• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

කැරලිකාරයාත් ඔහුය! විප්ලවකාරයාත් ඔහුය! විජේවීර හදලා ගිය එකම නායකයාත් ඔහුය! කව්ද මේ කුමාර් මහත්තයා?

April 11, 2022
in Exclusive, News
Reading Time: 5 mins read
A A
කැරලිකාරයාත් ඔහුය! විප්ලවකාරයාත් ඔහුය! විජේවීර හදලා ගිය එකම නායකයාත් ඔහුය! කව්ද මේ කුමාර් මහත්තයා?
Share on WhatsAppShare on Facebook

අරාබි වසන්තය පටන්ගත්තේ මෙයට දශකයකට පෙරය. අරාබි වසන්තයට පෙර ලංකාවේ වසන්තය කරළියට ගෙන ආවේ ජවිපෙ නායක රෝහණ විජේවීරය. එයට වසන්තය කියන නම හොඳටම ගැළපෙන්නේ 1971 අප්‍රේල් වසන්ත මාසයේ බක් මහ කැරැල්ල නමින් 71 කැරැල්ල පටන්ගත් නිසාය.

විජේවීර ඒ කැරැල්ල පදනම් කරගත්තේ විශ්වවිද්‍යාල තුළින්ය. ඒ කාලයේ කැරැල්ලට පණිවුඩ යැව්වේ තුණ්ඩු කෑලිවලින්ය. විජේවීර 1988-89 කැරැල්ල ගැහුවේත් තුණ්ඩු කෑල්ලෙන්ය. විජේවීර තුණ්ඩු කෑල්ලෙන් කැරැලි ගහන කාලයේ විජේවීරගේ ළඟම සටන් සගයකු වූයේ රංජිතම් ගූණරත්නම්ය. ඔහු කෑගල්ලේ උපත ලැබූවෙකි.

ඔහුට බාල සොහොයුරෙක් සිටියේය. ඔහු ප්‍රේමකුමාර් ගුණරත්නම්ය. මොවුන් පින්නවල මධ්‍ය මහා විද්‍යාලයෙන් සහ කෑගල්ලේ ශාන්ත මේරි විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබීය. ගුණරත්නම් සහෝදරයන් පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉන්ජිනේරු පීඨයට තේරීපත් විය. අයියා සහ මල්ලී අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයට සම්බන්ධ වන්නේ එහිදීය. ඒ, 1985දීය. අයියා සහ මල්ලී ජේ.ආර්.ගේ ආණ්ඩුවේ එවක අධ්‍යාපන ඇමැති රනිල්ගේ ධවල පත්‍රිකාවට එරෙහිව උද්ඝෝෂණය කරන්නේ මේ කාලයේය. මෙහිදී කැපීපේන්නේ රංජිතම් ගුණරත්නම්ගේ කාර්යභාරයය.

ඔහුගේ විප්ලවීය චරිතයට ජවිපෙ ඉහළම නායකත්වයේ අවධානය යොමු වීමට වැඩි කාලයක් ගත නොවීය. මේ වන විට තහනම් පක්ෂයක් වූ ජවිපෙ යළි සන්නද්ධ අරගලයකට නායකත්වය දීමට සූදානම් වෙමින් සිටියේය. එහිදී රංජිතම් ගුණරත්නම්ට ජවිපෙ දේශපාලන මණ්ඩලයේ සහ සන්නද්ධ අංශයේ ප්‍රබලයකු බවට පත්වීමට වැඩි කලක් ගත නොවීය. ඔහු විජේවීරගේත්, ජවිපෙ දේශපාලන නායකත්වයේත් හිත දිනාගත්තේ සැබෑ විප්ලවවාදියකුගේ චරිතය ආරූඪ කරගනිමින්ය. ඔහු අරගලයට කොයි තරම් අවංක වූවාද කියනවා නම් විජේවීර සහ ජවිපෙ දේශපාලන නායකත්වය ඔහු තරමට ඔහුගේ මල්ලී ප්‍රේමකුමාර් ගුණරත්නම්ව විශ්වාස කළේය.

