• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ජීවිත හයකට පණ දීලා ගිය විහඟනා මෙන්න ඔයාගේ A/L ප්‍රථිපල ඇවිල්ලා ඔයාට A3 ක් තියෙනවා පේරාදෙණිය ඔයා එනකල් මග බලා ඉන්නවා I Sri Lanka Latest News

September 9, 2023
in Exclusive, News
Reading Time: 3 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

‘අනිත් දුවලා විභාග ප්‍රතිඵල අරගෙන ගෙදර ආවාම එයාලගේ අම්මලා තාත්තලා සතුටු වෙනවා වගේ අපිත් ඒක සතුටින් සමරන්න හිටියා. ඒත් ඒ වාසනාව අපිට හිමිවුණේ නැහැ. අපි දන්නවා අපේ දුව කරගත්ත ඒ උතුම් පින නිසා එයා කොතැනක හරි සතුටින් ඇති කියලා. එයාගේ විභාග ප්‍රතිඵල දැකලා අනෙක් හැමදෙනාම අපිත් එක්ක එයාට ආශීර්වාද කරනවා එයා බලාගෙන ඇති…’ හදවතේ නැඟෙන වේදනාව විහඟනාගේ අම්මා පිටකළේ එහෙමයි.(Sri Lanka Latest News)

අපි කවුරුත් දන්නවා පසුගිය මාර්තු මස 22 වැනිදා විහඟනා ආරියසිංහ දැරිය මොළයේ හටගත් ගෙඩියක් නිසා මෙලොව හැර ගියේ තවත් වටිනා ජීවිත හතකට ජීවත් වෙන්න ශක්තිය ලබාදෙමින් කියලා. ඇය පසුගිය ජනවාරි මාසයේ වාණිජ විෂය ධාරාවෙන් උසස් පෙළ විභාගයට ඉංග්‍රීසි මාධ්‍යයෙන් මුහුණ දී තිබුණේ දහසක් බලාපොරොත්තු ඇතිවයි. එම විභාගයේ ප්‍රතිඵල පසුගියදා නිකුත්ව තිබූ අතර එහිදී විහඟනා Aසාමාර්ථ තුනක් සහිතව විශිෂ්ට ලෙස සමත්ව තිබුණා. කුරුණෑගල දිස්ත්‍රික්කයේ වාණිජ අංශයෙන් 176 වැනි ස්ථානයටත්, ලංකාවෙන්ම 2,256 වැනි ස්ථානයටත් ඇය පත්ව ඇති බව වාර්තා වුණා. ඇය ජීවත්ව සිටියා නම් අද කොයි තරම් සතුටක් විඳීවිද? එහෙත් ඒ සතුට විඳින්න ඇය අද මේ ලෝකයේ නැහැ.

තමන්ගේ දියණිය A සාමාර්ථ තුනක් සමග උසස් පෙළ විශිෂ්ට ලෙස සමත් වෙලා කියලා තිබුණත්, ඒ ආදරණීය දියණිය ජීවතුන් අතර නැති බව දැනෙද්දී ඒ අම්මාට තාත්තාට මොන වගේ හැඟීමක් දැනෙනවා ඇද්ද? ඔවුන්ට තම දියණියගේ වෙන්වීම දරාගන්න පුළුවන්කමක් නැහැ. අනෙක් දරුවන්ගේ මවුපියන් මේ මොහොතේ සතුටට පත්වුණත් ඒ සතුට විඳගන්න විහඟනාගේ මවුපියන්ට හැකියාවක් නැහැ. අද ඇය මේ සියල්ලම දාලා යන්නම ගිහින්.

විහඟනාගේ රෝගී තත්ත්වය උත්සන්න වී තිබුණේ ඇය උසස් පෙළ විභාගයට මුහුණ දී ටික දිනෙකට පසුවයි. හදිසියේ ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් ඇය ගල්ගමුව දිසා රෝහලට ඇතුළත් කර තිබුණා. පසුව රෝගී තත්ත්වය උස්සන්න වීම මත ඇය කුරුණෑගල ශික්ෂණ රෝහල වෙත මාරුකර යවා තිබුණා.

