• About us
  • Contact us
Tuesday, June 9, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මුලින්ම ඇමැති පුතෙකු ලෙස පසුව ඇමැති ලෙස, තුවක්කු පෙන්න පෙන්න වෙඩි තිය තිය, චන්ද්‍රිකාගේ මහින්දගේ රනිල්ගේ ආණ්ඩුවල පිස්සු නටන්න රත්වත්තෙලාට බලය දුන්නේ කවුද?

November 2, 2022
in Exclusive, News
Reading Time: 4 mins read
A A
මුලින්ම ඇමැති පුතෙකු ලෙස පසුව ඇමැති ලෙස, තුවක්කු පෙන්න පෙන්න වෙඩි තිය තිය, චන්ද්‍රිකාගේ මහින්දගේ රනිල්ගේ ආණ්ඩුවල පිස්සු නටන්න රත්වත්තෙලාට බලය දුන්නේ කවුද?
Share on WhatsAppShare on Facebook

රත්වත්තේ යනු ලංකාවේ දිගුකාලීන ඉතිහාසයක් සහිත පෙළපතකි. මධ්‍යම පළාතේ මහනුවර, මාතලේ සහ සබරගමුවේ රත්නපුර බළන්ගොඩ දෙපළාත් කේන්ද්‍ර කරගෙන ව්‍යාප්තව සිටින රත්ත්වත්තේවරුන්ගේ පැටිකිරිය හොයන ඕනෑම කෙනකුට අතීතයේ සිටම රත්වත්තේලා ලංකාවේ පාලනය හා පැවැත්වූ සබඳතා ගැන තොරතුරු ඕනෑ තරම් සොයාගත හැකිය. 1815 මාර්තු දෙවැනි දින ඉංග්‍රිසීන් සමග අස්සන් කරන ලද උඩරට ගිවිසුමේදීද මාතලේ දිසාව වෙනුවෙන් අස්සන් තබා ඇත්තේ රත්වත්තේ කෙනෙකි. 1936 සිට 1947 දක්වා රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෑගල්ල මන්ත්‍රීවරයා ලෙසත්, 1947 සිට 1952 දක්වා එක්සත් ජාතික පක්ෂයේ මාවනැල්ල මන්ත්‍රීවරයා ලෙසත් කටයුතු කළ හැරිස් ලෙව්කේ රත්වත්තේ මෙරට දේශපාලන ඉතිහාසය පිරික්සීමෙදී හමුවන තවත් රත්වත්තේ කෙනෙකි. ශ්‍රී ලංකාවේ පමණක් නොව ලෝකයේම ප්‍රථම අගමැතිනිය වූ සිරිමවෝ බණ්ඩාරනායක මැතිනියද රත්වත්තේ පරපුරෙන් පැවැත එන්නීය. පසු කාලයක ශ්‍රී ලංකාවේ රාජ්‍ය ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යවරයා වූ ජෙනරල් අනුරුද්ධ රත්වත්තේද පැවැත එන්නේ එකී පරපුරෙනි. රත්වත්තේලා ලාංකේය දේශපාලනයට පමණක් සීමාවූ පවුලක් නොවන අතර, සමාජයේ වෙනත් ප්‍රභූ තනතුරු රැසක්ද දැරූවෝ වෙති. ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ධුරාවලිය පිරික්සීමේදීද එකී සම්මානනීය තනතුර හෙබවූ රත්වත්තේවරු තිදෙනකුගේ තොරතුරු හමුවේ. ඒ, සෙනවිරත්න රත්වත්තේ (1897-1901), ටිකිරි බණ්ඩා රත්වත්තේ (1937-1947), හැරිස් ලෙව්කේ රත්වත්තේ (1961-1964) යන දියවඩන නිලමේවරුන්ය. මේසා පැතිරුණු ඉතිහාසයක් සහිත රත්වත්තේ පරපුර වත්මන් පාර්ලිමේන්තුවේ නියෝජනය කරන්නේ ලොහාන් එවීන්ද්‍ර රත්වත්තේ නොහොත් ලොහාන් රත්වත්තේ විසිනි.