විජේවීර, ප්‍රේමකුමාර් ගුණරත්නම්ව ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් ලෙසත්, පක්ෂ රහසිගත දේශපාලන මණ්ඩලයටත් පත් කළේ නිකම්ම නොවේ. විජේවීරට සහ ජවිපෙ දේශපාලන නායකයන්ට, ඉන්දියාවෙන් රට මුදාගැනීමට, ඉන්දීය හමුදාවට ප්‍රහාරයක් එල්ල කිරීමේ නොනිමි ආශාවක් තිබිණි. එය ලෙහෙසි නොවීය. ඉන්දීය හමුදාව ලොව ප්‍රබලතම හතරවැනි හමුදාවය. අනෙක ඔවුන් ක්‍රියාන්විතයේ සිටියේ උතුරු-නැගෙනහිරය. එම පළාත තුළ ජවිපෙට එතරම් ශක්තියක් නොවීය. එම පළාත් එල්.ටී.ටී.ඊ. සන්නද්ධ අරගලයට නතුවී තිබිණි. ඒත් මේ සියලු බාධක මැද ප්‍රේමකුමාර් ගුණරත්නම් විජේවීරගේත්, ජවිපෙත් හීනය සැබෑ කිරීමේ දුෂ්කර වගකීම භාරගත්තේය. පහත දැක්වෙන්නේ ප්‍රේමකුමාර් ගුණරත්නම් ඉන්දීය සාමසාධක හමුදාවට පහර දෙන්න ඇටවූ බිම් බෝම්බය ගැන රොහාන් ගුණරත්න සිය ‘ඉන්දියානු මැදිහත්වීම’ ග්‍රන්ථයේ කියන කතාවය.

ඉන්දියානු සාමසාධක හමුදාවට එරෙහි මෙම ප්‍රහාරය හරියටම සිදුකෙරුණේ, එම හමුදාව ශ්‍රී ලංකාවට පැමිණ 02 වැනි සංවත්සරය ලබන දිනයේදීය. මෙම ප්‍රහාරය ගැන වගතුග ප්‍රේමකුමාර් ගුණරත්නම් විසින් ඉහත ග්‍රන්ථයේ ලේඛකයාට තම වදනින්ම ප්‍රකාශ කර ඇත්තේ මේසේය.

