• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එහෙං ගේන මෙහෙං ගේන කුණු නැව් කාගෙද? Sri Lanka Latest News

April 8, 2024
in Exclusive, News
Reading Time: 2 mins read
A A
Share on WhatsAppShare on Facebook

මොකක්ද මේ පාලමේ හැප්පුණු නැවේ කතාව? පාලමේ කතාව නෙවෙයි අපි මේ කතා කරන්නේ නැවේ කතාව. පාලමට සිද්ධ වුණු දේ ගැන කනගාටුයි. ඊටත් වඩා අපේ රටට වෙන්න ගිය දේ ගැනත් අපි කනගාටු විය යුතුයි. බැල්ටිමෝර් වරායේ සිට කොළඹ වරාය දක්වා පැමිණෙමින් තිබුණු මේ නැව බැල්ටිමෝර්හි ෆ්‍රැන්සිස්ස්කොට්කි පාලමේ ගැටුණාට පසුව තමයි මේ කතාබහ එළියට එන්නේ. ඩාලි නෞකාව බාසල් සම්මුතියට අනුව කටයුතු කරලා තියෙනවද? ඒ වගේම මේ නෞකාවේ ගෙනාපු දේවල් ගැන අපි දැනුවත්ද? දැනගන්න ලැබෙන විදියට මේ නෞකාවේ ටොන් 754ක අන්තරායක අපද්‍රව්‍ය අන්තර්ගත වෙලා තිබෙනවා. මේ අන්තරායකර අපද්‍රව්‍ය ගැන සජිත් ප්‍රේමදාස මහත්තයා පාර්ලිමේන්තුවේදී කතා කරමින් කියනවා මෙහි අපද්‍රව්‍ය ටොන් 764ක් තිබිලා තියෙනවා. බහාලුම් 56ක තියෙන්නේ පුපුරන ද්‍රව්‍ය. ලිතියම් අයන් බැටරි, විකාදන ද්‍රව්‍ය, ගිනිගන්නා ද්‍රව්‍ය, විවිධ අන්තරායක අපද්‍රව්‍ය. එහෙම නැත්නම් නව වැනි කාණ්ඩයේ අන්තරායක ද්‍රව්‍ය ලෙස හඳුන්වන දේවල් කියලා. එතකොට මේ දේවල් බාසල් සම්මුතියට අනුව යම්කිසි රටකට රැගෙන යනවා නම් ඒ පිළිබඳ දැනුම් දිය යුතු අවස්ථා 4ක් තියෙනවා. ආනයන අවස්ථාවේදී. අපනයන අවස්ථාවේදී වරායේ නතර කරපු අවස්ථාවේදී වගේම නතර කර ආපසු ගමන් කරන අවස්ථාවේදී මේ පිළිබඳ දැනුවත් කළ යුතුයි. යම් කිසි රටකට අන්තරායක දේවල් රැගෙන එන්න බැරිවෙන විදියට විවිධ සම්මුතීන් ලෝකේ අස්සන් කරලා තියෙනවා. එයින් එකක් තමයි බාසල් සම්මුතිය. ඒ වගේම 1992දී මේ බාසල් සම්මුතියට අපි අස්සන් කරලා තියෙනවා. ඒ වගේම ඇම්ස්ටඩෑම් සම්මුතියටත් අපි අස්සන් කරලා තියෙනවා. මේ අවස්ථා දෙකම අපිට මේ විදියේ අපචාරී ද්‍රව්‍යවලින් වැළැක්වීම සඳහා ආරක්ෂාව වෙනුවෙන් භාවිත කරන්න පුළුවන්. මේ බව මහාචාර්ය චරිත හේරත් පහුගිය දවසක පාර්ලිමේන්තුවේදී කියලා තිබුණා. මේ විදියට නැව් ඇවිල්ලා අපද්‍රව්‍ය දාලා ඒ නැව්වලින් අපේ රටට සිදුවෙච්ච හානිය ගැන දැන් අපි හොඳටම දැනුවත්. (Sri Lanka Latest News)