කලකට පෙර පවත්වාගෙන යන්නම් වාලේ පවත්වාගෙන ගිය ලංකාවේ රගර් ක්‍රීඩාව අළුගසා දමා නැඟිට විත් මෙරට ජනප්‍රිය ක්‍රීඩා ගොන්නට එකතු වූයේ 1990 දශකයේ මුල් භාගයේදීය. ලංකාවේ මේ රගර් ප්‍රබෝධයට ඍජුවම හේතු වූයේ මෙරට ප්‍රධාන රගර් කණ්ඩායම්වල දොරටුව විදෙස් රගර් ක්‍රීඩකයන්ට විවර වීමය. හැව්ලොක්ස්, සී.ආර්. ඇන්ඩ් එෆ්.සී., සී.එච්. ඇන්ඩ් එෆ්.සී., මහනුවර වැනි මෙරට ප්‍රධාන පෙළේ රගර් කණ්ඩායම් විදෙස් ක්‍රීඩකයන්ගේ සේවය තම කණ්ඩායම් සඳහා ලබාගැනීම නිසා මෙරට රගර් පිටිය බොහෝ සේ උණුසුම් මුහුණුවරක් ගත්තේය. එලෙස ලංකාවේ වෘත්තීය රගර් ක්‍රීඩාවට එක්වූ ක්‍රීඩකයන් බහුතරයක් ෆීජී සහ සැමෝවා රටවලින් පැමිණියෝ වූහ.

වර්ෂ 1997 රගර් තරගාවලියට මෙරට ප්‍රකට රගර් කණ්ඩායමක් වූ හැව්ලොක්ස් කණ්ඩායම සිය විදෙස් ක්‍රීඩකයා ලෙස තෝරාගෙන සිටියේ ෆීජී ජාතික ජොයෙල් ප්‍රේරාය. කුසලතා පූර්ණ ක්‍රීඩකයකු වූ ඔහු තරගවාර කිහිපයක සිට ශ්‍රී ලංකවේ රගර් ක්‍රීඩා කර තිබූ බැවින් මෙරට බොහෝ හිතවත්කම් සහිත වූවෙකි. ඊට අමතරව ඔහු විවාහ වී සිටියේද ශ්‍රී ලාංකික කාන්තාවක සමගය. 1997 මැ‍යි මාසයේ දිනයක ජොයෙල් ප්‍රේරා කොල්ලුපිටියේ කාල්ටන් සමාජ ශාලාව වෙත ගියේය. කාල්ටන් සමාජ ශාලාව ඔහු නිතර යනෙන තැනක් වූ බැවින් එහි ඔහු දන්නා අඳුනන බොහෝ දෙනෙක් එහි විය. එහෙත් මේ දෛවෝපගත දිනයේ ජොයෙල් හා තවත් තරුණයකු අතර උණුසුම් වචන හුවමාරුවක් ඇති වී එය ගුටි කෙළියක් තරමට දුරදිග ගියේය. මෙවැනි ආරවුල් සමාජ ශාලාවල අරුමයක් නොවෙන බැවින් ඒ පිළිබඳ රැස්ව සිටි කිසිවෙක් වැඩි අවධානයක් යොමු කළේ නැත. එහෙත් සාමාජ ශාලාව දෙදරවමින් එක්වරම ගිනි අවියක් කතා කළේය. රගර් ක්‍රීඩක ජො‍යෙල් ප්‍රේරා ආගන්තුකයකුගේ පිස්තෝල වෙඩිල්ලකින් මියගිය පුවත පැය කිහිපයක් තුළ ලංකාව පමණක් නොව ලෝකයම කම්පා කරන්නට සමත් විය.

