• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලතිව් සමූහ මිනීවළෙන් මතුවෙන්නේ කාගේ ඇටසැකිලිද? I Sri Lanka Latest News

December 1, 2023
in Exclusive, News
Reading Time: 10 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනීවළ තුළින් (නොවැම්බර් 23 වැනිදා) තවත් මිනිස් සිරුරු 2ක අස්ථි කූඩු මතුකර ගැනීමත් සමග එම ස්ථානයෙන් සොයා ගත් අස්ථි කූඩු ගණන 26ක් දක්වා ඉහළ ගොස් තිබේ. සමූහ මිනීවළ ආශ්‍රිත තෙවැනි අදියරේ සිවුවැනි දින කැණීම් (නොවැම්බර් 23 වැනිදා) සිදු කෙරිණි.(Sri Lanka Latest News)

සමූහ මිනීවළ සම්බන්ධයෙන් කළ කැණීම් තුළින් පූර්ණ මිනිස් සිරුරු පහක අස්ථි කොටස් අලුතින් මතුකරගත් බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේව පැවසීය.

සමූහ මිනීවළ ආශ්‍රිත දෙවැනි අදියර කැණීම් තුළින් පූර්ණ මිනිස් සිරුරු 17කට අදාළ අස්ථි කොටස් ගොඩගැනීම සිදුකළ අතර, තෙවැනි අදියරේ තෙවැනි දිනයේ කැණීම් තුළින් නොවැම්බර් 22 වැනිදා තවත් මිනිස් සිරුරු පහකට අදාළ අස්ථි කූඩු මතුකරගත් බවද වාසුදේව මහතා පැවැසීය.

තෙවැනි අදියරේ කැණීම් තුළින් මේ දක්වා මිනිස් සිරුරු හතක් මතුකර ගැනීමට හැකිවී ඇති බව කැණීම් නිලධාරීහු පවසති.

සමූහ මිනීවළ තුළින් මේ දක්වා පතුරම් උණ්ඩ වැනි කොටස් හයක් හා LTTE සංවිධානයේ සාමාජිකයන් හඳුනා ගැනීමට පලඳින ලද යැයි කියන අංක තහඩු හයක්, අපවිත්‍ර ජලය පවිත්‍ර කරන උපකරණයක්, සයිනයිඩ් කරලක්, කාන්තා තනපට, ආරක්ෂක අංශ භාවිත කරන කැලෑ ඇඳුමට සමාන ඇඳුම් වැනි උපකරණ රැසක් හමුවූ බවද කැණීම් නිලධාරීන් පැවැසීය.

සමූහ මිනීවළ විශේෂ ස්කෑන් පරීක්ෂාවකට

සමූහ මිනීවළ කොපමණ සීමාවක් පුරා පවතින්නේද යන්න දළ අනුමානයක් ලබාගැනීමට (නොවැම්බර් 22 වැනිදා) සමූහ මිනීවළ පවතින ස්ථානය අවට සීමාවේ විශේෂ ස්කෑන් පරීක්ෂණයක් පැවැත්වීමට අධිකරණයෙන් අවසරය ලැබී ඇති බවද මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය. කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අධ්‍යයන අංශයේ නිලධාරීන්ගේ මගපෙන්වීම යටතේ අදාළ ස්කෑන් පරීක්ෂාව සිදුකිරීමට නියමිතය.

මේ දක්වා සමූහ මිනීවළ තුළින් ගොඩගත් අස්ථි කොටස් මුලතිව් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලේ ස්ථාපිත විශේෂිත කුටියක තැන්පත් කොට ඇත. කැණීම් තුළින් එක මත එක පිහිටි අස්ථි කූඩු මතුකරගත් බවත්, හමුවූ අස්ථි කූඩු අවිධිමත් ලෙසට වළට දමා ඇති බව නිරීක්ෂණය වන අතර, පොදු සුසානයක සිරුරු තැන්පත් කරන ආකාරයට ක්‍රමානුකූල බවකින් තොරව සිරුරු වළට දමා ඇති බවත් මූලිකව දැක ගැනීමට හැකි වන බවද කැනීම් නිලධාරීහු පැවසූහ.

