• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

නුවරඑළිය අඳුරු කරන කාගෙද මේ ගොං තීරණ I Sri Lanka Latest News

May 19, 2023
in Exclusive, News
Reading Time: 5 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

ඈත කඳු මුදුන් අස්සේ කරක් ගගහා ඉන්න හුළඟ හදිස්සියේම කඩාපනින, සීතල ඉතිරෙන, පාට පාට මල් පිපෙන ඇස්තමේනියා ඩේසි මල් අස්සේ ආදරේ පිරිලා ඉතිරෙන අපූරු නගරයක් තමයි නුවරඑළිය කියලා කියන්නේ. ඇත්තටම අපේ රටේ මිනිස්සුන්ට හරිගම්බ කරගන්න, සංචාරක කර්මාන්තය දියුණු කරගන්න රටක් විදියට අපි ගාව තියෙන අපූරු සම්පතක් තමයි නුවරඑළිය කියලා කියන්නේ.(Sri Lanka Latest News)

ඒ නිසාම නුවරඑළිය ආරක්ෂා කරගන්න වගේම නුවරඑළිය පරිස්සම් කරගන්න අපි බොහෝ දේ සිද්ධ කරන්න ඕනේ. ඒ සඳහා වැඩපිළිවෙළක් යොදන එක රජයේත් රාජකාරිය. ඒ වගේම මහජනතාව විදියට අපෙත් රාජකාරියක් මේ නුවරඑළිය ආරක්ෂා කරගන්න එක. හැබැයි නුවරඑළිය ආරක්ෂා කරගන්න එක අපේ රාජකාරියක් වෙනකොට නුවරඑළියෙන් හම්බ කරගන්න එක තවත් කට්ටියකගේ රාජකාරියක් බවට පත්වෙලා තියෙනවා.

ඒක නම් ගම් ඇතුව කියලා කාට හරි අපහාස කරන්න හදනවා නෙවෙයි. නුවරඑළියෙන් හම්බ කරගන්න අයගේ නම් ලැයිස්තුවක් හැදුවොත් ඒ ලැයිස්තුවේ ලක්ෂයක් දෙකක් ඉන්න පුළුවන්. එතකොට නුවරඑළිය ආරක්ෂා කරගැනීමේ වගකීම තියෙන රාජ්‍ය ආයතන සහ වෙනත් ආයතන ගත්තොත් ඒවත් 10ක් 15ක් තියෙනවා. හැබැයි නුවරඑළියට විතරක් නෙවෙයි අනුරාධපුරයට, පොළොන්නරුවට, යාපනේට, මඩකළපුවට ඕනෙ තැනකට මේ නීතිරීති අදාළයි. හැබැයි ප්‍රශ්නෙ තියෙන්නේ මේ නීතිරීතිවලට පිටින් පැනලා ගේමක් ගහලා තමන්ට ඕනෙ ඕනෙ දේවල් කරගන්න පුළුවන් මිනිස්සු ටිකක් අපේ රටේ තවමත් ඉන්නවා.

Sri Lanka Latest News

මේ ගැන අපි කතා කරන්න හිතුවේ පහුගිය දවසක නුවරඑළියේදී රැස්වීමක් තියලා අදාළ බලධාරීන් මේ සම්බන්ධව විශේෂයෙන් කතා කරනවා. ඔවුන් මේ ගැන කතා කරද්දී එතැන ඉන්නවා ඊට අදාළ නිලධාරීන් සියලු දෙනාම වාගේ. ඇත්තටම මෙතැනදී ගත්තු සමහර තීරණ ගැන අපි ටිකක් කතා කරන්න ඕනෙ වගේම මේ තීරණවලට පටහැනිව කටයුතු කරලා තියෙන කට්ටියත් මේ තීරණවලට අනුව ඇත්තටම කටයුතු කරන්න පුළුවන්ද කියන එක ගැනත් අපි කතා කරන්න ඕනේ. මොකද ඒකට හේතුව නීති පනවලා වැඩක් නෑ රකින්න බැරි නම්. ආරක්ෂා කරන්න බැරි නීතිරීති පනවලා ඒ නීතිරීතිවලින් නමට විතරක් දේවල් සිද්ධ වෙනවා නම් ඒවා හරිම අක්‍රමවත් සහ සත පහක වැඩක් නැති දේවල්. මේ වගේ දේවල් ඕනෙ තරම් අපේ රටේ සිද්ධ වෙනවා. ඒ නිසා තමයි අපි මේ ගැන කතා කරන්නත් හිතුවේ.

