• About us
  • Contact us
Saturday, June 6, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ලංකාවේ තිබුණු බුදු හිමියන්ගේ පාත්‍රය සොරකම් කළේ කවුද? I Sri Lanka Latest News

December 8, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

බුදුරජාණන් වහන්සේගේ ධාතුන්වහන්සේලා ලංකාව පුරා විවිධ සිද්ධස්ථානවලදී අපට වැඳපුදාගන්න ලැබෙනවා. ඔබ දන්නවද බුදුරජාණන් වහන්සේගේ පාත්‍රා ධාතුව ලක්දිව බුදු සසුන ආරම්භ වන දිනයේදී අපේ ලංකාවට ලැබෙනවා. අද වෙනකොට බුදුරජාණන්වහන්සේගේ පාත්‍රා ධාතුවට මොකක්ද වෙලා තියෙන්නේ? කවරෙකු හෝ එය සොරකම් කරලද? නැත්නම් පාත්‍රා ධාතුවට මෙහෙම වෙන්න හේතුව මොකක්ද?(Sri Lanka Latest News)

පාත්‍රා ධාතුව කියන්නේ බුදුරජාණන්වහන්සේ දානය වැලඳීම සඳහා යොදාගත් භාජනය. බුදුරජාණන්වහන්සේ බුද්ධත්වය ලැබුවට පස්සේ එකම එක පාත්‍රයකින් පමණද දානය වලඳලා තියෙන්නේ? බෞද්ධ සාහිත්‍යයේ එන කතා අතර, අපට පළමුවෙන්ම අසන්නට ලැබෙන පාත්‍රා ධාතුව මොකක්ද? ඒ තමයි සුජාතාවගේ කිරිපිඬු දානයේදී භාවිත කළ මැටි පාත්‍රය. යම් යම් ඉතිහාසය පොත්වල තියෙන්නේ රත්‍රන් පාත්‍රයක් කියලා.

අපේ ගවේෂණයට අනුව සුජාතාව සිදුහත් කුමාරයාට කිරිපිඬු පූජා කරලා තියෙන්නේ මැටි පාත්‍රයක. දානය වලඳා අවසන් වූ පසු සුජාතාගේ මැටි පාත්‍රය ගංගාවේ ජලය මත තබලා බුද්ධත්වය ලබා මිස නැවත නොනැගිටිනවා කියලා අධිෂ්ඨානයක් කරලා ඒ මැටි පාත්‍රය ගඟේ පාකරලා හැරියේ. ඒ අධිෂ්ඨානයෙන් පස්සේ උන්වහන්සේට බුද්ධත්වය ලැබෙනවා.

බෞද්ධ සාහිත්‍යය අනුව බුද්ධත්වය ලැබීමෙන් පසුව උන්වහන්සේට මුලින්ම ලැබෙන්නේ තපස්සුභල්ලුක කියන වෙළෙඳ දෙබෑයන් පූජා කළ දානය. එහිදී ඔවුන් සතුව බුදුරජාණන් වහන්සේට දානය පූජා කරන්න පාත්‍රයක් තිබුණේ නෑ. ඒ අවස්ථාවේ සතරවරම් දෙවිවරු පාත්‍ර හතරක් පූජා කරලා තියෙනවා කියලා බෞද්ධ ඉතිහාස පොත්වල සඳහන් වෙනවා. මේ පාත්‍ර හතර එක උඩ එක තියපු බුදුරජාණන්වහන්සේ ඒ හතරම එක් පාත්‍රයක් බවට හැරේවා කියලා අධිෂ්ඨාන කළ බවත් සඳහන් වෙනවා.

ඒ වගේම බුදුරජාණන්වහන්සේ දන් වැලඳූ පාත්‍ර කිහිපයක් ගැනත් ඉතිහාස පොත්වල සඳහන්ව තිබෙනවා. ඉන් ප්‍රධානම පාත්‍රා ධාතුව විදියට සැලකෙන්නේ මුල් කාලේ ඉඳන්ම බුදුරජාණන්වහන්සේ භාවිත කළ සතරවරම් දෙවිවරු දුන්න පාත්‍රය. ඒ පාත්‍රය බුදුරජාණන්වහන්සේ බොහෝ කාලයක් භාවිත කළා කියලා තමයි විශ්වාස කෙරෙන්නේ.