කැණීම් නිලධාරීන් කණ්ඩායම

මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයේ වර්තමාන මහෙස්ත්‍රාත් ධර්මලිංගම් ප්‍රදීපන්ගේ අධීක්ෂණය යටතේ, පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේවගේ ප්‍රධානත්වයෙන් යුතු කණ්ඩායමක් සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැණීම් සිදුකරති.

යාපනය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යාව පිළිබඳ මහාචාර්ය පරමු පුෂ්පරත්නම්, මුලතිව් රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කනකසභාපති වාසුදේව, යාපනය රෝහල් අධිකරණ වෛද්‍ය එස්. පිරනවන් ඇතුළු කණ්ඩායමක් කැණීම් කටයුතුවලට එක්ව සිටිති.

කෝකිලායි පොලිස් නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශය, පුරාවිද්‍යා නිලධාරීන්, පොලිස් අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් ඇතුළු කණ්ඩායම් රැසක් කැණීම් කටයුතු සඳහා සහයෝගය ලබාදෙයි.

සිරුරු කොටස් සොයා කොක්කුතුඩුවායි කැණීම් යළි ඇරඹේ

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනිවළ ආශ්‍රිතව තෙවැනි අදියරේ කැණීම් (නොවැම්බර් 20 වැනිදා) නැවත ආරම්භ කෙරිණි.

මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කනකසභාපති වාසුදේව පැවැසුවේ මේ දක්වා කැණීම් තුළින් මතුකරගත් සාක්ෂි හා අනෙකුත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණය ලබාදුන් නියෝග යටතේ සමූහ මිනීවළ ආශ්‍රිත කැණීම් කටයුතු තෙවැනි අදියර යටතේ නැවත ආරම්භ කළ බවයි.

කැණිම් කටයුතු තාවකාලිකව අත්හිටුවයි

මුලතිව් කොක්කුතුඩුවායි සමූහ මිනීවළ සම්බන්ධයෙන් වන කැණීම් කටයුතු තාවකාලිකව සැප්තැම්බර් 15 වැනි දින නවතා දැමූ බව සමූහ මිනීවළ සම්බන්ධයෙන් කැණීම් කටයුතු භාර පුරාවිද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව පවසයි.

රාජ් සෝමදේව පැවැසූවේ දැනට ලැබී තිබෙන සාක්ෂි විශ්ලේෂණය වෙනුවෙන් කැණීම් කටයුතු තාවකාලිකව මාස දෙකක කාලයකට නවතා දැමූ බවයි.

මේ දක්වා කැණීම් තුළින් මතුකරගත් සාක්ෂි හා අනෙකුත් ද්‍රව්‍ය සම්බන්ධයෙන් විශ්ලේෂණය කොට මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව අධිකරණය ලබාදෙන තීරණ අනුව ඉදිරි කටයුතු කිරීමට නියමිත බවද හෙතෙම සඳහන් කළේය.

කැණීම් තුළින් මෙතෙක් මතුකරගත් දෑ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් තවමත් ගැනීමට නොහැකි තත්ත්වයක් පවතින බවද ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයා ප්‍රකාශ කළේය.

සමූහ මිනීවළ නමවන දිනට සැපතැම්බර් 15 වැනි දින කැණීම් කළ අතර, එහිදී අලුතින් මිනිස් සිරුරු තුනක අස්ථි මතුකර ගත් බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරී කනකසභාපති වාසුදේව පැවැසීය.

සමූහ මිනීවළ දින නමයක කාලයක් කැණීම් තුළින් මිනිස් සිරුරු 17ක අස්ථි කූඩු මතුකරගෙන ඇති අතර, මතුකරගත් මිනිස් සිරුරු 17ට අදාළ අස්ථි කොටස් සියල්ලම ගොඩගත් බවද කැණීම් නිලධාරීහු පවසති. ගොඩගත් අස්ථි කොටස් මුලතිව් මහෙස්ත්‍රාත්වරයාගේ නියෝග යටතේ පරීක්ෂණ වෙනුවෙන් මුලතිව් රෝහලේ ස්ථාපිත විශේෂිත කුටියක තැන්පත් කොට ඇති බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි කනකසභාපති වාසුදේව පැවැසුවේය.