රටක් විදියට ගත්තම අපි හැමදාමත් කරන්නේ නීති අණ පනත් හදාගෙන ඒවායින් කිසිම ආරක්ෂාවක් අපට නැතුව නිකන් ඔහේ පිස්සු නටන එක. නුවරඑළියේ තීරණයක් අරගෙන තියෙනවා අලුතෙන් ගොඩනැගිලි ඉදිකිරීම සම්බන්ධව සහ ඒ ගොඩනැගිලිවල සීමාමායිම් ගැන වෙනමම තීරණ ගත යුතුයි කියලා. මේවා බොහොම පරිස්සමට කතා කරන්න ඕනෙ මාතෘකා. මොකද ඒකට හේතුව සමහර වෙලාවට මේ සම්බන්ධව තීරණ ගන්න ඉඩ හම්බවෙන්නෙත් වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසම් ඒ අමාරුව කියන කාරණාව කියන්න අදාළ වෙච්ච කට්ටියට වෙන්නත් පුළුවන්. ඒ කියන්නේ දැන් නෙවෙයි, එහෙම කාලයක් තිබුණාය කියලා සමහර අය කියනවා.

කොහොම නමුත් දැන් නුවරඑළිය නගරයේ ඉදිකිරීම් සම්බන්ධව හොයලා බලන්න රනිල් වික්‍රමසිංහ මහත්තයගේ මූලිකත්වයෙන් එක්තරා කමිටුවක් පත් කරන්න තීරණය කරලා තියෙනවා. මේක ජනාධිපතිතුමාගේ උපදෙස් මත තමයි සිද්ධ වෙලා තියෙන්නේ. විශේෂ කැබිනට් පත්‍රයක් අනුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ කියන නීතිඥවරයාගේ ප්‍රධානත්වයෙන් මේ සැලසුම් කමිටුව ස්ථාපනය කරන්න පහුගිය දවසක කටයුතු කෙරුවා.

මේක නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී තමයි සිදුවුණේ. ජනාධිපතිවරයා නුවරඑළියේ නිල සංචාරයකට එකතු වුණු අවස්ථාවක පැවැති සාකච්ඡාවකදී තමයි රාජ්‍ය නිලධාරීන්ව දැනුවත් කරලා තිබුණේ මේ කරුණ සම්බන්ධව. සංචාරක සහ පාරිසරික නගරයේ අලංකාරය රැකගන්න තට්ටු හතරකට වැඩිය උස ගොඩනැගිලි ඉදිකිරීම නැවැත්වීමටත්, දැනට පවතින උස් ගොඩනැගිලි නුවරඑළිය පරිසරයට ගැළපෙන පරිදි සකස් කිරීමටත් මේ කැබිනට් පත්‍රිකව අනුව කටයුතු සිද්ධ වීමට නියමිතයි.

Sri Lanka Latest News

නාගරික සංවර්ධනය, වනජීවී, වනසංරක්ෂණ, මධ්‍යම පරිසර අධිකාරිය, මාර්ග සංවර්ධන අධිකාරිය කියන ආයතන ප්‍රධානීන් එක්ක තමයි මේ තීරණ ගන්න නියමිතව තියෙන්නේ. දැන් ප්‍රශ්නෙ තියෙන්නේ මේ නුවරඑළියේ තියෙන සමහර හෝටල්වලට එහෙම පවත්වාගෙන යන්න ඉඩ දුන්නේ කොහොමද කියන එක ගැනයි. අපි දන්නවා උදාහරණයක් විදියට නුවරඑළියේ තියෙන ඩඩ්ලි සිරිසේ මහත්තයගේ අරලිය හෝටලය. මේ හෝටලය හොරෙන් හදපු එකක් හරි, නොදන්වා හදපු එකක් හරි වෙන්න බෑනේ. මේ වගේ හෝටලයක් තියෙන කොට ඒ සම්බන්ධව බොහෝ කරුණු කාරණා බොහෝ දෙනා දන්නවා. ඔබට මතකද දන්නෙ නෑ එක වෙලාවක මේ හෝටලය හදන්න ග්‍රෙගරි වැව හින්දෙව්වා කියලා කතාවක් පැතිරුණා.

එක වෙලාවක ග්‍රෙගරි වැව කවුරුන් හෝ කෙනකුගේ මැදිහත් වීමෙන් හින්දලා තිබුණු බවත් අපි අහලා තියෙනවා. ඇත්තටම මේ ග්‍රෙගරි වැව හින්දෙව්වේ හෝටලය හදන්නද? ග්‍රෙගරි වැව හින්දන්න තරම් බලයක් හෝටලයක් හදන කෙනකුට තියෙනවද? නැත්නම් මේ හෝටලයේ දිග පළල, මේ හෝටලයට අදාළ වුණු පහසුකම් නුවරඑළිය නගරයට ගැළපෙන ආකාරයට සකස් කරලා තියෙනවද කියන එක සම්බන්ධව පියවරක් ගන්නවද? එහෙම පියවරක් ගන්න කාටවත් බලයක් නැද්ද? මේවා ටිකක් කතා කරන්න ඕනෙ මාතෘකා නිසා අපි හිතුවා ඒ ගැන කියන්න. මේවා පුද්ගලිකව ගන්න එපා කියලත් අපි සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා. මොකද ඇත්තටම මේ හෝටලය විතරක් නෙවෙයි මේ වගේ තවත් තැන් තියෙනවා නම් ඒ ගැනත් අපි කතා කරන්න ඕනේ.