වෘත්තීය රගර් ක්‍රීඩකයකු වූ ජොයෙල් ප්‍රේරා ඝාතනය සම්බන්ධ චෝදනා එල්ල වූයේ ලොහාන් රත්වත්තේටය. බොහෝ ප්‍රභූ පුතුන් මෙන් සැහැල්ලු ජීවිතයක් ගෙවූ ලොහාන්ද නිතර කාල්ටන් සමාජ ශාලාවට ආ ගිය අයෙකි. රාජ්‍ය ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේගේ පුත්‍රයා වූ ලොහාන් මෙරට ජනාධිපති ධුරය හෙබවූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංගයේ ඥාති සහෝදරයෙක් මෙන්ම එවක ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ සිරිමවෝ බණ්ඩාරනායක මැතිනියගේ ඥාති පුත්‍රයාද විය. මෙකී සම්බන්ධකම් ජාලය නිසා ජොයෙල් ප්‍රේරා ඝාතනයේ යුක්තිය පසිඳලන ආකාරය ගැන දෙස් විදෙස් මාධ්‍යවේදීන් පසුවූයේ බලවත් උනන්දුවෙනි.

ලොහාන් ෆීජී ජාතික ජොයෙල් ප්‍රේරාට වෙඩිතැබූ බව කිහිප දෙනකු පවසා සිටියද ඔහු අත්අඩංගුවට ගැනීම දිනෙන් දින පමා වූයේය. තවත් ෆීජි රගර් ක්‍රීඩකයකු වූ ගිඩියන් රාකා සිදුවීම ඇසින් දුටු බවට වාර්තා පළවන්නට විය. එහෙත් ලොහාන් අත්අඩංගුවට ගැනීම දිනෙන් දින පමා වන්නට විය. මේ සිදුවීම නිසා ශ්‍රී ලංකාව සහ ෆීජි රාජ්‍ය අතර සබඳතා පවා බිඳවැටෙන්නට ආසන්න විය. ෆීජිහි සේවය කළ ශ්‍රී ලාංකිකයෝ මින් බලවත් අපහසුතාවට පත්වූ අතර ඇතැමුන් ඔස්ටේ්‍රලියාව වැනි රටවල රැකියා සොයා යන තැනට කරුණු දුරදිග යන්නට විය. පොලිසියේ ක්‍රියාකලාපය පිළිබඳ මාධ්‍ය ඔස්සේ දැඩි විවේචන එල්ල වන්නට විය. විපක්ෂ නායක ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ මේ පිළිබඳ දැඩි අවධානය යොමුකළ අතර ජොයෙල් ප්‍රේරා ඝාතනය ගැන ප්‍රකාශයක් කරන්නැයි ඔහු ආණ්ඩුවෙන් ඉල්ලා සිටියේය. රනිල් වික්‍රමසිංහට පිළිතුරු දෙමින් ලොහාන්ගේ පියා වූ ජෙනරල් අනුරුද්ධ රත්වත්තේ පවසා සිටියේ මේ පරීක්ෂණ සඳහා තමා මැදිහත් නොවන බව‍ය. නීතිය ඉදිරියේ සියල්ලෝම සමාන බවත්, අධිකරණයේ නඩුවලදී කිසිවකුට විශේෂ සැලකිල්ලක් හෝ රැකවරණයක් නොලැබෙන බවත් ජොයෙල් ප්‍රේරා ඝාතනය ගැන අදහස් දක්වමින් අධිකරණ අමාත්‍ය ජී.එල්. පීරිස් පාර්ලිමේන්තුවෙදී පැවැසීය. කෙසේ වෙතත් මිනිසුන් පරීක්ෂා කිරීම පාර්ලිමේන්තුවේ වගකීමක් නොවන බවත් එය අධිකරණයේ කටයුත්තක් බවත් පැවසූ ඔහු, ප්‍රේරා ඝාතනය මාධ්‍ය විසින් කරන ලද නඩු විභාගයක් බවට පත්වන බව පෙනෙන්නේ යැයිද පැවැසීය.