කැණීම් තුළින් එක මත එක පිහිටි අස්ථි කූඩු මතුකරගත් බවත්, හමුවූ අස්ථි කූඩු අවිධිමත් ලෙසට වළට දමා ඇති බව නිරීක්ෂණය වන අතර, පොදු සුසානයක සිරුරු තැන්පත් කරන ආකාරයට ක්‍රමානුකූල බවකින් තොරව සිරුරු වළට දමා ඇති බවත් මූලිකව දැකගැනීමට හැකි වන බවද කැණීම් නිලධාරීහු වැඩිදුරටත් පැවැසූහ.

සමූහ මිනීවළ තුළින් මේ දක්වා පතුරම් උණ්ඩ වැනි කොටස් තුනක් හා එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සාමාජිකයන් හඳුනාගැනීමට පලඳින ලද යැයි කියන අංක තහඩු පහක්, අපවිත්‍ර ජලය පවිත්‍ර කරන උපකරණයක්, සයිනයිඩ් කරලක්, කාන්තා තනපට, ආරක්ෂක අංශ භාවිත කරන කැලෑ ඇඳුමට සමාන ඇඳුම් වැනි උපකරණ රැසක්ද හමුව තිබේ.

කැණීම් සඳහා ප්‍රතිපාදන ප්‍රමාණවත්ද?

සමූහ මිනීවළ කැණීම් කටයුතු වෙනුවෙන් රුපියල් ලක්ෂ 57ක මුදලක් ලැබී ඇති අතර, සති තුනක පමණ කාලයක කැණීම් කටයුතු වෙනුවෙන් මුදල් ප්‍රමාණවත් බව මුලතිව් රෝහල් විශේෂඥ අධිකරණ නිලධාරි කනකසභාපති වාසුදේව මීට පෙර පැවැසීය. මේ අතර කැණීම් කටයුතු නවතා දැමීමට හදිසියේ තීරණය කිරීම සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බව මුලතිව් දිස්ත්‍රික් අතුරුදන් වූවන්ගේ ඥාතීහු පැවසූහ.

මුලතිව් දිස්ත්‍රික් අතුරුදන් වූවන්ගේ ඥාතීන් පැවසූවේ සමූහ මිනීවළ තුළින් ගොඩට නොගත් අස්ථි කොටස් රැසක් දැකගැනීමට හැකිවන බැවින් කැණීම් කටයුතු අඛණ්ඩව සිදුකළ යුතු බවට තමන් විශ්වාස කරන බවයි. මුලතිව් දිස්ත්‍රික් අතුරුදන් වූවන්ගේ ඥාතීන් සඳහන් කරනු ලැබුවේ යුද සමයේ අතුරුදන් වූවන්ගේ සිරුරු අදාළ සමූහ මිනීවළ තුළ පවතින්නේ යැයි තමන් සැක කරන බවයි.

කැණීම් කළ ස්ථානයේ සිදුකළ පළමු කැණීම් තුළින් කුඩා ප්‍රමාණයේ මිනිස් අස්ථි කොටස් 30කට ආසන්න ප්‍රමාණයක් හමුවූ අතර, ඒ තුළින් ආරක්ෂක අංශ භාවිත කළ කැලෑ නිල ඇඳුම්වලට සමාන කොටස් කිහිපයක්, කළු පැහැති ඉටිකොළ කිහිපයක් ඇතුළු කොටස් සොයා ගැනිණි.

ජල සම්පාදන මණ්ඩල සේවකයන් පිරිසක් ජල නළ එළීමක් වෙනුවෙන් කානුවක් කැපීමේදී මිනිස් අස්ථි කොටස් කිහිපයක් පසුගිය ජුනි 29 වැනිදා පළමුව හමුවිය. අස්ථි කොටස් හමුවූ ස්ථානය පසුගිය ජුනි 30 වැනිදා පරීක්ෂා කළ මුලතිව් මහේස්ත්‍රාත් ටී. සරවනරාජා විසින් ස්ථානයේ කැණීම් කටයුතු ජූලි 06 වැනිදා සිදුකරන ලෙසට පළමුව නියෝග කළේය.

