• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රනිල් වස්සන්නට පොරොන්දු වූ ඩොලර් වැස්ස කෝ I Sri Lanka Latest News

May 30, 2023
in Exclusive, News
Reading Time: 4 mins read
A A
Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook

පැය 48න් ඩොලර් බිලියන 4ක් එනවා…

ජපානයෙන් ඩොලර් මිලියන 700ක් එනවා…

IMF ලැබුණු ගමන් ඩොලර් බිලියන 7ක් එනවා…

සමහර කාලවල ඉඩෝරය දරුණුවට අල්ලන්නේය. ඒ කාලයට වැව් සිඳී හේන් කුඹුරු පාළුවී සාගත වසංගත පැතිරී මිනිසුන් පමණක් නොව සතා සීපාවා පවා දුකට පත්වන්නේය. එහෙව් කාලවල මිනිසුන් ඔහේ ආකාසේ දිහා බලාන සුසුම්ලන්නේය.(Sri Lanka Latest News)

අන්න ඒවාගේ බලාසිටින මිනිසුන්ට සහනයක් ගෙන දෙමින් ඇතැම් විට වැහිවලාවල් ආකාසේ ඈතින් මතුව එන්නේය. එලෙස මතුව එන වැහි වලාවෝ ඇතැම් විට සැඩ සුළඟට හසුව ඈතට ගසාගෙන යන්නේය. රනිල් වික්‍රමසිංහ වස්සන බවට පැවසුණු ඩොලර් වැස්සේ තෙමෙන්නට බලා සිටි ලංකාවේ මිනිසුන්ට සිදුව ඇත්තේද අන්න ඒ ආකාරයේ දෙයකි.

ගාළුමුවදොර අරගලයට පහරදී අත පුච්චාගත් මහින්ද රාජපක්ෂ සිය ධුරය හැර යෑම නිසා අගමැති වූ රනිල් පසුව අනුප්‍රාප්තික ජනාධිපති ලෙසට පත්වන්නේය. එහෙත් ඔහු මෙරට ඩොලර් අහේනියට පිළියමක් ගෙනෙනු ඇතැයි ජනතාව බලා සිටියේ ඔහු අගමැති ධුරයට පත්වූ දින සිටමය. එය හුදු බලා සිටීමක් නොවීය. ඊට බලපෑ හේතු කාරණා බොහොමයක් විය. 2001 දී සහ 2015 දී අගමැති ධුර බාරගත් රනිල් යම් කිසි වෙනසක් ආර්ථිකයේ සිදුකළ බව සැවොම පිළිගන්නා කරුණකි. එහෙත් මෙවර රනිල් පැමිණ ඩොලර් ගස සොලවන්නට නොව එහි අතු ඉති කපා බිමලනු ඇතැයි ලාංකිකයෝ සිතන්නට හේතුව එකී අතීත හැඟීමම නොවේ.

ඒ වන විට රට පුරා සමාජ මාධ්‍ය විසින් පතුරුවමින් සිටි පට්ටපල් බොරු ඊට ප්‍රධාන හේතුව විය. රනිලාගමනය ගැන මුල්ම අනාවැකිය පළ කළේ මන්ත්‍රී වජිර අබේවර්ධනය. රනිල් අගමැති වී පැය 48කින් ඩොලර් බිලියන හතරක් ලංකාවට ලැබෙන බව ඔහු කීවේය. එහෙත් ඒ කියූ ඩොලර් බිලියන හතරට තවමත් බාලගිරි දෝෂයය. අන්තිමෙදී ලංකාවේ ආණ්ඩුවට සිදුවූයේ සියලු කොන්දේසිවලට යටවී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඩොලර් බිලියන 3.9ක මූල්‍ය පහසුකම ලබාගන්නටය.