අපි දන්නවා පහුගිය දවසක ලංකාවට ඇවිල්ලා ගිනිගත්ත කතාවක් අපට තිබුණා. ඒ වගේම ලංකාවට මේ වගේම අපද්‍රව්‍ය තොගයක් ගෙනල්ලා ඒවා ලංකවේදී බාලා, සායනික අපද්‍රව්‍ය සහිතව ඒවා ආපහු පටවලා යැව්වේ බොහොම අමාරුවෙන්. ඒ වගේම අපි සල්ලි දීලා ගත්තු අසූචි නැවක් ලංකාව වටේ හොල්මන් කරමින් ඉඳලා ඒකට ප්‍රමාද ගාස්තුත් ගෙවලා තමයි ආපසු යවන්න සිද්ධ වුණේ. මේ විදියට නැව්වලින් පරිප්පු කාලත් මේ අය ඒ ගැන සැලකිලිමත් නොවීම ගැන අපිට හරි පුදුමයි. ඒ වගේම දැන් මේ ප්‍රශ්නේ ඉවරද? ඒක තමයි ඊළඟට අපිට දැනගන්න තියෙන දේ. නෑ. තව දවස් 15ක් විතර ඇතුළත මේ නැව ලංකාවට පැමිණීමට නියමිත බව සඳහන් වෙනවා. ඒ කියන්නේ අප්‍රේල් 13 සහ 17 අතර මේ නැව ලංකාවට පැමිණීමට නියමිතයි. මේ නෞකාව ඉන්ධන මිලියන 1.8ක් පමණ අන්තර්ගතව තියෙන නෞකාවක්. නැවේ මේ සිද්ධ වෙච්ච විශාල අනතුරත් එක්ක නැවට යම් යම් ආපදා සිද්ධ වෙලා තියෙන්න පුළුවන් බව ඇමෙරිකාවේ දේශීය ආරක්ෂක අංශ කියලා තියෙනවා. මේ නැවේ ඒජන්තවරයා විදියට ශ්‍රී ලංකාවේ එක්තරා ආයතනයක් කටයුතු කරනවා. ඒ වගේම මේ නැව එන්න නියමිතව තියෙන සවුත් ඒෂියා ගේට්වේ ටර්මිනල් කියන තැන. එතකොට මේ නැව තව ටික දවසකින් ලංකාවට එනවා නම් ඒ නැවේ තියෙන අනාරක්ෂිත බව මොන වගේද, මේ නැවේ තියෙන තෙල් කාන්දු විය හැකිද, නැව ගිනිගැනීමකට ලක්විය හැකිද, නැව නිරුපද්‍රිතව පැමිණීමට හැකියාව තියෙනවද කියන එක සම්බන්ධව අපි මොනවද කරලා තියෙන්නේ කියලා දැන් ප්‍රශ්න කරන්න සිද්ධ වෙනවා.