අදාළ ස්ථානය සම්බන්ධයෙන් කැණීම් කටයුතු ජුලි 06 වැනිදායින් පසුව නැවත සැප්තැම්බර් 06 වැනිදා ආරම්භ කළේය.

මුලතිව් අධිකරණ නිලධාරීන්, පොලිස් විශේෂ කාර්ය බළකා බෝම්බ නිශ්ක්‍රීය අංශ නිලධාරීන්, කෝකිලායි පොලිස් නිලධාරීන්, පුරාවිද්‍යා නිලධාරීන්, අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් ඇතුළු විශේෂඥ කණ්ඩායමක් මුලතිව් මහෙස්ත්‍රාත් අධිකරණ නියෝග යටතේ අගෝස්තු 10 වැනිදා අදාළ ස්ථානය පරීක්ෂා කළ අතර, එහි වාර්තාවක් අගෝස්තු 17 වැනිදා අධිකරණය වෙත ඉදිරිපත් කෙරිණි.

අදාළ විශේෂඥ කමිටු වාර්තාව අනුව මුලතිව් මහෙස්ත්‍රාත්වරයා නියෝග කරනු ලැබුවේ අස්ථි කොටස් හමුවූ ස්ථානය සම්බන්ධයෙන් කැණීම් කටයුතු නැවත ආරම්භ කරන ලෙසයි.

මුලතිව් දිස්ත්‍රික් අතුරුදන් වූවන්ගේ ඥාතීහු, අතුරුදන් වූවන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥයන්, මුලතිව් දිස්ත්‍රික් දේශපාලන පක්ෂ නියෝජිතයන් රැසක්ද කැණීම් නිරීක්ෂණයට එක්ව සිටියහ.

හමුදාවට භාරවීමෙන් අනතුරුව මියගිය එල්.ටී.ටී සාමාජිකාවන්ගේ සමූහ මිනීවළක්ද ?

සමූහ මිනීවළ යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාර වූ එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන්ගේ සමූහ මිනීවළක් විය හැකි බව අතුරුදන් වූවන්ගේ ඥාතීන් හා මුලතිව් ජනතාව සැක කරන බව මුලතිව් දිස්ත්‍රික්කය නියෝජනය කරන උතුරු පළාත් සභා හිටපු මන්ත්‍රී ටී. රවිහරන් පැවසීය.

‘අස්ථි කොටස් හමුවූ ස්ථානයේ කාන්තාවන්ගේ ඇඳුම්වලට සමාන ඇඳුම් කොටස් නිරීක්ෂණය වීම හරහා තමයි ජනතාවට ඒ සැකය ඇතිවෙලා තිබෙන්නේ. යුද කාලයේ 1984 අවුරුද්දේ ඉඳලා 2011,2012 විතර වෙනකම් ඔය පැත්තේ යුද හමුදාව ඇරෙන්න වෙන කවුරුවත් හිටියේ නෑ. ඒ කාලයේ ජන ශුන්‍ය ප්‍රදේශයක් තමයි කොක්කුතුඩුවායි ප්‍රදේශය. ඒ කාලයේ ඔය පැත්තේ සිදුවුණු දේ දන්නේ ආරක්ෂක අංශ විතරයි.’

‘අවසන් යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන් බහුතරයක් දෙනා යුද්ධය නිමාවී වසර 14ක් ගතවුවත් තවමත් අතුරුදන් වෙලා ඉන්නවා. ඒ අයට සිද්ධවුණු දෙයක් තවමත් අබිරහසක්. යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් පිරිසක් අතුරුදන්වෙලා ඉන්නවා, ඒ අය සොයාදෙන ලෙසට අතුරුදන් වූවන්ගේ ඥාතීන් අවුරුදු ගණනාවක් පාරවල් අයිනේ උපවාස පවත්වනවා. ඒත් ඒ අය ගැන කිසිදු තොරතුරක් නෑ…’ හිටපු මන්ත්‍රීවරයා පවසයි.

