• About us
  • Contact us
Saturday, July 25, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

උතුරයි දකුණයි එක පාර අල්ලන්න එන කව්ද මේ අදානි! දැනටමත් ලංකාවේ ඩොලර් බිලියන 3ක දේපොළ!

November 2, 2021
in Exclusive, News
Reading Time: 3 mins read
A A
අදානි ගෝඨා හමුවෙයි!
Share on WhatsAppShare on Facebook

‘මම ඉන්දියානු මිතුරකු හමුවුණෙමි.’

‘ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා ඔහුගේ දින සටහන් පොතේ මෙහෙම සටහනක් ලියා තිබුණා. එහි වෙන කිසිදු තොරතුරක් තිබුණේ නැහැ’ යැයි ගෝඨාභය රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ මාධ්‍ය ප්‍රකාශකවරයා වන කිංස්ලි රත්නායක ප්‍රකාශ කර සිටියේය.

ඉහත මේ වගතුග ප්‍රකාශ වන්නේ ශ්‍රී ලංකාවේ මාධ්‍යයන් තුළින් නොවේ. එනම් ඉන්දියාවේ තිබෙන අතිශය ප්‍රකට දිනපතා පුවත්පතක් වන, ‘බිස්නස් ස්ටෑන්ඩර්ඩ්’ නමැති පුවත්පතේ පළවන වාර්තාවකින් එසේ කියා සිටියි. එම පුවත්පතේ කතුවරියක වන, ප්‍රවීණ මාධ්‍යවේදිනී අදිති පාඩ්නිස් විසින් මෙම විශේෂිත පුවත ලියා තිබුණේ මෙයට දින කිහිපයකට ඉහතදීය. ඇය දේශපාලනික ලේඛිකාවකද වෙයි. මෙම ඉන්දීය මාධ්‍යවේදිනිය යම් විශේෂිත පුවතක් ගැන කරුණු සොයා ගන්නට උත්සාහ දරා ඇති බැව් එම පුවත තුළින් පෙනීයයි. ඇයගේ වාර්තාවේ ඉහළින්ම ඇත්තේද එක්තරා සුවිශේෂ වූ ඡායාරූපයකි. එහි ශ්‍රී ලංකා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා, තවත් යම් විශේෂිත පුද්ගලයකු සමග සිටගෙන සිටින අයුරු දක්නට හැකිය.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක කිංස්ලි රත්නායක ප්‍රකාශය කර තිබුණු ජනාධිපතිවරයා හමුවුණු ඉන්දීය මිතුරා කවුද? එය දැන් අප සමාජය දැන සිටියත්, මෙයට දින කිහිපයකට ඉහතදී එය කිසිවකුත් දැන සිටියේ නැත. අඩුම තරමේ ජනාධිපති මාධ්‍ය අංශයවත් දැන සිටියේ නැත. ජනාධිපතිවරයාගේ මෙම හිතාදර මිතුරා නම්, තම මහා ධනයෙන් ලොවක් සොලවන ඉන්දියාවේ ගෞතම් අදානි ය. ගෞතම් අදානි යනු ඉන්දියාවේ දෙවැනි ධන කුවේරයා වන අතර, ඔහු ආසියාවේද දෙවැනි තැනට සිටින ධන කුවේරයා වෙයි. මෙම සුවිශේෂ මිනිසා පසුගියදා හදිස්සියේම ශ්‍රී ලංකාවට පැමිණියේය. එහෙත් ඔහුගේ ගමන බොහෝ දෙනෙකුට හොර රහසේ සිදුකළ ගමනක් විය. ඔහු තමන්ගේම පෞද්ගලික ජෙට් ගුවන් යානා දෙකකින් තවත් 10 දෙනකුගේ පිරිසක් සමග පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණියේය. ඔහු මෙහි පැමිණියේ ශ්‍රී ලංකාව තුළ සිදුවන තමන් සම්බන්ධ වූ විශේෂිත ව්‍යාපාර ගනුදෙනු කිහිපයක් උදෙසා යැයි වාර්තා විය. ඉතාමත් කෙටි වේලාවක් දිවයින තුළ ගතකළ ඔහු ජනාධිපතිවරයා සහ අගමැතිවරයාද මුණගැසුණි. එහෙත් එම හමුවන් සිදුවන බැව්ද කිසිවෙකුත් දැන නොසිටි අතිශය ප්‍රබල රහසකි.