‘අපට උපදෙස් ලැබුණේ ඉන්දීය හමුදාවේ සෙබළුන් මාර්ග නිරීක්‍ෂණ කටයුතු සඳහා රැගෙන යන ජීප් රථයකට ප්‍රහාරය එල්ල කිරීමයි. එම ජීප් රථය ගමන් ගන්නා මාර්ගයෙහි බෝම්බ ඇටවීමටයි සැලැසුම් කළේ. ස්ථාන දෙකකදී එම බෝම්බ පිපිරවීම සිදුකරන්නට සැලැසුම් කළා. එක බෝම්බයක් පිපිරුණු පසු ජීප් රථය ටික දුරක් ඇදී යන විට අනෙක් බෝම්බය පිපිරවීමට කටයුතු ලැහැස්ති කළා. අපගේ පරමාර්ථය වූයේ ජීප් රථයේ ගමන් ගන්නා සෙබළුන් ඝාතනය කර ඔවුන්ගේ අවි-ආයුධ කොල්ලකෑමයි. මෙම ප්‍රහාරයට මම සහ සරත් කුලේට අමතරව තවත් අපේ සන්නද්ධ අංශ සාමාජිකයන් 05 දෙනෙකු පමණ සහභාගි වුණා. අප ළඟ තිබුණේ එක ‘ටී-56’ තුවක්කුවක් පමණයි. සැලැසුම් කරගත් ආකාරයට කටයුතු ආරම්භ කෙරුණත් සැණෙකින් සිතා ගැනීමට නොහැකි අවුල් තත්ත්වයකට අපි පත්වුණා. ඉන්දීය හමුදා ජීප් රථය බෝම්බ තැබූ මාර්ගයේ පැමිණෙන අයුරු සොයා බැලීමට අපගේ එක් සාමාජිකයකු යොදවා තිබුණා. එහෙත් ජීප් රථය පැමිණීමට විනාඩි කිහිපයකට ප්‍රථම ඔහු එම ස්ථානයෙන් පලාගොස් තිබුණා. කෙසේ හෝ එම කටයුතු සොයා බැලීමට මටම සිදුවුණා. ඉන්දීය හමුදා රථය පැමිණෙන විගස මම ඒ ගැන සරත් කුලේට දැනුම් දුන්නා. බැටරි බලයෙන් බෝම්බ පුපුරවන්නේ ඔහුයි. ඔහු සැණෙන් ජීප් රථය පැමිණෙන විටම පළමුවැනි බෝම්බය පුපුරවා හැරියත් එය ක්‍රියාත්මක වුණේ නැහැ. කෙසේ හෝ දෙවැනි බෝම්බය පුපුරා ගියා. ජීප් රථයට සහ සෙබළුන්ට ප්‍රහාරය එල්ල වනවාත් සමගම අප ඒ දෙසට වහා දිවගොස් ඉන්දීය හමුදාව සතු අවි-ආයුධ කොල්ලකා ගත්තා. එහිදී සැහැල්ලු මැෂින් තුවක්කුවක් සහ උප මැෂින් තුවක්කුවක්ද සමග පතරොම්ද පැහැරගෙන කැලෑවට ගොස් සැඟවුණා. අපගේ ප්‍රහාරය ඉතාමත් සාර්ථක වුණා. මෙම ප්‍රහාරය එල්ල කළේ එල්.ටී.ටී.ඊ. කොටි සංවිධානය විසින් යැයි ඉන්දියානු හමුදාව සිතුවත්, එය ප්‍රතික්‍ෂේප කරමින් පණිවුඩ හුවමාරු යන්ත්‍ර හරහා එල්.ටී.ටී.ඊ. ප්‍රකාශයක් සිදුකළා.

1990දී රංජිතම් ගුණරත්නම් ආරක්ෂක අංශ අත්අඩංගුවට පත්වී ඝාතනය විය. ඒත් ප්‍රේමකුමාර් ගුණරත්නම් පණ බේරාගන්න සමත් විය. 1990දී ඔහු නීති විරෝධී වද කඳවුරක හමුදා අත්අඩංගුවේ සිටියදී පැන යෑමට සමත් විය. ඔහු අවසානයේ මතුවූයේ ඔස්ටේ්‍රලියාවෙන්ය.

ප්‍රේමකුමාර් ගුණරත්නම් නම්වූ ඔහු ජවිපෙ තුළ ප්‍රකටව සිටියේ කුමාර් මහත්තයා ලෙසය. විජේවීර ඇතුළු දේශපාලන මණ්ඩලයත්, කුමාර් මහත්තයාගේ සොහොයුරු, දේශපාලන මණ්ඩල සභික රංජිතම් ගුණරත්නම්ද ඝාතනය වීමෙන් පසු යළි ජවිපෙට හුස්ම පිඹ නැගිටුවන්න දරදිය ඇද්දේ විදේශගතව සිටි කුමාර් මහත්තයාය. 1994 ජවිපෙ නව දේශපාලන මණ්ඩලය පිහිටුවන ඔහු, එහි ප්‍රබල සාමාජිකයෙක් වේ. ඒත් ඔහු එළියට එන්නේ නැත. ඔහු ජීවත් වුණේ අප්‍රකටවය. විජේවීරගෙන් පසු ජවිපෙ නව නායකත්වයට සෝමවංශ ගෙන එන්නේද ඔහුය. මේ වෙනකොට විජේවීර ඇතුළු විජේවීරගේ දේශපාලන මණ්ඩලය සමග සබඳතා පැවැත්වූ අය අතරින් ජීවත්ව සිටියේ සෝමවංශ සහ ගුණරත්නම් පමණි.