අපි දන්නවා 2013 අවුරුද්දේ ගෙනාපු කොමර්ෂල් හප් රෙගියුලේෂන් එක හරහා තමයි මේ නැව අපි පහසුවෙන් ඉගෙනගන්න උත්සාහ කරන්නේ. කොමර්ෂල් හබ් රෙගියුලේෂන් එක හරහා සමහර නීති බලපත්වන්නේ නැති ආකාරයට භාණ්ඩ හා ද්‍රව්‍ය රැගෙන ඒමේ හැකියාවක් තියෙනවා. මේ හිඩැස උපයෝගී කරගෙන තමයි අපි කාලයක් තිස්සේ මේ විදියේ සෙල්ලම් නැව් එක්ක, වරායවල් එක්ක දාන්නේ. එතකොට මේ නැව විතරද මේ විදියට අපද්‍රව්‍ය සහිතව ලංකාවට ආවේ? මීට කලිනුත් මේ විදියටම අපද්‍රව්‍ය රැගත් නෞකා අපේ රටට ආවාද? මේ අපද්‍රව්‍ය අපි මිලට ගන්නවද? එහෙම නැත්නම් මේ අප්‍රද්‍රව්‍යවලට අපි මුදල් ගෙවනවද? ලෝකය පුරාම රටවල් අපි දන්නවා තමන්ගේ රටේ අපද්‍රව්‍ය බැහැර කරගන්නේ නැතුව ඒ රටේ තියෙන මහපොළොව මේ අපද්‍රව්‍ය නිසා අපිරිසිදු කරගන්නේ නැතුව දුප්පත් රටවලට යවනවා කියලා. මේ විදියට අපද්‍රව්‍ය මිලදී ගැනීමේ ආයතන ලෝකේ පුරාම තියෙනවා. ලංකාවෙත් මේ විදියේ ආයතනයක් තිබුණු බව අපට මතකයි. පහුගිය කාලේ සායනික අපද්‍රව්‍ය ගෙනාපු අවස්ථාවේ කතාබහට ලක්වුණා. එහෙම තියෙද්දිත් මේ විදියට විෂ ද්‍රව්‍ය ටොන් 754ක් තියෙන නැවක් ලංකාවට සිංහල අවුරුද්දට එන්න නියමිත බව දැන දැනත් මධ්‍යම පරිසර අධිකාරිය සහ ඊට අදාළ නිලධාරීන් මොනවද කරලා තියෙන්නේ? අපිට ජාත්‍යන්තර වශයෙන් මේ වගේ නැවක් එන එක නවත්වන්න තරම් හයියක් නැද්ද? ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරියටත්, සමුද්‍රීය ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන වෙනත් ආයතනවලටත් මේ සම්බන්ධයෙන් වගකීමක් සහ යුතුකමක් නැද්ද? මොකද අපි දන්නවා ප්‍රධාන වශයෙන් මුහුදේ ධීවර කර්මාන්තයේ යෙදෙන රටක්. ඒ වගේම මත්ස්‍ය සම්මත අපි පරිභෝජනය කරනවා සහ අලෙවි කිරීම සිදුකරනවා. එක වතාවක් නැවක් ගිනිගත්ත අවස්ථාවේදීත් තවමත් බැර ලෝහ මේ සත්තුන්ගේ ශරීරගත වෙලා ඇති කියන එක සම්බන්ධයෙන් සැකයක් තියෙනවා. ඒ වගේම මුහුද බරපතළ වශයෙන් විනාශයට පත්වූ බවට චෝදනාවක් තියෙනවා. මේ සියල්ලම ඉවසා වදාරමින් ඒවායෙන් ලැබුණු වන්දියක් ගැන කිසිදු සඳහනකුත් නැතුව මේ වතාවෙත් මේ වැරැද්ද මේ විදියටම කරගන්නේ ඇයි කියලා අපිට බරපතළ ප්‍රශ්නයක් තියෙනවා.

