• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සිරි පුරේටම අම්මට සිරි කියවලා කවුද මේ ගස් කැපුවෙ I Sri Lanka Latest News

September 8, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

හෙවණක් වෙච්ච ගහේ අතු කපන්නෙ නෑ කියලා පොඩි චාරිත්‍රයක් අපේ ගම්තුලානවල ඇත්තන්ගෙ තිබුණා. උන්දැලා කැලේ ගහක් කොලක් කපනවා නම් කැපුවේ අවශ්‍යතාවකට විතරමයි. මිනිස්සුන්ගේ ජීවිත බැඳිලා තිබුණේ ගස් කොලන් එක්ක. ඇත්තටම මීට අවුරුදු 50කට විතර කලින් වැඩි වශයෙන් තිබුණේ වනාන්තර. මිනිස්සු ජනාවාස වෙලා තිබුණේ ඉතා පොඩි ප්‍රදේශයක විතරයි. කාලයත් එක්ක වනාන්තර අඩු වෙලා, ජනාවාස වැඩිවුණා.(Sri Lanka Latest News)

දැන් ගහක් කියන්නේ සම්පතක්. ගස් කපලා අපි හරිහම්බ කරගත්තු දේවල් අතර සල්ලි තිබුණට නැතිකරගත්ත දේවල් අතර තිබුණේ නිදහස, සැනසිල්ල. මේ ගතවෙමින් යන කාලයේ උෂ්ණත්වය සෙල්සියත් අංශක 45 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් පහුගිය දවසක සඳහන් කරලා තිබුණා. මේ සඳහනේ තිබුණා පොළොන්නරුව, අම්පාර, වවුනියාව, අනුරාධපුර කියන ප්‍රදේශ තමයි මේ තත්ත්වයට වැඩිපුර බඳුන්විය හැක්කේ කියලා.

එතකොට මේ අධික වියළි කාලගුණය අස්සේ අපි රකින්න ඕනෙ මොනවද? ඒ තමයි ජල පෝෂක ප්‍රදේශ. ඒ වගේම ජලය සඳහා අපිට උදව් කරන ගස් කොලන්, ගංගා ඇළදොළ, වතුර. එහෙම ආරක්ෂා කරන්න ඕනෙකමක් තියෙද්දී මහියංගනය – පොළොන්නරුව ප්‍රධාන පාරේ තිබුණු මහා විශාල මාර ගස් ටික කපලා දැම්ම ජගතා කවුද කියලා හොයාගන්නයි අපි මේ උත්සාහ කරන්නේ.

මේ ගැන විවිධ කතන්දර නම් පැතිරෙනවා. හැබැයි මේ ගම්තුලානවල උදවිය කියන්නේ ජගතෙක් නොවී මේ ගස් කපන්න කිසිවෙකුට බෑ කියලයි. මොකද ආණ්ඩුවේ කෙරුම්කාරකම් කරන්න පුළුවන් ලොකු ජගතෙක්ට විතරයි. මේවට අවසර අරගෙන, ලියුම් කියුම් හදාගෙන මේ වැඩේ කරන්න පුළුවන්. මොකද හේතුව මේවා විශාල ගස්. මේ ගස් යටින් හෙවණට ගමන් බිමන් යද්දී දැනෙන්නේ පුදුම සැනසිල්ලක්. හරියට නිවන් ගියා වගේ දැනෙනවා.

ඒ තරම් සැනසිල්ලක්. මේවා අවුරුදු ගානකට කලින් හිටවපු මුතුන් මිත්තන්ට පින් දෙන සිරිතක් අපිට මේ ගස් යටින් යද්දී තියෙනවා. අපිට ඒක දැනෙනවා. මොකද මේ සැනසිල්ල හදලා දුන්නේ මේ මිනිස්සු. කදුරුවෙල ප්‍රධාන නගරය, පොළොන්නරුව ප්‍රධාන නගරය, නවනගරය වගේ ප්‍රදේශවල ගස්කොලන් හරි අඩුයි. ඒ දාහය නිවාගෙන පොළොන්නරුව හරහා ගමන් කරන කොට ඔන්න ටික වෙලාවකින් අපට දැනෙනවා මේ සුන්දර ප්‍රදේශයේ තියෙන රූස්ස ගස් ටික අපිට කොච්චර හෙවණ දෙනවද කියන එක.

දැන් ඒ ගස් ටික කපපු ජගතා කවුද කියලා හොයන්නයි අපිට සිද්ධ වෙලා තියෙන්නේ. ගස් ටික කපලා, ගස් ටික මරලා දාලා. මිනිස්සු ජීවත් වෙනවා. තවදුරටත් සැනසිල්ලෙන්ද ජීවත් වෙන්නේ කියන එක සම්බන්ධව ඔවුන් ඔවුන්ගෙන්ම අහන්න ඕනේ.

මේ මහා වියළි කාලගුණය අස්සේ ගස් ටික කපපු එක සම්බන්ධව පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, සංවර්ධන කමිටුවේ සභාපතිතුමා මෙහෙම කියලා තියෙනවා. අපි දන්නේ නෑ කවුද ඔහුට චෝදනා කරන්නේ කියලා. හැබැයි කවුරු හරි කෙනෙක් ඔහුට චෝදනා කරලා තියෙනවා.