ඊළඟ ඩොලර් කතාවට ඈඳෙන්නේ ජපානයය. රනිල් අගමැති වූ වහාම ශ්‍රී ලංකාවේ ජපාන තානාපති ජපානය බලා නික්මුණේය. ලක්වැසියන් කුල්මත් කරමින් කරළියට ආ පුවත වූයේ ඩොලර් මිලියන හය හත්සියයක හදිසි ආධාර ගෙන ඒමට තානාපතිවරයා ජපානයට ගිය බවය. ලක් වැස්සෝ ජපාන තානාපති මල්ල පුරවා ඩොලර් ගෙනෙන තෙක් බලා සිටියහ. එහෙත් ඔවුනගේ සිහින බිඳ දමමින් ජපාන තානාපති කාර්යාලය පැවැසූවේ තානාපතිවරයා ජපානයට ගියේ කලින් යොදාගෙන තිබූ සැත්කමකට සහභාගි වීමට බවය. රටකින් රටකට විදෙස් ආධාර දීමේදී පවතින සම්මත සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රමවේදයන් තුට්ටුවකට නොතකමින් ලංකාවේ වැසියනට ආණ්ඩුව පෙන්වමින් සිටි සිහින සිතුවම ඒ අනුව බිඳ වැටුණේය.

ඊළඟ ඩොල‍ර් වැස්ස වූයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලබාදෙන මූල්‍ය පහසුකමය. අද ලැබෙනවා හෙට ලැබෙනවා යනුවෙන් 2022 ජූලි මාසයෙ සිට දික්ගැස්සූ මේ මුල්‍ය පහසුකම අවසානයේ හිමිවූයේ 2023 මාර්තු මාසයේය. ඒ බරපතළ කොන්දේසි ‍රැසකට යටත්වය. එකී කොන්දේසිවලට දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානම්සහගත කොන්දේසියද ඇතුළත්ව ඇත. ශ්‍රී ලංකාවට පෙර මේ මූල්‍ය පහසුකම ලබාගත් චැඩ්, ඉක්වදෝරය, ඉරාකය, මොංගෝලියාව වැනි රටවල් එකී පහසුකම ලබාගෙන ඇත්තේ දෙශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අයි.එම්.එෆ්. කොන්දේසියට එකඟ නොවීය. මේ රටවල් සහ තවත් රටවල් ගණනාවක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවදානම ගත්තේ නැත. ඒ අන් කිසිවක් නිසා නොව ඒ ඒ රටවල බැංකු පද්ධතීන්ගේ ආරක්ෂාව ගැන සිතාය. එහෙත් ජාත්‍යන්තරය හමුවේ මහා පිළිගැනීමක් ඇති බව පැවසූ ලංකාවට එම මූල්‍ය පහසුකම ලබදෙන්නේ අප බිත්තියටම හේත්තු කිරීමෙන් අනතුරුවය.

කෙසේ හෝ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ලංකාවට ලබාදුන් මූල්‍ය පහසුකම නිසා ලංකාවේ ප්‍රතිරූපය වැඩි දියුණු වන බව ජනාධිපතිවරයාගේ සිට පාර්ලිමේන්තු මන්ත්‍රිවරු තෙක් ආණ්ඩු පක්ෂයේ සියලු සාමාජිකයෝ පවසන්නට වූහ. එමතුදු නොව අයි.එම්.එෆ්. ණය පහසුකම නිසා ලංකාව සම්බන්ධ ජාත්‍යන්තරයේ අදහස වෙනස් වූ බවත්, මිතුරු රටවල් සහ පැරිස් සමාජය වැනි ආයතන ඉදිරියේදී ලංකාව වැටී සිටින අර්බුදයෙන් ගොඩ ඒමට තව තවත් ආධාර කරනු ඇති බවත් ආණ්ඩුවේ මතය විය.

