• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

එහෙ කකුලයි මෙහෙ කකුලයි තියෙන දෙකටම නැති ඇමැතිලා කවුද?

November 1, 2022
in Exclusive, News
Reading Time: 3 mins read
A A
එහෙ කකුලයි මෙහෙ කකුලයි තියෙන දෙකටම නැති ඇමැතිලා කවුද?
Share on WhatsAppShare on Facebook

ද්විත්ව පුරවැසිභාවය ගැන පහුගිය කාල වකවානුව තිස්සේම විවිධ ආකාරවලින් කතාබහට ලක්වුණා. ඒ කතාබහට ලක්වුණේ ද්විත්ව පුරවැසිභාවය සහ ද්විත්ව පුරවැසිභාවය දරන්නන් දේශපාලනයට පැමිණීම සම්බන්ධව. ඇත්තටම මේක ඉතිහාසය පුරාම පැවැති මාතෘකාවක් නෙවෙයි. නමුත් මේ නොපැවැති මාතෘකාව කරළියට එන්නේ ද්විත්ව පුරවැසිභාවය දරන්නන් ලංකාවෙ දේශපාලනයේ ඉහළ පුටුවලට පැමිණීමට දැරූ උත්සාහයත් එක්ක. මේ උත්සාහයේ ඉතා ඉදිරියෙන් ඉන්නවා රාජපක්ෂ පවුල. රාජපක්ෂ පවුලේ නියෝජිතයෙක් වෙච්ච ගෝඨාභය රාජපක්ෂ ලංකාවේ ජනාධිපතිවරයා බවට පත්වෙන්නට උත්සාහ දැරූ අවස්ථාවේදීම මේ ද්විත්ව පුරවැසිභාවයට අදාළ කතන්දරය ඉතා ඉක්මනින් එළියට ආවා. ඒ පිළිබඳ කතා කළ බොහෝ දෙනෙක් කිව්ව කතාවක් වුණේ ද්විත්ව පුරවැසිභාවය නම් වූ සාධකය මත පදනම්ව ගෝඨාභය රාජපක්ෂට ලංකාවෙ ජනාධිපතිකම ගන්න බැරිවෙන බව සහ ඔහුට මේ සඳහා ඉදිරිපත් වෙන්නට පවා නොහැකි බව කිව්වත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති පුටුවට පැමිණීමට අවශ්‍ය මූලික සුදුසුකම් ටික සම්පූර්ණ කර තිබූ බව එවක මැතිවරණ කාර්යාලය පිළිගත් අතර, ඉන් පසුව ඔහු ජනාධිපතිවරයා බවට පවා පත්වුණා. මේ සම්බන්ධව විවිධ කතිකාවන් නිර්මාණය වුණායින් පස්සේ අපි දැක්ක ඉතාම වැදගත් කතන්දරයක් වුණේ පහුගිය කාල වකවානුවේ මේ ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව බැසිල් රාජපක්ෂගේ නම නිතරම කියවෙන්න ගැනීම.

බැසිල් ද්විත්ව පුරවැසියෙක් බවත්, ඔහුගේ ද්විත්ව පුරවැසිභාවය අභියෝගයට ලක් කළ යුතු බවත්, ඔහුට පාර්ලිමේන්තු අසුන අහිමි විය යුතු බවත් බොහෝ දෙනෙක් කිව්වා. හැබැයි මේ ද්විත්ව පුරවැසි කතන්දරයත් එක්ක තමන්ගෙ මැතිසබේ අසුන අහිමි කරගන්නට ගීතා කුමාරසිංහට සිද්ධ වුණා. පහළ තැනින් ජලය ගලායන්නා සේ ගීතාට එම තනතුර අහිමි වුණත්, බොහෝ දෙනෙක් තමන්ගෙ තාන්න මාන්න තියාගෙන අගේට හිටියා.