‘මුලතිව් ජනතාව හිතන්නේ කොක්කුතුඩුවායි අස්ථි කොටස් හමුවූ ස්ථානයේ සමූහ මිනීවළක් තියෙන්න පුළුවන් කියලා. එල්.ටී.ටී.ඊ. සාමාජිකාවන්ගේ සමූහ මිනීවළක් මෙතෙන තියෙන්න පුළුවන් කියලා අතුරුදන් වූවන්ගේ ඥාතීන්ද සැක කරනවා. අද දවසේ කැණීම් ස්ථානයේ මමත් හිටියා. මිනිස් අස්ථි කොටස් 10කට වැඩි ප්‍රමාණයක් දැකගන්න පුළුවන් වුණා. තවත් තියෙයි කියලා හිතනවා. පොලිතීන් කෑලි වගේ දේවලුත් දැකගන්න තියෙනවා. යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාරවූ විශාල පිරිසක් අතුරුදන්වීම ගැටලුවක්. ඒ අය ගැන සොයා බලන්න රජය කටයුතු කරන්නේ නෑ. ඒ ගැන හොයන්න ජාත්‍යන්තර මැදිහත් වීමක් ඕනේ…’ හෙතෙම වැඩිදුරටත් කියා සිටියේය.

අතුරුදන්වූවන්ගේ ඥාතීන්ගේ අදහස

වවුනියාව දිස්ත්‍රික් අතුරුදන් වූවන්ගේ ඥාතීන්ගේ සංගමයේ සභාපති කේ. රාජ්කුමාර් කොක්කුතුඩුවායි සමූහ මිනීවළ සම්බන්ධයෙන් දැක්වූයේ මෙවන් අදහසකි.

‘කොක්කුතුඩුවායි මිනිස් අස්ථි කොටස් හමුවූ ස්ථානය සමූහ මිනීවළක් වෙන්න පුළුවන් කියලා තමයි අපි හිතන්නේ. මන්නාරමේත් මේ වගේ සමූහ මිනීවළවල් කීපයක් තිබිබා. ඒත් ඒ සමූහ මිනීවළවල් සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් ලැබුණේ නෑ. කාබන් පරීක්ෂාව කළා කියලා රජය කිව්වා. ඒ අස්ථි කොටස් අවුරුදු 500ක් විතර පරණ මිනිස් අස්ථි කොටස් කියලා කිව්වා. ඒ ගැන අපිට විශ්වාස නෑ….’

‘මේ සමූහ මිනිවළ හා මන්නාරමේ හමුවූ අස්ථි කොටස් ඩි.එන්.ඒ. පරීක්ෂාවන්ට යොමුකරන්න ඕනේ. ඒ හරහා ස්ථිර පිළිතුරක් අපි බලාපොරොත්තු වෙනවා. මේ සමූහ මිනීවළවල් ගැන ජාත්‍යන්තර විශේෂඥයන් මැදිහත් කරගෙන පරීක්ෂණ පවත්වන්න ඕනේ. ඒ තුළින් සාධාරණ පිළිගැනීමක් ලබාගන්න හැකියාව ලැබෙනවා. යුද සමයේ ආරක්ෂක අංශ වෙත භාරදුන් බහුතරයක් දෙනා තවමත් අතුරුදහන්. ඒ අය ගැන ස්ථිර පිළිතුරක් රජයෙන් ලැබෙන්නේ නෑ. අතුරුදන් අය නැවත එයි කියලා අතුරුදන් වූවන්ගේ මවුපියන්, ඥාතීන් බලාගෙන ඉන්නවා. මේ ප්‍රශ්නවලට විසඳුම් ඕනේ…’ රාජ් කුමාර් කියා සිටියේය.

බීබීසී සිංහල වෙබ් අඩවියෙනි

SendShareShare
Previous Post

O/L ප්‍රතිපල අද පාන්දර නිකුත් වෙයි! I Sri Lanka Latest News

Next Post

මේ දවස්වල එළවලු කනවා තියා හිතන්නවත් බෑ! I Sri Lanka Latest News

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.