බුදුරජාණන්වහන්සේගේ පාත්‍රා ධාතුව ශ්‍රී ලංකාවට ලැබෙන්නේ කොහොමද? බුදුරජාණන්වහන්සේගේ පාත්‍රා ධාතුව මෙරටට ගේන්නේ මිහිඳු මහරහතන් වහන්සේ සමග වැඩමකරපු සුමන සාමණේරයන් විසින්. ඒ ධර්මදූත කණ්ඩායමත්, බුදුරජාණන්වහන්සේගේ පාත්‍රා ධාතුවත් ධර්මාශෝක රජතුමා අපේ රටට දුන්න තිළිණයක් විදියටයි සැලකෙන්නේ. ඊට පස්සේ දේවානම්පියතිස්ස රජතුමා බුදුරජාණන්වහන්සේගේ පාත්‍රා ධාතුව රජ මාලිගාවේ තැන්පත් කරලා පුද පූජා පවත්වලා තියෙනවා. මුල් කාලයේදී පාත්‍රා ධාතුවත් සමග බැඳෙනවා ශ්‍රී ලංකාවේ රාජ්‍යත්වයේ සංකේතය.

පාත්‍රා ධාතුව අයිති වෙනවා කියන්නේ ඒ කෙනාට අපේ රටේ බලය නිරායාසයෙන්ම හිමිවෙනවා කියන එක. මුලින්ම බුදුරජාණන්වහන්සේගේ පාරිභෝගික චෛත්‍යයක් වන පාත්‍රා ධතුන්වහන්සේ තමයි ලක්දිවට පැමිණෙන්නේ. ඊට පසු කාලයේ තමයි බුදුරජාණන්වහන්සේගේ වාම දළදාව අපේ රටට වැඩමවන්නේ. ඒත් සමගම පාත්‍රා ධාතුව සහ බුදුරජාණන්වහන්සේගේ වාම දළදාව කියන මේ දෙකම අපේ රටේ රාජ්‍යත්වයේ සංකේතය බවට පත්වෙනවා. මොන රාජකීය ලේ තිබුණත් මේ වස්තූන් දෙක නැත්නම් අපේ රටේ රජු විදියට පිළිගැනීමක් වෙන්නේ නැහැ.

ඒක නිසා තමයි අතීතයේ ඉඳන්ම ඕනෑම දේශීය කැරැල්ලකදී විදේශීය ආක්‍රමණයකදී අපේ රටේ රජවරු යම් පසුබැසීමකට හෝ පලායෑමකට ලක්වෙනකොට පාත්‍රා ධාතුන්වහන්සේ සහ වාම දළදාවහන්සේ වැඩමකරවගෙන තමයි පලා යන්නේ. එහෙම නැත්නම් අහිමි වුණු සිංහාසනය නැවත ලබාගන්නකොට ඉස්සෙල්ලාම කරන්නේ දළදා වහන්සේ සහ පාත්‍රා ධාතුව තමන් සතුකර ගැනීමයි.

ලක්දිවට උරුම පාත්‍රා ධාතුව මේ වෙනකොට සොයාගන්නවත් නැති වීමේ ඉතිහාසය විමසා බලමු. වලගම්බා රජතුමාගේ කාලයේ අපේ රටට සතුරු ආක්‍රමණයක් එල්ල වෙනවා. එහිදී පාත්‍රා ධාතුන්වහන්සේ ඉන්දියාවට රැගෙන ගියා කියලා කතාවක් තියෙනවා. ඊට පස්සේ පළමු ගජබා රජතුමා ඉන්දියාවට ආක්‍රමණයක් එල්ල කරලා නැවත පාත්‍රා ධාතුන් වහන්සේ අපේ රටට රැගෙන ආවා කියලා ඉතිහාස කතාවක් තියෙනවා.