දැන් 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් වීමත් එක්ක ආයෙත් වතාවක් ද්විත්ව පුරවැසිභාවය සම්බන්ධව කතන්දරය එළියට එන්න පටන්ගත්තා. ද්විත්ව පුරවැසිභාවය දරන්නන් එක්කෙනෙක් දෙන්නෙක් නොවන බවත්, 10 දෙනෙක් සිටින බවත් මේ කතන්දරයේදී ඊළඟට කියවුණු කාරණයක්. ද්විත්ව පුරවැසිභාවය දරන්නන් 10 දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටිද්දී ඔවුන්ට එරෙහිව ගත හැකි ක්‍රියාමාර්ගය කුමක්ද කියන එක හොයා බලන්නට පටන්ගත්තා. මේ දහදෙනා කවුද කියන එකත් මේ වෙද්දී ප්‍රශ්නයක් බවට පත්වෙලයි තියෙන්නේ. මෙහෙම 10 දෙනෙක් ඉන්නවා නම් ඔවුන්ට විරුද්ධව ගතහැකි ක්‍රියාමාර්ගය මොකක්ද කියන එක ගැන ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ කතානායකතුමා එක්තරා ප්‍රකාශයක් කරලා තිබුණා. ඔහු කියන්නේ මේ විදියට ද්විත්ව පුරවැසිභාවය දරන්නන් 10 දෙනෙක් හිටියත්, ඒ 10 දෙනා සම්බන්ධව තමන්ට කතානායකවරයා ලෙස ගත හැකි පියවරක් නැති ආකාරයේ කතාවක්. ඒ ආකාරයෙන් කතානායකවරයාගේ තනතුරේ සීමා මායිම්වල සිට පියවරක් ගත නොහැකි නිසාත්, ඒ සම්බන්ධව අධිකරණමය ක්‍රියාදාමයකට යනවා නම් ඊට ඉඩ පවතින බව වගේ අදහසක් තමයි ඔහුගෙන් කියවිලා තිබුණේ. මැතිවරණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් දරන්නෙත් මෙවැනිම අදහසක්. ඔවුන් කියන්නේ පත්වූ 10 දෙනා සම්බන්ධව පියවර ගැනීම හෝ ඒ සම්බන්ධව කළ යුත්තේ කුමක්ද යන්න ගැන හෝ තමන්ට අදහසක් නොමැති බව. දැන් ඊළඟ ප්‍රශ්නය වෙන්නෙ මේ අය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකූල නොවන ආකාරයෙන් පාර්ලිමේන්තුවේ රැඳී සිටිනවා නම් එම තනතුරු සම්බන්ධව වගකියන්නේ කවුද? ඒ සම්බන්ධව පියවර ගන්නේ කවුද? ඒ සම්බන්ධව රටේ බරපතළ ප්‍රශ්නයක් ඇති බව විතරක් අපට පිළිගත හැකි කාරණයක්.

මේ වන විට 22 ආණඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයත් එක්ක අලුතෙන් කරළියට එන්නේ පරණ ගැටලුවමයි.

ඒ ගැටලූලුව ගැන මේ වෙනකොට හොයන්න පටන් අරගෙන තියෙනවා. හැබැයි කැබිනට් ප්‍රකාශකගෙන් මේ පිළිබඳ ප්‍රශ්න කළ අවස්ථාවක දී ඔහු කියා තිබුණෙ ද්විත්ව පුරවැසියන් හොයන්න පාර්ලිමේන්තුවට ක්‍රමවේදයක් නැති බවයි. ඒ සඳහා ක්‍රමවේදය තියෙන්නේ අධිකරණය සතුව කියලා.

ඒත් මේ වෙනකොට පාර්ලිමේන්තුව අවශ්‍ය පියවර ගනිමින් ඉන්නවා කියලයි අපි හිතන්නෙ.