දස දෙසින් නැඟෙන්නා වූ විරෝධය හමුවේ ජොයෙල් ප්‍රේරා ඝාතනයට සැකපිට ලොහාන් රත්වත්තේ අත්අඩංගුවට ගනු ලැබීය. එහෙත් දීර්ඝ විමර්ශනයකින් පසු සාක්ෂි ප්‍රමාණවත් නොවීම මත ඔහු අධිකරණයෙන් නිදහස ලැබීය. කාලය විසින් මිනිසුන්ට ජොයෙල් ප්‍රේරා මෙන්ම ලොහාන් රත්වත්තේද අමතක කරවන ලද අතර ජොයෙල් ප්‍රේරාට වෙඩි තැබුවේ කවුරුන්දැයි තවමත් සොයාගෙන නැත. ඒ අනුව එම ඝාතනයද මෙරට නොවිසඳුණු අපරාධ ගොන්නට එක්වන්නට ඇත.

ජොයෙල් ප්‍රේරා ඝාතන සිද්ධියෙන් පසු නිහඬව සිටි ලොහාන් රත්වත්තේ යළි කරළියට එන්නේ 2001 මැතිවරණ සමයේදීය. එම මැතිවරණයට එක්සත් ජාතික පක්ෂය සමග මුස්ලිම් කොංග්‍රසය සන්ධානගතව තරග කරන ලද අතර මහනුවර දිස්ත්‍රික්කය ඇතුළු මධ්‍යම පළාතේ එම සන්ධානය ප්‍රබල තත්ත්වයක පසු විය. මැතිවරණය 2001 දෙසැම්බර් පස්වැනිදාට යෙදී තිබිණි. මුළු මහත් මහනුවර දිස්ත්‍රික්කය පුරාම වූයේ ඇඟට දැනෙන මැතිවරණ උණුසුමකි. එහෙත් දින කිහිපයක් තිබියදී මහනුවර උඩතලවින්න ප්‍රදේශයේ මුස්ලිම් තරුණයන් දසදෙනකු එකම තැන වෙඩිතබා ඝාතනය කර තිබුණේ මුළු ප්‍රදේශයම බියෙන් තැති ගන්වමිනි. ටී-56 අවියකින් වෙඩිතබා මරාදමා තිබූ එම තරුණයන්ගේ සිරුරු හමුවීමත් සමග ප්‍රදේශය පුරා රජයන්නට වූයේ භීෂණකාරී තත්ත්වයකි. මෙම සාපරාධී ඝාතනයටය චෝදනා එල්ල වූයේ එවක රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ධුරය දැරූ ජෙනරල් අනුරුද්ධ රත්වත්තේ සහ ඔහුගේ පුතුන් දෙදෙනා වූ ලොහාන් සහ චානුක රත්වත්තේටය. දෙසැම්බර් 05 වැනිදා පැවැති මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ සන්ධානය ජය ලැබූ අතර ඉන් අනතුරුව උඩතලවින්න සමූහ ඝාතනය පිළිබඳ පරීක්ෂණ කඩිනම් වන්නට විය. ඒ අනුව ජෙනරල් අනුරුද්ධ රත්වත්තේ, ඔහුගේ පුතුන් දෙදෙනා වන චානුක සහ ලොහාන් ඇතුළු 15 දෙනෙක් උඩතලවින්න ඝාතනයට සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය. එහෙත් 2006 වසරේ ජනවාරි 17 හෝ ඊට ආසන්න දිනයක මහාධිකරණය විසින් රත්වත්තේවරු තිදෙනා ඇතුළු චූදිතයන් දසදෙනකු චෝදනාවලින් නිදොස් කරන ලද අතර ඉතිරි පස්දෙනාට විරුද්ධව නඩුව ඉදිරියට පවත්වාගෙන යන ලදී. අවසානයේ W.M.R. බණ්ඩාර, සුනිල් චන්ද්‍රසිරි, G.H.G. කමල්, E.A. කුමාර, සුරංග දිසානායක යන සෙසු චූදිතයන් පස්දෙනා මිනීමැරුම් චෝදනාවට වරදකරුවන් කොට මරණීය දණ්ඩනය නියම කරන ලදී.