ඉන්දියාවේ මෙම මහා සුපිරි බිලියනපතියා ශ්‍රී ලංකාවට පැමිණෙන විට මුලින්ම කරුණු දැන ගත්තේ ඉන්දියානු මාධ්‍ය කිහිපයක් විසිනි. එම මාධ්‍ය හරහා ශ්‍රී ලංකාවේ මාධ්‍ය වෙත එම තොරතුරු දැනගන්නට ලැබිණි. එසේ නොමැතිව මෙම සංචාරය ඉන්දියාවටත්, ශ්‍රී ලංකාවටත් නිල වශයෙන් ප්‍රකාශිත නොවූ ගමනකි. එසේම සංචාරය නිමවීමෙන් පසුව වුවද කිසිදු නිල මාධ්‍ය ප්‍රකාශයක් සිදු කෙරී නොතිබිණි. ඉහත ඉන්දීය පුවත්පතේ මාධ්‍යවේදිනිය මෙම සංචාරය ගැන අදානි සමාගම හරහා කරුණු සොයා ගැනීමට උත්සාහ ගත්තද, ඔවුන් එම තොරතුරු ලබා දීමට අපොහොසත්වී ඇත. දුරකතන ඇමතුම් සහ ඊ-මේල් පණිවුඩද කිහිපයක්ම ලබා දුන්නද ඒ කිසිවකටවත් ප්‍රතිචාර ලැබී නැත. කෙසේ හෝ ගෞතම් අදානි ප්‍රමුඛ පිරිස පසුගිය ඔක්තෝබර් 24දා රාත්‍රියෙහි ශ්‍රී ලංකාවට පැමිණි බැව් කිසිවකුත් දැන සිටියේ නැත. ඉන්පසුව ගෞතම් අදානි ජනාධිපතිවරයා මුණගැසී ඇත්තේ 25දා උදේ වරුවේය. ඉන්පසු අගමැතිවරයාද හමුවී ඇත. කෙසේ හෝ එම කිසිදු තොරතුරක් ඔහු රටින් බැහැරව යන තෙක් නිසි ලෙස මාධ්‍යයට දැන ගන්නට නොලැබිණි. එනම් මෙම සංචාරය සිදුවී ඇත්තේ සම්පූර්ණයෙන්ම පෞද්ගලික සංචාරයක් ලෙසිනි. එසේ ප්‍රකාශ වුවද, සාකච්ඡා කෙරී ඇත්තේ සහ ප්‍රායෝගිකව කටයුතු කර ඇත්තේ සම්පූර්ණයෙන්ම රාජ්‍ය සහ නිල කටයුතු උදෙසා බැව් වාර්තා වෙයි.