‘අපි හොයද්දී පරිසර රාජ්‍ය ඇමැති ජානක වක්කුඹුර මේ ගැන කියලා තිබුණු අදහසක් හම්බවුණා. මේ වන විටත් මධ්‍යම පරිසර අධිකාරිය පරීක්ෂණ පවත්වනවා. මධ්‍යම පරීක්ෂණ අධිකාරිය මේ නෞකාවෙන් අපද්‍රව්‍ය එන එක ගැන දැනුම්දීලා නෑ. මේ වන විටත් අපි රේගුවටත්, වරායටත් දන්වලා තියෙනවා වහාම මේ ගැන පරීක්ෂණයක් පවත්වන්න කියලා. නැව හැප්පුණු නිසා තමයි මේ නැව අන්තරායකර ද්‍රව්‍ය රැගෙන එන බව අපට දැනගන්න ලැබුණේ.’ ලංකාවට එන හැම නැවක්ම හැප්පෙන්නේ නෑ ඇමැතිතුමා. හැප්පෙන්නේ නැතුව ජාමේ බේරගෙන ගොඩට එන නැව් ඕනෙ තරම් තියෙනවා. ඒවායේ එන්නේ මොනවා වෙන්න ඇතිද? අපි දන්නේ නෑ. ඇත්තටම මේ නැව ආපු පළමු වතාවද, මීට කලිනුත් මේ නැව ඇවිල්ලා තියෙනවද කියලා අපිට දැන් ප්‍රශ්නයක් තියෙනවා. සැක කරන්න ගත්තට පස්සේ අපට කවුරුත් සැකයි. මේ වෙලාවේ මේ සිද්ධ වෙච්ච සිදුවීම නෙවෙයි නම් මේ අපද්‍රව්‍ය එන්නේ කොහාටද, මේ අපද්‍රව්‍ය ලංකාවේදී ගොඩබානවාද? එහෙම නැත්නම් මේ අපද්‍රව්‍ය ලංකාව හරහා ගමන් කරනවද? මේ අපද්‍රව්‍ය සම්බ්නධයෙන් තියෙන ආයතනය අපේ රටේ ආයතනයක්ද? ඔවුන් මේ අපද්‍රව්‍යවලට මුදල් ගෙවලද? මේවා ගැන හොයන්න ඕනේ. පරීක්ෂණ පවත්වන්න ඕනේ. අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවේදයක් මේ රට ඇතුළේ නැතුව තියෙද්දී මීතොටමුල්ලේ කුණු කන්ද දැනටත් ප්‍රශ්නයක් වෙද්දීත්, බ්ලූමැන්ඩල් කුණු කන්දත් ඒ විදියටම තාමත් එතැන තියෙන බව දැන දැනත් මේ විදියට අපද්‍රව්‍ය ලංකාවට ගෙනාවොත් නම් මේ වර්ග කිලෝමීටර් 65,610 කුණු ගේන එවුන්ටම ඉන්න දීලා අපිට කොහෙට හරි යන්න තමයි සිද්ධ වෙන්නේ.

ජීවන පහන තිළිණ

SendShareShare
Previous Post

මැයි රැලිය ගැන කතා කරන සාකච්ඡාවේදී රනිල්ගේ හොඳ කියන්න ගිය ඇමැති ප්‍රසන්න රණවීරට ගම්පහ පොහොට්ටු නියෝජිතයන්ගෙන් ලොකු විරෝධයක් ඇවිත්! I Sri Lanka Latest News

Next Post

අද කැඳවපු රැස්වීම සම්පූර්ණයෙන්ම නීති විරෝධීයි! දයාසිරි වහාම මාධ්‍ය හමුවක් කැඳවයි! ව්‍යවස්ථාවේ වගන්ති එකින් එක පැහැදිලි කරයි! නිමල් සිරිපාලට කිසිම අයිතියක් නෑ! චන්ද්‍රිකාගේ පක්ෂ සාමාජිකත්වයත් තහනම් කරලයි තියෙන්නේ! ඇමැතිකම් වෙනුවෙන් මේ අය ඕන දෙයක් කරයි! VIDEO I Sri Lanka Latest News

MORE NEWS

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

‘අපි ගියේ වරායේ හතරමායිම බලන්න! මගේ බලාපොරොත්තුව ඉටුවුණා! චාරිකාව ගැන මම නම් සතුටින්! රට බංකොලොත් කියලා අපි මූණු එල්ලගෙනම ඉන්න ඕන නෑ! බලන්නකෝ ‌කොළඹ හෝටල්වල මිනිස්සු ගිටාර් ගහලා සිංදු කියන හැටි!’ ඇමැති ප්‍රේමලාල් මහ රෑ මුහුද මැද නැවේ දාපු පාටිය ගැන පොහොට්ටුවේ තිස්ස කුට්ටි කට අරී! VIDEO I Sri Lanka Latest News VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂයට පහර දෙන කොන්ත්‍රාත්තුව බාරගත් තිස්සකුට්ටි පොහොට්ටුවෙන් එළියට? VIDEO I Sri Lanka Latest News

Load More
පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ විදෙස් ගමන් තහනම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ඉල්ලා අස්කරගන්නා බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින...

Read more
අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

වීඩියෝව වැඩ කරයි! බාල වයස්කාර කොල්ලෙක්ව නිරුවත් කර පහරදුන් තිරිසන්නු 4 දෙනා අල්ලයි! කාන්තාවන් දෙදෙනෙකුත් ඉඳලා..! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.