එහෙත් එම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් අභියාචනයක් ඉදිරිපත් කරන ලද අතර එය අගවිනිසුරු අශෝකා ද සිල්වා, විනිසුරු P.A. රත්නායක, විනිසුරු නිමල් ගාමිණී අමරතුංග, විනිසුරු ජගත් බාලපටබැඳි හා විනිසුරු චන්ද්‍රා ඒකනායක යන පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් ඉදිරියේ විභාගයට ගැනිණි. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව 2009 ජූලි 24 හෝ ආසන්න දිනයක එම චූදිතයන් පස්දෙනාම අභියාචනාධිකරණය විසින් නිදහස් කරන ලදී. අභියාචක පාර්ශ්වයේ මූලික තර්කය වූ චූදිතයන් හට විරුද්ධව ඇති සාක්ෂි එකිනෙකට පරස්පර වීම ඇතුළු කරුණු ගණනාවක් පිළිගනිමින් අභියාචනාධිකරණය මෙම තීන්දුව ලබාදුන්ණේය. ඒ අනුව අදටත් උඩතලවින්න දස පුද්ගල ඝාතනය ශ්‍රී ලංකාවේ නොවිසඳුණු අපරාධ ගොන්නට එකතු වී ඇත.

සිය පියා වූ ජෙනරල් අනුරුද්ධ රත්වත්තේගේ ඇවෑමෙන් දේශපාලනයට පිවිසි ලොහාන් රත්වත්තේ 2010 වසරේ මැතිවරණය ජයගෙන පාර්ලිමේන්තුවට පිවිසියේය. 2020 මහ මැතිවරණයද ජයගත් ඔහු බන්ධනාගාර කළමනාකාර සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍යවරයා ලෙස පත්වූ අතර පසුව මැණික් හා ස්වර්ණාභරණ ආශ්‍රිත කර්මාන්ත රාජ්‍ය අමාත්‍ය ධුරයටද පත්කරනු ලැබීය. එහෙත් රාජ්‍ය අමාත්‍ය ධුරය ලද පසුවද ඔහුගේ හැසිරීමේ බරපතල වෙනසක් වූයේ නැත. වරක් ඔහු බීමත් මිතුරන් පිරිසක් සමග වැලිකඩ බන්ධනාගාරයට ඇතුළු වී එල්ලුම්ගස බැලීමට ගිය බවත්, එම ගමනට රූප රාජිනියක්ද එක් වූ බවට චෝදනා එල්ල විය. මේ සිදුවීම නිසා ඔහු බන්ධනාගාරය සම්බන්ධ අමාත්‍ය ධුරයක් දැරීමට සුදුසුදැයි යන ප්‍රශ්නය මතුවන්නට විය. ලොහාන් සමග එල්ලුම් ගස බලන්නට ගියේ රූ රැජිනක් වූ පුෂ්පිකා ද සිල්වා සමග බවට පුවතක් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර ගිය අතර තමා එවැනි ගමනක් නොගිය බවට පුෂ්පිකා ද සිල්වා ප්‍රකාශයක් පවා නිකුත් කරන ලදී. ඒ හැර ඒ සිදුවීම සම්බන්ධ වෙනත් වැදගත් දෙයක් සිදු නොවූ තරම්ය.