පසුව ඉන්දීය පුවත්පත් කිහිපයක්ම වාර්තා කර තිබුණේ, ගෞතම් අදානි සහ ජනාධිපතිවරයා හා අතර පැවැති සාකච්ඡාවේදී කොළඹ වරායේ බටහිර ජැටියේ සංවර්ධන කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා කළ බැව්ය. ඩොලර් මිලියන 700ක සුවිශාල ආයෝජනයක් මත සිදු කෙරෙන කොළඹ වරායේ බටහිර බහාලුම් පර්යන්තයේ නව ඒකාබද්ධ සංවර්ධන ව්‍යාපෘතිය සඳහා වූ ගිවිසුම අස්සන් කිරීම පසුගිය සැප්තැම්බර් මස 30 වැනිදා සිදු කෙරිණි. එහි සියයට 51ක (51%) බහුතර කොටස් අදානි සමූහ ව්‍යාපාරයට අයත් වන අතර, තවත් කොටස් සියයට 34ක් (34%) අදානි සමාගමේ මෙරට නියෝජිතයා වන ජෝන් කීල්ස් සමාගමටත් අයත් වෙයි. මෙහිදී ශ්‍රී ලංකා වරාය අධිකාරියට අයත් කොටස් ප්‍රමාණය වන්නේ ඉතිරි සියයට 15ක (15%ක) කොටස් පමණි. මෙය ඉන්දියාව සතුවන අතිවිශාල ව්‍යාපාරික ආයෝජනයක් වන අතර, මෙතෙක් ශ්‍රී ලංකා වරාය ඉතිහාසයේ විදේශ රටකට ලබා දුන් විශාලතම ආයෝජනය වශයෙන් සැලකෙයි. මෙම වරාය බටහිර පර්යන්තයේ කටයුතු සඳහා ගිවිසුම් අස්සන් කරනු ලැබුවේ වසර 35ක කාලයක් සඳහාය.

මේ අතර සුපිරි ඉන්දියානු ධන කුවේර ගෞතම් අදානි ශ්‍රී ලංකාව තුළ තවත් සංවර්ධන ව්‍යාපෘති කිහිපයකට ආයෝජනය කිරීමට තීරණය කර ඇත. එනම් මන්නාරම ප්‍රදේශයේ පුනර්ජනනීය විදුලි බලාගාරයක් ඉදිකිරීමේ කටයුතු සැලැසුම් කර ඇති අතර, ඔහු පසුගියදා මන්නාරම ප්‍රදේශයට ගොස් ඒ පිළිබඳව නිරීක්‍ෂණයකද යෙදී ඇත. ඔහු ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටරයකින් කටුනායක සිට මන්නාරම බලා පිටත්ව ගොස් ඇත්තේ පසුගිය ඔක්තෝබර් 25 වැනිදා දහවල් වරුවේය. එම ගමන සඳහා විදුලිබල මණ්ඩලයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනකුද සහභාගි වී ඇත. කෙසේ හෝ උතුරුකරයට සිදුකළ සංචාරයේදී සමහර ශ්‍රී ලාංකික සහ ඉන්දියානු පාර්ශ්ව ප්‍රකාශ කර තිබුණේ අපූරු පුවතකි. එනම් මෙම 2021 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකා රජය කැබිනට් තීරණයක් ගෙන තිබුණේ, යාපනයේ සාගර ප්‍රදේශයෙහි ඇති දූපත් තුනක් ව්‍යාපෘති කිහිපයක කටයුතු සඳහා චීනයට ලබා දීමටය. ඒ අනුව ඩෙල්ෆ්ට්, අනලාතිවු සහ නයිනතිව් යන දූපත් තුන විදුලිබලශක්ති ව්‍යාපෘති සහ තවත් විවිධ ව්‍යාපෘති කිහිපයක් සඳහා ලබා දීමට තීරණය විය. මේ අනුව ඩොලර් මිලියන 12ක කුඩා ව්‍යාපෘති ඇරැඹීමට චීන ජාතික සමාගමකට අවසර හිමිවිය.

කෙසේ හෝ මෙම දූපත් තුන ඉන්දියානු වෙරළ සීමාවට ආසන්නයෙන් කිලෝමීටර් 50-60ත් අතර දුර ප්‍රමාණයකින් පිහිටා තිබේ. මෙවැනි තත්ත්වයක් යටතේ එම තීරණයත් සමග ඉන්දියාව තම දැඩි විරෝධය ශ්‍රී ලංකාවට ප්‍රකාශ කර සිටියේය.