ඒකට හේතුව අපිට ප්‍රශ්නය තියෙන්නේ හෝටලය ගැනවත්, එහි හිමිකරුවා ගැනවත් නෙවෙයි. අපට ප්‍රශ්නෙ තියෙන්නේ නුවරඑළිය ගැන. නුවරඑළිය කියන්නේ අපට තියෙන වත්කමක්. අපි ලෝකෙට පෙන්නන්නේ නුවරඑළිය වගේ ස්ථාන කිහිපයක්. රටක් විදියට අපි අපේ ආර්ථිකය ශක්තිමත් කරගන්නේ මේ වගේ පරිසරයේ තියෙන අලංකාරයෙන්.

හැබැයි ඉතිං, කවුරු කොහොම කිව්වත් සංචාරක කර්මාන්තය දියුණු කරන්න නම් හෝටල් ක්ෂේත්‍රය දියුණු වෙන්නම ඕනෙ. ඒ වෙනුවෙන් සමහර අවදානම් සහ ජනප්‍රිය නොවන තීරණ ගන්නම වෙනවා. කණ්ඩලම හෝටලය සම්බන්ධව විශාල විරෝධයක් ආපු කාලයක් තිබුණා.

අරලිය හෝටලය හෝ වෙනත් ඕනෑම හෝටලයක් සම්බන්ධව එන විරෝධයක් ඇතැම් වෙලාවක ජනප්‍රිය තර්ක පමණක් අඩංගු එකක් වෙන්න පුළුවන්. ඒ නිසා බැලූ බැල්මට පේන යකා ඔය තරම් කළු නොවෙන්නත් පුළුවන්. ඒ වගේම මේ සමහර තීරණ ගන්නකොට කලින් කියපු නම් ටික තියෙන ආයතන නුවරඑළියෙම තියෙන්නත් ඇතිනෙ. ඒ නිසා දැන් කඩන්න බිඳින්න කියන්න යාමෙන් වෙන්නෙ ව්‍යාපාරිකයන්ට සහ සංචාරක කර්මාන්තයට පොදුවේ සිදුවෙන හානියක් වෙන්න පුළුවන්.

බොහෝ වෙලාවට අනවසර සහ අනවශ්‍ය ඉදිකිරීම් කියන්නෙ කාලයත් එක්ක බොහෝ භයානක අත්දැකීම් හිමිකර දියහැකි දේවල්. අද නුවරඑළියෙ විතරක් නෙමෙයි ලංකාවේ බොහෝ තැන්වල මේ විදියෙ විශාල ඉදිකිරීම් තියෙනවා.

කොළඹ කොහේ හරි පොඩි එකෙක්ගෙ ටකරන් මඩුවක් කඩලා දාන්න තියෙන කලබලය ලොකු මහත්තුරුන්ගේ ඒවා සම්බන්ධව නෑ. හැබැයි ලංකාවේ කෝටි ගණනක ගොඩැනැගිල්ලක් හදන්න කලින් වීථි රේඛා සහතික ගන්න ඕනෙ නැද්ද? භූවිද්‍යා සහ පතල් එකෙන් පරීක්ෂා කිරීමක් වෙන්නෙ නැද්ද? වනජීවී හෝ වන සංරක්ෂණ ආයතනවලින් ඊට අදාළ නම් මැදිහත් වෙන්නෙ නැද්ද? ග්‍රාම නිලධාරීගේ ඉඳලා එක ගමකට නිලධාරීන් කීයක් ඉන්නවද? ඒ නිසා වරදක් වෙලා නම් අවසන් කොන නෙමෙයි, මුල ඉඳලා අල්ලගන්න. අස්සයා පැනලා ගියාට පස්සෙ ඉස්තාලෙ වහලා වැඩක් නෑ කියන එකත් නිකමට මතක තියාගන්න.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

වසන්තව ආයෙත් පොලිසියෙන් අල්ලන් ගිහින්! I Sri Lanka Latest News

Next Post

මැරුවාද-මැරුණාද හොයන්න ෂාෆ්ටර්ගේ දේහය යළි ගොඩගන්න සූදානම්! පංච පුද්ගල විශේෂඥ මණ්ඩලය උසාවියෙන් අවසර ඉල්ලයි! I Sri Lanka lanka Latest News

MORE NEWS

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

Load More
මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාළු ඉන්න තැන් ගැන කියන SMS එකක් ධීවරයන්ට එවනවා කියලා අනුර ඡන්ද කාලෙ කිව්වා..! දැන් ධීවර නියෝජ්‍ය ඇමැති ඒ SMS එක ගැන කියන්නේ මෙන්න මෙහෙම කතාවක්! VIDEO I Sri Lanka Latest News

''මාළු හොයන ඇප් එක හදලා තියෙන්නේ'' ''අපි නෙමෙයි.. අපි ආණ්ඩුවට එන්න කළින් ඉඳන් තිබිච්ච එකක් අලුත් දෙයක් නෙමෙයි'' ධීවර නියෝජ්‍ය...

Read more
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.