ඊට අමතරව ආණ්ඩුව සහ එහි හිතවාදී මාධ්‍ය පැතිරූ තවත් බොරුවක් වූයේ ඉදිරියේදී ලෝක බැංකුවේ සහ ආසියානු සංවර්ධන බැංකුවෙන් තවත් ආධාර ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවන බවය. ඒ අනුව ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් බිලියන 3ක්ද, ලෝක බැංකුවෙන් තවත් ඩොලර් බිලියන 4ක්ද ශ්‍රී ලංකාවට හිමිවන බව කැට තබා පවසන තැනට ආණ්ඩුව පත්වුණි. ඒ ආකාරයෙන් මේ මුඛ්‍ය ආයතන දෙකෙන් ලැබෙතැයි පැවසූ මුදල් ප්‍රමාණය ඩොලර් බිලියන 7කි. ඒ අනුව ශ්‍රී ලංකවේ බොහෝ දෙනෙක් සිතුවේ ආර්ථික අර්බුදය නිමාවට පත්ව ඇති බවය. එසේ කියා දැන් තුන් මාසයක් ඉක්ම ගොසිණි. ලෝක බැංකුව හෝ ආසියානු සංවර්ධන බැංකුව තවමත් ඒ ආකාරයේ මුදල් ලබාදීමක් ගැන එක වචනයක්වත් කියා නැත.

එසේ තිබියදී පවතින ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 350ක ණය මුදලක් ලබාගැනීමට මේ දිනවල ආණ්ඩුව ලහි ලහියේ සූදානම් වන බව දැනගන්නට තිබේ. ඒ අනුව අදාළ ණය මුදල ලබාගැනීමේ ඉදිරි කටයුතු සැකසීමේ වගකීම අමාත්‍යාංශ ලේකම්වරයා වෙත පැවරීමට මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබේ. ඉන් ගම්‍යවනුයේ ආණ්ඩුව කී මූඛ්‍ය පහසුකම් ආසියානු සංවර්ධන බැංකුවෙන් නොලැබෙන බවය. ණය දෙන ආයතනය වන එම බැංකුවෙන් අප ලබාගැනීමට යන ඩොලර් මිලියන 350ක ණය මුදල සාමාන්‍ය ක්‍රමවේදය යටතේ ලබාගන්නා ණය මුදලක් විනා කිසිදු විශේෂ අනුග්‍රහයක් මත ලබාගන්නා එකක් නොවේ.

ලෝක බැංකුව ලබාදෙන බවට උදම් ඇනූ ඩොලර් බිලියන 4ද එසේමය. ඒ ගැනද තවමත් කිසිදු ලකුණක්වත් පෙනෙන්නට නැත. අනෙක් අතට ඒ ආකාරයේ සුබ පෙරනිමිති පෙනෙන්නට තරම් ලංකවේ ආර්ථිකයේ ඉදිරි ගමනක්ද සිදුව නැත. අප තවමත් ණය ගෙවීම ආරම්භ කර නැත. ආර්ථික අර්බුදය උග්‍ර වීම නිසා මිනිසුන්ගේ මිලදී ගැනීමේ ශක්තිය හීනවීම නිසා ආනයන සීමා වී ඇත. ඉන්ධන පවා තවමත් නිකුත් කරනුයේ කෝටාවකට අනුවය. කර්මාන්ත පවා ඇත්තේ දැඩි අවදානමකය. ඉහළ පොලී අනුපාතය නිසා කර්මාන්තකරුවෝ සිය නිෂ්පාදන සඳහා අමුද්‍රව්‍ය ආනයනය කරන්නෙ නැත. මේ සියලු හේතු නිසා විනිමය සංචිත සුළු වශයෙන් ඉහළ ගියද එය මේ මහා අර්බුදයට විසඳුමක් නොවේ. පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් ලංකාව තවමත් අභියෝගාත්මක තත්ත්වයෙන් මිදී නැති බව පැවැසූවේ ඒකය.

නිර්මාල් දේවසුරේන්ද්‍ර

SendShareShare
Previous Post

ජනාධිපතිතුමා එන්න කියලා තියෙනවා යනවාද? ආණ්ඩුකාරතුමාගෙ රැස්වීමක් තියෙනවා! වෙලා තිබුණොත් තමයි යන්න වෙන්නේ! VIDEO I Sri Lanka Latest News!

Next Post

මනාලියට පැරැණි පෙම්වතාගෙන් ඇසිඩ් ප්‍රහාරයක්! මනාලිය රෝහලේ! පෙම්වතා අත්අඩංගුවට! I Sri Lanka Latest News

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.