එසේ වන්නේ ඉන්දියාවත් – චීනයත් පසුගිය කාලය පුරාම ප්‍රබල සීතල යුද්ධයක පැටලී ඇති හෙයිනි. එලෙස ඉන්දියාව ආසන්නයේ තිබෙන දූපත් තුනක චීන සමාගම් විසින් ව්‍යාපෘති ඇරැඹීමට ශ්‍රී ලංකා රජය ටෙන්ඩර් ලබා දීම, ඉන්දියාවේ ආරක්‍ෂාවට තර්ජනයක් ලෙසද ඉන්දීය රජය ප්‍රකාශ කර සිටියේය. කෙසේ හෝ මෙවැනි තත්ත්වයක් යටතේ ඉන්දියානු ධනකුවේර ව්‍යාපාරික ගෞතම් අදානි උතුරේ සංචාරය කිරීම ගැන විවිධ මතිමතාන්තරද ඇති වුණේය. ඔහු තම මන්නාරම නිරීක්‍ෂණයේදී චීනයට ලබා දුන් උතුරේ දූපත් තුන ගැනද නිරීක්‍ෂණය කළේ යැයි රාවයක් පැතිරිණි. මන්නාරමේ සිට මෙම දූපත් ප්‍රදේශයට අහසින් තවත් කිලෝමීටර් 50ක පමණ දුරක් ඇත. එහෙත් ගෞතම් අදානි එසේ දූපත් නිරීක්‍ෂණය සඳහා ගිය බවට නිසි සාධකයක් නොතිබිණි. ඔහු සුළං බලශක්ති ව්‍යාපෘතියේ කටයුතු නිරීක්‍ෂණය කර මන්නාරමේ සිට නැවැත හෙලිකොප්ටර් යානය මගින් කටුනායකට පැමිණ ඇත. ඉන් ටික වේලාවකට පසු ඔහු තම පෞද්ගලික ජෙට් ගුවන් යානාව මගින් ඉන්දියාවට පිටත්ව ගොස් ඇත.

කෙසේ වෙතත් මේ වන විට ආණ්ඩුව උතුරේ දූපත් 3 සඳහා යළිත් වතාවක් ටෙන්ඩර් කැඳවීමට තීන්දු කර ඇති බව වාර්තා වේ. එහිදී අලුතින් ඉන්දීය සහ ඇමෙරිකානු සමාගම්ද ඊට ටෙන්ඩර් ඉදිරිපත් කිරීමට සූදානමින් සිටින බවත්, චීන ටෙන්ඩරයද ඊට ඇතුළත් කරන බවත් දැනගන්නට ඇත.

ගෞතම් අදානිගේ ජීවිත කතාව එක්තරා අයුරකින් සුවිශේෂ වගතුගකි. ඔහුගේ පියා රෙදිපිළි වෙළෙඳාමේ නිරතව සිටි පුද්ගලයකු වෙයි. ගෞතම්ද තරුණ කාලයේ සිටම විවිධ කුඩා ව්‍යාපාර කරමින් සිට ඇති පුද්ගලයෙකි. කෙසේ හෝ කාලයාගේ ඇවෑමෙන් ඔහු මහා පරිමාණ ව්‍යාපාරිකයකු විය. ගෞතම් අදානි යනු ඉන්දියාවේ දෙවැනි ස්ථානයෙහි වැජඹෙන මහා බිලියනපතියාය. එසේම ආසියාවේද දෙවැනි තැන හිමිකර ගත් මහා ධනකුවේරයාය. අදානි සමූහ ව්‍යාපාරයේ තනි අයිතිකරුවා වන්නේ ඔහුය. දැනට 59 වැනි වියෙහි පසුවන ඔහුගේ ධන වත්කම 2021 වසරට අනුව ඩොලර් බිලියන 72.3කි. මෙය සිතාගත නොහැකි තරමේ මහා ධන සම්භාරයක් වන අතර, එම තක්සේරුවට අනුව ඔහු දැනට ලෝකයේ සිටින 13 වැනි ධනවත්ම පුද්ගලයාද වෙයි. ලෝකයේ ප්‍රකට ව්‍යාපාරික සඟරාවක් වන ‘ෆෝබ්ස්’ සමීක්‍ෂණයකට අනුව මෙම කරුණු ප්‍රකාශ වෙයි. ඔහු කෙතරම් ධනවතකු වුවද, බොහෝ සමාජ සහ පුණ්‍ය කටයුතු සඳහාද තම ධනය පරිත්‍යාග කරයි. ඔහු පසුගිය කාලයේ ‘කොවිඩ්-19’ රෝග මර්දනය උදෙසා ඉන්දියානු රජයට සහ වෙනත් ආයතන සඳහා ඉන්දියානු රුපියල් කෝටි 100ක් පරිත්‍යාග කළේය.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

