුයි! වැඩ්ඩෝ.. කිඩ්ඩෝ.. පොරවල්.. ඇවිදින පුස්තකාල ඇවිත් කරපු හරිය මෙන්න! ආණ්ඩුවට හොරු අල්ලන්නත් බෑ! ආර්ථිකය හදන්නත් බෑ! VIDEO I Sri Lanka Latest News

Load More
පාස්පෝට් 2ක් ළඟ තියාගත් විමල්ගේ බිරිය ශෂී අවුරුදු 2ක් හිරේ!
Exclusive

විමල්ගේ නෝනා අවුරුදු 2කට හිරේ! සිරදඬුවම ස්ථිරයි! අභියාචනය උසාවියෙන් විසි කරයි! I Sri Lanka Latest News

අවිධිමත් විදේශ ගමන් බලපත්‍රයක් සන්තකයේ තබා ගැනීම සම්බන්ධයෙන් නියම කෙරුණු වසර දෙකක සිරදඬුවම හා දඩයට එරෙහිව ශෂී වීරවංශ මහත්මිය ඉදිරිපත්...

Read more
Sri Lanka Latest News

අවුරුදු ගාණක් තිස්සේ කැබිනට් ඇමැතිවරු පෝලිමක් හිටියත් අවුරුදු 5ට අඩු වැඩිම මන්දපෝෂණය තියෙන ළමයි ඉන්නේ ඌවේ..!  I Sri Lanka Latest News

පාසල්වලට ස්මාර්ට්ෆෝන් අරන් ඒම තහනම් කරයි! දරුවන් සමාජ මාධ්‍ය මාරයාගෙන් බේරාගන්න පාසල් රැසක් දැඩි තීන්දුවක! I Sri Lanka Latest News

‘අන්තර්ජාලය නිසා දරුවන් මියයනවා!’ බාල වයස්කරුවන්ට කැනඩාවෙත් සෝෂල් මීඩියා තහනම්! කලින්ම ඕස්ට්‍රේලියාවත් කළා! I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

නිල කාලය අවසන් කොට ඉන්දියාවට යන්න කලින් නියෝජ්‍ය මහකොමසාරිස් පාන්ඩේ විපක්ෂනායක කාර්යාලයට ඇවිත් සජිත්ව හමුවෙයි! දුන් සහායට ස්තූති කරයි! VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

පානදුරේදී බොරුවක් කියලා පච වුණා! දැන් දෙවැනි බොරුවත් අතේ පත්තු! පොහොට්ටුව ලොකු සද්දයක් දාලා පෙරේදා සජබෙන් ගත්ත කෙනා බලංගොඩ ආසන සංවිධායක නෙමෙයිලු! පොහොට්ටුවට මේ මොකද්ද වෙන්නේ? ඇයි මෙහෙම මිනිස්සුන්ව අන්දවන්නේ..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.