නව විදුලි බලපනත් කෙටුම්පතට අදාළ ගැසට් පත්‍රය ආණ්ඩුව නිකුත් කොට ඇත්තේ අධිකරණය හමුවට යාමට ඇති ඉඩකඩ අහුරමින් බව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජාගොඩ මහතා පැවසීය.Sri Lanka Latest News
අද පැවැති මාධ්‍ය හමුවකදී ඒ මහතා පෙන්වා දුන්නේ එම ගැසට් පත්‍රය අද දින නිකුත් කළ නමුත් එහි දිනය 5 වැනිදා ලෙස සටහන්ව ඇති බවත්, ඒ අනුව ලබන 12 වැනිදා හෝ 13 වැනිදා එය පාර්ලිමේන්තුවේ සභාගත කරන බවත්ය.
ඒ අනුව 20 වැනිදා වනවිට අධිකරණය හමුවට යාමට අවශ්‍ය වුවත් නත්තල් නිවාඩුව හේතුවෙන් 15 වැනිදින සිට අධිකරණ නිවාඩුව ලැබෙන බවත්, ඒ අනුව හිතාමතාම අධිකරණයට යාම වළක්වාලීමේ අරමුණින් මෙම ගැසට් පත්‍රය ඉදිරිපත් කොට ඇති බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.