ඇගේ පියා සිය දියණියගේ රෝගී තත්ත්වය ගැන මතකයට නැගුවේ මෙලෙසය.

‘වෛද්‍යවරු කිව්වා දුවගේ මොළය මැරිලා තියෙන්නේ කියලා. ඒ අවස්ථාවේ ලොකු දුව කිව්වා නංගිගේ හිතේ තිබුණා ජීවිතේ කවදා හරි අවයව දන්දෙන්න කියලා. ඉතින් අපි දුවගේ හිතේ තිබුණ ඒ කැමැත්තට ඉඩ දුන්නා. මම වෛද්‍යවරු සමග කතා කරලා ඒ පුණ්‍යකර්මයට ඉඩදුන්නා….’

විහඟනා ජීවත්ව සිටියේ අඹන්පොළ ප්‍රදේශයේ. ඇය දරුවන් තිදෙනකුගෙන් යුතු පවුලේ බාලම දරුවා වූවාය. ඇයට වැඩිමහල් සහෝදරියක සහ සහෝදරයකු සිටියාය.

කෙසේ වෙතත් විහඟනාගේ හදවත සහ පෙනහලු බද්ධ කරනු ලැබුවේ හෘද සහ පෙණහලු අකර්මණ්‍ය වීමෙන් අසාධ්‍ය තත්ත්වයේ පසුවූ නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරියකට වීම විශේෂත්වයකි. නමුත් අවයව බද්ධ කර මසකින් පසුව වෛද්‍යවරිය ජීවිතයෙන් සමුගෙන ඇති බව වාර්තා වුණා. මීට පෙර රෝහල්වල සිදුකර තිබුණේ එම අවයව වෙන වෙනම බද්ධ කිරීම වුවත්, මෙරටදී එවැනි අවයව බද්ධ කිරීමේ සැත්කමක් සිදුකළ ප්‍රථම අවස්ථාව එය වීමද විශේෂත්වයකි. විහඟනාගේ වකුගඩු දෙකද අසාධ්‍ය රෝගීන් දෙදෙනකුට බද්ධ කෙරුණු අතර, ඉන් එක් වකුගඩුවක් බද්ධ කර තිබුණේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකුටයි. එසේම ඇගේ අක්මාව සහ අක්ෂි පටල තවත් රෝගීන් තිදෙනකුට පරිත්‍යාග කර තිබුණා.

එවන් උතුම් පුණ්‍යකර්මයකට දායක වූ විහඟනා අද ජීවතුන් අතර නැහැ. එහෙත් ඇය පෙනී සිටි උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ වන විට නිකුත් වී අවසානය. එම ප්‍රතිඵල සමග විහඟනා ගැන නැගෙන වේදනාව ඇගේ පියා පිටකළේ මෙලෙසය.

‘අපි ආදරේට දුවට කිව්වේ බට්ටි කියලා. දුව විභාගය ලියලා ආවට පස්සේ නිතරම වගේ කිව්වේ ඔන්න බලන්නකෝ මම විභාගය ඉහළින්ම පාස්වෙනවා, මම පේරාදෙණිය කැම්පස් එකට යනවා, ගිහින් හොඳට විභාගය පාස්වෙනවා කියලා. බැංකුවක රස්සාවක් කරන්න තමයි මම ආසා කියලා. අනේ අපිත් හරි කැමැත්තෙන් හිටියේ දුවගේ ඒ ප්‍රාර්ථනාව ඉෂ්ට වෙනකල්. ඒත් එයා ගෙනා ආයුෂ එච්චරයි. මගේ දුව නිසා තවත් හත්දෙනෙක් ජීවත් වෙලා ඉන්න එක අපිට සතුටක්. ඒ පිනම ඇති මගේ දුවට මතු සංසාරේ මේ වගේ හදිසි විපතක් නොවෙන්න. අනේ එයා මේ දේවල් බලාගෙන සතුටින් ඇති කියලා හිතනවා. දුව ගොඩාක් පින්කම් කරන්න කැමැතියි. එයා නැතිවෙන්න කලින් සඳහිරු සෑයේ ගල් අදින පින්කමටත් සහභාගි වෙලයි ඇවිත් තිබුණේ…’

විහඟනා දැරියගේ මව වන වසන්ති කුමාරි මහත්මිය, තම දියණිය පිළිබඳ හිතේ කකියන වේදනාව පිටකළේ මෙලෙසය.