ගුණරත්නම් ජවිපෙ ප්‍රධාන දේශපාලන පක්ෂ සමග සන්ධානගත වීම ප්‍රතික්ෂේප කළ අයෙකි. ඒ වෙනුවෙන් දේශපාලන මණ්ඩලයේ තර්ක කළ අයෙකි. 2004 ජවිපෙ චන්ද්‍රිකා සමග සන්ධානගත වීමත්, 2005 මහින්ද සමග සන්ධානගත වීමත් ඔහු අනුමත කළේ නැත. මේ හේතුවෙන් විමල් පක්ෂය හැර ගියේය. 2009 ජවිපෙ ෆොන්සේකා ඇතුළු යූ.ඇන්.පී.ය සමග සන්ධානගත වීමද කුමාර් මහත්තයා අනුමත කළේ නැත. මේ නිසා අනුර, කුමාර් ඇතුළු ජවිපෙ නායකයන් ඔහුට එරෙහිව කැරැලි ගැසීය.

ජවිපෙ ශ්‍රී ලංකා හෝ යූ.ඇන්.පී. මෙන් සාම්ප්‍රදායික පක්ෂයක් බවට පත්වීමත්, පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ධුරවලට ගිජු වීමත් ඔහු ඉවසුවේ නැත. ඔහු අනුර කුමාරලාට පක්ෂය භාරදී එළියට යන්නේ විජේවීරගේ චින්තනය සහ ඔහු ජවිපෙ හදපු ඉලක්කය ආරක්ෂා කරගන්නටය. ඒ වෙලාවේ ජවිපෙ පහළ සාමාජිකත්වය කුමාර් මහත්තයාගේ තීරණය අනුමත කරමින් කුමාර් මහත්තයා පිහිටුවන පෙරටුගාමී පක්ෂය වටා එක්රොක් වෙන්න පටන් ගත්හ. ඒත් මේ සාමාජිකයන්වත් කුමාර් මහත්තයා කවුද කියා දැක තිබුණේ නැත.

2012 අප්‍රේල් කුමාර් මහත්තයා ඔස්ටේ්‍රලියාවෙ සිට පැමිණ පෙරටුගාමී පක්ෂයත් සමග කරළියට පැමිණෙන්න සූදානම්ව සිටියේය. ජවිපෙ පහළ සාමාජිකත්වයද ඇතුළු අතිවිශාල ජනතාවක් ඊට සහභාගි වීමට සූදානමින් සිටියහ. බුද්ධි අංශ තොරතුරු දැක බියට පත් එවක ආරක්ෂක ලේකම් ගෝඨාභය, කුමාර් මහත්තයාව අත්අඩංගුවට ගන්න නියෝග කළේය. පසු කලෙක ගෝඨාභය ‘සත්හඬ’ පුවත්පතට පවසා තිබුණේ කුමාර් ගුණරත්නම්ව අත්අඩංගුවට ගන්න තමාට ඔත්තුව දුන්නේ ජවිපෙ නායක අනුර කුමාර කියාය.

කුමාර් මහත්තයා අත්අඩංගුවට පත් වුවත් ඔහු කොහේ සිටිනවාද කියා කවුරුත් දැන නොසිටියහ. ඔහු අතුරුදන්ව සිටියදීම ඝාතනය කිරීමේ කුමන්ත්‍රණයක් ඇතැයි පෙරටුගාමී පක්ෂය හෙළි කළේය. කුමාර් මහත්තයා ඔස්ටේ්‍රලියානු පුරවැසියෙක් නිසා ඔහුගේ ජීවිත ආරක්ෂාව පිණිස ඔස්ටේ්‍රලියානු රජය මැදිහත් විය. ඔස්ටේ්‍රලියානු රජයේ බලපෑමට බියවී මහින්දගේ ආණ්ඩුව කුමාර් මහත්තයාව නිදහස් කළේය.