22 වැනි ව්‍යවස්ථාව සම්මත වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සිටින ද්විත්ව පුරවැසියන් කව්රුන්ද යන්න සොයා බැලීම සඳහා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගේම නාමලේඛනයක් ආගමන විගමන දෙපාර්තමේන්තුව වෙත යොමු කරපු බවක් කියවෙනවා. ඒ අනුව පසුගිය දින කිහිපය පුරාම ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ආරම්භ කළ බවක් දැනගන්න තියෙනවා. මේ විමර්ශනයේදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි කෙනෙක් ද්විත්ව පුරවැසිභාවය හිමි අයකු බව ආගමන විගමන දෙපාර්තමේන්තුව මේ වන විට හදුනාගෙන ඇති බවත් ආරංචියි. මේ ද්විත්ව පුරවැසි නීතියට අදාළ ඉලක්කය සම්පූර්ණයෙන්ම බැසිල් රාජපක්ෂ නොවිය යුතුයි. නීතිය හැමෝටම එක විදියට බලපානවා නම් රටවල් දෙකක දෙපය තියාගෙන ඉන්න අය විතරක් නෙවෙයි, පාස්පෝට් දෙකක් තියෙන අයත් අල්ලගන්න ඕනෙ. කොහොම නමුත් මේ ද්විත්ව පුරවැසියන්ගෙ තනතුරු අහිමි වීමට නියමිතයිද? එහෙම වුණොත් එන්නෙ කවුද? ඒ අයගෙ ද්විත්ව පුරවැසි බව පරීක්ෂා කරන්නෙ ඊට පස්සෙද?

ඉන් පස්සෙ ආයෙත් මේ ගැටලුවම එනවා. ඒ නිසා කරන්න ඕනෙ නාමයෝජනා දෙනකොටම මේ ගැන හොයලා බලන්න ඕනෙ. ඒ වගේම ඡන්දදායකයො විදියට අපිත් ඒ ගැන අවධානයෙන් ඉන්නම ඕනෙ. නැත්නම් මේවා හොයන්න අරවට මෙව්වට නාස්ති වෙන්නෙ අපේම සල්ලි.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

JR සමරන්න දිනේෂුත් එයි! (PHOTOS)

Next Post

IMF සල්ලි දෙසැම්බරයේ ලැබෙන්නේ නැ! චීනයෙයි ඉන්දියාවෙයි ප්‍රශ්න!මෙන්න ජනාධිපති කියන අලුත්ම කතාව! (VIDEO)

MORE NEWS

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News
Exclusive

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

Load More
අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

පුනර්ජනනීය බලශක්තිය ප්‍රවර්ධනය කර ශක්තිමත් කිරීම සියලු දෙනාගේ වගකීම සේම ප්‍රකාශිත දේ ක්‍රියාවට නැංවීම යුගයේ අවශ්‍යතාව බවත් Tariff Rate එක...

Read more
ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

ප්‍රභාකරන් එක්ක යුද්ධ කරපු අයට නඩු වැටිලා ඇතුළේ ඉද්දී ප්‍රභාකරන්ගෙන් පස්සේ නායකයා වෙච්ච KP කොහොමද නඩු නැතිව දේශපාලන තීන්දු මත උතුරේ නිදහසේ ඉන්නේ..? සජබෙ අජිත් අහපු ප්‍රශ්නෙට අධිකරණ ඇමැති දීපු උත්තරේ බලන්න! I Sri Lanka Latest News

අවුරුදු 22ක කොල්ලෙක් කෝටි 6කට වඩා වටිනා ෆෝන්-ටැබ් හොරෙන් අරන් එද්දී කටුනායකින් මාට්ටු! I Sri Lanka Latest News

හොරෙන් ගෙනා සුපිරි අයිෆෝන් ඇතුළු කෝටි 5ක අලුත්ම ස්මාර්ට් ෆෝන් 300ක් කොල්ලුපිටියෙන් අල්ලයි! I Sri Lanka Latest News

ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.