‘අනෙක් අම්මලා වගේම තමයි මමත්, දුව විභාග ප්‍රතිඵල අරගෙන ගෙදර ආවාම දුවගේ සුදු මුහුණ ඉඹලා දුවව බදාගන්න හිතාගෙන හිටියේ. ඒ සියලු බලාපොරොත්තු නැතිවුණා. මගේ දුව කරගත් පින් මතක් වෙනකොට කොහොම හරි හිත හදාගන්න බලනවා. දුව හැමතිස්සේම කිව්වා පේරාදෙණිය කැම්පස් ගිහිල්ලා බැංකුවේ ජොබ් එකක් කරලා අම්මාවයි තාත්තාවයි අක්කායි අයියායි සතුටින් තියනවා කියලා. දුවගේ ප්‍රතිඵල දැනගත් ගමන්ම එයාගේ අවයව නිසා අද ජීවත්වන අය අපට කතා කරලා එයාගේ ප්‍රතිඵල ගැන සතුට පළකළා. අද අපි ඉන්නේ ඔයාගේ කරුණාවන්ත දුව නිසා තමයි කියලා එයාලා හැමෝම කිව්වා. මට මොනවා ලැබුණත් මොකටද මගේ රත්තරන් දුව නැතිව? එයා හරිම කරුණාවන්ත ළමයෙක්. අනේ අපිත් හරි කැමැත්තෙන් හිටියේ දුවගේ ඒ ප්‍රාර්ථනා ඉෂ්ට වෙනකල්. ඒත් එයා ගෙනා ආයුෂ එච්චරයි. ඒයා මේ හැම දෙයක්ම බලාගෙන සතුටින් ඇති…..’

විහඟනා දාන උප පාරමිතාවක් පුරලයි අවසන් ගමන් ගියේ. දෛවය විසින් ඇගේ ගමන නතර කළත් අම්මා වෙනුවෙන් තාත්තා වෙනුවෙන් රට වෙනුවෙන් ඇගෙන් වියයුතු යුතුකම් වගකීම් ජීවත්ව සිටි කෙටි කාලේ ඇය ඉටුකළා. ඇය බොහෝ තරුණ දරුවන්ටද ආදර්ශයක් ගෙන දුන්නා. ඇය යන්න ගියේ හිස් අතින් නෙවෙයි. කළ හොඳ ගොඩක් දේවල් අරන් ඇය යන්න ගියේ. තවත් වටිනා ජීවිත කිහිපයකට නිරෝගීව දිගුකලක් ජීවත්වීමේ අපේක්ෂාව ඉතිරි කමිනුයි විහඟනා සමුගෙන ගියේ. ඒ මහා පින්කමේ ආනිසංසයෙන් මතු උපදින කිසිදු භවයක මෙවන් අකල් මරණයකට ලක් නොවේවා කියලා අපි හදවතින්ම ප්‍රාර්ථනා කරනවා.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

සිරි පුරේටම අම්මට සිරි කියවලා කවුද මේ ගස් කැපුවෙ I Sri Lanka Latest News

Next Post

චැනල් ෆෝ චෝදනාව ආරක්ෂක අමාත්‍යංශයත් ප්‍රතික්ෂේප කරයි! ද්වේශ සහගත සහ දුර්වල ලෙස සනාථ කරන ලද ප්‍රකාශයන්ගෙන් පැන නඟින ඕනෑම අනපේක්ෂිත ක්‍රියාවක් හෝ ප්‍රතිවිපාකයක් සඳහා චැනල් 4 නිසැකවම වගකිව යුතුයි! I Sri Lanka Latest News

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.