කුමාර් මහත්තයා යළි ලංකාවට ආවේ 2015 ජනාධිපතිවරණ සමයේය. 2015 මෛත්‍රි ජනාධිපති වූ විගස කුමාර් මහත්තයාව යළි අත්අඩංගුවට ගනු ලැබීය. පෙරටුගාමී පක්ෂය කීවේ මෛත්‍රි ජනාධිපති කරන්න ජවිපෙ නායක අනුර කුමාර දුන් සහායට මෛත්‍රිපාල – රනිල් ආණ්ඩුව කෘතගුණ දැක්වූවා කියාය. කුමාර් ගුණරත්නම් නොහොත් කුමාර් මහත්තයා වසරක් හිරේ සිටියේය. පසුව අධිකරණය ඔහුව නිදහස් කළේය.

කුමාර් මහත්තයා මරණය අතේ තියාගෙන දේශපාලනය කළ අයෙකි. 1990 රටින් පැනගිය ඔහු 2004 යළි ලංකාවට එන්නේත් මරණය අතේ තියාගෙනය. විමල්ලා පක්ෂය හැර යන විටත් මහින්දගේ ආණ්ඩුව ඔහු පසුපස පිස්සු බල්ලන් මෙන් පන්නද්දී ඔහු පැනයන්නේත් මරණය අතේ තියාගෙනය. 2012 ඔහු යළි ලංකාවට ආ විටත් ඔහු අතුරුදන් වෙන්නේ 88-89 ජවිපෙ නායකයන් අතුරුදන් වූවා වගේය. 2015 යළි ලංකාවට ආ විට ඔහු වසරකට හිරේ ඉන්නේත් කොයි මොහොතේ ඝාතකයන් තමන් පසුපස පන්නාවි දැයි සැකයෙන්ය.

1971 විජේවීර තුණ්ඩු කෑල්ලෙන් ගහපු කැරැල්ල අද කුමාර් මහත්තයා ප්‍රමුඛ පෙරටුගාමීන් වට්ස්ඇප්, ෆේස්බුක් හරහා ගහමින් සිටී. 1971 සහ 88-89 තරුණයන් අතේ තිබුණේ ආයුධය. අද තරුණයන් අතේ තියෙන්නේ ෆෝන් එකය.

‘ජනතාව ඕන පක්ෂයකට බලය දෙන්න. නමුත් තරුණ බලය තියෙන්නේ ඕනෙ මහ පාරේ…’

ඔහු ‘ගෝ ගෝඨා හෝම්’ ජන අරගලය මැද දී පුවත්පත් සාකච්ඡාවක් පවත්වා පවසා තිබිණි. 1988 විජේවීර කීවේත් මේ කතාවමය.

‘ජවිපෙ පාර්ලිමේන්තුවට යන්නේ නැහැ. ජවිපෙ බලය තිබිය යුත්තේ මහ පාරේ…’

එදා විජේවීර දැකපු ඒ හීනය හරියටම වසර 30කට පසු අද හැබෑ වෙමින් තිබේ. විජේවීරගේ ඒ හීනය හැබෑ කරන්න තුණ්ඩු කෑල්ලෙන් කැරැලි ගහපු කුමාර් මහත්තයා අද වට්ස්ඇප්, ෆේස්බුක්වලින් කැරැලි ගහන තැනට තරුණ තරුණියන් යොමුකර තිබේ. එය විජේවීර ඇතුළු 71ත් 89ත් ඝාතනය වූ තරුණ තරුණියන්ගේ ලේවලට ගෙවන්න පුළුවන් ලොකුම වන්දියය.

සුරනිමල

SendShareShare
Previous Post

පාස්කු ප්‍රහාරයෙන් මියගිය ලංකාවේ පවුල් 35ක ඥාතීන්ට පාප් වහන්සේ හමුවන්න අවස්ථාව හිමිවෙයි! තේරුවේ කුසපත් ඇදීමෙන්! EXCLUSIVE

Next Post

මහින්ද අගමැතිකමෙන් අයින් වෙයිද! අද රෑට 7.30ට ජාතිය අමතනවා!

MORE NEWS

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 2020. 11. 20 වැනි දා පාර්ලිමේන්තුවේ පැවසූ ආකාරයට බන්ධනාගාර ගත වී සිරගත වී සිටින අය රාජ්‍ය...

Read more
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.