ඊට පස්සේ උපතිස්ස රජතුමාගේ කාලේ මහා දුර්භික්ෂයක් අපේ රටේ ඇතිවෙලා තියෙනවා. ඊට පස්සේ පාත්‍රා ධාතුව පෙරහැරකින් වැඩම කරවූවාට පස්සේ පැවැති දුර්භික්ෂය සංසිඳුණා කියලා කතාවකුත් තියෙනවා. උපතිස්ස රජතුමාගේ කාලෙ වෙනකල් පාත්‍රා ධාතුන්වහන්සේ ලක්දිව සුරක්ෂිතව තිබුණා කියලා ස්ථිරයි. අද වෙනකොට පාත්‍රා ධාතුන්වහන්සේට මොකද වුණේ? පාත්‍රා ධාතුන්වහන්සේ කොහෙද තියෙන්නේ?

අනුරාධපුර යුගයට අමතරව පසුකාලීනව විවිධ යුගවලදී සාහිත්‍ය මූලාශ්‍රවල පාත්‍රා ධාතුන්වහන්සේ ගැන සඳහන් වෙලා තියෙන්නේ ඉතා සුළු වශයෙන්. හැබැයි අද වෙනකොට පාත්‍රා ධාතුන්වහන්සේට මොකක් වුණාද කියලා කවුරුවත් දන්නේ නෑ. අපේ රටේ රාජ්‍යත්වයේ සංකේතයක් වුණු වාම දළදා වහන්සේ මහනුවර දළදා මාලිගාවේ දැනට සුරක්ෂිතව පවතිනවා.

ඒත් අපේ රටේ උරුමකාරීත්වයේ තවත් සංකේතයක් වුණු පාත්‍රා ධාතුව තියෙන්නේ කොහෙද? මේ ගැන අපේ රටේ ඉතිහාසඥයෝ විවිධ මත පළකරනවා. ඇතැම් ඉතිහාසඥයෝ කියන්නේ පාත්‍රා ධාතුන්වහන්සේ ප්‍රමාණයෙන් විශාල නිසා ආක්‍රමණ එල්ල වෙන හැම වරකදීම එය රැගෙන යන්න අපහසුයි. ඒ නිසා කාටවත් හොයාගන්න බැරි තැනක ඉතිහාසයේ හිටපු රජ කෙනෙක් පාත්‍රා ධාතුන්වහන්සේ චෛත්‍යයකට ඇතුළත් කරලා නිධන් කර ඇති බවයි ඉතිහාසඥයෝ සඳහන් කරන්නේ. ඒ කරුණු ඔස්සේ පාත්‍රා ධාතුන්වහන්සේ නිධන් කළ ස්ථාන ගැන ගොඩක් මතවාද තියෙනවා.

ඒ අතරින් දැනට තියෙන ප්‍රබලම මතවාදය තමයි මහනුවර දළදා මාලිගාවේ නාථ දේවාල පරිශ්‍රයේ තිබෙන චෛත්‍ය දෙකෙන් එකක මේ පාත්‍රා ධාතුව නිධන් කර ඇති බව. නිධන් හොරෙක් ආවත් පාත්‍රා ධාතුන්වහන්සේ මොන චෛත්‍යයේද සැබෑ ලෙසම නිධන් කරලා තියෙන්නේ කියලා සොයාගන්න බැරිවෙන විදියට තමයි එක ආසන්නයේ චෛත්‍ය දෙකක් ගොඩනගලා තියෙන්නේ.

තවත් පිරිසක් විශ්වාස කරන්නේ දළදා මාලිගාවේ පහත උඩ මහල අතර රන් ආයුධ මණ්පයට එහායින් තියෙන කුඩා ස්තූපයේ පාත්‍රා ධාතුන්වහන්සේ නිධන් කරලා තියෙනවා කියලා. ප්‍රමාණයෙන් ඉතා කුඩා වූ මෙම ස්තූපය නිර්මාණය කරලා තියෙන්නේ 18 වැනි සියවසේ අගභාගයේදීයි. ඒ හේතුව නිසා මේ විශ්වාසය ප්‍රතික්ෂේපිත එකක් බවට පත්වෙලා තියෙනවා. ඊට අමතරව තවත් අය විශ්වාස කරනවා මහනුවර මල්වතු විහාරයේ ස්තූපයේ පාත්‍රා ධාතුන්වහන්සේ නිධන් කරලා තියෙනවා කියලා. තවත් පිරිසක් විශ්වාස කරනවා බෙලිගල රජමහා විහාරයේ චෛත්‍යයේ එය නිධන් කරලා තියෙනවා. කොහොම වුණත් අපේ රටට ලැබුණු මුල් පාත්‍රා ධාතුන්වහන්සේට මොකක්ද වුණේ කියන ප්‍රශ්නයට අදටත් උත්තරයක් නැහැ.