ඔහු මෙහෙම කියනවා.

‘ඔවුන් නගන චෝදනාව මම සම්පූර්ණයෙන් ප්‍රතික්ෂේප කරනවා. ගස් කැපීමට මගේ කිසිම සම්බන්ධයක් නෑ. මගේ දේශපාලනයට මඩ ගහන්න ජනතා විමුක්ති පෙරමුණ කරන විරෝධයක් පමණයි ඕක. ඔය ගස් කැපීම පිළිබඳ මම හොයලා බැලුවා. දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්වරයාගේ අනුමැතියෙන් රාජ්‍ය දැව සංස්ථාව, සහකාර ප්‍රාදේශික කළමනාකාරවරයාගේ අනුදැනුම මතයි මේ ගස් ටික කපලා තියෙන්නේ කියලා ඔහු කියනවා. එතකොට ඉතින් මේ ගස් කැපීම සම්බන්ධයෙන් විවිධ අය චෝදනාවට ලක්වෙනවා.

ඒ අතර ඉන්නවා දිඹුලාගල ප්‍රාදේශීය ලේකම්තුමා, ඒ වගේම මේ කතාව ඇතුළේ ඉන්නවා රාජ්‍ය දැව සංස්ථාවේ සහකාර ප්‍රාදේශීය කළමනාකාරවරයා. ඔහුගේ අනුමැතිය අනුව මේක කපලා තියෙන්නේ. රාජ්‍ය දැව සංස්ථාවේ අනුමැතිය ඇතිවයි මේ ටෙන්ඩරය දීලා තියෙන්නේ කියලත් කියනවා. ඔහු ජනතා විමුක්ති පෙරමුණටත් චෝදනා කරනවා. ඇත්තටම සාධාරණ මනුස්සයකුට චෝදනා කළොත් ඒක වැරැදියි. මොකද සාධාරණ මනුස්සයකුට චෝදනා කරන්න යෑමෙන් සිදුවෙන්නේ අසාධාරණ ලෙස මේ සිද්ධිය යට යෑම. මොකද අත්අඩංගුවට ගතයුතු මිනිස්සු නිදහස් වෙලා වෙන අය කෙරෙහි අවධානය යොමුවෙන එක.

මේ ගස් කපන එක ලංකාවේ මීට කලින් වෙලා නැත්තේ නෑ. ගෙවල්වල මොනවා හරි දෙයක් හදාගන්න ඕනෙ වුණාම, කුඹුක් ගස් ටික කැපුවා අපේ රටේ දේශපාලකයෝ. තමන්ගේ ගේ හදාගන්න ඕනෙ වුණාම කොස් ගස් කපන්න, තේක්ක ගස් කපන්න අවශ්‍ය කරන පර්මිට් එක දුන්නා. තමන්ගේ ගෙදරට ලී ටික ඕනෙ වුණාම පාරේ ලී ටික අරගෙන යන්න අවශ්‍ය කරන පර්මිට් එක දුන්නා. මහ කැලෑවල ගස් කැපුවා දේශපාලකයෝ තමන්ගේ පුද්ගලික වුවමනාවලට. අඩුම තරමේ පොදුවේ කාගෙවත් වුවමනාවකටවත්, කාට හරි කරදරයක් හින්දවත් නෙවෙයි.

ඒ නිසා මේ ගස් කැපුවේ කවුද කියලා හොයාගන්න. අපිට හිතෙනවා ගස් කැපිල්ල පිටිපස්සේ ඉන්නේ ජගතෙක් කියලා. මොකද ජගතෙක් නොවන කෙනකුට නම් මේ වගේ වැඩක් කරන්න බෑ. අපි කියන්නේ ජගත් සමරවික්‍රම මහත්තයා නෙවෙයි. ජගතෙක් ඉන්නවාය කියන එක. ඒ ජගතා මේ ජගත්ද, වෙන ජගත් කෙනෙක්ද කියන එක හොයාගැනීම නීතියට භාරයි. හැබැයි මේ ගස් ටික ආපහු හිටවලා ලොකු වෙලා හෙවණ එන්න තව අවුරුදු කීයක් ගතවෙයිද කියන එකත් ගණන් හදලා බලන්න.

ඒ නිසා ගහක් කපන එකේ වරද සුළුවෙන් දකින්න එපා. මේ ගස් කැපූ බවට සැක කරන මොකෙක්ම හරි එකෙක් ඔබේ ප්‍රදේශයේ ඉන්නවා නම් ඔහුට විරුද්ධව නීතිමය පියවර ගන්න බැරි නම්, කවදා හරි දවසක ඔහු ඔබෙන් මනාප ඉල්ලන්න ආපු දවසට හරි ඔබ ඔබේ අමනාපය පෙන්විය යුතු බවයි අපි ආදරෙන් මතක් කරලා දෙන්නේ.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

විපක්ෂයේ චෝදනාවලට විශ්වාසභංගයේදී අද කෙහෙළිය දුන් උත්තර! VIDEO I Sri Lanka Latest News

Next Post

ජීවිත හයකට පණ දීලා ගිය විහඟනා මෙන්න ඔයාගේ A/L ප්‍රථිපල ඇවිල්ලා ඔයාට A3 ක් තියෙනවා පේරාදෙණිය ඔයා එනකල් මග බලා ඉන්නවා I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.