බන්ධනාගාර භාර අමාත්‍යවරයා ලෙස 2021 සැප්තැම්බර් 15 හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළු වූ ඔහු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ එහි රඳවා සිටි ද්‍රවිඩ ජාතික රැඳවූවන් දෙදෙනෙක් හිසට පිස්තෝලය තබා දණගස්වා තර්ජනය කරන ලද බවට පුවතක්ද වාර්තා විය. මෙම සිදුවීම දෙස් විදෙස් මාධ්‍ය විසින් ඉහළ ප්‍රමුඛතාවයක් සහිතව වාර්තා කරන ලද අතර අවසන ඔහුට බන්ධනාගාර කළමනාකාර සහ සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීමට සිදුවිය. එවක අග්‍රාමාත්‍ය ධුරය දැරූ මහින්ද රාජපක්ෂ පවා මෙම සිදුවීම දැඩිව හෙළාදකින ලදී. ශ්‍රී ලංකා නීතිඥ සංගමය සහ සිරකරුවන්ගේ අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන මේ සිදුවීමට ඍජුව මැදිහත් වීම නිසා තත්ත්වය දුරදිග ගියද, සිද්ධිය සොයා බලන්නට කොමිසමක් පත්කරනවාට වඩා යමක් සිදු නොවීය. කෙසේ හෝ ජාත්‍යන්තරය ඉදිරියේ ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපය බින්දුවට දමන්නට එම සිදුවීම හේතු විය.

මේ ආකාරයේ ආන්දෝලනාත්මක සිදුවීම් රාශියකට සැකකරුවකු ලෙස නම ඈඳුණු ලොහාන් රත්වත්තේගේ නම මෑතකදී යළි කියැවෙන්නේ ‘බල්ලෙකුට’ වෙඩිතබා මරාදැමීම සම්බන්ධවය. උතුරේ සංචාරයකදී සිදුවූ මෙම වෙඩිතැබීමෙන් මියගොස් තිබුණේ වඩමරාච්චි ප්‍රදේශයේ නිවෙසක ඇතිදැඩි කරන ලද සුනඛයෙකි. සුනඛයා ලොහාන් රත්වත්තෙට කඩා පැණීම නිසා ඔහුගේ ආරක්ෂකයන් විසින් ඌට වෙඩිතැබූ බව කියැවේ. කෙසේ වෙතත් මේ සිදුවීම සම්බන්ධව අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට සත්ව අයිතිවාසිකම් පිළිබඳ සංවිධාන සූදානම් වන බව දැනගන්නට තිබේ.



අරුණ ලක්ෂ්මන් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

මුදලිගේව මහඉස්පිරිතාලේ ක්ලිනික් එකට පෙන්වලා ආයෙත් අරන් යයි!

Next Post

සාමකාමී විරෝධතාවලට ඉඩ දෙන්න! ඒක ජනතාවගේ අයිතිවාසිකමක්! අමෙරිකාවෙන් නිවේදනයක්!

MORE NEWS

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News
Exclusive

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News
Exclusive

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ බය වුණේ ඇයි? ආණ්ඩුව වට්ටන්න බෑ කියලා කියන්න පටන් ගත්තේ ඇයි? මෙන්න කබීර් හේතුව කියනවා! VIDEO I Sri Lanka Latest News

Load More
වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩේ ඉවර නෑ! විමල්ලා ගම්මන්පිලලා මහ රෑ කොටුවේ..! VIDEO I Sri Lanka Latest News

සුරේෂ් සලේ මහතා වෙනුවෙන් පැවැත්වෙන සත්‍යග්‍රහය මේ වනවිට රාත්‍රියේදීත් පැවැත්වේ.Sri Lanka Latest News ඊට විමල් වීරවංශ මහතා ඇතුළු කිහිප දෙනෙක්...

Read more
පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

පාස්කු ප්‍රහාර විමර්ශනයට වක්‍රාකාරයෙන් බලපෑම් කරනවා! විමල්-උදය-දිලිත්ගේ නම් CIDය උසාවියට කියයි! I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

සලේ සම්බන්ධ නම් ගෝඨාභයත් සම්බන්ධයි! VIDEO I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

රාජපක්ෂලා කවුරුත් නෑ! අනිත් අයත් පේන්න නෑ! විමල් සලේ වෙනුවෙන් අන්තිම වෙනකම් කොටුවේ සටනේ! VIDEO & PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.