සබ්‍රිට උඩින් ඥානසාර හිමි දැම්මාට මුස්ලිම් සංවිධාන පත්තු වෙයි! ඒකාබද්ධ නිවේදනයක් නිකුත් වෙයි!

Next Post

බිත්තිවල චිත්‍ර ඇඳපු තරුණයෝ කෝ? ඒ අය රටින් යන්න හදන පාස්පෝට් පෝලිම්වලද? මහින්දටත් ආණ්ඩුවේ වැඩ ගැන කළකිරීමක්? (VIDEO)

MORE NEWS

ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

Load More
හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…!  Sri Lanka Latest News
Astrology

හොඳට හොඳ – නරකට නරක ග්‍රහ ලොව තීන්දුකාරයා! ගන්න බැරි වූ දේ ගන්න – දෙන්න බැරි වූ දේ දෙන්න ආපසු හැරී බලයි…! Sri Lanka Latest News

ලෝක දේශපාලන කරළිය යළිත් රත්වෙයි! ලෝක නායකයකු ගැන හද දවන පුවතක්! ස්වභාවික විපත් ගැනත් ප්‍රවේසමෙන්! මෙරට තත්ත්වයේ සාමකාමී බවක්! රට...

Read more
ජනාධිපතිවරුන් ඉදිරියේ කොන්ද කෙළින් තියාගෙන වැඩ කරපු අගවිනිසුරුවරුන් ගැන ජනාධිපති නීතීඥ සාලිය පීරිස් කතාකරයි! 1981 ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල වැඩ කරපු හැටි! 2018 නලින් පෙරේරා අගවිනිසුරුතුමා තීන්දුව දීපු හැටි! නෙවිල් සමරකෝන් අගවිනිසුරුතුමා කියපු කතාව! ස්වාධීන ආයතන ස්වාධීන විය යුතුමයි! VIDEO I Sri Lanka Latest News

මාලිමා මන්ත්‍රී කරපු අපහාසය හෙළා දකිමින් නීතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලියත් නිවේදනයක් නිකුත් කරයි! I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනද්දී මාලිමා මන්ත්‍රී අසිත කරපු ‘සජිත්-රජීව් ඩීල් එකක්’ කතාවෙන් නීතීඥ සංගමය ඇවිස්සෙයි! වහාම නිවේදනයක් නිකුත් කරයි! සභාපති රජීව් පෞද්ගලිකවම පණිවුඩයක් තියයි! පුළුවන් නම් ඔය කතාව එළියට ඇවිත් කියන්න! VIDEO I Sri Lanka Latest News

‘සිතීමේ-කතා කිරීමේ-අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස තියෙනවා! හැබැයි ජාතිවාදය-ආගම්වාදය අවුළුවන්න යළි කිසිවෙකුටත් ඉඩ තියන්නේ නෑ!’ ජනාධිපතිත් කිව්වා! අගමැතිත් කිව්වා! අද අධිකරණ ඇමැති හර්ෂණත් පාර්ලිමේන්තුවේදී ඒ කතාව තහවුරු කළා! VIDEO I Sri Lanka Latest News

හර්ෂණ දිනුම්! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

මීගමු බන්ධනාගාර ගැටුමේදී ආණ්ඩුව ෆේල් වෙච්ච තැන් විපක්ෂනායක සජිත් පාර්ලිමේන්තුවේදී හෙළිකරයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.