Media M යූටියුබ් නාලිකාවෙනි

SendShareShare
Previous Post

අසූචි පොහොර රටට ‌අරන් ඇවිත් ඩොලර් මිලියන 6.7ක් විනාශ කළ ‌හොරුන්ට දෙන දඬුවම මොකද්ද? සජිත් අදත් ප්‍රශ්න කරයි! ඇමැති අමරවීර මගේ කාලෙ වෙච්ච එකක් නෙමෙයි කියා කරන්න ඕන දේ සජිත්ගෙන් අහයි! සජිත් කරන්න ඕන දේ අමරවීරට එකින් එක කියා දෙයි! සජිත් කියපු විදිහට ක්‍රියාමාර්ග ගන්න අමරවීර පොරොන්දු වෙයි! VIDEO I Sri Lanka Latest News

Next Post

8 ගහපු ගැසට් එකේ දිනය 5 කියලා දැම්මේ ඇයි? 12 වැනිදා පාර්ලිමේන්තුවේ මේක සභාගත කරනවා! 20 වෙද්දි අධිකරණයට යන්න ඕන! හැබැයි 15දා ඉඳන් උසාවි නිවාඩු! විදුලි බල මණ්ඩලය විකුණන්න ගැසට් එක අස්සේ ආණ්ඩුව ගහපු ගේම පුබුදු එළියට දමයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News
Exclusive

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News
Exclusive

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News
Exclusive

නොමැරෙන මිනිසුන් ජීවත් වෙන හිමාලයේ සැඟවුණු අරුම පුදුම නගරය! හිට්ලර් වෙනම කණ්ඩායමක් දාලා හෙව්වා! Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

Load More
රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News
Exclusive

රන් පදක්කම් 30න් 16ක්ම දිනූ කොළඹ සරසවියේ දක්ෂතම සිසුවිය හෂිනිගේ ලස්සනම දවස අවලස්සන කළ මුරුත්තෙට්ටුවේ හාමුදුරුවෝ! Sri Lanka Latest News

කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ හෂිනි රංගිකා ඈපාආරච්චි සිය උපාධිය නිමකරන්නේ එහි ඉහළම දක්ෂතා වෙනුවෙන් පිරිනැමෙන රන් පදක්කම් 30න් 16ක්ම දිනාගෙන....

Read more
ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

ඔයා සිරසෙන් නේද? අයියෝ ඔයිට වඩා සදාචාරාත්මක වෙන්නකෝ..! VIDEO I Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

“ලේකම්කමකට පෙම් බැන්දා – ආශා දහසක් රස වින්දා – නටු අග කටු මත කටුක බව දැනී – එනිසා මම ඉල්ලා අස්වෙමි…” I මහාචාර්ය කපිල ලේකම්කමෙන් ඉල්ලා අස්වුණේ ඇයි? ! Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

සිංදුවකින් ප්‍රභාකරන් වර්ණනා කළා කියලා රට ඇතුළේ ත්‍රස්තවාදයක් හෝ යුද්ධයක් ඇතිවෙන්නේ නෑ! යාපනේ මාලිමා මන්ත්‍රී රජීවන් ජයචන්ද්‍රමූර්තිගෙන් ආන්දෝලනාත්මක කතාවක්! I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News

බොරුවට නාමල්ට සපෝට් වගේ පෙන්නලා කාගෙදෝ කොන්ත්‍රාත්තුවකට විපක්ෂෙටම ගහන කුට්ටිආරච්චි ආයෙත් කාගෙදෝ කොන්ත්‍රාත්තුව දිගටම කරයි! බදුල්ලට පැන්නා එලෙව්වා..! මොනරාගලට පැන්නා එලෙව්වා..! අනුරාධපුරට පැනලා ඉන්නවා..! ළඟදීම..? VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.